Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

දිගුකාලීනව විටින් විට පවත්නා නියං තත්ත්වයන්  සමඟ ශ්‍රී ලංකාව කාන්තාරකරණය කරා ගමන් කරයිද?

නියං තත්ත්වයක් සති, මාස  වසර ගණනාවක් දක්වා කාලයක් පැවතිය හැක. මෙම තත්ත්වය අපට වඩාත් අපහසුදායක වන්නේ ඉතා තද සූර්‍යය රශ්මියට අපව නිරාවරණය වීමත්, වැසි සහිත සමයේදී ලැබෙන සිසිලස අපට නොදැනීමත් නිසාය. නියඟය යනු ලොව පුරා ඇතිවිය හැකි ස්වභාවික දේශගුණික තත්ත්වයකි. මෙහිදී ඇතිවන්නේ ඉතා දීර්ඝ, වියළි කාල පරිච්ඡ්චේදයකි. ප්‍රමාණවත් නොවන වර්ෂාපතනය සමඟ උද්ගතවන මෙම තත්ත්වය, ක්‍රම ක්‍රමයෙක් ජල ඌනතාවක් ඇති කරමින් ව්‍යසනකාරී තත්ත්වයක් බවට පත්වේ.

දේශගුණික විපර්‍යාස විසින් නියඟයේ ස්වභාවික රටාව තවදුරටත් වෙනස්කම්වලට භාජනය කර, එය වඩාත් දිගු සහ දරුණු ව්‍යසන තත්ත්වයක් බවට පරිවර්තනය කර ඇත. දේශගුණික විපර්‍යාස සඳහා වන අන්තර්-රාජ්‍ය මණ්ඩලය (Inter-Government Panel for Climate Change – IPCC, 2007) විසින් ගෝලීය උණුසුම ඉහළ යාම නියං තත්ත්වයන්ගේ වැඩිවීමට සහ දරුණුභාවයට හේතුවන බව පුරෝකතනය කර ඇත. එබැවින්, නියඟය ඇතිවීමේ හේතු සහ ස්වභාවය කළමනාකරණය කිරීම ඉතා වැදගත් වේ.

කෙසේ වෙතත්, නියඟය ඇතිවීමේ ස්වභාවය විටින් විට වෙනස් වීම නිසා, නිවැරදි ලෙසම නියඟ ඇතිවන කාල සීමාවන් ගණනය කිරීම අපහසුය. මාර්ගගත විමසා බැලීම්  ඔස්සේ අපට ප්‍රධාන නියං ආකාර කිහිපයක් හඳුනාගත හැක. අපි ඒවා එකින් එක විමසා බලමු.

කාළගුණික නියඟය

සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩු ප්‍රමාණයක වර්ෂාපතනයක් දිගු කාලයක් පැවතීමෙන් මෙම තත්ත්වය ඇති වේ. වෙනත් ආකාරවල නියං තත්ත්ව ඇතිවීමේ පූර්ව ලක්ෂණයක් ලෙස කාළගුණික නියඟය ඇති වේ.

කෘෂිකාර්මික නියඟය

මෙම නියං තත්ත්වය භෝග වගාවන් සහ නිෂ්පාදනයන් සඳහා බලපාන නියඟයයි. වර්ෂාපතන මට්ටම්වල යම් වෙනස්කම්, පසේ ස්වභාවය සහ දුර්වල ලෙස සැලසුම් කරන ලද කෘෂිකාර්මික ප්‍රයත්නයන් නිසා සිදුවන පාංශු ඛාදනය, භෝග සඳහා සැපයුම් කරන ජල හිඟයන් වැනි තත්ත්ව හේතුවෙන් මෙම නියං තත්ත්වය පැන නැගීමට හැකියාවක් පවතී. කෙසේ නමුත්, සාම්ප්‍රදායික කෘෂිකාර්මික නියං ඇතිවන්නේ දිගු කාලපරිච්ඡේදයක් තිස්සේ සාමාන්‍ය අගයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙනි.

ජලවිද්‍යාත්මක නියඟය

මෙම තත්ත්වය ඇතිවන්නේ වැව් ආදී ජල මූලාශ්‍රවල එක් රැස් වී පවතින ජල සංචිත ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා අඩු වූ විටය. කෘෂිකාර්මික නියඟයේ දී මෙන්ම, වර්ෂාපතනයේ හිඟතාව පමණක් නොව, තවත් බොහෝමයක් හේතු මඟින් ද මෙම තත්වය උද්ගත වීමට උත්තේජනයක් සපයයි.

සමාජ ආර්ථික නියඟය

මෙම නියං තත්ත්වය ඇතැම් ආර්ථික භාණ්ඩවල ඉල්ලුම සහ සැපයුම හා සම්බන්ධ වේ. ඒ අනුව මෙවන් නියං තත්ත්වයක් ඇතිවීමට බලපාන්නේ, භාණ්ඩ ඉල්ලුම සහ සැපයුමේ ක්‍රියාවලියයි. සමාජ ආර්ථික නියඟයක දී, කාලගුණික හේතූන් මත ඇතිවන ජල සැපයුමේ හිඟයක් හේතුවෙන්, අවශ්‍යතා සහ සේවා සැපයීම්වලට බාධා එල්ල වේ. ජල හිඟය නිසා ජල විදුලි නිශ්පාදනයට සිදු වන බාධා හේතුවෙන් විදුලි සැපයුම්වලට බලපෑම්සිදු වේ. මෙවන් අවස්ථාවල විශාල සේවා සහ නිශ්පාදන සඳහා තර්ජනයක් එල්ල වේ. ශ්‍රී ලංකාවේ ජල විද්‍යාත්මක ඉතිහාසය තුළ, තුළ මෙවන් දීර්ඝ වියළි කාලසීමාවන් හේතුවෙන් සිදු වූ සමාජ ආර්ථික නියං තත්ත්වයක් ඇති වීම සාමාන්‍ය සිදුවීමකි.

ශ්‍රී ලංකාව නියඟය

ශ්‍රී ලංකාව තුළ නියං තත්ත්වැතිවීම සඳහා මෝසම් වර්ෂාවේ ප්‍රමාදය හෝ වර්ෂාපතනයේ තාවකාලික විචල්‍යතාවය බලපායි. කෙසේ නමුත්, අතීත අධ්‍යනයන්ගෙන් පෙන්වා දී ඇත්තේ, මෙම නියං තත්ත්ව අනෙකුත් ගෝලීය දුරස්ථ සබඳතා වන එල් නිනෝ දකුණු දෝලනය (ENSO), ඉන්දියන් සාගර ද්වි ධ්‍රැවය (IOD) සහ උතුරු අත්ලාන්තික් දෝලනය (NAO) ආදියටද සම්බන්ධතාවන් පෙන්වන බවයි.

ශ්‍රී ලංකා ඉතිහාසය තුළ නියඟය සලකා බැලීමේදී, එය ඉතිහාසය තුළ රජ සමය දක්වාම දිව යයි. මහාවංශයට අනුව ක්‍රිස්තු පූර්ව 161-137 කාලයේදී පවා නියඟයක් ඇති විය. පසුගිය ශතවර්ෂයේ දී, 1908 සහ 1911 වසරවල ඇති වූ නියඟයන් වඩාත්ම දරුණු නියඟයන් විය. මෑත කාලීනව ඇති වූ දරුණුම නියඟය ඇති වූයේ 2001 වර්ෂයේ දීය. එය ප්‍රධාන වශයෙන් ලංකාවේ වියළි කලාපයට සහ අතරමැදි කලාපයට වැඩි බලපෑමක් එල්ල කළේය. ඉන්පසුව 2014, 2016, 2017 ලෙස මෑත සෑම වසරකම පාහේ දිගු නියං සමයන් රට තුළ උද්ගත විය.

ශ්‍රී ලංකාවේ නියං තත්ත්ව කළමනාකරණය කරන්නේ කෙසේද?

සම්මත වර්ෂාපතන දර්ශකය (SPI) යනු ශ්‍රී ලංකාවේ නියඟ නිරීක්ෂණය කරන පද්ධතියකි. ඕනෑම ස්ථානයක් සඳහා SPI

 ගණනය කිරීම අපේක්ෂිත කාලය සඳහා අදාල වන දිගු කාලීන වර්ෂාපතන වාර්තාව මත පදනම් වේ. 2001 වසරේදී, ශ්‍රී ලංකාවේ SPI පිළිබඳව නිවැරදි විශ්ලේෂණයක් අපට හමු විය.

මෙයට අනුව, ජූලි, අගෝස්තු සහ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාස නියඟය ඇති වූ මාස වේ. මෙම සිතියමේ වර්න විචලනය අනුව, 2001 වසරේ දී දිවයින තුළ මෙම නියං තත්ත්ව බලපෑ අන්දම හඳුනාගත හැකිය. මෑත කාලීන මෙවන් අධ්‍යනයන් කිහිපයක් දෙස බලමු. 

2014 වර්ෂයේ මාර්තු මාසයේ නියඟය වාර්තා විය. ප්‍රධාන වශයෙන් උතුරු, උතුරුමැද හා දකුණු පළාත්වල මිලියන 1.8කට අධික ජනතාවක් පීඩාවට පත්වූ අතර ඉහළ කෘෂිකාර්මික හානි ප්‍රමාණයක්ද වාර්තා විය. 2016-2017 කාලය තුළ නියඟය ප්‍රධාන වශයෙන් නැගෙනහිර සහ උතුරු පළාත්වල පුද්ගලයින් 900,000කට පමණ දැඩි ලෙස බලපෑවේ ය. කෘෂිකාර්මික අංශයටද මෙය විශාල බලපෑමක් එල්ල කළේ ය.

ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පිරිස් සිය ගෘහ අවශ්‍යතා සඳහා භූගත ජලය භාවිත කරයි. එසේම, ඔවුන්ගේ ජීවනෝපාය කෘෂිකර්මාන්තය මත බොහෝ සෙයින් රඳා පවතියි. එබැවින් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව නියඟයෙන් බලපෑමට ලක් වීම වැඩි මට්ටමක පවතී. ඇස්තමේන්තුගත අන්දමට, 2017 වන විට රට තුළ ග්‍රාමීය ජනගහණය 18,287,000 (18%)ක් පමණ විය. මෙම අගය ශ්‍රී ලංකාවේ  සමස්ත ජනගහණයෙන් සැලකිය යුතු තරම් ඉහළ අගයකි. මෙයින් ගොවීන් නියඟය හමුවේ ප්‍රධානම වශයෙන් පීඩාවට පත්වන කොටස වන අතර, ජල සුරක්ෂිතභාවට එල්ලවන තර්ජන හමුවේ අනෙකුත් සියළුම දෙනා පාහේ පීඩාවට පත් වේ.

ඔබට කිසියම් විමසීමක් ඇති නම් හෝ දේශගුණික විපර්‍යාස හෝ පරිසරයට අදාල සැක සහිත අන්තර්ගතයන් හමු වුවහොත් සහ ඔබ වෙනුවෙන් අප එම තොරතුරු තහවුරු කිරීමට අවශ්‍ය නම්, ඒ අන්තර්ගතයන් අපගේ WhatsApp ක්ෂණික ඇමතුම් අංකය: +917045366366 වෙත යොමු කරන්න.

Original English Article URL: Does Sri Lanka drive to desertification through prolonged droughts?

Translated by Mihiri Saparamadhu

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter