Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

දේශගුණික විපර්යාස සඳහා ආහාර නාස්තිය දායක වන අයුරු !

අප වඩාත් අවධානයක් යොමු කර නැති එහෙත් අප සියලු දෙනාටම සෘජුවම ක්‍රියාමාර්ගයක් ගත හැකි ක්‍රියාවක් වන ආහාර නාස්තිය ඔස්සේ ද දේශගුණික විපර්යාසවලට බලපෑමක් ඇතිවනවා. ඒ ගෝලීය හරිතාගාර වායු විමෝචන‌ය වැඩි කරමින් ඒ ඒ ඔස්සේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට ආහාර නාස්තිය බලපාන බැවින්. හරිතාගාර විමෝචන සඳහා ගුවන් සේවා විමෝචනයට වඩා දෙගුණයකින් ආහාර අපතේ යාමෙන් සිදුවන විමෝචනය වැඩි බව පර්යෂණ අද්‍යයන මගින් හදුනා ගෙන තිබෙනවා.

ආහාර අපද්‍රව්‍ය මගින් සිදුවන විමෝචනය, ගෝලීය හරිතාගාර  විමෝචනයෙන් සියයට දහයක් පමණ වේ.

ආහාර අපද්‍රව්‍ය මගින් සිදුවන විමෝචනය,  ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 8 සිට 10 දක්වා ප්‍රමාණයක් වැඩි වී ඇති බව ගණනය කර ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේ, බිලියනයකට වඩා වැඩි පිරිසකට අවශ්‍ය ආහාර ප්‍රමාණයක් අපතේ යන බවයි.

මීතේන් වායු විමෝචනයේ ප්‍රධාන මූලාශ්‍රවලින් එකක් වන්නේ ආහාර අපද්‍රව්‍යයි. එය හරිතාගාර වායු විමෝචනයේ සැලකිය යුතු අංගයකි. නාගරික කසළ එකතුවේ, විශාලතම අපද්‍රව්‍ය කාණ්ඩය වනුයේ ආහාර අපද්‍රව්‍යයයි‍. ආහාර අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වසරක් ඇතුළත මීතේන් නිෂ්පාදනය හා මුදා හැරීම සඳහා අවශ්‍ය නිර්වායු තත්වයන් ස්ථාපිත වේ. මීතේන් නිපදවන බැක්ටීරියා මගින් අප්‍රද්‍රව්‍ය දිරාපත් කරයි. එමගින් මීතේන් ජනනය කරන අතර එය ඉතා ප්‍රබල හරිතාගාර වායුවක් බවට පත් වේ. කාබන් ඩයොක්සයිඩ් මගින් ගෝලීය උණුසුම් වීමේ හැකියාව මෙන් 28 ගුණයක ගෝලීය උණුසුම් කිරීමේ හැකියාවක්  මෙයට ඇත.

මීතේන් වායුව, කාබන්ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප බවට කැඩීමට වසර 12ක් පමණ ගතවේ.  කාබන් ඩයොක්සයිඩ් සියවස් ගණනාවක් වායුගෝලයේ පවති. එබැවින්, ආහාර අපද්‍රව්‍ය වලින් මීතේන් විමෝචනය වීම භයානක තත්වයකි.

සමස්ථ ආහාර බැහැර කිරීම් මඟින් 40% ක් ඉවත දමන්නේ ඉන්දියාව විසින්

සාමාන්‍යයෙන් ඉන්දියානුවෙක් දිනකට ආහාර ග්‍රෑම් 137ක් නාස්ති කරයි. එය වසරකට කිලෝග්‍රෑම් 50කි.  වාර්තාවලට අනුව ඉන්දියාවේ ආහාරවලින් 40%ක් අපතේ යන අතර එය වසරකට රුපියල් කෝටි 92,000කට සමාන වේ.  ආහාර නාස්තියෙන් ආර්ථිකයට සිදුවන හානිය සම්බන්ධව මෙහිදි  අවධානයට බදුන් වී නොමැත. මිනිසාට හා පරිසරයට තර්ජනයක් වන දූෂණයට ආහාර අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය නොකිරීමද හේතුවක් වේ.

ගොඩකිරීම් වලින් ලොව විශාලතම මීතේන් විමෝචනය කරන රටක් ලෙස ඉන්දියාව සැලකේ. ඉන්දියාවේ, මිතෙන් වායුව විමෝචනයෙ ගත කල සාමාන්‍යයෙන් 18% පමණ වේ. එය ඉන්දියාවේ සමස්ත හරිතාගාර වායු විමෝචනයෙන් ආසන්න වශයෙන් 29%ක් පමණ වේ.

ගෝලීය අධ්‍යයනයකට අනුව, දිල්ලියේ ගාසිපූර් කසළ රඳවනයෙන් මීතේන් විමෝචනය වන අතර එය දිල්ලි නගරයේ මුළු නගර විමෝචනයෙන් 6%කි.  කසළ ගොඩකිරීම්වලින් කාබනික අපද්‍රව්‍ය ඉවත් කිරීම වැදගත්ම පළමු පියවරක් විය හැක. ඝන අපද්‍රව්‍ය කළමනාකරණ රීති 2016 විධානය මඟින් අපද්‍රව්‍ය වෙන් කිරීමට ඉන්දියාවට නියම කර ඇත. මෙම රීති යථාර්ථයක් බවට පත් කිරීමේ  දී බොහෝ ප්‍රයත්න දැරීමට සිදුව ඇත.

ඉන්දියාවේ, ආහාර භෝග අපද්‍රව්‍ය පුළුස්සා දැමීම ආහාර අපද්‍රව්‍ය කළමනාකරණයේ ගැටලුවට තවත් උග්‍ර අතට පත් කරන  එක් හේතු සාදකයක් වේ. පන්ජාබ්, හර්යානා සහ උත්තර් ප්‍රදේශයන්හි බෝග අපද්‍රව්‍ය පුළුස්සා දැමීමෙන් ඇතිවන දුමාරය වායු දූෂණය ඇති කරයි. මෙම කරුණෙන් පසෙහි සෞඛ්‍යයට දීර්ග කාලීනව අහිතකර බලපෑමක් ඇති වේ. මෙම තත්වය හේතුවෙන් නිරනතරයෙන් පසට පොහොර එක් කිරිමටද සිදුවේ. එපමණක්ද නොව, කළු කාබන්, දුමාරයේ සහ දුම්වල ඇති දුමාර අංශු, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට දායක වේ.

දේශගුණ විපර්යාසයට තුඩු දෙන හරිතාගාර වායුවේ හැසිරීම

ආහාර නිශ්පාදනයේදි වගා කිරීමට, අස්වැන්න නෙළීමට, ප්‍රවාහනය කිරීමට සහ ඇසුරුම් කිරීමට ශක්තින් අවශ්‍ය වේ. ආහාර අපතේ යාමත් සමගම එම ශක්තීන්ද අපතේ යාමක් සිදු වේ. හරිතාගාර වායු විමෝචනය නිසා මෙම බලශක්තිය අපතේ යෑමක් සිදු වේ.  ආහාර නිෂ්පාදනය විවිධ ආකාරවලින් කාබන් ඩයොක්සයිඩ්, මීතේන් සහ අනෙකුත් හරිතාගාර වායු විමෝචනය කිරීමට දායක වේ. දැනට, වගා කරන ලද, නැව්ගත කරන ලද හෝ අලෙවි කරන ලද මුළු ආහාරවලින් 31%ක් අපතේ යන බව සොයා ගෙන ඇත.

විසඳුමක්!

ආහාර විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වුවද, සැලකිය යුතු ආහාර ප්‍රමාණයක් අපතේ යෑම නිසා ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් කුසගින්නෙන් පෙලේ. ආහාර නාස්ති අවම කර නිපදවනු ලබන ආහාර වලින් වැඩි පිරිසකට පෝෂණය කිරීම වඩාත් සුභදායි කටයුත්තක් වේ. හරිතාගාර වායු විමෝචනය අඩු වන පරිදි අඩු ආහාර අපතේ යැවීමේ ගෝලීය ප්‍රයත්නයට දායක විය විවිධ ක්‍රම තිබේ. ඒ පිලිබදව මෙතැන් සිට සාකච්චා කරමු.

ආහාර නාස්තිය අවම කිරීමට පුද්ගලික මට්ටමින් දායක විය හැක.

  • සැලසුම්ගත මිල දී ගැනීම:  බොහෝ විට සැලසුමක් නොමැතිව වෙළඳපොළට යෑමෙන් කෙනෙකුට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිප්‍රමාණයක් ගැනීමක් සිදු විය හැක.  අවශ්‍ය භාණ්ඩ ලැයිස්තු ගත කිරීමකින් අනවශ්‍ය මිලදී ගැනීම් වළක්වා ගත හැකිය.
  • ශීතකරණය භාවිතා කිරීම:  ප්‍රමිතිගත ශීතකරණ භාවිතයෙන් සැලකිය යුතු කාලයක පරාසයක් සඳහා ආහාර පෝෂ්‍යදායීව සහ නිසි ලෙස තබා ගත හැක. මෙමගින් ආහාර අපතේ යෑම සිමා කරගත හැකිය.
  • නිර්මාණශීලී වීම:  වැඩිපුර ආහාර මිලදී ගැනීමට පෙර, ශීතකරණය තුළ දැනටමත් සැඟවී ඇති ආහාර අනුභව කිරීමට උත්සාහ කළ යුතුය.  වර්තමානයේ, අන්තර්ජාලයේ පහසුවෙන් ලබා ගත හැකි විවිධ ආහාර වට්ටෝරු තිබේ. ඉතිරිව ඇති ආහාර වලින් ප්‍රනීත ආහාර වේලක් නිර්මාණය කරගැනීමට මෙයද උපකාර කර ගත හැක.  

වැදගත්!

ඉදුණු යන්නෙන් අදහස් වන්නේ අපතේ යෑමක් නොවේ:  බොහෝ පලතුරු සහ එළවලු ඉදුණු පසු පරිභෝජනයට නොගනුයේ ඒවායේ ඇති අවලස්සන ස්භාවය හේතුවෙනි. නමුත් විවිධ වට්ටෝරු වලට අනුව සැකසු කල ඒවා පෝෂ්‍යදායී හා රසවත් වනු ඇත. 

තමන්ට නුසුදුසු ආහාර නිෂ්පාදනය නොකරන්න.  තමන්ට අහිතකර ආහාර අනුභව නොකර පමණට වැඩ නිෂ්පාදනයද වළක්වා ගැනීමට උත්සාහ කළ යුතුය.  ස්වයං දැනුවත්භාවය ප්‍රධාන වන අතර ස්වයං-නියාමනය ඊට විසඳුමයි.

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter

One comment

  1. We never waste food stuff. We cook what we can eat only. We are composting remnants of food stuff and use them for roof top cultivation. I share always with my environment care with all. I am an agricultural graduate from university of Peradeniya. I did Food Science and Technology…!

Comments are closed.