Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
වෙරළබඩ ප්‍රදේශවල උෂ්ණත්වයට සහ සමුද්‍ර/ වෙරළබඩ පාරිසරික පද්ධතියට Xpress Pearl සහ MT New Diamond නැව්වලින් ඇති වූ බලපෑම
“සෑම ව්‍යසනයක්ම ආරම්භ වන්නේ රජය විසින් විද්‍යාඥයෙකු නොසලකා හැරීමෙන්” යැයි ප්‍රසිද්ධ කියමනක් පවතියි. දේශගුණික විපර්යාස සලකා බලන විට, මානව ක්‍රියාකාරකම් ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම වගකිව යුතු බව පැහැදිලිය. සාමුද්‍රීය ව්‍යසන ඇතුළු තවත් බොහෝ ව්‍යසනයන් ආරම්භ වන්නේ සාධාරණීකරණය කළ නොහැකි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි.
ශ්‍රී ලංකාවේ සමුද්‍ර ව්‍යසන ඉතිහාසයේ ප්‍රථම, කැපීපෙනෙන සහ ඛේදනීයම අවස්ථාවක් ලෙස 2004 වසරේ ශ්‍රී ලංකා මුහුදු තීරයට බලපෑ සුනාමි ව්‍යසනය දැක්විය හැක. එසේම 2014 වසරේ දී, මැලේසියානු ගුවන් සේවයට අයත් 370 ගුවන් යානය ඉන්දියන් සාගරයට කඩා වැටුණු අතර, 2020 වසරේ දී MT New Diamond නෞකාවේ තෙල් කාන්දුව ශ්‍රී ලංකා මුහුදු තීරයට දැඩි බලපෑම් එල්ල කලේය. මෑතකදීම සිදුවූ, දරුණුතම සාමුද්‍රීය ව්‍යසනය ලෙස, විශාල පාරිසරික බලපෑමක් හානියක් කරමින් 2021 වසරේ දී Xpress Pearl නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීම සිදුවිය. 2021 මැයි මාසය වන විට, එහි තිබූ දැවෙන බහාලුමකින් කුඩා ප්ලාස්ටික් පෙති ටොන් ගණනක් ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ ගිලී ගියේය. ඊට අමතරව නෞකාවේ අන්තරායකාරක නයිට්‍රික් අම්ල බහාලුම් 27ක්, ප්ලාස්ටික් නර්ඩ්ල් (ප්ලාස්ටික් නිශ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනෙන කුඩා ප්ලාස්ටික් පෙති) බහාලුම්76ක් මෙන්ම ඊයම් කුට්ටි, එතනෝල්, යූරියා, එපොක්සි රෙසින, සෝඩියම් මෙතොක්සයිඩ්, කෝස්ටික් සෝඩා, ඇලුමිනියම් සැකසුම්වල අතුරු නිශ්පාදන, රූපලවන්‍ය ආලේප නිශ්පාදනයේ අමුද්‍රව්‍ය ඇතුළු පාරිසරික වශයෙන් අනතුරුදායාක ද්‍රව්‍ය සහිත බහාලුම් රාශියක් තිබුණි.
මෙහිදී ප්ලාස්ටික් නර්ඩ්ල් බිලියන 3ක් ඉන්දියන් සාගරය තුළ පැතිරී ගිය අතර ඒවා තව දශක ගණනක් එහිම පවතිනු ඇත. බැක්ටීරියා සහ වෙනත් දූෂක අංශු සමඟ එක්වීමක් නොමැතිව මේවා විෂ සහිත නොවූවද, මත්ස්යයි ඇතුළු අනෙකුත් සාගර ජීවීන්ගේ හුස්ම හිර කිරීමෙන් මරනයට පත්කිරීමට මේවාට හැකි බව ඕස්ට්‍රේලියාවේ බටහිර විශ්වවිද්‍යාලයේ, වෙරළබඩ සාගර විද්‍යාඥ, මහාචාර්ය චරිත පටිආරච්චි මහතා පැවසීය. නිරිතදිග මෝසම් ආරම්භයත් සමඟ සුළි කුණටූත් සමඟ මෙම නර්ඩ්ල්ස් ඉන්දියාව, තායිලන්තය, කාම්බෝජය සහ සුමාත්‍රා වෙරළ තීරය වෙත ගමන් කළේ ය. ශ්‍රී ලංකාවේ තත්වය ගැන සලකා බැලීමේදී, මෙම සුළි කුණාටු ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට බලපෑම් ඇති නොකළ නමුත්, Xpress Pearl මඟින් සාගර පරිසර පද්ධතියේ සංවේදී කණඩායම් කිහිපයක් සඳහා බලපෑම් ඇති කළේ ය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ, 2021 ජූලි මාසය වන විට කැස්බෑවන් 176ක්, ඩොල්ෆින් මසුන් 20ක් සහ තල්මසුන් 4 දෙනෙකු ඇතුළු සාගර ජීවීන් රැසක් මෙහිදී ඇතිවූ ගින්නෙන් සහ ගිලෙන යාත්‍රාව හේතුවෙන් මිය ගොස් ඇති බවයි. ප්ලාස්ටික් අධිග්රහණය සහ පැටලීම මඟින් තල්මසුන් ඇතුළු ක්ෂීරපායී සත්ත්වයන්ට (සීටේසීන්) බලපෑම් ඇති කළේය. සාගරයේ ජීවත් වෙන ෆිල්ටර් ෆීඩර්ස් හෙවත් පෙරා බුදින්නන් ලෙස සැලකෙන, සාගර ජලයේ ඇති කුඩා ද්‍රව්‍ය සහ ආහාර අංශු ආහාරයට ගන්නා සත්ත්වයින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් (5mmට වඩා කුඩා) ශරීරගතවීමේ අවදානමට වැඩි වශයෙන් මුහුණ දුන්නේ ය. මක් නිසාද යත්, ඔවුන් ආහාර ගැනීමේදී විශාල ජල පරිමාවක් ශරීරය තුළට ගන්නා නිසා, එහි ඇති කුඩා ප්ලාස්ටික් අංශු ඔවුන්ගේ ශරීරවලට ඇතුළුවීමට ඇති ප්‍රවණතාවය ඉහළ ය.
මෙම දැවෙන බහාලුම් නෞකාවේ ප්ලාස්ටික් පෙති නිසා මුහුදු කැස්බෑවුන් මියයන බවට ඇතැම් මාධ්‍යවල වාර්තා වූ අන්දම පහත දැක් වේ
අපි මේ පිළිබඳව කොස්ගොඩ මුහුදු කැස්බෑ සංරක්ෂණ ඒකකයේ සංරක්ෂක ඩඩ්ලි හේමන්ත මහතා සමඟ සාකච්ඡා කළෙමු. අභියෝග රැසක් මධ්‍යයේ වුවද, 2020 වසර වන විට කැස්බෑ බිත්තර මඟින් පැටවුන් ලබාගැනීම සාර්ථක ප්‍රතිශතයකට ලඟා වූ නමුත්, මෙම ප්ලාස්ටික් අර්බුධය හමුවේ එය හඩිස්සියේම බිඳ වැටුණු බව එතුමා සඳහන් කළේ ය. මේ සිදුවීම නිසා බොහෝ ගැහැණු කැස්බෑවන් මිය ගිය අතර, කැස්බෑවන් විසින් පරිහරණය කරන ලද වෙරළ තීරය දූෂණය විය. සාමාන්යෙන් කැස්බෑවන් වෙරළේ වලක් හාරා බිත්තර දමන අතර, ප්ලාස්ටික් පෙති වෙරළ තීරයට පැමිණීමත් සමඟ ඔවුන්ට බිත්තර දැමීමේදී දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවේ, එමෙන්ම බිත්තරවලාට් හානිවීම සඳහාද වැඩි ප්‍රවණතාවයක් ඇත.
අවාසනාවකට, පසෙහි තැන්පත් නොවන මෙම ප්ලාස්ටික් පෙති ඉවත් කිරීම සඳහා විශාල උත්සාහයක් අවශ්‍ය වේ. මෙම නර්ඩ්ල්ස් හිරු එළිය සමඟ රත්වන අතර, එමඟින් වෙරළ තීරයේ උෂ්ණත්වය පෙරට වඩා ඉහළ අගයක් ගනී. මෙය කැස්බෑ පැටවුන්ගේ ලිංග භේදය ඇති වීම සඳහා බලපායි. කැස්බෑ පැටවුන්ගේ ගැහැණු පිරිමි බව තීරණය වන්නේ ජාන මඟින් නොවේ. වැලිවල හෑරූ වලෙහි ගැඹුර සහ එහි උෂ්ණත්වය මඟිනි. කෙසේ වෙතත්, ප්ලාස්ටික් පෙති වෙරළබඩ උෂ්ණත්වය තවදුරටත් ඉහළැ යාමනට හේතුවන අතර, එය කැස්බෑ පැටවුන්ගේ ස්වභාවික අනුපාතයට අහිතකර ලෙස බලපායි.
2022 අගෝස්තු 15 නීතිපති වාර්තාව මඟින් ප්‍රකාශ කෙරුණේ, MT New Diamond නෞකාවේ තෙල් කාන්දු ව්‍යසනය ද කැස්බෑවන් ඇතුළු අනෙකුත් ක්ෂීරපායීන්ගේ මරණයට හේතු වූ බවයි. සෑම නැවකම ඊට ආවේණික ඉන්ධන ගබඩාවක් පවතියි. කෙසේ වෙතත්, සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පැවති කැස්බෑ සංරචකය පිළිබඳව තහවුරු කිරීම්ස්ට්ස් නොහැකි වූ නිසා වන්දි ඉල්ලීමක් පවා අපට අහිමි විය.
පරිත්‍යාග මඟින් සහ කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ ඒකකයට පැමිණීමෙන් ඔබටද මුහුදු කැස්බෑ සංරක්ෂණය සඳහා දායක විය හැක. මෙම අහිංසක ජීවිත රැක ගැනීමට එහිදී විශාල මෙහෙයක් සිදු කෙරේ. වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙතනින්.
නීතිමය බලපෑම් පිලිබඳ අදහස්
ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ නැගෙනහිර ආසියාව සහ ලෝකය යා කරන කාර්යබහුල මුහුදු මාර්ගයකය. සමුද්‍ර විපත් මෙවත් පිහිටීමත් සහිත ප්‍රදේශයකට පුදුමයක් නොවේ. හවිත දේශගුණික අරමුදලේ නීතීඥවරයෙකු ලෙස කටයූතු කරන ආචාර්ය ලලනාත් ද සිල්වා මහතා සාමුද්‍රීය නෞකා ආපදා සඳහා අදාල පාරිසරික නීති සංකල්ප පිළිබඳව පැහැදිළි කිරීමක් සිදු කළේ ය. ප්‍රථමයෙන් ඔහු සාකච්ඡා කළ අංගය වන්නේ රජය මඟින් එක් එක් පාරිසරික ගැටලු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, මහජනතාව ද උද්යෝගයෙන් යුතුව මේ සම්බන්ධ කාරණා කෙරෙහි එක් විය යුතු බවත් ය. දෙවන අංගය එවන් විපත් වළක්වා ගැනීම සඳහා පූර්වාරාක්ෂාව ලබා ගැනීමට අවශ්‍ය වන ‘පූර්වාරක්ෂක මූලධර්මය’යි. තුන්වන සහ අවසාන කරුණ ‘දූෂකයා විසින් වන්දි ගෙවීම’යි. මෙහිදී මෙම විපත් කෙරෙහි වගකිව යුතු කණ්ඩායම හෝ පුද්ගලයා විසින් විපතින් ඇතිවන ගැටළු සඳහා වන්දි ගෙවීම සිදුවිය යුතු ය. නමුත් බොහෝ අවස්ථාවලදී මෙය සිදු නොවේ. ආචාර්ය ලලනාත් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ රජය සහ වගකිව යුතු පාර්ශ්ව ‘දූෂණය’, ‘හානිය’ සහ ‘පාඩුව’ යන වචනවල තේරුම් අවබෝධ කරගෙන සිටීම මෙවත් විපත්වලට පිළියම් යෙදීමේ දී වැදගත් බවයි.
ශ්‍රී ලංකාවේ සාමුද්‍රික විපත්වල බලපෑම පාලනය කිරීමට වැදගත්වන ක්‍රියාමාර්ග සහ සැලසුම් සැලකූ විට, එය හොඳින් විපත්වලට ඔරොත්තු දීමට හැකි පරිදි සකස් කර ඇත. එමෙන්ම මෙම සැලසුම් ඔස්සේ අනාගත සමුද්‍ර ව්‍යසන වලක්වා ගැනීමට සහ ඒවාට නිවැරදි පරිදි ප්‍රතිචාර දැක්වීම කෙරෙහි අවදානය යොමු කර ඇත. මෙම සැලසුම් සම්පූර්ණ කර ගැනීම සඳහා වසර කිහිපයක් ගත්වනු ඇත. එම වසර කිහිපය තුළ පහත පියවරයන් සාර්ථක කරගත යුතු වේ.
අනාගත සමුද්‍ර ව්‍යසනයන්ට සාර්ථකව මුහුණ දීමට හැඩගැසීම සඳහා අවශ්‍ය පළමු පියවර මේවාය. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලියේ සාර්ථකත්වය රඳා පවතින්නේ සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග සහ ඒ සඳහා ක්‍රියා කරන්නන් මතයි.
ශ්‍රී ලංකාව සාගර විපත්වලට ගොදුරු වීමට ඇති අවදානම සහ ආර්ථිකයට ඇති බලපෑම
මීගමුව, කොළබ වනි ප්‍රදේශ රටේ වැදගත් බවින් ඉහළ ධීවර කලාප වේ. Xpress Pearl සිදුවීම කොළඹ වරායට නාවික සැතපුම් 10ක් පමණ දුරකින් ධීවර ප්‍රදේශය තුළ සිදු විය. නෞකාවෙන් නිකුත් වූ පෙති මඟින් රසායනික ද්‍රව්‍ය අවශෝෂණය කෙරුණු අතර, ඉන් ජලය විෂ විය. සාගර ජීවීන් මෙම විෂ ජලය සහ රසායනික ද්‍රව්‍ය පරිභෝජනය කරන අතර, එම විෂ ද්‍රව්‍ය ඔවුන්ගේ ශරීර තුළ එකතු වී, ආහාර දාම ඔස්සේ තවත් සතුන් වෙත ගමන් කරමින් සාන්ද්‍ර විය හැකිය. මෙය දේශීය ධීවර කර්මාන්තයට මෙන්ම අපනයන වෙළඳපොළට ද දිගු කාලීන බලපෑමක් ඇති කරයි. ශ්‍රී ලංකාව ලෝකයේ මුහුදු ආහාර අපනයනයෙන් ලොව පළමු රටවල් 50 අතරට ශ්‍රේණිගත වී ඇති අතර, ලෝක අපනයන වෙළඳපොළේ ශ්‍රී ලංකාවට හිමි කොටස 0.2%කි. කෙලවල්ලන්, ඉස්සන් සහ කකුලුවන් වැනි ශ්‍රී ලංකීය මුහුදු ආහාර එහි අද්විතීය, ආවේණික රසය සහ වයනය නිසා විශාල ප්‍රසිද්ධියක් උසුලයි. එම රසය සහ වයනයට හේතු විය හැක්කේ ශ්‍රී ලංකාවේ විශේෂිත දේශගුණික තත්ත්වයන් සහ රට අවට මුහුදු ජලයේ සහ එම පරිසර පද්ධති වල සුවිශේෂීතා ය. ඒ අනුව සාමුද්‍රික විපත් නිසා මාළු වෙළඳාමට සිදු වන හානිය ඉතා ඉහළ මට්ටමක පවතියි. 2019 වසරේ දෙසැම්බර් මස EDB විසින් සැකසුන කර්මාන්ත හැකියාවන් වාර්තාවට අනුව, කලපු සහ වෙරළබඩ ප්‍රදේශවල භාවිත කරන කුඩා සාම්ප්‍රදායික යාත්‍රා 15022 (48%ක් මෝටර් සහිතය.) සහ ෆයිබර්ග්ලාස් වේග බෝට්ටු 8334 ඇතුළුව ධීවර බෝට්ටු 26600ක් ඇත. එම නිසා සාමුද්‍රික ව්‍යසනවලට මිනිසුන් සුළු ප්‍රමාණයක් නිරාවරණය වේ. ශ්‍රී ලංකාවේ ජන සමාජ හා ආර්ථික කටයුතුවල ඉතා වැදගත් කාර්‍ය්භාරයක් මත්ස්‍ය සහ ධීවර අංශවලට ඇත. රටේ දළ දේශීය නිශ්පාදිතයෙන් 2.7%ක් පමණ මෙම කර්මාණ්ත ඔස්සේ දායකත්වයෙන් ලබ ගැනේ. එම නිසා රටේ ආර්ථික ස්ථාවරත්වය සහ දියුණුව උදෙසාද සාමුද්‍රීය විපත් කළමණාකරණය වැදගත් වේ.
ශ්‍රී ලංකාව කාර්යබහුල නාවික මාර්ගයක, සාමුද්‍රීය විපත්වලට නිරාවරණය වන පසුබිමක පැවතියද, රටේ සුභසිද්ධිය තකා මෙම ව්‍යසන ඵලදායී ලෙස අවම කරගැනීම සඳහා වැඩිදුර පර්යේශන මෙහෙයවීම සිදු කිරීම වැදගත් ය.