Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
ගෝලීය දේශගුණික විපර්යාසය නිසා ලෝකයේ දේශගුණික සාධක වල බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. වර්ෂාපතන රටා ,උෂ්ණත්වය ආදී බොහෝ දේ වෙනස්වෙමින් පවතින බව අප නිතැතින්ම පිළිගත යුතු කාරණයක්. පැරිස් සම්මුතිය ආදී විවිධ සම්මුති හරහා මානව ක්‍රියාකාරකම් තුලින් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණයන් පාලනය කර ගැනීමට වෑයම් කරමින් සිතිනවා.
කෙසේ වෙතත් ,දේශගුණික විපර්යාස නිසා සිදුවන උෂ්ණත්වය වෙනස්වීම් ආදී කරුණු බොහෝ අවස්ථාවලදී අතිශයෝක්තියට නගමින් ඉදිරිපත් කරන බවක් පෙනී යනවා. මේ තව වසර 10 ක් තුළ ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 4 කින් ඉහල යන බවට සදහන් කරමින් පලවූ එවන් සමාජ ජාලා සටහනක් සම්බන්ධ කරුණු පැහැදිලි කිරීමක් .
සමාජ ජාලා සටහන්
මේ දිනවල වට්ස්ඇප් සමාජ ජාලය හරහා වේගයෙන් පැතිර යන පණිවිඩය පහතින්.
මෙමගින් කියවෙන්නේ තවත් වසර 10 කින් පෘථීවියේ උෂ්ණත්වය ,වර්තමාන උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 4 කින් පමණ ඉහල යනු ඇති බවයි. ඒ නිසා හිමාලයේ අයිස් කදු වේගයෙන් දියවීමට පටන්ගනු ඇති බවත් එහි සදහන්.
මෙම සටහන් මඟින් ලබා දෙන්නේ පරිසරයට හානිදායක දේවල් කිරීමෙන් වැලකි පරිසරය සුරක්ෂිතය කිරීම පිළිබඳව වීමත් හේතුවෙන් මෙම සටහන් බොහෝ දෙනෙකු ද හුවමාරු කරගෙන තිබු ආකාරය අපට දැක ගන්නට ලැබුණා.
කෙසේ වෙතත් මීට වසර කිහිපයකට පෙර ෆේස්බුක් හරහාද මෙවැනි සටහන් පැතිර තිබුණා.
මේ හේතුවෙන් යහපත් පණිවුඩයක් ලබාදුන්නද මෙහි සඳහන් කරුණු පිළිබඳව දැනට විද්‍යාත්මකව සොයාගෙන තිබෙන කරුණු සමඟ ගැලපෙන්නේ කෙසේද යනාදිය පිලිබදව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.
Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )
අප මුලින්ම විමසා බැලුවේ මෙවැනි තත්ත්වයක් පිලිබදව පිළිගත් ජාත්‍යන්තර සංවිධාන මගින් හෝ විද්වතුන් මගින් අනතුරු හැගවීම් කර තිබෙනවාද යන කාරණයයි. නමුත් වසර 10 ක කාලයක් තුළ ගෝලීය උණුසුම අද පවතින උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 4 කින් වැඩිවන බවක් , පැහැදිලි සාක්ෂි සහිතව ,පර්යේෂණාත්මක දත්තද ඇතිව කිසිවෙක් විසින් පුරෝකථනය කර තිබුණේ නැහැ.
නමුත් බොහෝ පර්යේෂණ කණ්ඩායම් අනතුරු හගවා ඇත්තේ දැනට සිදුවන හරිතාගාර වායු විමෝචනයන් අවම කිරීමට පියවර නොගතහොත්, මේ සියවසේ අවසානය වන විට ගෝලීය උෂ්ණත්වය දැනට පවතින අගයන්ට වඩා සෙල්සියස් අංශක 4 කින් පමණ වැඩිවීමට ඉඩ ඇති බවයි.
දේශගුණික විපර්යාසයන් පිලිබදව අන්තර්රාජ්‍ය කමිටුවට සම්බන්ධ පර්යේෂක කණ්ඩායම්(IPCC) සහ විද්‍යාඥයන් නිරීක්ෂණය කර ඇති ආකාරයට වසර 1850-1900 කාලයේ පෘථිවි පෘෂ්ඨයේ ගෝලීය සාමන්‍ය උෂ්ණතත්වය හා සැසඳීමේ දී 2011-2020 උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.1ක පමණ ඉහළ අගයක පවතිනවා. එම වාර්තාව මෙතනින්
මෙම තත්වයට ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ මානය ක්‍රියාකාරම් හේතුවෙන් සිදුවන හරිතාගාර වායු විමොචනයනයයි. මෙම උෂ්ණත්ව ඉහළ යෑම බැලු බැල්මට එතරම් ඉහළ අගයක් ලෙස නොපෙනුනද ,පසුගිය වසර 2000 ක පමණ කාලයේ සියවස් දෙස බැලු විට පෘථීවියේ වැඩිම උෂ්ණත්ව වෙනසක් සිදුව ඇත්තේ පසුගිය දශක කිහිපය තුළයි.
මෙහි දැක්වෙන ආකාරයට 1981 සිට දත්ත අනුව පෘථිවි පෘෂ්ඨය ඉතා සීග්‍රයෙන් උණුසුම් වෙමින් පවතින අතර සෑම දශකයකට සාපේක්ෂව උණුසුම් වීමේ වේගය දෙගුණයකටත් වඩා වැඩි බවක් පෙන්නුම් කෙරෙනවා. පෘථිවි පෘෂ්ඨයේ ගෝලීය සාමන්‍ය උෂ්ණතත්වය පසුගිය දශක කිහිපයේ ඉහළ ගොස් තිබෙන ආකාරය ඇතුළු තවත් විස්තර මෙතනින් Archived
මෙම තත්වයන් හේතුකොටගෙන බොහෝ දෙනාගේ බලාපොරත්තු දල්වමින් ලෝක නායකයන් 2015 වසරේදී අත්සන් කල පැරිස් සම්මුතිය මගින් මේ සියවසේ සිදුවිය හැකි ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම සෙල්සියස් අංශක 2 කට සීමා කිරීමට අදහස් කර තිබුණා. ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්.Archived
කෙසේනමුත් මෙම තත්වය ළඟා කරගැනීම පහසු කාර්යයක් නොවන අතර සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි පරිසරය සුරකිමින්, Net Zero වැනි සංකල්ප වෙත ද යොමුවෙමින්, රජය, පුද්ගලික අංශ ඇතුළු පර්ශවයන් සියල්ලම ඒ වෙනුවෙන් කැපවීම අවශ්‍ය වෙනවා.
කෙසේවෙතත් ඉදිරි වසර 10 තුළ පෘථිවි උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ක පමණ ප්‍රමාණයකින් ඉහල යා හැකි බවට ද ඇතැම් පර්යේෂකයන් අනතුරු අඟවනවා. Univesity of Stanford හි පර්යේෂකයන් පිරිසක් මුලිකත්වයෙන් සිදු කරන ලද පර්යේෂණයකින් කෘතීම බුද්ධියේ(Artificial Intelligence) සහයෙන්ද එම පුරෝකථනය කර තිබෙනවා. ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්.Archived
නමුත් බොහොමයක් විද්‍යාඥයන් විසින් කාලගුණ මොඩල ඔස්සේ ගණනය කර ඇති පරිදි දැනට සිදුවන සීග්රතාවයෙන්ම මානව ක්‍රියාකාරකම් සිදුකරගෙන ගියහොත්, ඒ නිසා සිදුවන හරිතාගාර වායු විමෝචනයන් ද දිගටම සිදුවුවහොත්, 21 වන සියවස වන මෙම සියවස අවසාන වන විට, එනම් වසර ක්‍රිස්තු වර්ෂ 2100 පමණ වන විට ගෝලීය උෂ්ණත්වය අද පවතින උණුසුමට වඩා සෙල්සියස් අංශක 4 කින් පමණ ප්‍රමාණයකින් ඉහල යනු ඇති.මේ පිලිබද වැඩි විස්තර කියවිය හැකියි මෙතනින්.Archived
2012 වසරේදී ලෝක බැංකු ආධාර යටතේ Postdam Insitute for Climate Impact ආයතනය සහ Climate Analytics ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයක රැස්කර ගත් දත්ත ඔස්සේ ද පුරෝකථනය කර තිබුණේ හරිතාගාර වායු විමෝචනයන් අවම කරගැනීමකින් තොරව ඉදිරියට ගලා ගියහොත් 21 වන සියවසේ අවසානය වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 කින් ඉහළයා හැකි බව මෙන්ම එහි අහිතකර ප්‍රතිඵල ලෙස මුහුදු මට්ටම ඉහල යාම , අධික තාපකිරණ පෘථිවිය මත පතිතවීම වැනි බොහෝ දේ සිදුවිය හැකි බවයි. ඒ සම්බන්ධ වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්. Archived.
හිමාලය ආශ්රිත ග්ලැසියර දියව යාම සලකා බැලූ කල එය මේ වන විටක් සිදුවෙමින් පවතින දෙයක්. ක්‍රමිකව සිදුවන ගෝලීය උණුසුම වැඩිවීම හමුවේ අයිස් දියව යාමේ වේගය තවදුරටත් වැඩිවිය හැකියි.ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්. Archived
අවසාන නිගමනය ( Conclusion)
අප විසින් සිදු කරන ලද කරුණු විමසීමෙන් තහවුරු වන කාරණය නම් ඉදිරි වසර 10 තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 කින් වැඩිවිය හැකි බවට බවට පිළිගත හැකි විද්‍යාත්මක සාධක මත පදනම්වූ පුරෝකථන කිසිවක් ඉදිරිපත්ව නොමැති බවයි. කෙසේ නමුත් දැනට ඉදිරිපත්ව ඇති ඇතැම් පුරෝකථන වලින් කියවෙන්නේ ඉදිරි වසර 10-15 ක කාලය තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් පමණ ඉහළ යාමේ යම් සම්භාවිතාවක් ද ඇති බවයි.
කෙසේවෙතත් බොහෝ පර්යේෂකයන් පවසන්නේ, දැනට පවතින වේගයෙන්ම මානව ක්‍රියාකාරම් හේතුකොටගෙන සිදුවන හරිතාගාර වායු විමෝචනයන් සිදුවුවහොත්, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 කින් ඉහළයාම මේ සියවස අවසන් වන විට පමණ සිදුවිය හැකි බවයි.