Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

දේශගුණික විපර්යාස ආශ්‍රිත ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කරන ලද ජාතික පාරිසරික ක්‍රියාකාරී සැලැස්ම (NEAP) පිලිබඳ විමසාබැලීම

ජාතික පාරිසරික ක්‍රියාකාරී සලැස්ම හෙවත් NEAP 2022 දෙසැම්බර් මස 19වන දින පරිසර අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. පසුගිය දිනෙක අප විසින් NEAP සහ ජාතික පාරිසරික ප්‍රතිපත්තියේ සාරාංශය පිළිබඳ පැහැදිලි කිරීම් රැගත් ලිපියක් ඉදිරිපත් කරන ලදී. අද, මෙම ලිපිය ඔස්සේ NEAP පිළිබඳ ව තරමක් ගැඹුරු, විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිමත් කිරීමට කටයුතු කෙරේ.

NEAP ඔස්සේ ප්‍රධාන ක්ෂේත්‍ර 09ක් තේමා කරගෙන සලකා බැලේ.

1වන තේමාව: වාතයේ ගුණාත්මකභාවය කළමනාකරණය

2වන තේමාව: ජෛව විවිධත්ව සං‍රක්ෂණය සහ ඒවායේ තිරසාර භාවිතය

3වන තේමාව: තිරසර භාවිතය උදෙසා දේශගුණය ආශ්‍රිත ක්‍රියාමාර්ග

4වන තේමාව: වෙරළ සහ සමුද්‍ර සම්පත් සං‍රක්ෂණය සහ එවාගේ තිරසර භාවිතය

5වන තේමාව: තිරසාර භෞමික සම්පත් කලමනාකරණය

6වන තේමාව: සමස්ථ අපද්‍රව්‍ය කලමනාකරණය

7වන තේමාව: ඒකාබද්ධ ජල සම්පත් කලමනාකරණය

8වන තේමාව: නගර සහ මිනිස් ජනාවාස ආශ්‍රිතව පරිසර කලමනාකරණය

9වන තේමාව: හරිතකරණ කර්මාන්ත

NEAP මඟින් ඉහත කරුණුවලට අදාල රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දළ විශ්ලේෂ්ණයක් සපයයි. මෙහිදී, ප්‍රතිපත්ති, නීතිමය සහ ආයතනික සන්දර්භය ආදියත්, එක් එක් තේමාවලට අදාල ප්‍රධාන කරුණුවල සාරාංශයක් සහ එක් එක් තේමාවට අදාලව විවිධ උපාය මාර්ග මත පදනම් වූ සවිස්තරත්මක ක්‍රියාකාරී සැලැස්මක් යනාදිය පිළිබඳව පුළුල්ව කතාබහට ලක් වේ.

මෙම ප්‍රදාන තේමා 9ට අමතරව, අනුතේමා 3ක් බැගින් ද මෙහි අඩංගු වේ. එනම්, සම්පත් භාවිතය, ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම සහ හරිත සංවර්ධනය සඳහා අදාල දැනුම හා තොරතුරු කලමනාකරණය වේ.

ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාව තුළ ගනු ලබන ඇති දේශගුණික ක්‍රියාමාර්ග මොනවාද?

මෙම ලිපිය තුළින් ප්‍රධාන වශයෙන් ඉහත 3වන තේමාව, එනම් තිරසර භාවිතය උදෙසා දේශගුණය ආශ්‍රිත ක්‍රියාමාර්ග ඔස්සේ සාකච්ඡාවට බඳුන් වූ කරුණු පිළිබඳව අවධානය යොමු කෙරේ. මෙම තේමාවට අදාල කලාපයේ අන්තර්ගතය සම්පාදනය කරන ලද්දේ, පරිසර අමාත්‍යංශයේ දේශගුණික විපර්‍යාස ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ගාමිණී සේනානායක මහතා විසිනි. දේශගුණික විපර්‍යාස පාලනය සඳහා ඉදිරිපත් කල ඇති අපේක්ෂිත අරමුණු සපුරාලීම සඳහා අදාල උපාය මාර්ග 6ක් සහ ක්‍රියා පටිපාටි 121ක් මෙයට ඇතුලත් ය.

ඉතිහාසයේ සිට සලකා බලන විට, ශ්‍රී ලංකාවේ carbon footprint (මිනිසුන්ගේ ක්‍රියා කලාප සමඟ නිකුත් වූ හරිතාගාර වායුන්වල සම්පූර්ණ එකතුව) කුඩා අගයකි. එය සමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුට අදාලව ටොන් 0.88ක් පමණ වේ. එය විශේෂයෙන්ම මධ්‍යම ආදායම් ලබන, ඉහළ මානව සංවර්ධිත රටක් සඳහා අඩුම ඒක පුද්ගල ගෝලීය විමෝචන අගයක් ලෙස හැඳින්විය හැක. එමෙන්ම, මෙම දත්ත අනුව, ශ්‍රී ලංකාව දේශගුණික විපර්‍යාසවලට දායක වනවාට වඩා, එහි බලපෑම්වලට ගොදුරු වීමේ අවදානමක් පවතී.

මෙම දේශගුණික විපර්‍යාස මඟින් එල්ලවන අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ජාතික ප්‍රතිපත්ති, උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇත. මේ සඳහා UNFCCC වෙත ඉදිරිපත් කරන ලද සැලකිය යුතු පියවර කිහිපයක් ලෙස, ශ්‍රී ලංකාවේ ජාතික දේශගුණික විපර්‍යාස ප්‍රතිපත්තිය (2012), ශ්‍රී ලංකාව සඳහා ජාතික දේශගුණික විපර්‍යාස අනුවර්තන උපාය මාර්ග 2011-2016 (2010), දේශගුණික විපර්‍යාස පිළිබඳව ශ්‍රී ලංකාවේ දෙවන ජාතික සන්නිවේදනය (2011), දේශගුණික විපර්‍යාසවලට අනුගත වීම සහ අවම කිරීම සඳහා තාක්ෂණික ක්‍රියාකාරී සැලසුම් (2014), ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්‍යාස බලපෑම් සඳහා ජාතික අනුවර්තන සැලැස්ම 2016-2025 (NAP) (2016), සහ පැරිස් දේශගුණික විපර්‍යාස ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් (NDC) (2016) හැඳින්විය හැක.

මීට අමතරව NEAP මඟින් පහත සඳහන් උපාය මාර්ග යෝජනා කර ඇත.

උපායමාර්ග 1: දේශගුණික විපර්‍යාසවලට අදාල ප්‍රතිපත්තිමය සහය, නෛතික සහ ආයතනික රාමුව හරහා පරිසරය සක්‍රීය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.

උපායමාර්ග 2: දේශගුණික විපර්‍යාසවල අහිතකර බලපෑම්වලට මුහුණදීම සඳහා අවදානම තක්සේරු කිරීම සහ ඒවාට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම.

උපායමාර්ග 3: කාබන් අවම භාවිතයෙන් සංවර්ධන කටයුතු මෙහෙයවීමේ මාර්ග මඟින්, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම.

උපායමාර්ග 4: දේශගුණික විපර්‍යාස නිසා සිදුවන අලාබ හානි කලමනාකරණය කිරීම.

උපායමාර්ග 5: දේශගුණික විපර්‍යාස අවම කිරීම සහ ඊට අනුවර්තනය වීම සඳහා ඒ පිලිබඳව දනුවත් කිරීම්, අධ්‍යාපනික, පර්‍යේෂණ හා සංවර්ධන සහ තාක්ෂණය හුවමාරුව සහ තොරතුරු ප්‍රචාරණය ඔස්සේ ජාතික දැනුවත් බවට අදාල ධාරිතාව ඉහල නැංවීම.

උපායමාර්ග 6: දේශගුණික විපර්‍යාසවල බලපෑම්වලට අනුවර්තනය වීම සහ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා හවුල්කාරීත්වය සහ සම්පත් භාවිතය ශක්තිමත් කිරීම.

දේශගුණික විපර්‍යාස සම්බන්ධ ප්‍රතිපත්ති සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම.

1වන උපායමාර්ගය යටතේ දේශගුණික විපර්‍යාස පිළිබඳව පවතින ජාතික ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම සහ රට තුල වෙනත් ප්‍රතිපත්ති සම්පාදනයේ දී දේශගුණික විපර්‍යාස ඒකාබද්ද කිරීමසහ ජාතික භෞතික ප්‍රතිපත්තිය සාකච්ඡා කෙරේ. මෙහි සඳහන් පරිදි ප්‍රතිපත්තිවලට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් සහ MRV (ඇගයීම, වාර්තා කිරීම සහ සත්‍යාපනය) පද්ධතියක් එක් කිරීමද අඩංගු වේ. දේශගුණික ක්‍රියාමාර්ග ඇතුළුව, NEAP මඟින්, එක් එක් පළාත විසින් ක්‍රියාත්මක කරන අනුවර්තන සැලැස්මක් පළාත් පරිමාණයෙක් ක්‍රියාත්මක කෙරේ. මීට අමතරව, ක්‍රියාමාර්ගවල ප්‍රගතිය නිර්‍රික්ෂනය කිරීම සඳහා පළාත් දේශගුණික ඒකක ගොඩනගනු ඇත. වැඩිදියුණු කල සෞඛ්‍ය පද්ධති, පාරිසරික ගොඩනැගීම, අපජලය, ප්‍රවාහනය (EST) සහ සාමුද්‍රීය ප්‍රවාහනය සඳහා ප්‍රතිපත්ති ආදිය ප්‍රතිපත්ති ගොඩනැගීමේදී අන්තර්ගත වේ. මෙම ක්‍රියාමාර්ග ප්‍රධාන වශයෙන් පරිසර අමාත්‍යංශයේ විශයන් යටතට අයත්වන අතර, ඉන් සමහරකට වෙනත් රාජ්‍ය ආයතනවල සහාය ද ලැබේ.

දේශගුණික විපර්‍යාසවල අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා අවදානම තක්සේරු කිරීම සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම.

දේශගුණික විපර්‍යාසවල බලපෑම් සඳහා ශ්‍රී ලංකාවට ඇති අවදානම තක්සේරු කිරීම සාමාන්‍ය, කෘෂිකාර්මික, ජෛව විව්ධත්ව, වෙරළබඩ සහ සාමුද්‍රික, ධීවර, පශු සම්පත්, සෞඛ්‍ය, සංචාරක, මානව ජනාවාස සහ ජලය යන අංශවලට බෙදා ඇත. මෙම සෑම අංශයක්ම අදාල රජයේ දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් තෝරාගත් පාර්ශ්වකරුවන්ගේ වගකීමට යටත් වේ. ඉහත සෑම අංශයක්ම එකිනෙකට සම්බන්ධ බැවින්, සාර්ථකව දේශගුණික විපර්‍යාසවලට මුහුණ දීම සඳහා සුදුසු ඔරොත්තුදීමේ හැකියාව හොඳින් වැඩිදියුණු කිරීම සඳහා මෙම ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් වීම අවධාරණය කිරීම අත්‍යවශ්‍ය වේ. සාමාන්‍ය අංශය 2016-2025 ජාතික අනුවර්ත සැලැස්ම තුළින් සවිස්තරාත්මකව සාකච්ඡා කෙරේ.

කාබන් අවම භාවිතයෙන් සංවර්ධන කටයුතු මෙහෙයවීමේ මාර්ග මඟින්, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම.

NCD (පැරිස් දේශගුණික විපර්‍යාස ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන්) විසින් 2050 වර්ෂය වනවිට රට තුළ 70%ක් වන පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාව සපුරාගැනීම ඉලක්ක කරගෙන ඇත. මෙම අරමුණට ලඟාවීම සඳහා NEAP විවිධ අංශ ඔස්සේ ක්‍රියාමාර්ග සැලසුම් කර ඇත. මෙහිදී සාමාන්‍ය අංශය යටතේ සියළුම ප්‍රමුඛතා අවම කිරීම සඳහා තාක්ෂණික අවශ්‍යතා ඇගයීම ඉස්මතු කරන අතර, ඊට අමතරව බලශක්ති, කර්මාන්ත, අපද්‍රව්‍ය, ප්‍රවාහන, වන, කෘෂිකාර්මික සහ පශු සම්පත් යන අංශ ඔස්සේ ද ක්‍රියාමාර්ග සලසුම් කර ඇත.

දේශගුණික විපර්‍යාස හේතුවෙන් ඇතිවන අලාභ හානි කලමනාකරණය

මාතකදී පැවැත්වුන COP27හිදී, බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන දේශගුණික විපර්‍යාස සඳහා ධනවත් රටවල් වගකිව යුතු බවට බොහෝ පාර්ශ්වයන් එකඟ විය. මෙහිදී ද, දේශගුණික විපර්‍යාස මඟින් සිදුවන අලාභ හානි පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණි. මේ  දැක්මට අනුව,  NEAPහි එන උපාය මාර්ගික සැලැස්ම තුළ ශ්‍රී ලංකාව දේශගුණික විපර්‍යාස නිසාවෙන් මුහුණ දෙන අලාභ හානි පිළිබඳ අවබෝධයක් සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් අඩංගු වේ. තවදුරටත්, පසුගිය වසර කිහිපයක් මුළුල්ලේ වූ වැරදි දේශගුණික, කාළගුණික තොරතුරු ප්‍රචලිත වීම නිසා, එම තත්ත්වය මඟහරවා ගැනීමට කාලගුණ අනාවැකි පද්ධති වැඩිදුයුණු කිරීම පිළිබඳවද මෙහි සඳහන් වේ. තවද 2015 වර්ෂය මූලික වර්ෂය ලෙස සලකා දත්ත කලමනාකරණය වැඩි දියුණු කිරීම, වෝර්සෝ ජාත්‍යන්තර යාන්ත්‍රණයට අනුව අලාභ හානි කලමනාකරණය සඳහා විශේෂිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ පුළුල් අවදානම් කලමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය රට තුල අලාභ හානි කලමනාකරණයට යෝජිත ක්‍රියාමාර්ග අතර ප්‍රධානය.

දේශගුණික විපර්‍යාස අවම කිරීම සහ ඊට අනුවර්තනය වීම සඳහා ඒ පිලිබඳව දනුවත් කිරීම්, අධ්‍යාපනික, පර්‍යේෂණ හා සංවර්ධන සහ තාක්ෂණය හුවමාරුව සහ තොරතුරු ප්‍රචාරණය ඔස්සේ ජාතික දැනුවත් බවට අදාල ධාරිතාව ඉහල නැංවීම.

Climate Fact Checks මඟින් සිදු කෙරෙන කාර්‍ය්‍ය සමඟ සමපාතවන මෙම උපාය මාර්ගය සාර්ථක කරගැනීම සඳහා වැදගත් ක්‍රියාමාර්ග 10ක් මෙහිදී ඉදිරිපත් විය. අදාල තොරතුරු සඳහා නිෂ්කාශන මධ්‍යස්ථානයක් පිහිටුවීම, ඉලක්කගත් කණ්ඩායම්වල භාවිතය සහ ප්‍රයෝජනය සඳහා දත්ත හුවමාරු කිරීමට ජාතික දත්ත ගබඩාවක් සහ ජාලයක් නිර්මානය කිරීම, කුකුළු සහ ඌරු ගොවිතැනේ ඔරොත්තු දීමේ හැකියාව සහ ධීවර හා ජලජ සම්පත් ගොඩනැංවීම සඳහා පර්‍යේෂ්ණ මෙහෙයවීම, ජල අංශයේ ධාරිතාව ඉහළ නැංවීම, පාසල්, උසස් අධ්‍යාපන සහ වෘත්තීය කණ්ඩායම්වල විෂයමාලා සහ ක්ෂේත්‍ර තුළ දේශගුණික විපර්‍යාස පිළිබඳව සංකල්ප වැඩි දියුණු කිරීම, ප්‍රායෝගික අංශ කෙරෙහි වැඩි අවදානයක් යොමු කරමින් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය හරහා ජාතික මට්ටමේ දැනුවත් කිරීම් සිදුකිරීම මෙහි ක්‍රියාමාර්ග කිහිපයක් ලෙස උපුටා දැක්විය හැක.

දේශගුණික විපර්‍යාසවල බලපෑම්වලට අනුවර්තනය වීම සහ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා හවුල්කාරීත්වය සහ සම්පත් භාවිතය ශක්තිමත් කිරීම.

මෙම උපාය මාර්ගය තුළින් ජාතික හා ජාත්‍යන්තර දායකත්වය ශක්තිමත් කිරීම, කාන්තා සහභාගීත්වය වැඩි දියුනු කිරීම, රාජ්‍ය හා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වය ශක්තිමත් කිරීම සහ දේශගුණික විපර්‍යාසවලට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය ජාතික හා ජාත්‍යන්තර මූල්‍ය සම්පත් බලමුළු ගැන්වීම ආදිය සඳහා ක්‍රියාමාර්ග පෙලගස්වා ඇත.

මෙම ක්‍රියා මාර්ග ආර්ශ්වකරුවන් කිකිපදෙනෙකු යටතට වැටේ. කෙසේ නමුත් මෙහි මධ්‍යම පාලන ආයතනය පරිසර අමාත්‍යංශය වනු ඇත.

Climate Fact Checks අපගේ කණ්ඩායම විසින්, NEAP සම්පාදනය කළ ප්‍රවීණයන් 9දෙනෙක් සමඟ සමකතෘ ලෙස කටයුතු කල, කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය ශාමේන් P විදානගේ මහතාව වැඩිදුර තොරතුරු සඳහා සම්බන්ධ කරගන්නා ලදී.

  • පවතින ප්‍රතිපත්ති සඳහා සංශෝධන ඉදිරිපත් විය යුතුද? එම ප්‍රතිපත්තිවල පවති අඩුපාඩු මොනවාද? (දේශගුණික විපර්‍යාස සඳහා ජාතික ප්‍රතිපත්තිය වැනි)

“ජෛව විවිධත්වය උපයෝජනයේ සහ දේශගුන විපර්‍යාසවල බොහෝඔ අඩුපාඩු විශ්ලේෂණය වුනා. ජෛව විවිධත්වය මඟින් සිදු කෙරෙන සේවාවන්ට නිසි වටිනාකමක් ලබා නොදීම නිසා මිනිසුන් ඒවා අධි පරිභෝජනය සිදු කෙරෙනවා. දැනුවත්භාවයේ අඩුවක් සහ දිළිඳුබව නිසා අරමුදල් නිවැරදිව භාවිත කිරීමට ඇති දුෂ්කරතාව මෙම තත්වයට හේතු වී තිබෙනවා.

දුර්වල මූල්‍ය යාන්ත්‍රණය සහ දුර්වල තාක්ෂනය හේතුවෙන් ගෝලීය පාරිසරික පහසුකම් සහ සම්පත් වෙත ලඟා වීම සීමා වී තිබෙනවා.”

  • මහ නගරසභා ඝන අපද්‍රව්‍ය කලමනාකරණය සහ ප්‍රවාහනය වැනි වැදගත් ක්‍රියා කිහිපයක් සඳහා දර්ශක අයවැය තවමත් ඇස්තමේන්තු කර නැහැ. අවශ්‍ය මුදල් නොමැතිව මෙම ක්‍රියාවන් සාක්ෂාත් කරගත හැකි වෙයිද?

මෙම ක්‍රියාවන් බොහෝමයක් මිල අධික ලෙස පෙනුනත්, යථාර්තයේදී එය එසේ නැහැ. විවෘත ආර්ථිකයට අනුව සරල ක්‍රියාවන් ඵලදායී. ඊට අමතරව, දිගු කාලීන ආයෝජන අවස්ථා සලකා බැලිය යුතුයි. මෙයින් අදහස් කෙරෙන්නේ රට ප්‍රදානයන් මතින් යැපෙන්නට අවශ්‍ය නොවෙන අතර රටේ පුරවැසියන් අතර වගකීම බෙදාගත යුතු බවයි.”

  • ආර්ථික/ආහාර අර්බුධයක් මධ්‍යයේ සිටින ශ්‍රී ලංකාවට NEAP හි සඳහන් යටිතල පහසුකම් සැපයීම සඳහා හැකියාවක් තිබේද? උදාහරනයක් වශයෙන් වසර 10ක් තුල සනීපරක්ෂක පහසුකම් 5% සිට 100% දක්වා වැඩි දියුණු කල හැකිද?

“අපද්‍රව්‍ය බැහැර කිරීමට විශාල පිරිවැයක් අවශ්‍යයි. එමෙන්ම එය අපට විශාල බලපෑමක්ද ඇති කරයි. ඒ අනුව එය ආයෝජනයක් වශයෙන් සැලකිය යුතුයි. වියදම් වලක්වා ගත යුතු වුනත්, නිවැරදි ක්‍රියා සාඅම දෙනාටම දිගු කාලීන ප්‍රතිලාභ ගෙන දෙනු ඇති. මුදල් සහ ප්‍රාග්ධනය දෙස බැලීමෙන් අපි මුදල් සොයා ගත යුතු බව පැහැදිලියි. එතන තමයි ගැටලුව පවතින්නේ. අපිට ප්‍රදාන අවශ්‍යයි. මෙයින් කියන්නෙ එය මිල අධික බව නෙවෙයි.  ඒ වෙනුවට රටට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීමක් සහ සම්පත් ඒකරාශී කිරීමක්. ශ්‍රී ලංකාව සතුව බොහෝ සම්පත් තිබෙනවා. ඒ නිස එය පෙනෙන තර්මටම මිල අධික නැහැ.”

  • සමහර සංවර්ධන ව්‍යාපෘති දෙස බලන විට ඒවා නැවත ආපසු හැරවිය නොහැකි හානි ඇති කර තිබෙනවා. (මොරගහකන්ද ජල බලාගාරය සහ අලි  මිනිස් ගැටුම් ආදිය) ක්‍රියාකාරී සැලැස්මට ඇතුලත් EIA ක්‍රියාවලියට අනාගතයේදී මෙයින් බලපෑමක් ඇති වෙයිද?

“දැනට සිදුවූ දිශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වෙන මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ධනාත්මක ප්‍රතිඵල කිහිපයක් ලබා ගත්තා. මොරගහකන්ද ප්‍රදේශය මහවැලියේ පමණක් සොයාගත හැකි මත්ස්‍ය විශේෂයක් සඳහා නවාතැනක්. ඔවුන්ව වෙනත් ප්‍රදේශයකට මාරු කර තිබෙනවා. ශක්‍යතාවයට අනුව මෙය විශාල ව්‍යාපෘතියක්. මෙහිදී යම් යම් වැඩිදියුණු කිරීම් සිදුකල යුතුයි. ශ්‍රී ලංකා EIA ක්‍රියාවලියට යම් සීමාවන් තියෙනවා. එය අපූරු මෙවලමක් වුනත්, එය නිවැරදිව භාවිතා කිරීම වැදගත්. උපායමාර්ගික පාරිසරික සැලැස්මක් ක්‍රියාත්මක කිරීම වඩාත් හොඳයි.”

  • NEAP සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ජාතික වශයෙන් අවශ්‍ය දැනුවත්බව ගොඩනැගීමේ ධාරිතාව කෙබඳුද?

“3 සහ 5 පරිච්ඡේඑද මෙම ධාරිට්‍ර්හ ගොඩනැගීම සහ සම්පත් බලමුළු ගැන්වීම සඳහා නිර්මාණය කර තිබේ. මේව එකිනෙකට සම්බන්ධයි. මෙම පරිච්ඡේදවල විශේෂයෙන් අවශ්‍ය ධාරිතාව, අධීක්ෂනය සහ ඇගයීම ඇතුකත් වන අතර, මෙය එම ක්‍රියාවලියේ යන්ත්‍රණය ලෙස ද හැඳින්විය හැකියි.  පුහුණුව සහ දැනුවත් කිරීම ඉතා වැදගත්. එය NEAP දීත් ඉස්මතු කර තිබෙනවා. මෙම කාර්‍යභාරයන් සඳහා  විශේෂිත විවිධ සංවිධාන සහ වගකිව යුතු ආයතන තිබෙනවා. අර්බුධයත් සමඟ මිනිසුන් මේවා වෙනස් ලෙස දැකීමට උත්සාහ කරනවා.”

  • මෙම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂනය කිරීම අතීතයේදී වැඩිදියුණු කර යුතුව තිබූ බවට නිරීක්ෂණය විය. මේ අනුව, මේම ක්‍රියාවලි අඛන්ඩව අධීක්ෂනය කිරීම රටට තහවුරු කල හැක්කේ කෙසේද?

“ඔව්,දැන් NEAP යනු රට විසින් භාවිත කරන ලිඛිත ක්‍රියාවලිය වන අතර, සෑම කෙනෙකුම ඊට අනුකූල වීම අත්‍යාවශ්‍යයි. NEAPහි පරිච්ඡේදවල විස්තර කර ඇති පරිදි, ආයතන කිහිපයක් එකට වැඩ කල යුතුයි. එය සියලු පාර්ශ්වකරුවන්ගේ වගකීමක්. සම්පත් රැස්කිරීමේ සහ සන්නිවේදනයේ ධනාත්මක වෙනසක් අපිට අපේක්ෂා කල හැකියි. යම් වෙනස්ක් වේවි යැයි මම බලපොරොත්තු වෙනවා. අපිට පැහැදිලි දැක්මක් තිබිය යුතුයි. අපි එය නිඅරදි ආකාරයෙන් භාවිත කල යුතුයි.”

  • මෙම උපාය මාර්ග ක්‍රියාත්මක කිර්‍රීමේදී දේශපාලන බලපෑම් ලැබීම අඩු මට්ටමක පවතිනවාද?

“මේ රටේ දේශපලකයො කරපු දේවල් අපි හැමෝම දන්නවා. නමුත් මේකෙදි දේශපාලඥයන්ට ව්තරක් දෝඔශාරෝපනය කරන්න බැහැ. ඔවුන් මහජන නියෝජිතයන්. ඔවුන්ව තෝරා පත් කරගන්නෙ අපි විසින්. ඒක තව්ත් ගැටලුවක්. මේ දේවල්වලට මාර්ගෝපදේශනය සැපයීම සඳහා ජාතික ප්‍රතිපත්ති සහ ජාතික ක්‍රියාමාර්ග පවතිනවා.  මේවාට සහය දෙන ආයතන රාජ්‍ය ආයතන වීම අනිවාර්‍ය දෙයක් නෙවෙයි. සිදුවිය යුතු සියලු ක්‍රියා පටිපාටියන් මෙම ප්‍රතිපත්තිවල සඳහන් වෙනවා.”

  • සංවර්ධිත රටවල් මඟින් අලාභ සහ හානි සඳහා වූ ආධාර ලබාදීම පිලිබඳව පසුගිය වසරේ COP27හිදී සාකච්ඡා කෙරුණා.ඒත් සමඟ අපට NEAP ක්‍රියාත්මක කිරීමේදී වඩා හොඳ මට්ටමක අරමුදලක් බලපොරොත්තු විය හැකිද?

“මෙහි යාන්ත්‍රනය ගෝලීය මට්ටමෙන් මෙහෙයවන්නක්. ශ්‍රී ලංකාව අදාල රටවල් සමඟ පවත්වාගන්නා සම්බන්ධතා සහ අපි එම රටවල් වෙත ලඟාවන ආකාරයත් සමඟ අපට ලැබෙන අරමුදල් මට්ටම තීරණට වනු ඇති.”

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter