Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
ශ්‍රී ලංකාවේ පිහිටීම භූගෝලීය, වාණිජ, ආර්ථික සහ සෞන්දර්‍යාත්මක වශයෙන් වැදගත්කමක් උසුලන බව නොරහසකි. නමුත් එලෙසම, ශ්‍රී ලංකාවේ පිහිටීම විවිධ ස්වභාවික විපත්වලට මුහුණ දීමට නැඹුරුතාවක්ද දක්වයි. සාමාන්‍යයෙන් ලෝකයේ ඇති කුඩා දූපත් රාජ්‍ය, ස්වභාවික විපත් සහ දේශගුණික විපර්‍යාස සඳහා වැඩි අවදානමක් දරයි.
නියං තත්ත්ව, ගංවතුර, නායයාම්, සුළි කුණාටු සහ වෙරළ ඛාදනය ශ්‍රී ලංකාව බහුලවම ගොදුරුවන ස්වභාවික විපත් වේ. දේශගුණික විපර්‍යාසයන්ගේ බලපෑම මත, මෙම උවදුරු තත්ව සහ ස්වභාවික විපත්වල බලපෑම හේතුවෙන් තවදුරටත් වැඩි වශයෙන් ලංකාවේ ආර්ථිකය සහ මානව සෞඛ්‍ය තර්ජනයට ලක් වේ. ශ්‍රී ලංකාවේ ඇතිවන ගංවතුර, නායයාම්, නියං තත්ව, අධික සුළං ආදී 96%ක් ස්වභාවික විපත් ඇති වන්නේ, දේශගුණික බලපෑම් මඟිනි. 2018 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයට අනුව ප්‍රමුඛ ස්ථානයකට පත්වූ ලංකාව , 2016 වසරේ දී ද ලෝකයේ දේශගුණික විපර්‍යාස හේතුවෙන් වඩාත්ම බලපෑමට ලක්වූ රටවල් අතරින් සිවුවන ස්ථානයට පත් විය.
ශ්‍රී ලංකාවේ නියං තත්ත්ව
නියඟයක් යනු ප්‍රදේශයක් හෝ කලාපයක් සාමාන්‍යයෙන් වාර්තාවන ප්‍රමාණයට වඩා අඩු වර්ෂාපතනයක්, වැසි හෝ හිම වැටීමක් නොමැතිවීම නිසා පාංශු තෙතමනය හෝ භූගත ජල මට්ටම අඩු වීම, ඇළ මාර්ගවල ජල ප්‍රවාහය අඩු වීම, වගා හානි සහ සාමාන්‍ය ජල හිඟයක් ඇතිවීමයි. සමකාසන්න, කුඩා, නිවර්තන කලාපීය දූපතකට, උණුසුම් දේශගුණය නිසා ඇතිවන බලපෑම ඉහළය. ශ්‍රි ලංකාවේ සෘතුමය වෙනස්වීම සැලකුවහොත්, නියඟය ප්‍රධාන වශයෙන් ඇතිවන කාල සීමාව ලෙස සැලකෙන්නේ අගෝස්තු මාසයයි. මෙයින් වැඩිදුර බලපෑම් සිදුවන්නේ කුරුණෑගල, පුත්තලම, හම්බන්තොට, මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවලටයි. ජනතාව වැඩිපුරම පීඩාවට ලක්වූ නියඟය ලෙස 2001 සහ 2004 වර්ෂවල ඇති වූ දැඩි නියං තත්ත්වය හැඳින්විය හැක. ගංවතුර හා නියාඟය නිසා වාර්ෂිකව සිදුවන ආර්ථික පාඩු සහ හානි ඉතා ඉහළ මට්ටමක පවතින අතර ඉහළැ පුද්ගල පරාසයක් මින් පීඩාවට ලක්වේ. නියඟයා ඉතාඅ තීරණාත්මක දේශගුණික උපද්‍රවයක් වන අතර, මෙම උපද්‍රවය තවදුරටත් උග්‍ර කිරීමට ඇතැම් මිනිස් ක්‍රියාකාරකම් දායක වේ. ග්‍රාමීය ප්‍රදේශවල මිනිසුන් බොහෝ විට ගෘහ අවශ්‍යතා සඳහා භූගත ජලය භාවිත කරයි. ඔවුන්ගේ ජීවනෝපාය කෘෂිකර්මාන්තය මත රඳා පවතී. එම නිසා ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට නියඟයෙන් විඳින්නට සිදුවන පීඩාව ඉහළ ය. මේ අනුව, ශ්‍රී ලංකාවට නියං නිරීක්ෂණ පද්ධතියක් යොදා සංවර්ධනය කිරීම, තම එදිනෙදා කටයුතු සඳහා නිතරම සබන් භාවිත කිරිම නියං සමයේදී අවම කරගැනීම ආදී පියවර ලබාගත යුතුය. නමුත් එය අභියෝගමත් කාර්‍යයකි.
ආසන්නම සිදුවීමක් ලෙස, 2017 වර්ෂයේදී දිස්ත්‍රික්ක 25 න් 19 ක් පුරා මිලියන 1.2කට වැඩි ජනතාවක් නියඟයට පීඩාවට පත්වුණි. උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම පානීය සහ ගෘහාශ්‍රිත කටයුතු සඳහා අඩු ජල ප්‍රමාණයක් පමණක් පවතින බව වාර්තා වී ඇත. මීට අමතරව, 2017 වසරේ කන්න දෙකක අස්වැන්න ප්‍රමාණවත් තරම් සාරවත් නොවීමත් සමඟ නියඟයෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවගේ ආහාර සුරක්ෂිතතාවය සහ ජීවනෝපාය පිළිබඳවද ගැටළු මතු වී තිබේ. 2020 වසරේ සාමාන්‍යයෙන් නියඟයෙන් පීඩාවට පත් වූ පළාත 8ක දිස්ත්‍රික්ක 14ක පුද්ගලයින් 301,000කට අධික සංඛ්‍යාවක් සිටි බව ආපදා කළමණාකරණ මධ්‍යථානය පවසයි. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ, උතුරුමැද සහ නැගෙනහිර පළාත් 6 තුළ පානීය ජලය බෙදා හැරීම සිදුවිය. මෙම නියං තත්ත්වය සාමාන්‍යයෙන් අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ වාර්තා විය.
දේශගුණික විපර්‍යාස මඟින් පෙර පැවති නියඟයේ ස්වභාවික රටාව වෙනස් කර ඇති අතර, එමඟින් නියඟය නිරන්තර උද්ගතවන, වඩාත් දරුණු සහ දිගු නියං තත්ත්වයන් බවට පරිවර්තනය කර ඇත. දේශගුනික විපර්‍යාස සහ නියඟය අතර සම්බන්ධය තවදුරටත් නිරීක්ෂණය කෙරෙමින්, සාකච්ඡාවට බඳුන් කෙරෙමින් සහ විමර්ෂණය කෙරෙමින් පවතින මාතෘකාවකි. විද්‍යාඥයින් එකඟ වන්නේ නියඟය 2050 වසරවලින් පසුව වඩ වඩාත් තීව්‍ර වනු ඇති බවයි.
ගංවතුර
ගංවතුර ශ්‍රී ලංකාව තුළ වඩාත් සුලබම ස්වභාවික විපත් ආකාරය වන අතර, මෙහිදී ජලය ජලාශයෙන් පිටතට පිටාර ගලා, සාමාන්‍ය අවස්ථාවලදී වියළි ව පවතින භූමිය එම ජලයෙන් යටවීම සිදු වේ. සමක මෝසම් තත්ත්ව හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශගුණය වසරකට දෙවරක් සැලකිය යුතු වෙනසක් පෙන්නුම් කරයි. පළමුව එය මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසමත්, දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසානදිග මෝසමත් පෙන්නුම් කරයි. මෙහිදී නිරිතදිග මෝසම ශ්‍රී ලංකාවට වැඩි වර්ෂාපතනයක් ලබා දෙමින් දේහ්සගුණ විප්‍ර්‍යාස ඇති කරවයි. නිරිතදිග මෝසම සාමාන්‍යයෙන් මැයි මස අග සිට ජූනි මස මුල දක්වා උච්ඡතම තත්ත්වයේ පවතින අතර, එහිදී සුළං දකුණින් සහ නිරිත දෙසින්, බෙංගාල බොක්ක දෙසට ගලා එයි. සාමාන්‍යයෙන් මෙහිදී සාපේක්ෂව ඉහළම වර්ෂාපතනය ලැබෙන්නේ කළුතර, රත්නපුර, කොළඹ ඇතුළු රටේ දකුණු සහ බටහිර ප්‍රදේශවලටයි. මේ අනුව නිරිතදිග මෝසම ශ්‍රී ලංකාවේ බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල ඇතිවන ගංවතුර සඳහා පවතින ප්‍රධාන හේතුසාධකයයි.
අවකාශීය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ගත්කළ යාපනය, කළුතර, රත්නපුර, ගම්පහ සහ අම්පාර දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්ව ඇතිවීමේ සම්භාවිතාව ඉහළ ය. ගංවතුර හේතුවෙන් වැඩිපුරම ජනතාව පීඩාවට පත්ව ඇත්තේ 2008 වසරේදීය. ගංවතුර හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව 2003 වර්ෂයේ හැරුණු විට 180කට ආසන්න සංඛ්‍යාවකි. නිවාස සහ ගොඩනැගිලි විනාශය සහ හානිය ද මේ හා සමාන රටාවක් අනුගමනය කරයි. මෙහිදී වැඩිම හානි සිදුවන්නේ රත්නපුර, අම්පාර, මඩකලපුව, පොළොන්නරුව සහ යාපනය දිස්ත්‍රික්කවලයි. මීට පෙර සිදුවූ විශාලතම ගංවතුර බලපෑම සිදුවූයේ 1984 වසරේදී ය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්කළ, රට පුරා බොහෝ ගංගා ඇත. මේ නිසා අධික වර්ෂාපතනයකදී ගංගා පිටාර ගලමින් ගංවතුර ඇති වේ. එම නිසා මෙම ගංගා ආශ්‍රිත ප්‍රදේශ ගංවතුර අවදානම් සහිත ප්‍රදේශ බවට පත්වේ.
ගංවතුර ඇතිවීම සඳහා බොහෝ සාධක බලපායි. පළමුව, කාළගුණික තත්ත්ව (අධික හෝ දිගු වැසි, කුණාටු, හිම දියවීම්) මේ සඳහා හේතු සාධක වේ. දෙවනුව ශ්‍රී ලංකාව තුළ පවතින ජලමාර්ග (වේලි, ජලාශ ආදිය) කළමණාකරණය කරන ආකාරය සහ ගොඩබිම් ප්‍රදේශවල භූගෝලීය පිහිටීම්වලට කරන බලපෑම් ආදී මිනිසා විසින් සිදුකරන ක්‍රියාවන් මේ සඳහා හේතු සාධක වේ. උදාහරණයක් ලෙස නාගරීකරණය ඉහළ යාම හේතුවෙන්, පදික වේදිකා ඇතුළු අපිරිසිදු පෘෂ්ඨ ප්‍රමාණය ඉහල යයි. ස්වභාවික ජලවහණ පද්ධති වෙනස් කරයි. බොහෝ අවස්ථාවලදී නාගරීකරණය, ගංවතුර අවදානම ඉහළ භූමි ප්‍රදේශවල තව තවත් නිවාස ඉදි කිරීමට හේතු වේ. නගරවල, අඩු සහ දුර්වල යටිතල පහසුකම් යටතේ නගරාශ්‍රිත ගංවතුර තත්ත්ව ඇතිවිය හැක. වැඩි වැඩියෙන් ගංවතුර සාධක, දේශගුණික විපර්‍යාස හා සම්බන්ධ වේ.
දේශගුණික විපර්‍යාස මඟින් වායුගෝලය උණුසුම් කරන බැවින්, සෑම සෙල්සියස් අංශක 1ක වැඩිවීමක් සඳහාම, 7%ක වැඩි ජලවාශ්ප ප්‍රතිශතයක් රඳවා ගත හැක. මෙම වාශ්ප ශීඝ්‍රයෙන් සිසිල් වූ විට, ජල වාෂ්ප, ජල බිඳිති බවට පරිවර්තනය වී අධික වර්ශාවක් ඇති කරයි. මෑතකදී නිකුත් කරන ලද IPCCහි හයවන තක්සේරු වාර්තාවට අනුව, ලෝකයේ සියළු ප්‍රදේශවල දේශගුණික බලපෑම් පෙර ඇස්තමේන්තුගත කර තිබූ ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමකට ගමන් කර ඇත. ලෝක ජනගහණයෙන් 40%ක් පමණ (ආසන්න වශයෙන් බිලියන 3.5ක පමණ ජනගහණයක්) “ඉහළ අවදානම්” ආශ්‍රිත, දේශගුණික බලපෑම් වඩාත් දරුණු කාණ්ඩයට ගොදුරු විය හැකි බවද මෙම වාර්තාව සඳහන් කරයි.
1990න් පසු ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්වය සමඟ සන්සන්දනය කරන විට, එය සෙල්සියස් අංශක 0.5කින් පමණ ඉහළ ගොස් ඇත. පෘථිවිය මත උෂ්ණත්වය ඉහළ යාම, හරිතාගාර වායු විමෝචනයේ සහ පෘථිවි පද්ධතියේ ප්‍රතිචාර දැක්වීම හේතු කරගෙන සිදු වේ. ගෝලීය වශයෙන් කාළගුණික විපර්‍යාසවලට සහ ආන්තික සිදුවීම්වලට මෙම උණුසුම බලපා ඇති බව පැහැදිලිය.
නායයෑම්
නායයාමක් යනු පාෂාණ, සුන්බුන් හෝ පොළොව බෑවුමකින් පහළට ගමන් කිරීමයි. මෙය ගුරුත්වාකර්ෂණයේ සෘජු බලපෑම යටතේ පස සහ පාෂාණ, බෑවුම ඔස්සේ ගලා එන “විශාල පරිමාණ හානි” වර්ගයකි. සාමාන්‍යයෙන් නායයාම් යනු ශ්‍රී ලංකාවේ සෑම කඳුකර ප්‍රදේශයකටම පාහේ පොදු වූ බරපතල භූ විද්‍යාත්මක අනතුරකි. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයේ වර්ග කිලෝමීටර 65000කින් දිස්ත්‍රික්ක 10ක් ආවරණය වන පරිදි වර්ග කිලෝමීටර් 20000කට ආසන්න ප්‍රදේශයකට නායයාමේ අවදානමක් පවතී. එය ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 30%ක් පමන වන අතර, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, මහනුවර, මාතලේ, කළුතර, මාතර, ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලට මෙම අවදානම පවතී.
මේ සඳහා පසුබිම විවිධ පාරිසරික සාධක මඟින් නිර්මාණය වේ. දීර්ඝ කාලීනව පවතින අනවශ්‍ය මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ද නායයාම් සඳහා පසුබිම් සකස් විය හැක. අධික වර්ෂාව නිසා යටි පාංශු ස්ථරවලට ජලය විනිවිද ගොස්, අන්තර් ස්ථර ඒකාබද්ධතාවය නැති වී යයි. ඒමෙන්ම පාංශු ස්ථරයේ ඇති පාංශු කොටසේ ස්කන්ධයද ඉහළ යයි. කඳුකර ප්‍රදෙශවල ගංවතුර සහ ජලාශ මඟින්ද නායයාම් තත්ත්ව ඇතිවීම සඳහා උත්තේජන සපයයි.
අධික වර්ෂාවෙන් පසු පිරී ඉතිරී යාමට ආසන්න වූ ගංගා පසුපසින් ඇති ගංගා ඉවුරු වල අසාර්ථකත්වය මෙවැනි එක් අවස්ථාවක් වේ. ගං ඉවුරේ ඉහළ ප්‍රදේශවලින් ආධාරකයක් නොමැතිව පිටවන ගංගා ජලය ගලායාම නිසා, ඉවුරුවල පහල ප්‍රදේශ ඛාදනය වන අතර, එමඟින් උපරිම ජල ප්‍රවාහයට පහසුවෙන් බැස යා හැක.
ශ්‍රි ලංකාවේ, 2002 වසර වන තෙක්, සාමාන්‍ය වාර්ශික නායයාම් වාර්තා සංඛ්‍යාව උපරිම වශයෙන් 50ක් පමණ විය. කෙසේ නමුත්, දත්ත මඟින් පෙන්නුම් කෙරෙන්නේ 2003 සිට 2008 දක්වා කාලය තුළ නායයාම්වල හදිසි වැඩිවීමකි. මැයි සිට ජූනි මාසවල සහ නැවත වරක් නොවැම්බර් සිට ජනවාරි දක්වා නායයාම් පිළිබඳව වාර්තා වීම් ඉහළ මට්ටමක පවතී. ජනවාරි මාසය තුළ රටෙ ප්‍රධාන මෝසම් කාල 2 අතර පැහැදිලි සම්බන්ධයක් පෙන්වයි.නොවැම්බර් මාසය තුළ වැඩිම නායයාම් ප්‍රමාණය වාර්තා වන අතර එය සිදුවීම් 275කට අධික සංඛ්‍යාවකි. බදුල්ල, නුවරඑළිය, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මෙයින් වැඩිවශයෙන් බලපෑම් ඇතිවී ඇත. ඌව පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින් වැඩිම බලපෑම නිරීක්ෂණය කල හැකි සිතියමේද රටාවක් දැකගත හැක.
2016 මැයි 17 දා අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශාල නායයාමක් සිදු විය. පසුදා පාන්දර, අනුයාත නායයාම් 2ක් ඇතිවිය. මෙය ගම්මාන කිහිපයක කොටස් සම්පූර්ණයෙන්ම යටකර දැමූ අතර, මිනිසුන් 150කට වැඩි පිරිසක් මෙහිදී මිය ගියේ ය. දේපල සහ නිවාස බොහෝමයක්ද මෙහිදී විනාශ විය. මෙම නායයාම් තත්ත්වය ඇතිවීම සඳහා මූලික හේතුව වූයේ මැයි 14 වනදා සිට 17වනදා දක්වා දින 4ක් මුළුල්ලේ නොකඩවා ඇද හැළුනු අධික වර්ෂාවයි.
2014 වසරේ ඔක්තෝබර් මස 29වන දා බදුල්ල දිස්ත්‍රික්කයේ මීරියබැද්ද ප්‍රදේශයට සැලකිය යුතු නායයාමක් ඇතිවිය. අඛණ්ඩව දින 3ක් ඇද හැළුණු මෙම වර්ෂාව සමඟ ඇති වූ මෙම නායයාමෙන් කොස්ලන්ද වතු යායේ සේවක සේවිකාවන්ගේ ජීවිත සහ දේපලවලට විශාල හානියක් සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස මරණ 16ක් තහවුරු වූ අතර, පුද්ගලයින් 192ක් අතුරුදන්ව ඇතිබවට විශ්වාස කෙරුණි. නිවාස අතරින් 150ක් පමණ යට වී වැළලී ගොස් ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන නායයාම් කිහිපයක් වාර්තා වේ. පෙර සඳහන් කළ ලෙසම, අධික වර්ෂාපතනය හේතුවෙන් නායයාම් සිදුවන අතර, ඒ අනුව නායයාම් සඳහා දේශගුණික විපර්‍යාසවල බලපෑමක් ඇත. නමුත් නායයාම් ඇතිවීම සඳහා ප්‍රධාන සාධකයක් වනුයේ, මානව ක්‍රියාකාරකම් වේ. මිනිස් ක්‍රියාකාරකම්වල හේතුවෙන් ඇතිවන බොහෝ නායයාම් තත්ත්ව වැළැක්වීමට හෝ මඟහරවා ගැනීමට හැක. ප්‍රමානණවත් ලෙස ශ්‍රේණිගත කිරීමෙන් තොරව මාර්ග ඇතුළු ව්‍යුහයන් තැනීම, දුර්වල ලෙස සැලසුම් කර ඇති ජලාපවාහන රටා සහ පැරණි නායයාම්වලට බාධා කිරීමේ ප්‍රතිඵල ලෙස සාමාන්‍යයෙන් නායයාම් තත්ත්ව උද්ගතවීමට හේතුවන මිනිස් ක්‍රියාකාරකම් වේ.
සුළි කුණාටු
සුළි කුණාටුවක් යන්නු අඩු වායුගෝලීය පීඩනයක් ඇති ප්‍රදේශයක, සුළං අභ්‍යන්තරව භ්‍රමණය වන කාළගුණ පද්ධතියක් සඳහා වන සාමාන්‍ය යෙදුමකි. කුණාටුවර්ග වලට උදාහරණ ලෙස නිවර්තන කුණාටු, නිවර්තන සුළි සුළං සහ ටොනේඩෝ ඇතුළත් වේ. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයකි. අරාබි මුහුද, ඉන්දියන් සාගරය සහ බෙංගාල බොක්ක එක්වන ස්ථානයට සමීප පිහිටීම නිසා රට සුළි කුණාටුවලට ගොදුරු වේ.
ශ්‍රී ලංකාව තුළ සුළු කුණාටු ඇතිවීමේ ප්‍රවණතාවය, කාලයත් සමඟ සාපේක්ෂව ස්ථාවර සහ අඩු මට්ටමක පවතී. කෙසේවෙතත්, 2007 වසරේ ශ්‍රී ලංකාව තුළ ඇති වූ සුළි කුණාටු තත්ත්ව ඉහළ අගයක් ගන්නා අතර, එහි අවසාන භාගයේදී කුණාටු තත්ත්වවල විශාල ඉහළ යාමක් දක්නට හැක.
අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුළ සහ නොවැම්බර් සිට දෙසම්බර් දක්වා කාලයන් තුළ දී සුළි සුළං තත්ත්ව ඉහළ මට්ටම පවතී. රත්නපුර, බදුල්ල, අනුරාධපුර සහ කොළඹ දිස්ත්‍රික්කවල බහුලව මෙවන් තත්ත්ව උද්ගත වේ. මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව සහ මුලතිවු වැනි දිස්ත්‍රික්කවල දත්ත ලබා ගැනීමේ හැකියාවට ඇති බාධා හේතුවෙන් සුළි සුළං තත්ත්ව වල අඩු වීමක් පෙන්නුම් කරයි. ඒවා අතරින් බහුතරයකට අඩු සුළි සුළං ආශ්‍රිත සිදුවීම් ගණනක් පෙන්නුම් කරන අතර, ඉතා සුළු සංඛ්‍යාවක් බරපතල සුළි සුළං තත්ත්ව අත් විඳිති. මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවල ඇතැම් කොට්ඨාශ සඳහා ප්‍රදේශීය මට්ටමෙන් එක් කරන ලද දත්ත සීමිත වීම මෙම සිදුවීම් අවම තත්ත්වයට හේතු විය හැක.
ගෝලීය සාමාන්‍ය නිවර්තන සුළි සුළං වේගය සහ වර්ෂාපතනය වැඩි වීමට හැකියාවක් පැවතුනද, නිවර්තන සුළි සුළංවල ගෝලීය සාමාන්‍ය සංඛ්‍යාතය අඩු වීමට හෝ නොවෙනස් ව පැවතීමට හැක. ඇතැම් සාගර කලාපවල වඩාත් තීව්‍ර නිවර්තන සුළි කුණාටුවල සංඛ්‍යාතය සැලකිය යුතු ලෙස වැඩි විය හැක. එබැවින්, දැනට නිවර්තන සුළි කුණාටු මගින් බලපෑමට ලක් වූ ප්‍රදේශවල වර්තමාන උපද්‍රව මට්ටම කාලයත් සමඟ ඉහළ යා හැක. එවැනි ප්‍රදේශවල සුළි කුණාටු උවදුරුවල අනාගත වැඩිවීම් සහ බලපාම්වලට මුහුණ දීම සඳහා ශක්තිමත් ව්‍යාපෘති පවත්වා ගත යුතුය. ශ්‍රී ලංකාව වෙත සුළු කුණාටුවල බලපෑම එතරම් තදින් නොලැබුණත් 1978 සහ 2000 වසරවල සුළි කුණාටු උවදුරු මඟින් ශ්‍රී ලාංකීය ප්‍රජාවට සැලකිය යුතු බලපෑමක් සිදුවිය. තවද, ලංකාවේ සුළිසුළංවලින් වැඩිපුර පීඩාවට පත් වන්නේ අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ජනතාවයි.
සුළි සුළං දේශගුණික විපර්‍යාස ආශ්‍රිත බලපෑම් කිහිපයකට යටත් වේ.
වෙරළ ඛාදනය
ශ්‍රී ලංකාව දළ වශයෙන් කිලෝමීටර් 1600ක් දිග වෙරළ තීරයක් සහ රටේ ගොඩබිම් ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා ගොඩබිම සහ මුහුද අතර මායිමක් සහිත දිවයිනකි. කෙසේ වෙතත්, ස්වභාවික සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශ ආශ්‍රිතව වෙරළ ඛාදනය සහ පාරිසරික හායනය වේගවත්ව සිදු වෙමින් පවතී. මේ සඳහා දායකවන ප්‍රධානම හේතු සාධක ලෙස හඳුනාගෙන ඇත්තේ, වැරදි ලෙස සැලසුම් කර ඇති වෙරළබඩ ඉදිකිරීම් ඇතුළු ව්‍යුහයන්, වෙරළාශ්‍රිතව හෝටල් ආදී ගොඩනැගිලි ඉදිකිරීම්, වැලි සහ කොරල්පර කැනීම යනාදියයි. වෙරළ ඛාදනය යනු මේ වන විට සෑම සංවර්ධිත වෙරළ තීරයකම පාහේ දක්නට ලැබෙන ස්වභාවික ගැටළුවකි. රළ සහ ජල ධාරාවල බලවේගය හේතුවෙන් වෙරළ තීරයේ ගොඩබිම් විස්ථාපනය වීම වෙරළ ඛාදනය ලෙස හැඳින්වේ. එහි ප්‍රතිඵලයක් ලෙස වෙරළාශ්‍රිත ප්‍රදේශ තවදුරටත් වෙරළ ඛාදනය දරුණු වීමට හේතුවන ස්වභාවික තත්ත්ව සහ මිනිස් ක්‍රියාකාරකම්වල අවදානමට ලක් වෙමින් සහ අභියෝගයන්ට මුහුණදෙමින් පවතියි.
රටේ වෙරළබඩ පරිසරය ඉතා අලංකාර වන අතර ජෛව විවිධත්වයෙන් සහ විවිධ වර්ගවල ස්වභාවික සම්පත්වලින් ඉතා පොහොසත් වේ. එබැවින් ඒ ආශ්‍රිත ප්‍රදේශවල භූමිය සඳහා ඉහළ පාරිසරික, ආර්ථික සහ සමාජයීය වටිනාකමක් ඇත. මීට අමතරව ගත් විට, වෙරළබඩ ප්‍රදේශයේ ජනාකීර්ණත්වය ඉහළ වන අතර, රටේ මුළු ජනගහණයෙන් 65%ක් පමණ මෙම ප්‍රදේශවල වාසය කරයි. මෙම වෙරළබඩ ජනාකීර්ණත්වයට හේතු වන නගර අතර රටේ ජනාකීර්ණම සහ සංවර්ධිතම නගරය වන කොළඹ නගරය ඇතුළු වුශාල නගර කිහිපයක් අඩංගු වේ. වෙරළ තීරය ආශ්‍රිත ජනගහණය 2010දී මිලියන 8.4ක් ලෙස පුරෝකතනය කර තිබුණි.
දේශගුණික විපර්‍යාස හේතුවෙන්, බොහෝ සුළං තත්ත්ව සහ උස් මුහුදු, වැඩි වශයෙන් සුළං, දරුණු රළ සහ ගංවතුර තත්ව අති කරයි. මෙම තත්ත්ව වෙරළ ඛාදනයට හේතු වේ. සුළි කුණාටු මඟින් වලි සහිත බාධක දූපත් සේදී යා හැකි අතර, අනාගත කුණාටු වලින් සිදුවන හානි සඳහා වෙරළ තීරයන් සහ දූපත් නිරාවරණය වේ. දේශගුණික විපර්‍යාස, මිනිස් ක්‍රියාකරකම්, පරිසර දූෂණය, ආක්‍රමණශීලී ජීවී විශේෂ සහ කුණාටු ආදිය මඟින් දැනටමත් අනතුරට නිරාවරණය වී ආතතියට පත් වී ඇති වෙරළ තීරය තර්ජනයට ලක් කරයි. මුහුදු මට්ටම ඉහළ යාමෙන් වෙරළබඩ පරිසර පද්ධති ඛාදනය වී ජලයෙන් යට වී යා හැක. තෙත්බිම් ඉවත්වීමේ අවදානමට ලක් විය හැක. උණුසුම් සහ වැඩි ආම්ලික සාගර සහ වෙරළබඩ පරිසර පද්ධති කඩාකප්පල් වීමේ අවදානමක් ඇත.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා සාගර ප්‍රසාරණය සිදු වී මුහුදු මට්ටම ඉහළ යයි. කුණාටු රටා වඩ වඩාත් ශක්ති සම්පන්න කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පිටාර ගැලීම් සහ වෙරළ ඛාදනය ඉහළ යාම ලෝකයේ බොහෝ රටවල වෙරළ තීරයන්ට සෘණාත්මක ලෙස බලපෑ හැක. එබැවින් මතුවීමට ඉඩ ඇති අවදානම් කළමනාකරණය සඳහා මෙම උපද්‍රවවල වර්ධනය සහ ව්‍යාප්තිය සඳහා හොඳ අනාවැකි අවශ්‍යා වේ. වෙරළබඩ පිටාර ගැලීම් පිලිබඳව පුරෝකතනය, වෙරළ ඛාදනය පිළිබඳ පුරෝකතනය කිරීමට වඩා පහසුය. වෙරළබඩ සමෝච්ඡයන් භාවිතයෙන් ජලයෙන් යටවීම් පුරෝකතනය කළ හැක. කෙසේ වෙතත් එයද සුළුපටු ක්‍රියාවක් නොවේ. රළ, උදම් ධාරා සහ මිනිස් මැදිහත්වීම් මඟින් වෙරළ තීරය වේගයෙන් ප්‍රතිනිර්මාණය කිරීම මඟින් පිටාර ගලා, ජලයෙන් යටවීම සිදු විය හැක.