Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

Aphelion තත්ත්වය නිසා අගෝස්තු  තෙක් කාලගුණයේ විපරිත තත්ත්වයක්?

කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි උනන්දුවක්. විවිධ ස්වාභාවික සංසිද්ධීන් නිසා කාලගුණයේ විවිධ වෙනස්කම් සිදුවෙනවා .මේ වෙනස්කම් ජන ජිවිතයටද බොහෝ සෙයින් බලපානවා. එම හේතුව නිසාම සමාජ ජාලා තුලද කාලගුණික විපර්යාස පිලිබදව නිතර කතාබහට ලක්වෙනවා.

Aphelion ලෙස හැදින්වෙන ස්වාභාවික සංසිද්ධිය හේතුවෙන්, විශාල කාලගුණික විපර්යාසයක් ඇතිවන බවට පැතිරෙන නොමගයවන සුලු සමාජ ජාලා සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමකි මේ.

සමාජ ජාලා සටහන්

*හෙට 05.27 ට ආරම්භ වන විට පෘථිවිය සූර්යයාට බොහෝ දුරින් පිහිටි APHELION සංසිද්ධිය අත්විඳිමු.*

 *අපට සංසිද්ධිය නොපෙනේ, නමුත් එහි බලපෑම අපට දැනිය හැකිය.  මෙය අගෝස්තු දක්වා පවතිනු ඇත.*

 *ඉන්ෆ්ලුවෙන්සා, කැස්ස, හුස්ම හිරවීම ආදියට බලපෑම් ඇති කරන සීතල කාලගුණය පෙර පැවති ශීත කාලගුණයට වඩා වැඩි වශයෙන් අපට අත්විඳිනු ඇත.*

 *එබැවින් අපගේ ප්‍රතිශක්තිය ශක්තිමත් වන පරිදි අපි සැවොම විටමින් වර්ග හෝ/හා අතිරේක ආහාර ගැනීමෙන් හෝ පානය කිරීමෙන් ප්‍රතිශක්තිය වැඩිකර ගනිමු.*

 *පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර ආලෝක මිනිත්තු 5ක් හෙවත් කිලෝමීටර් 90,000,000 කි.  කිලෝමීටර 152,000,000 දක්වා ඇෆෙලියන් සංසිද්ධිය.  66% තවත්.*

 *ඉතින් මේ උෂ්ණත්වයට හුරු නැති නිසා වාතය සීතලයි, ඇඟට එන බලපෑමත් හොඳ නෑ.*

 *එම හේතුව නිසා එවැනි කාලගුණික තත්ත්වයන් සමඟ සෞඛ්‍ය සම්පන්නව සිටීමට අපගේ සෞඛ්‍ය තත්ත්වයන් තබා ගන්න…..*

 *කොරෝනා මීළඟ අදියර සඳහා එය නිදහසට කරුණක් වීමට ඉඩ නොදෙන්න.*

 *සටහන: කරුණාකර මෙම තොරතුරු ඔබ දන්නා සියලු දෙනා සමඟ බෙදා ගන්න.*

  ️

Facebook | Archived

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

Aphelion සංසිද්ධීන් ලෙස හැදින්වෙන්නේ කුමක්ද ?

Britanica වෙබ් අඩවියේ සදහන් ආකාරයට එම වචනය මගින් හැදින්වෙන්නේ සුර්යයා වටා පරිභ්‍රමණය වන ග්‍රහයෙක්, වල්ගාතරුවක් හෝ වෙනත් ග්‍රහ වස්තුවක් ,සුර්යයා වටා සම්පුර්ණ වටයක් පරිභ්‍රමණය වීමේදී සූර්යයාගෙන් ඈත්වම පිහිටන අවස්ථාවයි.

මෙයට හේතුව පරිභ්‍රමණය වීමේදී එය සිදුවන්නේ පුර්ණ වෘතාකාර ආකාරයට අනුව ඉලිප්සීය හැඩයට වීම නිසායි. එසේම මෙම ගමන් මාර්ගය හේතුවෙන් ග්‍රහ වස්තුන්  සුර්යාගෙන් ඈත්වම පිහිටන අවස්ථාවක් මෙන්ම ග්‍රහ වස්තුන් සුර්යයාට වඩාත් ආසන්නවම පිහිටන අවස්ථාද ඇත. ග්‍රහ වස්තුන් සුර්යයාට ආසන්නවම පිහිටන අවස්ථාව හැදින්වෙන්නේ Perehelion යන නමින්.

Aphelion සහ Perihelion යන අවස්ථා දෙකම වසරකට එක වරක් පමණක් සිදුවන අතර සාමාන්‍යයෙන් Perihelion ලෙස හදුන්වන පෘථිවිය සූර්යයාට ආසන්නතම වන අවස්ථාව ජනවාරි මාසයේදී සිදුවන අතර Aphelion ලෙස හදුන්වන පෘථිවිය සූර්යයාගෙන් දුරස්තම අවස්ථාව  ජූලි මාසයෙදී  දැකගන්නට ලැබේ . මෙම සිදුවීම් හා සම්බන්ධ දින වල සුලු වෙනස්කම් පමණක් වාර්ෂිකව සිදුවේ.

එක්සත් ජනපද නාවික හමුදාවේ වෙබ් අඩවියට අනුව, 2022 වසරේ Perihelion සිදුවුයේ ජනවාරි 4 වනදා අතර Aphelion සිදුවීම සිදුවුයේ  ජූලි මස 4 වනදායි. මෙම සුපුරුදු සංසිද්ධිය හේතුවෙන් පෘථිවියේ කාලගුණ තත්ත්වයට බලපෑමක් ඇතිවන්නේ නැත .

පහත සටහන මගින් එම සිදුවීම විස්තරාත්මකව දැක්වේ .

අභ්‍යවකාශ විද්‍යාව – ආචාර්ය එන් .සජී

අප මෙම සටහන තබන 2023 ජනවාරි 23 වනදා වන ආසන්නයේ  Aphelion සිදුවීම සිදුවීමට හැකියාවක් නොමැති අතර ,එයට හේතුව එහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය වන Perehelion හෙවත් පෘථිවිය සූර්යයාට සමීපවම  පිහිටන අවස්ථාව ජනවාරි 4 වනදා සිදුවීම සහ Aphelion සිදුවීම මේ වසරේදී සිදුවීමට නියමිත අවස්ථාව ඇත්තේ ජූලි මස 6 වැනිදා වීමයි.ඒ සම්බන්ධ වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්.

Aphelion සංසිද්ධිය පිළිබඳව නොමඟ යවන සුළු සටහන් ඉන්දියාවේ ද හුවමාරු වූ අතර අප Factcrescendo මලයාලම් කණ්ඩායම මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදුකළා. ඔවුන් විසින් මෙම කරුණ පැහැදිලි කිරීම සදහා ඔවුන් ඉන්දියාවේ අභ්‍යවකාශ විද්‍යාව පිලිබදව අතිමහත් උනන්දුවක් දක්වන පුද්ගලයකු වන ආචාර්ය එන්.සජී විසින් සකසන ලද ලිපියක් මුලාශ්‍ර කරගෙන ඇත.

ඔහුගේ ලිපියේ පහත කරුණු සදහන්ය .

Aphelion යන වචනය තාරකා විද්‍යාව පිලිබදව දන්නා අයට සුපුරුදු වචනයක් .17 වන සියවසේදී ජොහානස් කෙප්ලර් විසින් සොයාගන්නා ලද්දේ පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් සුර්යයා වටා ඉලිප්සීය කක්ෂවල පරිභ්‍රමණය වන බවයි. ග්‍රහ වස්තු සුර්යයාට  වඩාත්ම ලංවන අවස්ථාව ලෙස Perehelion ඇතිවන අතර ,සූර්යයාගෙන් දුරස්තම අවස්ථාව ලෙස Aphelion ඇති වන්නේ මෙම ඉලිප්සීය ගමනේ ප්‍රතිපලයක් ලෙසයි.”

පෘථිවියේ සිට සුර්යයාට මධ්‍ය දුර ප්‍රමාණය කිලෝ මීටර් මිලියන 150 කට ආසන්න අගයක් වනවා. පරිභ්‍රමණය ඉලිප්සීය කක්ෂයක සිදුවන විට වර්ෂයක කාල වකවානුවේදී පෘථිවිය සුර්යයාට ආසන්නතම දුර ප්‍රමාණය කිලෝ මීටර මිලියන 147 කි.පෘථිවිය සුර්යයාට දුරස්තම දුර ප්‍රමාණය කිලෝමීටර මිලියන 152 කි. මේවා මාධ්‍යයන අගයෙන් 1.7% ක් පමණ අපගමනයක් පෙන්නුම් කරයි. මෙම ක්‍රියාවලිය පෘථිවි කාලගුණ විපර්යාස ඇතිකිරීම සදහා හෝ ගිම්හාන,වසන්ත ,ශිත ,සරත් ආදී කාල වකවානුවල බෙදීම්වලට  ප්‍රමාණවත් නොමැත. මෙම ගිම්හාන ,ශිත,සරත් ,සිසිර ආදී බෙදීම් ඇතිවන්නේ පෘථිවිය අක්ෂය අංශක 23.5 ක් ඇලව පිහිටීම නිසාය .”

Fact Crescendo මලයාලම් කණ්ඩායමට අදහස් පලකල ආචාර්ය සජි පවසා සිටියේ තමන් විසින් මෙම අදහස් ඇතුලත් ලිපිය රචනා කලේ Aphelion ක්‍රියාවලිය හා සම්බන්ධ බොහෝ වැරදි මතවාද ප්‍රචාරණය වන නිසා බවයි.

ගෝලීය වෙනස්වීම් විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් වන Stellenbosch විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Guy Midgley, මේ පිලිබඳ මීට මාස කිහිපයකට පෙර දැක්වූ අදහස් පහතින්.

එහිදී මහාචාර්යවරයා පවසා සිටිනේනේ සෘතුන් හි වෙනස්වීම දේශගුණික විපර්යාස සඳහා විශේෂයන්ම මුල්වන බවත් ඊට අමතරව දිගුකාලීන කාලගුණික වෙනස්කම් සඳහා විවිධ ක්‍රියාකාරම් හේතුවෙන් ස්වභාවික නොවන ආකාරයට අප විසින් වායුගෝලයට එකතුකරන කාබන්ඩයෝක්සයිඩ්, මීතේන් ඇතුළු අනෙකුත් හරිතාගාර වායු යනාදිය හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළයාම, වැඩි වර්ෂාපතන යනාදීය ඇතිවන බවත් Aphelion වැනි සංසිද්ධිය පිලිබඳ සැලකිලික්මත් වීම වෙනුවට මෙවැනි ක්‍රියාදාම පිලිබඳ සැලකිලිමත් විය යුතු බවයි.

Also Read : Climate Change is NOT only a Future problem, very much present concern!

මීට පෙර වසරවල දී ද මේ ආකාරයෙන්ම, විවිධ කාලගුණික විපර්යාස සඳහා Aphelion සංසිද්ධිය බලපෑමක් තිබේ ද යන්න කතාබහට ලක් වී තිබෙනවා. 2010 වසරේ ජුලි මාසයේ ද ඇමරිකාවේ පැවති අධි උෂ්ණ සමයක් (head wave) සඳහා Aphelion බලපෑමක් තිබුනේ ද යන්න පිලිබඳ ඉදිරිපත් වී තිබු දුර්මත පිලිබඳ පළවූ ලිපියක් මෙතනින්

Accuweather වෙබ් අඩවියේ පලවූ ලිපියක සදහන් වන්නේ පෘථිවි කාලගුණික විපර්යාස ඇතිවීම කෙරෙහි Aphelion ක්‍රියාවලියෙන්  එතරම් බලපෑමක් නොවන අතර ඒ සදහා මුල්වන්නේ දේශගුණික විවිධත්වය බවයි. පෘථිවියේ තත්වය එසේ වුවත් අගහරු වැනි සමහර ග්‍රහලෝකවල Aphelion ක්‍රියාවලිය කාලගුණ විපර්යාස ඇතිවීම කෙරෙහි බලපෑම් ඇතිකරන්න පුළුවන්.

මේ පිළිබඳව අප Climate Fact Checks හි මව් ආයතනය වන Fact Crescendo ඉංග්‍රීසි  බසින් පලකළ කරුණු විමර්ශනයක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූ කාරණය නම් Aphelion ක්‍රියාවලියේ බලපෑම නිසා අගෝස්තු මාසය  තෙක් විවිධාකාර කාලගුණ විපර්යාස , ලෙඩ රෝග පැතිර යාම් සිදු වන බවට පලවන සමාජ ජාලා සටහන් නොමගයවන සුලු බවයි.

Aphelion සංසිද්ධිය, පෘථිවිය සුර්යයා වටා ඉලිප්සීය කක්ෂයක පරිභ්‍රමණය වීම නිසා සැම වසරකම සිදු වන අතර 2023  ට පමණක් විශේෂිතවූ ක්‍රියාවලියක් නොවන අතර එම ක්‍රියාවලිය හේතුවෙන් කාලගුණික විපර්යාසවලට විශේෂ පලපෑමක් සිදුවන්නේ නැත. අප මෙම සටහන තබන 2023 ජනවාරි 23 වනදා වන ආසන්නයේ  Aphelion සිදුවීම සිදුවීමට හැකියාවක් නොමැති අතර ,එයට හේතුව එහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය වන Perehelion හෙවත් පෘථිවිය සූර්යයාට සමීපවම  පිහිටන අවස්ථාව ජනවාරි 4 වනදා සිදුවීම සහ Aphelion සිදුවීම මේ වසරේදී සිදුවීමට නියමිත අවස්ථාව ඇත්තේ ජූලි මස 6 වැනිදා වීමයි.

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter