Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

ගෝලීය දේශගුණ විපර්යාස කැස්බෑ ගහනයට බලපාන අයුරු – ලංකාවේ දත්ත ඇසුරින්

කැස්බෑවා සාගරයේ බොහෝ දුරක් සංචාරය කරන උරග විශේෂයට අයත් සත්වයෙක්. කෙසේ වෙතත්, කැස්බෑවන් මුහුදට පමණක් සීමා වුනු සත්වයෙක් නොවෙයි. බිත්තර දැමීමේ සහ පැටවුන් බිහි කිරීමේ අවස්ථාවන්හිදී අපට කැස්බෑවා ගොඩබිම පවා දැකිය හැකියි. මුළු ලෝකයේම මුහුදු කැස්බෑ විශේෂ හතක් පමණ දැක ගන්නට පුළුවන්. නමුත් මේ කැස්බෑවන් ලොව සම කලාපයකම දකින්නට නොහැකියි. විශේෂයෙන් ආක්ටික සහ අන්ටක්ටික් ප්‍රදේශ වල. නමුත් සමස්ථ කැස්බෑ විශේෂ වලින් විශේෂ දෙකක් හැර අනෙකුත් සියලුම විශේෂ ශ්‍රී ලංකාව අවට වෙරළ තීරයේ සහ මුහුදේ දැකිය හැකියි. නමුදු අවාසනාවට කරුණ නම් දේශගුණ විපර්යාස හේතුවෙන් ඔවුන්ට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වීමයි. කැස්බෑ සංරක්ෂණය පිළිබඳ වසර 30කට ආසන්න පළපුරුද්දක් ඇති කොස්ගොඩ මුහුදු කැස්බෑ සංරක්ෂණ සංවිධානයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඩඩ්ලි හේමන්ත පෙරේරා මහතා සමඟ අපි මේ පිළිබඳව සාකච්ඡා කළෙමු.

ශ්‍රී ලංකාවේ මුහුදු කැස්බෑවන්ගේ තත්ත්වය සහ මානව බලපෑම

ශ්‍රී ලංකාව මුහුදු කැස්බෑ විශේෂ පහක නිවහන වේ, එනම් හරිත කැස්බෑවන් (Chelonia mydas), Olive Ridley turtle (Lepidochelys olivacea), Hawksbill (Eretmochelys imbricata), Loggerhead (Caretta caretta) සහ Leatherback (Dermochelys coriacea) යන විශේෂයි. ශ්‍රී ලංකාව ඇත අතීතයේ සිට මුහුදු කැස්බෑවුන් බිත්තර දැමීමට යොදා ගත් ඉතා සුදුසු පරිසර පද්ධතියක් සහිත ස්ථානයක් බව ඩඩ්ලි හේමන්ත මහතා අප සමග පැවසුවා ඒ අතරිනුත් කොස්ගොඩ මුහුදු තිරය එතම සුවිශේෂී පරිසර කලාපයක් බවයි අපට දන ගන්නට ලැබුනේ. ඒ මන්ද යත් වසර පුරාම අකණ්ඩව කස්බවුන් බිජු ලෑමට මෙම වෙරළ තිරය පරිහරණය කරන නිසාවෙනුයි.  නමුදු මෙම වෙරළ තිරය එලෙස ඇත අතීතයේ සිට භාවිතා කිරීමට හේතුව කුමක්ද, මේ පිළිබද අපි කැස්බෑ සංරක්ෂක ඩඩ්ලි හේමන්ත මහතාගෙන් විමසුවා. කැස්බෑවන් බිත්තර දැමීමට පැමිණෙන්නේ ඔවුන් උපන් මවු වෙරළට බව සංරක්ෂණඥ ඩඩ්ලි හේමන්ත පැහැදිලි කළේය. බොහෝ ගැහැණු කැස්බෑවන් ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකා වෙරළ තීරය බිත්තර දැමීම සඳහා භාවිතා කර ඇති අතර, එම නිසා ඔවුන් තවමත් මෙම වෙරළ තීරයේ දක්නට ලැබේන බවයි ඔහු කිවුයේ. මිනිසුන් දඩයම් කිරීම, එනම් කැස්බෑ මස් අතීතයේ මිනිසුන් ඉතා ගිජු ලෙස භාවිතා කල බවත් කොස්ගොඩ සංරක්ෂණ මද්යස්ථානයේ දැනුවත් කිරීම් මත වර්තමානයේ එය සිදු නොවන බවත් ඔහු පැවසුවා. නමුදු කැස්බෑ බිත්තර වෙළදාම නම් තවමත් පවතිනවා. තවද මාළු දැල් ඇල්ලීම, පරිසර දූෂණය සහ දේශගුණික විපර්යාස මුහුදු කැස්බෑවන්ට තිබෙන ප්‍රදාන තර්ජනයි. කැස්බෑ සංරක්ෂණවේදීන්ගේ අත්දැකීම් මත පදනම්ව මෙම ගැටළු විද්යාත්මකව සාකච්ඡා කරමු.

ඔබ සැමට මතක ඇති සිදුවීමකින් මෙය ආරම්භ කරමු. 2021 මැයි මාසයේදී X Press Pearl නම් නවුකාව ප්ලාස්ටික් පෙති ටොන් ගණනක් සහිතව ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ ගිලී ගියේය. මෙය බොහෝ ගැහැණු මුහුදු කැස්බෑවුන්ගේ මරණයට හේතු වූ අතර මුහුදු කැස්බෑවන් බිජු දැමීමට භාවිතා කළ වෙරළ තීරයන් දූෂණය විය. කොස්ගොඩ වෙරළ තීරයට බිත්තර දැමීමට පැමිණි මවු කස්බවන් රැසක් මියයාමට මෙය හේතු වූ බවයි සංරක්‍ෂක හේමන්ත සඳහන් කළේ. අපගේ ඊළඟ ලිපියෙන් ඔබට මෙම ගැටළුව ගැන වැඩිදුර කියවිය හැකිය. කෙසේ වෙතත්, ප්ලාස්ටික් පෙති නිසා ඇති වූ අර්බුදය දැන් තරමක් පාලනය කර ඇති, නමුත් උෂ්ණත්ව අර්බුදය තවමත් පවතී.

මුහුදු කැස්බෑ ජීවන චක්‍රයට උෂ්ණත්වය බලපානවාද?

උෂ්ණත්වය ඉහළ යාම මෙම සතුන්ට ප්රධාන අභියෝගයයි. ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය, පොසිල ඉන්ධන දහනය සහ හරිතාගාර වායු විමෝචනය ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රධාන හේතු වේ. මේ අනුව, ගෝලීය උණුසුම වැඩි වීම නිසා මුහුදු කැස්බෑවන්ගේ ගැහැණු ගහනය  වැඩි වන බවට විද්‍යාත්මකව සොයා ගෙන ඇති අතර, මින් ගහන ස්ථාවරත්වය අඩු වේ. සංරක්‍ෂක ඩඩ්ලි හේමන්ත පැහැදිළි කළේ 2010 වසරේ සිට වැඩි ගැහැණු සතුන් පිරිසක් බිත්තර මගින් බිහිවූ බව නිරීක්ෂණය වූ  බවයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව, Costa Rica හි පැසිෆික් වෙරළ තීරයේ Playa Grande හි වෙරළ තීරයේ ද පසුගිය වසර වල බිහිවූ පැටවුන්ගෙන් 70% සිට 90% දක්වාම බිහිවී ඇත්ත ගැහැණු සතුනුයි. එපමණක් නොව, උතුරු බාධක පරයේ කොළ කැස්බෑ පැටවුන් පසුගිය වසර 10 සිට 20 දක්වා කාලය තුළ 99% ගැහැණු සතුන් බවට වාර්තා වී ඇත . මෙය භයානක තත්වයක් වන්නේ එය ස්වභාවික ලිංග අනුපාතයට  වෙනස් බැවිනි.  සරලව සිතුවත් ගැහැණු සතුන් පමණක් සිටීමෙන් ඊළඟ පරම්පරාව බෝ කිරීමට නොහැකි බව ඔබට පැහැදිලියි.

සාමාන්‍යයෙන්, කස්බවන් වැලක් හැර වෙරළේ බිත්තර දමන අතර කූඩුවේ පහළ, සිසිල් කොටසේ බිත්තර පිරිමි බවට පත් වන අතර, කූඩුවේ ඉහළ, උණුසුම් කොටසේ බිත්තර ගැහැණු බවට පත්වේ. නැෂනල් ජියෝග්‍රැෆික් වාර්තා කරන පරිදි  88˚F (31˚C) ආසන්න උෂ්ණත්වය පිරිමි මුහුදු කැස්බෑවන් බිහිවීම උත්තේජනය කරන අතර 82˚F (28˚C) ආසන්න උෂ්ණත්වය ගැහැණු මුහුදු කැස්බෑවන් ඇතිවීම උත්තේජනය කරයි. වැඩිවන උෂ්ණත්වයත් සමඟ විද්‍යාඥයන් අනාවැකි පළ කරන්නේ පිරිමි පැටවුන්ට වඩා ගැහැණු පැටවුන් ජාන විවිධත්වයට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරනු ඇති බවයි.

උණුසුම් සාගර උෂ්ණත්වය මුහුදු කැස්බෑවන්ගේ ආහාර සම්පත් කෙරෙහි ද අහිතකර ලෙස බලපානු ඇත. මුහුදු කැස්බෑවන් ඔවුන්ගේ ප්‍රධාන ආහාර ප්‍රභවය සොයා ගැනීමට කොරල්පර භාවිතා කරයි. කෙසේ වෙතත්, ඉහළ යන උෂ්ණත්වය කොරල්පර වල ඇල්ගී වර්ධනය වීම උත්තේජනය කරන අතර එය කොරල්පරයෙන් කොටසක් විනාශ කරයි. එසේම, මුහුදු කැස්බෑවන් ගමන් කිරීමට සහ ගොදුරු සොයා ගැනීමට සාගර ධාරා භාවිතා කරයි. සාගර උෂ්ණත්වය ඉහළ යාම සංක්‍රමණික විශේෂවලට ධාරාවන් වෙනස් කිරීමෙන් සහ ගොදුරු විශේෂවල ව්‍යාප්තියට හා බහුලත්වයට බලපෑම් ඇති කරයි.

පසුගිය මාසයේ කොස්ගොඩ වෙරළ ප්‍රදේශයෙන් වාර්තා වූ  කැස්බෑ මරණ

මුහුදු කැස්බෑවන් ඔවුන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කිරීම සඳහා සාගර හා ගොඩබිම් වාසස්ථාන භාවිතා කරයි. පසුගිය මාසය තුළදී කොස්ගොඩ වෙරළ ආසන්නයේදී ප්ලාස්ටික් හා ධීවර දැල්වල පැටලී මුහුදු කැස්බෑ පැටවුන් දෙදෙනෙකු මිය ගිය බව හේමන්ත මහතා පැවසීය. දෙදෙනෙකු පමණක් මිය ගිය නිසා එය විශාල ප්‍රශ්නයක් නොවන බව කෙනෙකුට සිතිය හැකිය. කෙසේ වෙතත්, බොහෝ අය ඉගෙන ගත යුතු දේ ඔවුන්ගේ පැවැත්ම අනුපාතයයි. කැස්බෑවන් 1000 කින් වැඩිහිටියන පවට පරිනත වන්නේ එක් පැටවෙකු පමණක් බව සොයා ගෙන ඇත.  එබැවින් එවැනි කැස්බෑ ගැහැණු සතුන්ගේ ජීවිතය අහිමි වීම සැලකිය යුතු පාඩුවකි. වැඩිහිටි ගැහැණු සතුන් එකවර බිත්තර 150ක් පමණ දමන බවද හේමන්ත වැඩිදුරටත් පැවසීය. මෙලෙස ගැහැණු සතුන් මිය යාම කැස්බෑවන්ගේ අඛණ්ඩ ගහනයට විශාල ලෙස බලපායි. අනෙක් අතට, සමුද්‍ර ප්ලාස්ටික් ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට බිඳී දේශගුණික විපර්යාසවලට දායක වේ. 

කෘතිම ආලෝකකරණය, දේශගුණික විපර්යාස සහ මුහුදු කැස්බෑවන්

කැදලි කැස්බෑවන් බිත්තර දැමීම සඳහා අඳුරු, නිස්කලංක වෙරළ තීරයන්ට කැමැත්තක් දක්වයි. වෙරළ තීරයේ ඇති ගොඩනැගිලිවල ආලෝකය වැඩිහිටි ගැහැණු කැස්බෑවන් සහ පැටවුන්ගේ අවධානය වෙනතකට යොමු කරයි. මීට අමතරව, ශ්‍රී ලංකාව පුනර්ජනනීය නොවන බලශක්තිය මත වැඩිපුර රඳා පවතී. අප සියල්ලන්ම අත්විඳින පරිදි, ලංකාවේ රාත්‍රී ආලෝකය වඩා හොඳින් කළමනාකරණය නොවන අතර ෆොසිල ඉන්ධන දහනය ඔස්සේ දෙශ්ගුන් විපර්යාස තවත් තීව්‍ර කරයි. ඒ වගේම කැස්බෑ පැටවුන් රාත්‍රියේදී කූඩුවෙන් එළියට එන විට ජලය වෙනුවට ආලෝකය දෙසට ඇදී යනවා. මෙලෙස එක් ආලෝකයක් නිසාවෙන් පැටවුන් සිය ගණනක් සිය ගමන් මාර්ගය මුහුදු දෙසින් ඔබ්බට යෑමෙන් මරණයට හෝ උදෑසන හිරු තුළ විජලනය වීමට ලක් වෙයි.

මුහුදු කැස්බෑවන්ට මුහුදු මට්ටම ඉහළ යාමේ බලපෑම

මුහුදු කැස්බෑවන් තම ජීවන චක්‍ර තුළ සාගර සහ ගොඩබිම් වාසස්ථාන භාවිතා කරන බැවින්, දේශගුණික විපර්යාසවල බලපෑම් මෙම වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන්ට විනාශකාරී බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇත. මීට අමතරව, මුහුදු මට්ටම ඉහළ යාම මුහුදු කැස්බෑවන් කැදලි තනන වෙරළ තීට රය ඛාදනයට බලපානු ඇත.

සාරාංශය

මුහුදු කැස්බෑවන් ඔවුන්ගේ ජීවන චක්‍රය තුළ සාගර හා ගොඩබිම් පරිසරයන් දෙකම භාවිතා කරයි. දේශගුණික විපර්යාස නිසා ඇතිවන උෂ්ණත්වය ඉහළ යාම මුහුදු කැස්බෑවන්ගේ ස්වාභාවික ලිංගික අනුපාතය වෙනස් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර 10ත් 20ත් අතර කාලය තුළ වැඩිපුරම ගැහැණු  මුහුදු කැස්බෑ පැටවුන් බිහි වී ඇත. ප්ලාස්ටික් උවදුර සහ මුහුදු මට්ටම ඉහළ යාම ද දේශගුණික විපර්යාස හේතුවෙන් ඔවුන් මුහුණ දෙන අභියෝග වේ. මුහුදු කැස්බෑවන් ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ වෙරළ තීරය භාවිතා කර ඇත. එහි ප්රතිඵලයක් වශයෙන්, ඔවුන් තවමත් මෙහි පැමිණේ. එබැවින් ලාංකිකයන්ට මුහුදු තිරය ආරක්ෂා කිරීමේ විශේෂ වගකීමක් ඇත. එසේම අනෙක් වැදගත් කරණය වන්නේ, දේශගුණික විපර්යාස සිදු වීමට තුඩු දෙන මානව බලපෑම් අවම කිරීම මගින් මෙම අහිංසක ජීවීන් බේරා ගැනීමට කටයුතු කිරීමයි.  

Silila Sandawala
Silila Sandawala
Articles: 8

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter