Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

දේශගුණික විපර්යාස යනු අනාගත ගැටලුවක් පමණක් නොව, වර්තමානයේ ද දැඩි අවධානයක් යොමු කළ යුතු කාරණයක්!

සමාජ මාධ්‍ය සටහන් :

ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල ද වසර ගණනාවක් තිස්සේම,  දේශගුණික විපර්යාස ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනු ලැබුවේ අනාගත පරම්පරාවන් සඳහා පමණක් බලපාන කරුණු වශයෙන්. උෂ්ණත්වය අංශක කිහිපයකින් වැඩිවීම හෝ මුහුදු මට්ටම සෙන්ටිමීටර කිහිපයකින් ඉහළ යාම වත්මන් පරම්පරාවට සැලකිය යුතු බලපෑමක් ඇති නොකරන කරණු ලෙස බොහෝ දෙනෙක් සිතීමට පෙළඹ තිබුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ නොමග යවනසුලු ප්‍රකාශය හුවමාරු වෙමින් පවතී. එමෙන්ම ඇතැම් වෙබ් අඩවිවලත් මේ අසත්‍ය සටහන් පළවී තිබුණේ මේ අයුරින්.

අප සොයාගත් කරුණු:

දේශගුණික විපර්යාස හා සම්බන්ධ ව්‍යසනකාරී තත්ත්වයන් මෙන්ම, පසුගිය වසර කිහිපය තුළ පෘථිවියේ ඇතිවූ උණුසුම් තත්ත්වය, යනාදී හේතු නිසාවෙන් දේශගුණික විපර්යාස බලපාන්නේ අනාගත පරම්පරාවට පමණක් යන මතය පැහැදිලිවම අභියෝගයට ලක් වී තිබේ.

දේශගුණික විපර්යාස බොහෝ දුරට වර්තමානයට ද බලපාන ගැටළුවක් වන අතර අනාගත පරම්පාර සඳහා පමණක් වෙන්වූ ගැටලුවක් නොවේ.

දේශගුණික විපර්යාස – ගෝලීය උණුසුම සහ මුහුදු මට්ටම ඉහළ යාම

‘දේශගුණය’ යනුවෙන් හැඳින්වෙන්නේ වසර ගණනාවක් පුරාවට යම් ප්‍රදේශයක පෙන්වන සාමාන්‍ය කාලගුණය යි. මේ සාමාන්‍ය තත්ත්වයන්ගේ වෙනස්වීම ‘දේශගුණ විපර්යාසය’ යනුවෙන් හැඳින්වේ. මේ පිළිබඳ සිංහල බසින් ලිපියක් මෙතනින්

සූර්ය චක්‍රයේ වෙනස්කම් යානා දී ස්වභාවික ක්‍රම ඔස්සේ ද දේශගුණික විපර්යාස කාලයක් තිස්සේ ඇතිවී තිබුණ ද විශේෂයෙන්ම පසුගිය දශක කිහිපය තුළ සීග්‍ර ඉහළ ගොස් තිබු මානව ක්‍රියාකාරකම් දේශගුණික විපර්යාසවලට බලපෑ ප්‍රධාන සාධකය වී ඇත. මූලික වශයෙන් ගල් අඟුරු, තෙල් සහ ගෑස් වැනි පොසිල ඉන්ධන දහනය විශාල වශයෙන් සිදුවීම, දේශගුණික විපර්යාසයන්හි බලපෑම තීව්‍ර කිරීමට හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය දශක කිහිපයේ උෂ්ණත්ව ඉහළ යාමට බලපෑ සංසිද්ධියක් වන හරිතාගාර ආචරණය, ස්වභාවික ආකාරවලින් සිදුවීම අයහපත් නොවේ. එමඟින් වායුගෝලයේ සිට පෘථිවි පෘෂ්ඨය දක්වා සූර්ය තරංග පරාවර්තනය කිරීමට හේතුවන අතර, පෘථිවි උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක තබා ගැනීමට උපකාරී වේ.

එහෙත්, හරිතාගාර වායු විශාල වශයෙන් විමෝචනය වීමත් සමඟ, සෞඛ්‍යයට අහිතකර සහ වේගවත් ආකාරයෙන් සිදුවන හරිතාගාර ආචරණය මෑත අතීතයේ දී, බොහෝ දේශගුණික විපර්යාසවලට තුඩු දෙන පෘථිවි උෂ්ණත්වය හදිසියේ වැඩි වීමට හේතු විය.

යෝධ ග්ලැසියර සහ අයිස් තට්ටු වෙනදාට වඩා වැඩි වේගයකින් දියවී යමින් පවතින අතර, මෙසේ දියවන ජලය සාගරවලට ගලා බසී.  මුහුදු ජල මට්ටම ඉහළ යාමට සහ සාගර ලවන අඩු වීමට මේ ඔස්සේ ප්‍රබල බලපෑමක් වර්තමානයේ දී ද ඇති වී තිබෙනවා.

IPCC වාර්තාව

ලෝකයේ ප්‍රමුඛ පෙළේ ඇතැම් දේශගුණික විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ ගෝලීය උෂ්ණත්වය, සෙල්සියස් අංශක 1.5කට පමණ සුළු ප්‍රමාණයකින් හෝ ඉදිරි වසර 12ක පමණ කාලය තුළ  ඉහළ යාම හේතුවෙන් නියඟය, ගංවතුර, අධික උණුසුම සහ තිරසාර සංවර්ධනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම වැනි අවදානම් සැලකිය යුතු ලෙස අයහපත් අතට හැරෙනු ඇති බවයි. 

2021 දී දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC – Intergovernmental Panel on Climate Change) වාර්ෂික වාර්තාවට අනුව, දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස පෘථිවි ග්‍රහලෝකය දැනටමත් දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටින අතර, ආපසු හැරවිය නොහැකි කාලගුණික රටා වෙනස්වීම්වල වැදගත් සන්ධිස්ථාන කිහිපයක් දැනටමත් ළඟා වී හෝ පසු වී හෝ තිබේ.

මෙම දේශගුණික විපර්යාස නිසා මුහුදු මට්ටම ඉහළ යාම වැනි නැවත හැරවිය නොහැකි විපර්යාස දැනටමත් සිදුවී හමාරයි. මුහුදු මට්ටම ඉහළ යාම සහ වර්ෂාපතන රටාව වෙනස් වීම වැනි එම වෙනස්කම් තීව්‍ර වීම සහ ගොවිතැන වැනි කර්මාන්ත කෙරෙහි ඒවායේ බලපෑම වඩාත් කැපී පෙනෙන ලෙස අනාගතයේදී දැක ගැනීමට හැකි වේවි. එහෙත් මේ වන විටත් මෙම ගැටලු පවතින අතර මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මෙතනින්. Archived Link

දේශගුණික විපර්යාස සම්බන්ධ වත්මන් ගැටලු

දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විටත් අප දැඩි නියඟ අවස්ථාවන්ට, දැඩි තාප තරංගවලට සහ අධික උෂ්ණත්වයන්ට මුහුණ දෙමින් සිටිමු. වසරක් තුළ ඉතා උණුසුම් දින ගණන් වැඩි වී ඇත. වර්ෂාපතනය නොමැතිකම සහ කාන්තාරීකරණය මුල්කරගනිමින් ප්‍රදේශ රැසකට වර්ෂාපතනය නොමැති තත්වයන් උද්ගත වී තිබේ. මෙයින් අදහස් කරන්නේ මෙම ප්‍රදේශවල ගංගා මට්ටම් පහත වැටී වැව්, පොකුණු සහ ළිං සිඳී යාමෙ සහ සමහර ස්ථානවල ඒවා අතුරුදහන් වීමට පවා හේතු වන බවයි. මේ පිළිබඳ වැඩි විස්තර මෙතනින්.

මුහුදු මට්ටම ඉහළ යාම ගංවතුර සමඟ වෙරළබඩ වාසභූමිවලට විනාශකාරී බලපෑම් ඇති කරනවා පමණක් නොව පානීය ජලය අපිරිසිදු කිරීම, ගොවිතැනට බාධා කිරීම, වනජීවී ජනගහනයට තර්ජනයක් විය හැකි අතර ආර්ථිකයට ද බලපෑම් කළ හැකිය.

දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන වෙනස්කම් නිසා අනෙකුත් ජීවීන්ගේ ජීවිත වලට ද, ගැඹුරට බලපාන අතර සමස්ත ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති කෙරෙහි බලපෑම් ඇති වේ. මේ පිළිබඳ බොහෝ විස්තර මෙතනින්. Archived Link

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) දත්ත වලට අනුව, පසුගිය වසර පනහ තුළ කාලගුණික විපර්යාස හේතුවෙන් කාලගුණය ආශ්‍රිත ස්වභාවික විපත් වැඩි වී ඇත. කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති හේතුවෙන් මරණ සංඛ්‍යාව අඩු වී තිබේ. ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තාවක් මෙතනින්. Archived

දේශගුණය සහ ජල අන්තයන්ගෙන් මරණ හා ආර්ථික අලාභ පිළිබඳ සිතියමට අනුව ( WMO) 1970 සිට 2019 කාල පරිච්ඡේදයේදී ගෝලීය වශයෙන් දේශගුණය ආශ්‍රිත උපද්‍රව හේතුවෙන් වාර්තා වූ ආපදා සංඛ්‍යාව 11,000කට වඩා වැඩි වූ අතර, මරණ මිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් සහ එමගින් ඇතිවූ අලාභය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.64ක් බවට වාර්තා විය.

දේශගුණික විපර්යාස ගැටළු හේතුවෙන් ඉහළ යන ස්වභාවික විපත් සංඛ්‍යාව පෙන්වන ප්‍රස්ථාරයක්.

නාසා ආයතනය (NASA)

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ගඟන හා අභ්‍යවකාශ පරිපාලනයට (NASA) අනුව, දේශගුණික විපර්යාසවල බලපෑම් වර්තමානයේ පැහැදිලිව දැකගන්නට ලැබෙන අතර විද්‍යාඥයන් පළ කළ අනාවැකි දැන් සිදුවෙමින් පවතින බවයි.

ඒ වගේම ඉදිරියේදීත් තවත් එ්වායේ තීව්‍ර බලපෑම් ඇති විය හැකි බවත්, ගෝලීය දේශගුණික විපර්යාස දැනටමත් පරිසරයට නිරීක්ෂණය කළ හැකි බලපෑම් ඇති කර ඇති බවට ඔවුන් සඳහන් කරයි. ග්ලැසියර දිය වී ගොස් ඇති අතර, ගංගා සහ විල්වල අයිස් නියමිත කාලවකවාණුවට පෙර කැඩී යන ආකාරයත්, ශාක හා සත්ත්ව පරාසයන් වෙනස් වී ඇති බවත්, ශාඛ ඉක්මනින් මල් පිපීමට පටන් ගෙන ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි. මේ ගැන වැඩි විස්තර මෙතනින්. Archived Link

,
CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter