Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
අලි-මිනිස් ගැටුම් (HEC) පසුගිය දශක කිහිපය පුරාවටම ක්‍රමයෙන් උග්‍ර අතට හැරෙමින් පවතින බව බොහෝ දෙනා දන්නා කාරණයක්. මෙම විශාල පාරිසරික හා සමාජ-ආර්ථික ගැටලුවට බලපෑ ඇති හේතු කිහිපයක්ම තිබෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් වන බලපෑමක් ද අලි-මිනිස් ගැටුම් උග්‍ර වීමට හේතු වී තිබේද? මේ පිලිබඳ CFC ලංකා කණ්ඩායම කරුණු විමසුමක් සිදුකළා.
අලි පර්යේෂණ පිළිබඳ විශේෂඥයකු සහ සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මහාතා හා ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ අධ්යක්ෂ සුපුන් ලහිරු මහතා යන විශේෂඥයන්ගේ අදහස් මේ සම්බන්ධව ලබා ගැනීමට අප කටයුතු කළා.
ශ්‍රී ලංකාවේ මිනිස් ජනගහණය සීඝ්රයෙන් වර්ධන වේ. එබැවින් වනාන්තර හා නිසරු සහිත බිම් වලින් වැඩි ප්‍රමාණයක් මිනිස් පරිභෝජනය සඳහා යොදා ගැනීමට සිදුවී තිබේ. සංඛ්‍යාලේඛන වලට අනුව, රටේ ඉඩම්වලින් 82% ක් මිනිසුන් විසින් අත්පත් කරගෙන සිටින අතර අලි ඇතුන් සැරිසරන පරාසය මුළු භූමියෙන් 62% ක් පමණ වේ. මෙයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ භූමියෙන් 44% ක් මිනිසුන් සහ අලි ඇතුන් අතර බෙදී යන බවයි.
ආචාර්ය ප්‍රීතිවිරාජ් ප්‍රනාන්දු මහතා පැහැදිලි කරනුයේ අලි ඇතුන්ට ප්‍රමාණවත් ආහාර අවශ්‍යතා ඝන වනාන්තර ආවරණයක් සහිත ආරක්ෂිත ප්‍රදේශ (PAs) වලින් නොලැබෙන බවයි. ආසියාතික අලින්ගේ ආහාර බොහෝ දුරට තණබිම් මත රඳා පවතී. එබැවින් ශ්‍රී ලංකාවේ බොහෝ අලි ඇතුන්ට ආහාර සෙවීම සඳහා ඝන වනාන්තරවලින් මිදී තණ බිම් වලට යාමට සිදුවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස අලි-මිනිස් අන්තර්ක්‍රියා ඇතිවේ. උපකල්පනයක් ලෙස ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 6,000ක් පමණ සිටිය හොත් එයින් අලි ඇතුන් 4,000කට අධික ප්‍රමාණයක් මිනිසුන් වාසය කරන ප්‍රදේශ හරහා සැරිසැරීමට සිදුව තිබේ.
අලි ඇතුන් වැඩි කැමැත්තක් දක්වනුයේ, අතහැර දැමූ හේන්, ඉඩම්, තෘණ බිම්, හෝ අස්වනු නෙළන ලද කුඹුරු වැනි ප්‍රදේශවලටය. මෙයට හේතුව වන්නේ, විශේෂයෙන් නියඟ කාලවලදී, ආහාර සොයා ගැනීමේ පහසුවය.
දීර්ග කාලීනව පවතින නියඟය වෘක්ෂලතාදියට තදබල බලපැම් ඇති කිරීම හේතුවෙන් මෑත කාලීනව අලි මරණ සංඛ්‍යා වැඩිවීමට දේශගුණික විපර්යාස බලපා තිබේ. එමෙන්ම, නියඟය බහුලව පවතින වකවාණුවලදී, දිස්ත්‍රික්ක 19 කින් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131 කින් අලිමිනිස් ගැටුම් වාර්තා වී ඇත.
සාමාන්‍යයෙන් වැඩිහිටි පිරිමි අලි, මිනිස් වාසස්ථාන වෙත ගොස් ගැටීම්, හානි කිරීම් සිදු කරන අතර අතර ගැහැණු සතුන් සහ පැටවුන් වනයේ රැඳී සිටින බව සුපුන් ලහිරු ප්‍රකාශ් මහතා සඳහන් කරයි. මෙහි අවාසනාවන්ත කරුණ වන්නේ, ඝන වානාන්තර වල පමණක්ම වාසය කරන අලි ඇතුන්, මන්දපෝෂණයෙන් පෙළීම හේතුවෙන් මිය යෑමේ අවදානමට ලක් වීමයි.
දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් වන හදිසි ගංවතුර තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකම අලි මරණ එකක් හෝ දෙකක් සිදුවන බව සුපුන් මහතා අවධාරණය කරයි. තමන් පර්යේෂණ කළ කාලසීමාව තුළ මෑත කාලයේ අලි මරණවලට වඩාත් ප්‍රබල හේතුවක් වූයේ හදිසි ගංවතුර බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටී.
ශාක වල වෙනස්කම් ඇති වීමට දේශගුණික විපර්යාස බලපායි. එමඟින් ආක්‍රමණශීලී ශාක වර්ධනය වීමට මන්පෙත් සලසයි. වෛද්‍ය ප්‍රිතිවිරාජ් මහතා පැහැදිලි කළේ, ගඳපාන (Lantana camara), පොඩි සිඤ්ඤො මරන් (Eupatorium odoratum) ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ බොහෝ ප්‍රදේශයක ව්‍යාප්තව ඇති බවයි. දළ වශයෙන් මෙම ආක්‍රමණශීලී ශාකවලින් (IAS) ආවරණය වන ප්‍රදේශය හෙක්ටයාර 900ක් ලෙස පරිසර සංවිධාන සම්මේලනය (FEO) ගණන් බලා තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link
උඩවලව ජාතික වනෝද්‍යානයේ ගඳපාන සහ Vachellia eburnea (Syn: Acacia eburnean), ගිනි අන්දර යන ශාකයන් ව්‍යාප්තව ඇත. දකුණු ආසියාවේ විශාලම අලි රංචුව නැරඹිය හැකි ස්ථානය ලෙස සැලකෙන මින්නේරිය ජාතික වනෝද්‍යානයට, කටු උණ ( Bambusa arundinacea) සහ අගාද (Xanthium indicum) යන ශාක තර්ජනයක්ව පවතී.
තවද, කලපු අන්දර (Prosopis juliflora) දකුණේ ඝන වනාන්තර ආවරණයක් සහිත ආරක්ෂිත ප්‍රදේශ (Pas) වල ඇත. මෙම තත්ත්වයන් සත්ත්ව වර්ධනය අඩු වීමට බලපායි. ආක්‍රමණශීලී වෘක්ෂලතා ව්‍යාප්ත වීම, ජලජ වාසස්ථාන සීඝ්රයෙන් වෙනස් කරන අතර වාසස්ථානවල ගුණාත්මක භාවය අඩුවීමට ද හේතු වනබව ප්‍රිතිවිරාජ් මහතාගේ අදහසයි. සුපුන් ප්‍රකාශ් මහතාගේ අදහස වනුයේ ආක්‍රමණශීලී ශාක වාසස්ථාන විනාශයට හේතු වන අතර එමඟින් අලි ඇතුන්ට පමණක් නොව අනෙකුත් තෘණ ශාක භක්ෂකයන්ට ද අහිතකර බලපෑම් ඇති කරන බවයි.
පුනර්ජනනීය බලශක්තිය දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා හොඳ විසඳුමකි. මෙම කාර්යය සිදුකළ යුත්තේ පරිසර පද්ධතිවලට සහ සමාජ යහපැවැත්මට සිදුවන හානිය නැති කර, පාරිසරික බලපෑම් ඇගයීම් (EIAs) සිදුකිරීමෙන් පසුවය. මේ ගැන වැඩි විස්තර මෙතනින්.
අලි ඇතුන්ගේ ඒ්කරාශි වීමේ ස්ථාන අඩු කිරීමට හේතු වූ අවස්ථාවක් පිළිබඳව එක් උදාහරණයකි මොරගහකන්ද ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය. මින්නේරිය ජාතික වනෝද්‍යානයට එහි බලපෑම තදින්ම දැනී ඇති අතර මින්නේරිය වැව ඉවුරේ ආහාර ගත් අලි ඇතුන් සංඛ්‍යාව සිය ගණනකින් අඩු වී ඇති අතර පසුගිය දිනවල ද මරණ කිහිපයක් වාර්තා වී තිබේ. මේ නිසා අවට ගම්මානවල මන්දපෝෂණයෙන් පෙළෙන අලි ඇතුන් සහ අලි මිනිස් ගැටුම් වැඩි වී ඇත.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ, දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් අවම කිරීමේ සැලසුම් සඳහා මූල්‍යමය වශයෙන් ආයෝජනයන් සිදු කිරීම සිදුකිරීමේ හැකියාවක් නොමැත. සුපුන් ප්‍රකාශ් මහතාගේ අදහස වනුයේ අපගේ ක්ෂුද්‍ර දේශගුණය ප්‍රාදේශීය පරිමාණයෙන් පවත්වා ගැනීමට අපට හැකියාව ඇති බවය. පවතින ආහාර අර්බුදය හේතුවෙන් බොහෝ ප්‍රදේශවාසීහු මහ පරිමාණයෙන් සිදු කරන වගාවන් සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීමට පෙළඹී සිටින බවත් මේ සඳහා පිළියම් ලෙස කැබිලිත්ත රක්ෂිතයේ හරිත ආවරණය එක් උදාහරණයක් බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. වන විනාශය දේශගුණික විපර්යාස තීව්ර කිරීමට හේතු වන බව අප අවබෝධ කර ගැනීම සහ දැනුවත් කිරීම්ද සිදු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී තහවුරු වේ.
2010 සිට 2019 දක්වා කාලය තුළ අලි මිනිස් ගැටුම් සිද්ධීන් 14,516 ක් වාර්තා වී ඇති අතර මිනිස් මරණ 807 ක්, මිනිස් තුවාල 579 ක් සහ අලි ඇතුන් නිසා සිදු වූ දේපල හානි 10,532 ක් සහ අලි මරණ 2631 ක් සිදු වී තිබේ. අලි මිනිස් ගැටුම් සඳහා දේශගුණික විපර්යාසය විශාල වශයෙන් බලපා ඇති අතර මෙම සංඛ්‍යා, පෙර දශකය තුළ බෙහෙවින් අවම වී තිබේ. එබැවින්, දේශගුණික විපර්යාසයන් ඇති වීමට බලපාන සාදක අඩු කිරීම, ශ්‍රී ලංකාව තුළ අලිමිනිස් ගැටුම අවම කිරීමෙහි ලා ප්‍රබල විසඳුමක් විය හැකි බවට මෙමගින් පෙන්වා දිය හැක.