Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
අප සැවොම දන්නා පරිදි පෘථිවියෙන් 71%ක් ජලයෙන් වැසී ඇත. එයින් 96.5%ක් සාගර වන අතර, මිනිස් භාවිතය සඳහා වැදගත් මිරිදිය ජලය අඩංගු වන්නේ පෘථිවියේ සමස්ථ ජල ප්‍රමාණයෙන් 2.5%ක පමණි. ඒ අනුව අපගේ භාවිතය සඳහා ගත හැක්කේ පෘථිවියේ සමස්ථ ජල ප්‍රමාණයෙන් ඉතා සුළු ප්‍රමාණයක් පමණි. සාගරයේ ඇති ලුණු සහිත කරදිය සමස්ථ ජලයෙන් වැඩි ප්‍රමාණයක් වන අතර, ඒවා මිනිස් පරිභෝජයට හෝ කෘෂිකර්මාන්තය සඳහා සුදුසු නොවේ. මිරිදිය අතරින් ද කොටසක් ග්ලැසියර සහ ධ්‍රැවීය අයිස් තට්ටුවල සිරවී ඇති නිසා අපගේ භාවිතයට ගත හැකි ප්‍රමාණය මුළු ජල ප්‍රමාණයෙන් 2.5%ක් දක්වා සීමා වේ. ඒ අනුව, මෙම සීමිත ජල සම්පත, අනාගත පරම්පරා සඳහා ද භාවිත කළ හැකි පරිදි සංරක්ෂණය කිරීම සහ ආරක්ෂා කිරීම වැදගත් වේ. නමුත් මෙම ජල සැපයුම සඳහා බලපාන වෙනත් පාරිසරික සාධක පවතී. දේශගුණික විපර්යාස යනු මින් එකකි.
දේශගුණික විපර්යාසවල බලපෑම හේතුවෙන් විවිධ ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතන රටා වෙනස් වෙමින් පවතී. ඒ අනුව එකම කාලයකදී ඇතැම් ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබෙන විට, වෙනත් ප්‍රදේශ නියං තත්ත්ව සඳහා මුහුණ දීම සිදු වේ. මේ හේතුවෙන්, එක් එක් ප්‍රදේශවල එකම කාල සීමාවක් තුළ දී පවා මිරිදිය සපයා ගැනීමේ වෙනස්කම් ඇතිවේ. ඇතැම් ප්‍රදේශවලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ජලය ඇති අතර, වෙනත් ප්‍රදේශවල ජනතාව අවශ්‍ය ජල ප්‍රමාණය සපයා ගත නොහැකිව පීඩාවට පත් වේ. තවද, උෂ්ණත්වය ඉහළ යාම ගංගා, විල් සහ අනෙකුත් මිරිදිය ප්‍රභවයන්ගෙන් වැඩි ජල පරිමාවක් වාෂ්ප වීමට ඉඩ සලසයි. මෙමඟින්, මිනිස් අවශ්‍යතා සඳහා හෝ වාරිමාර්ග කටයුතු සඳහා ජලය භාවිතයට බාධා එල්ල කරමින්, එම ප්රභවවල ජල මට්ටම අඩු වීමට සහ ලවණතාව වැඩි කරවයි. මීට අමතරව දේශගුණික විපර්යාස හේතුවෙන් ග්ලැසියර සහ අයිස් තට්ටු ශීඝ්‍රයෙන් දියවී යමින්, ගංවතුර තර්ජන මුල් කාලීනව ඇතිකරන අතර, පසුකාලීනව භාවිතයට සුදුසු ජලය ලබාගැනීමේ ඇති හැකියාව අවම කරයි. උතුරු අර්ධගෝලයේ සමහර ප්‍රදේශවල ප්‍රධානතම මිරිදිය ප්රභවය ලෙස භාවිත වන්නේ ග්ලැසියර සහ හිමයි. එසේම, දේශගුණික විපර්යාස ජලයේ ගුණාත්මක බවට තර්ජන එල්ල කරයි. නිදසුනක් වශයෙන්, උෂ්ණත්වය ඉහළ යාම සමඟ ජලාශ්‍රිතව අහිතකර, විෂ සහිත ඇල්ගී පිපුම් ඇතිවීම ඉහළ ගොස්, මිරිදිය ජල ප්‍රභව දූෂණයට ලක්වේ. මෙවන් දූෂිත ජලය මිනිස් පරිභෝජනයට අහිතකර සහ අනාරක්ෂිත ය.
සමස්තයක් වශයෙන්, දේශගුණික විපර්යාස, මිරිදිය ප්‍රභව සහ මූලාශ්‍ර සඳහා සැලකිය යුතු බලපෑමක් එල්ල කරන අතර, එහි බලපෑම අවම කර, සෑම අයෙකුටම ආරක්ෂිත සහ පිරිසිදු ජලය ලබා ගැනීමේ අයිතිය තහවුරු කිරීම වැදගත් ය. එබැවින් ලොව පුරා විව්ධ ක්‍රම ඔස්සේ මිරිදිය සංරක්ෂණය කිරීම සිදු වේ. ඒ ආශ්රිත වඩාත්ම ඵලදායී ක්‍රමයක් වන්නේ වැසි ජලය එක් රැස් කිරීමයි.
වැසි ජලය එක් රැස් කිරීම යනු කුමක්ද?
වැසි ජලය එක් රැස් කිරීම යනු වහල, උද්‍යාන, විවෘත බිම් ආදියෙන් ගලා එන පිරිසිදු වැසි ජලය එක් රැස් කර, ගබඩා කර තබා ගැනීමයි.විස්තර මෙතනින් කියවන්න.
වැසි ජලය රැස් කිරීම හේතුවෙන්, මිනිසුන් භූගත ජලය සහ මතුපිට ජල ප්‍රභවයන් මත යැපීම අඩු කර, මිරිදිය සම්පත් භාවිතය අවම කිරීමට උපකාරී වේ. එවිට අනාගත පරපුරේ පරිභෝජනය සඳහා මිරිදිය සංරක්ෂණය වීම සිදු වේ. වාරිමාර්ග, වැසිකිළි සඳහා භාවිතය සහ රෙදි සේදීම වැනි පානීය නොවන ජල භාවිතයන් සඳහා සුදුසු වෙනත් ජල මූලාශ්‍රයක් යොදා ගැනීමෙන් සැලකිය යුතු මට්ටමෙන් ජල බිල්පත් අඩු කරගැනීම සිදු කරගත හැක. මෙමඟින්, කාලයත් සමඟ සැලකිය යුතු මුදල් ඉතිරියක් සිදු කරගත හැක. එසේම, ගලා යන වැසි ජලය එක් රැස් කර ගබඩා කරගැනීම තුළින්, වැසිකුණාටු ජලය කළමණාකරණය සහ ගංවතුර සිදුවීමේ අවදානම අඩු කිරීම සිදු වේ. සාමාන්‍යයෙන් වැසි ජලය, විවිධ රසායන සහ නලජලයේ පවතින ආකාරයේ විවිධ අපවිත්‍රකාරක ද්‍රව්‍යවලින් තොරය. පානීය නොවන ජල අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා මෙලෙස එක් කරගන්නා වැසි ජලය භාවිතය මඟින්, එවැනි රසායනික සහ අපවිත්රකාරකවලට අපගේ සිරුරු නිරාවරණය වීම පාලනය කළ හැක. පරිසරයේ ඇති ජලයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කළ හැක. වැසි ජලය එක් රැස් කර භාවිතය යනු පාරිසරික භාරකාරීත්වය ප්‍රවර්ධනය කරන සහ පෘථිවියට අපගේ ජල භාවිතය නිසා සිදුවන බලපෑම අඩු කරන තිරසර ක්‍රියාවලියකි. ජලය සංරක්ෂණය කිරීමෙන් සහ සාම්ප්‍රදායික ජල මූලාශ්‍ර මත අපගේ යැපීම අඩු කිරීමෙන්, අපට සහ අනාගත පරම්පරාවට වඩාත් තිරසාර අනාගතයක් නිර්මාණය කළ හැක.
වැසි ජලය එක් රැස් කිරීම දේශගුණික විපර්යාස අනුවර්තන සඳහා වැදගත් විසඳුමක් වන්නේ ඇයි?
දේශගුණික විපර්යාස හේතුවෙන් ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින නියං, ගංවතුර ඇතුළු අනෙකුත් ආන්තික කාළගුණික තත්වවල බලපෑම අවම කිරීමට දායක වන නිසා, වැසි ජලය එක් රැස් කිරීම දේශගුණික විපර්යාස අනුවර්තනවලට මුහුණ දීම සඳහා සුදුසූ ඵලදායී විසඳුමකි. දේශගුණික විපර්යාස බොහෝ ප්‍රදේශවල ජල හිඟයට තුඩු දෙන හේතුවක් වන අතර, එනිසා ජල සම්පත් කළමනාකරණය සහ සංරක්ෂණය වැදගත් සහ අත්‍යවශ්‍ය වේ. මෙලෙස එක් රැස් කරන වැසි ජලය වාරිමාර්ග කටයුතු, පානීය අවශ්‍යතා සහ ගෘහස්ථ භාවිතය සඳහා යොදා ගැනේ. මෙම ක්‍රියාවලිය, වියළි කාළගුණික තත්ත්ව හමුවේ ප්‍රජාවන්ට විශ්වාසවන්ත ජල මූලාශ්‍රයක් සපයා දෙමින්, නියඟයට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නංවයි. අවාසනාවට මෙන්, දේශගුණික විපර්යාස මංගින් ඇතැම් ප්‍රදේශවලට නිරන්තර සහ දරුණු ගංවතුර තත්ත්ව ඇති කරවයි. වැඩි විස්තර මෙතනින්.
අධික වර්ෂාපතනවලදී, වැසි ජලය එක් රැස් කිරීම නිසා ගංගා සහ අනෙකුත් ජල කඳන් වෙත ගලා යන ජල ප්‍රමාණය අඩු කරමින්, ගංවතුර අවදානම අඩු කරවයි. ගෝලීය ජනගහණ වර්ධනයත් සමඟ, ඉදිරි වසර කිහිපය තුළ දී, පවතින නාගරික ජල සැපයුම් තත්වය පීඩාවට පත් කරමින්, ජල ඉල්ලිම ඉහළ යනු ඇතිබව අපේක්ෂා කෙරේ. වැසි ජලය එක් රැස් කර ගබඩා කිරීම මඟින් නාගරික ජල සැපයුම්වල අධික අවශ්‍යතාවය තරමක් පාලනය කරමින්, ඒවාගේ ආතතිය පාලනය කරයි. ජනතාව විශාල ප්‍රමාණයක්, වැඩි දුරක් ඔස්සේ ප්රවාහණය කර ගෙන එන ජලය භාවිත කරන අතර, එහිදී මෙය ඉහළ බලශක්ති පරිභෝජනයට සහ කාබන් විමෝචනයට වක්රාකාර ලෙස බලපායි. දේශීයව වැසි ජලය එක් රැස් කර, ගබඩා කර, භාවිතයට යොදා ගැනීම, ජල ප්රවාහණය හා සම්බන්ධ කාබන් පිය සටහන් අඩු කිරීමට උපකාරී වේ. එබැවින්, වැසි ජලය රැස් කිරීම දේශගුණික විපර්යාස අනුවර්තනයන් සඳහා මුහුණ දීමට සුදුසු ඵලදායී උපදෙසක් වන්නේ එය වර්ෂා ජලය රස්කරගනිමින් ජල සැපයුම් පුළුල් කිරීම, ගංවතුර අවදානම් අවම කිරීම, නාගරික ජල සැපයුම් සඳහා පවතින අධික ඉල්ලුම පාලනය, අහිතකර වියළි කාල ආදියට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම සහ ජල ප්‍රවාහනය සමඟ සම්බන්ධ කාබන් පියසටහන් අඩු කිරීම යන කරුණු හේතුවෙනි. විස්තරාත්මක ලිපිය මෙතනින්.
ශ්‍රී ලංකාවේ වැසි ජල අස්වැන්න එක් රැස් කිරීම
රට පුරා විවිධ අරමුණු සඳහා වැසි ජලය භාවිතය, තාක්ෂණය දියුණු කිරීම සහ වැසි ජලය එක් රැස් කිරීම සඳහා පලදායී පිළිවෙත් සඳහා මාර්ගෝපදේශන ස්ථාපිත කිරීමට ලංකා වැසි ජලය එක් රැස් කිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය 2005 වසරේ සැප්තැම්බර් 27 දින නිල වශයෙන් ක්‍රියාත්මක කරන ලදී. ලංකා වැසි ජලය එක් රැස් කිරීම පිලිබඳව කමිටුව ද මෙම ප්‍රතිපත්තිය සැකසීම සඳහා මෙහෙයුම් කමිටුව නියෝජනය කළේ ය. ජාතික වැසි ජලය එක් රැස් කිරීම පිළිබඳ ප්‍රතිපත්තියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ අනාගතයේදී ‘හරිත නගරයක්’ බවට නගරය පත් කිරීම සඳහා ජල සංරක්ෂණ ක්‍රමවේදයක් ලෙස වැසි ජලය එක් රැස් කිරීම සහතික කිරීමයි. සංරක්ෂිත ලිපිය මෙතනින්.
2007 වසරේ දී රජය සියළුම නාගරික ප්‍රදේශවල නව ගොඩනැගිලිවල වැසි ජලය භාවිත කිරීම නීතිගත කළේ ය. මෙම නාගරික සංවර්ධන නීතිවල සංශෝධනය ඔස්සේ, මිනිසුන් අතර වැසි ජලය එක් රැස් කිරීම පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කර ඇත. මෙම සංශෝධනය තුළ ඉදිකිරීම් සඳහා අදාල මාර්ගෝපදේශ සහ නේවාසික, වාණිජ, කාර්මික සහ ආයතන ආදී විවිධ ගොඩනැගිලි සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය පිළිබඳව අන්තර්ගත කර ඇත. වැඩිදුර තොරතුරු මෙතනින්
ශ්‍රී ලංකාවේ ජනතාව වැසි ජල ප්‍රමාණය සපුරා ගැනීම සඳහා ශිල්පීය ක්‍රම කිහිපයක් භාවිත කර ඇතත්, ඒවා සියල්ලම ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට වර්ග කළ හැක.
ගලා යන වැසි ජලය එක් රැස් කිරීම – උද්‍යාන, ධාවන පථ, භූ දර්ශන, විවෘත කෙත්වතු උද්‍යාන මාර්ග, පදික වේදිකා සහ පරිසරයේ ඇති අනෙකුත් විවෘත ප්‍රදේශ වැසි ජලය ගලා යාමේ පෝෂක ප්‍රදේශ වේ. මෙම ක්‍රමවේදයෙන් වැසි ජලය එක් කිරීම සාමාන්‍යයෙන් අඩු වර්ෂාපතන රටා සහිත ප්‍රදේශවලදී භාවිත වේ. මේ ක්‍රමයේදී විශාල ජල පෝෂක ප්‍රදේශයක් ආවරණය වන බැවින්, මෙහිදී එක් කරගන්නා ජලය කෘෂිකාර්මික භාවිතයන් සඳහා වඩාත් සුදුසු වේ.
වහල මත වැසි ජලය එක් රැස් කිරීම – නිවාස, පාසල්, කාර්යාල, මහල් නිවාස සහ කර්මාණ්තශාලාවල වහලවල් ආදියේ වහලවල් ජල පෝෂක ප්‍රදේශ ලෙස මෙහිදී භාවිතාවේ. මෙම ක්‍රමවේදයේ දී ගෘහස්ත භාවිතය සඳහා ජලය එක් රැස් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. එනිසා මෙහිදී ගබඩා කෙරෙන ජලය ඉතා පිරිසිදු සහ ගුණාත්මක විය යුතුය. මෙහිදී ගුණාත්මකභාවය සහ ඇස්තමේන්තුගත ජල ප්‍රමාණය නිසි පරිදි පවත්වා ගැනීමට සංරචක කිහිපයක් අනුගමනය කළ යුතුය.
හොඳින් නඩත්තු කල, පිරිසිදු වහලවලින් එක් කරගන්නා ජලය බීමට සග අනෙකුත් ගෘහස්ත භාවිතය සඳහා කළ හැකි නමුත්, ගලා යන ජලය එක් රැස් කරගෙන ඒ සඳහා භාවිත කල නොහැක. ඒවා භාවිත කළ හැක්කේ කෘෂිකාර්මික කටයුතු ආදිය සඳහා සහ භූගත ජලය නැවත පිරවීම සඳහා පමණි. කෙසේ නමුත්, පානීය ජල අවශ්‍යතා සඳහා වැසි ජලය එක් රැස් කිරීමට හොඳින් නඩත්තු කරන ලද වහල පද්ධතියක් පවත්වා ගැනීම ප්‍රායෝගිකව අපහසු ය. වැඩිදුර විස්තර මෙතනින්
ශ්‍රී ලංකාව සමකාසන්න, නිවර්තන දූපතක් වන අතර, උණුසුම් දේශගුණික තත්වයන්ගේ තීරණාත්මක බලපෑම එයට එල්ල වේ. ශ්‍රී ලංකාවේ සෘතුමය ව්‍යාප්තිය පෙන්නුම් කරන්නේ ප්‍රධාන වශයෙන් නියඟය වසරේ විවිධ කාලවලදී මාස කිහිපයක් හෝ සමහර ප්‍රදේශවලට පවතින පරිදියි. එයින් කුරුණෑගල, පුත්තලම, හම්බන්තොට, මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවලට වැඩි වශයෙන් බලපෑම් එල්ල වේ. 2001 සහ 2004 වර්ෂවල ඇති වූ දැඩි නියං තත්ත්වවලින් ජනතාව වැඩි වශයෙන් පීඩාවට පත් විය. ගංවතුර සහ විවිධ ඌනතාවන් හේතුවෙන් රටට සිදුවන හානි සහ ආර්ථික පාඩු ඉතා ඉහළ මට්ටමක පවතී. එය සෑම වසරකම පාහේ රටේ බොහෝ දෙනාට බලපායි. මෑතක දී, එනම් 2017 වසරේ දී දිස්ත්‍රික්ක 25න් 19ක් පුරා මිලියන 1.2කට වැඩි ජනතාවක් නියඟයෙන් පීඩාවට පත් විය. එබවින් වැසි ජලය එක් රැස් කිරීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය සහ ප්‍රායෝගික අදහසකි. මේ පිලිබදව විස්තර මෙතනින්
සාමාන්‍යයෙන් නිවර්තන කලාපීය රටවලදී, වැසි ජලය රැස් කිරීම සුදුසු ක්‍රමවේදයක් ලෙස සැලකේ. මෙම ප්‍රදේශවලට බොහෝ විට අධික වර්ෂාපතනයක් පවතින නමුත් පිරිසිදු ජලය සඳහා ස්ථාවර මූලාශ්‍රයක් අවශ්‍ය වේ. වැසි ජලය එක් රැස් කිරීමෙන්, වියළි කාලවලදී හෝ නියං කාලවලදී ප්‍රයෝජනයට ගත හැකි ලෙස ගබඩා කිරීමට ඉඩ සැලසේ. එසේම වැසි ජලය සමාන්‍ය භූගත හෝ මතුපිට ජල මූලාශ්රවල ජලය මෙන් අපවිත්‍රතාවය අඩු ය. පානීය නොවන අවශ්‍යතා සඳහා වැසි ජලය භාවිතය, වඩා වටිනා, පිරිසිදු ජල මූලාශ්‍ර සුරැකීමට උපකාරී වේ. කෙසේ වෙතත්, ගංවතුර සහ නායයාම් අවදානම් සහිත ඇතැම් ප්‍රදේශවල වැසි ජලය රැස් කිරීමේ පද්ධති ක්‍රියාත්මක කිරීමේදී විවිධ අභියෝග ඇතිවීමට වැඩි ඉඩකඩක් ඇති බව සඳහන් කිරීම වැදගත් ය. එවැනි පද්ධති ක්‍රියාත්මක කිරීමට පෙර වැසි ජලය රැස් කිරීමේ අවදානම් සහ ප්රතිලාභ හොඳින් තක්සේරු කිරීම වැදගත් ය. විස්තර මෙතනින්
වැසි ජලය එක් රැස් කිරීමේ පද්ධති සඳහා පිරිවැය
වැසි ජලය එක් රැස් කිරීමේ පද්ධති සඳහා පිරිවැය, පද්ධතියේ විශාලත්වය, භාවිත කරන ද්‍රව්‍ය සහ ස්ථාපනය කිරීමේ සංකීර්ණත්වය වැනි සාධක කිහිපයක් මත පදනම් ව වෙනස් විය හැක. කෙසේ නමුත්, අනෙකුත් ජල සැපයුම් ක්‍රමවේද සමඟ සසඳන විට, වැසි ජලය එක් රැස් කිරීමේ පද්ධති මිල අඩු සහ දීර්ඝ කාලීන පැවැත්මක් සහිතය. මූලිකව වහලවලින් වැසි ජලය එක් රැස් කිරීමේ පද්ධති ස්ථාපනය කිරීම සාපේක්ෂව ලාභදායී ය. ඊට අවශ්‍ය වන්නේ කානු, බැසීම් පද්ධති සහ ගබඩා ටැංකි ආදී මූලික අංග පමණි. ඇතැම් අවස්ථාවලදී, දේශීයව පවතින ද්‍රව්‍ය භාවිතයෙන් මූලික වැසි ජලය එක් රැස් කිරීමේ පද්ධතියක් ඉදිකිරීමේ හැකියාවක් පවතී. භූගත ගබඩා ටැංකි, මහා පරිමාණ කාර්මික පද්ධති ආදී වඩාත් සංකීර්ණ ක්‍රියා පටිපාටි සඳහා යටිතල පහසුකම් වැඩි ප්‍රමාණයක් සහ විශේෂිත උපකරණ අවශ්‍ය වන අතර, ස්ථාපනය සඳහා ද ඉහළ මිලක් වැය වේ.
කෙසේ වෙතත්, වැසි ජලය රැස් කිරීමේ පද්ධතියක පිරිවැය එහි ප්රතිලාභ සමඟ සන්සන්දනය කර විමසා බැලීම වැදගත් ය. වැසි ජලය රැස් කිරීම ඔස්සේ පානීය නොවන ජලය සැපයුම සඳහා විශ්වාසවන්ත මූලාශ්‍රයක් ඇති කරන අතර, නාගරික ජල සැපයුම් ආදියේ මිල අධික ජල මූලාශ්‍ර සඳහා ඇති ඉල්ලුම පහත දැමීමට කටයුතු සිදු වේ. සමහර අවස්ථාවලදී වැසි ජලය රැස් කිරීම අනෙකුත් ජල සැපයුම් විකල්පයන්ට වඩා පාරිසරික වශයෙන් තිරසාර වන අතර, කාලයත් සමඟ ස්ථාපනය කිරීමේ පිරිවැය කළමනාකරණය කරගත හැක. වැඩි විස්තර කියවන්න මෙතනින්
“සියල්ලන්ටම ජලය සහ සනීපාරක්ෂාව පවතින බව සහ තිරසාර කළමනාකරණය සහතික කිරීම.” SDG -06
ඔබට කිසියම් විමසීමක් ඇති නම් හෝ දේශගුණික විපර්යාස හෝ පරිසරයට අදාල සැක සහිත අන්තර්ගතයන් හමු වුවහොත් සහ ඔබ වෙනුවෙන් අප එම තොරතුරු තහවුරු කිරීමට අවශ්‍ය නම්, ඒ අන්තර්ගතයන් අපගේ Whatsapp ක්ෂණික ඇමතුම් අංකය: +917045366366 වෙත යොමු කරන්න.
Original English Article: Can Rainwater Harvesting Contribute to Climate Change Adaptation?
Translated by Mihiri Saparamadhu