Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) ස්ථාපිත කළ දිනය සිහිකරමින් සෑම මාර්තු 23වන දිනකම සමරනු ලබන ලෝක කාලගුණ විද්‍යා දිනයේ මෙවර තේමාව වූයේ ‘පරම්පරා ඔස්සේ කාලගුණය, දේශගුණය සහ ජලයේ අනාගතය’යන්නයි. කාලගුණ විද්‍යාව යනු වායුගෝලය සහ එහි ඇතිවන සංසිද්ධි සමඟ පවතින විද්‍යාවයි. ඊට කාලගුණය සහ දේශගුණය යන දෙකම ඇතුළත් වේ. කාලගුණය යනු වායුගෝලයේ කෙටි කාලීන වෙනස්කම් වන අතර දේශගුණය යනු දිගු කාලයක් පුරා ප්‍රදේශයක සාමාන්‍ය කාලගුණයයි. කාලගුණය පැයෙන් පැයට, දිනෙන් දිනට, මාසයෙන් මාසයට හෝ වසරින් වසරට වෙනස් විය හැක. තවද විවිධ ස්ථානවල වසර කිහිපයක් තිස්සේ සටහන් වන කාලගුණ රටාවන් එම ප්‍රදේශයේ දේශගුණය පිළිබඳ ඉඟියක් ලබා දෙයි. මේ දිනවල කාලගුණ විද්‍යා පර්යේෂණවල වැදගත් අංශයක් වන්නේ හරිතාගර වායු විමෝචනය දේශගුණික විපර්යාස සහ එහි බලපෑම් ය.
වායුගෝලීය තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනය කාලගුණ විද්‍යාව ලෙස හඳුන්වන්නේ ඇයි? මෙම යෙදුම පුරාණ ග්‍රීසියෙන් ව්‍යුත්පන්න වී ආවකි. ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් විසින් “Meteorologica” (ක්‍රි.පූ. 340) නම් ග්රන්ථයක් රචනා කර ඇති අතර, එහි එම කාලය තුළ පැවති කාලගුණය සහ දේශගුණය සම්බන්ධ සියලු ආකාරයේ දත්ත සහ සංකල්ප ඇතුළත් කර ඇත.
ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යාව
අප කණ්ඩායම විසින් ලෝක කාලගුණ විද්‍යා දිනයට සමගාමීව සාමාන්‍ය ජනතාව අළලා මාසයක කාලයක් දත්ත රැස් කිරීමෙන් සිදු කළ සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 53%ක් ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන කාලගුණ දත්ත පිළිබඳ සෑහීමකට පත් නොවන අතර 12% ක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහින් පළ කරන කාලගුණ අනාවැකි පිලිබදව ඉතා සෑහීමකට පත්වේ. කෙසේ වෙතත්, බහුතරය දේශීය කාලගුණ දත්ත පිළිබඳ සෑහීමකට පත් නොවේ. මෙහිදී අපි දේශීය කාලගුණ අනාවැකි පිළිබඳ මහජනතාවගෙන් අදහස් විමසුවෙමු.
අප සමීක්ෂණයේදී, කාලගුණ නිරීක්ෂණ ප්රවණතා කිහිපයක් සම්බන්ධයෙන් අදහස් විමසීමට, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ කාලගුණ විද්‍යාඥ මුදිත මලික විමලසූරිය මහතා සම්බන්ධ කර ගත්තෙමු.
සාමාන්‍ය ජනතාවගෙන් මතු වූ වැදගත්ම ගැටලුව වූයේ ප්‍රාදේශීය කාලගුණ විද්‍යා මධ්‍යස්ථානවල කුමන ආකාරයේ දත්ත රැස් කරන්නේද ? සහ කුමණ ආකාරයේ තාක්ෂණයක් භාවිතා කරන්නේද ? යන්නයි.
ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (DOM) ස්ථාපිත කර ඇත්තේ කාලගුණ විද්‍යා දත්ත රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ ඊළඟ පරම්පරාව සඳහා ඒවා සංරක්ෂණය කිරීම සඳහා ය. අධ්යක්ෂ මලික විමලසූරිය මහතා පැහැදිලි කළේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ විද්‍යා දත්ත රැස් කරන්නේ synoptic stations, pilot balloon stations, සහ radiosonde stations හරහා බවත් ඒවා මගින් කාලගුණ අනාවැකි,අනතුරු ඇඟවීම්, හිරු උදාව, සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ සහ අනෙකුත් දේශගුණ දත්ත පිළිබඳ තොරතුරු සපයනු ලබන බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ප්‍රජාව සහ ඔවුන්ගේ එදිනෙදා කටයුතු සඳහා කාලගුණ අනාවැකි ඉතා වැදගත් වේ. ඒ අනුව කාලගුණ අනාවැකි වර්ග දෙකක් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරයි. ඉන් කෙටි කාලීන පුරෝකථනවලට ඇතුළත් වන්නේ,
මීට අමතරව, නියඟ සහ වර්ෂාපතනය පිළිබඳ තොරතුරු මධ්‍යම පරාසයේ පුරෝකථන වලට ඇතුළත් වේ. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි දූපතකි. බොහෝ මිනිසුන්ගේ ජීවනෝපායන් කාලගුණය සහ දේශගුණය මත රඳා පවතී. වෙරළබඩ ප්‍රජාව තුළ ප්‍රධාන වශයෙන් ධීවර කර්මාන්තය සිදුවේ. රට අභ්‍යන්තරයට යන විට බොහෝ දෙනා යැපෙන්නේ ගොවිතැනෙනි. එසේ නිවැරදි කාලගුණ අනාවැකියක් ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
ධීවර සහ නාවික ප්‍රජාව සඳහා කාලගුණ අනාවැකියේ වැදගත්කම
විවිධ හේතූන් මත කාලගුණ අනාවැකි ධීවර හා නාවික ප්‍රජාවට අතිශයින් වැදගත් වේ. ධීවර සහ නාවික ප්‍රජාවන් දෙකම ක්‍රියාත්මක වන්නේ කාලගුණික තත්ත්වයන් ඉක්මනින් හා අනපේක්ෂිත ලෙස වෙනස් විය හැකි විවෘත ජලයේය. මුහුදේ දී ආරක්ෂාව ඉතාමත් තීරණාත්මක වන බැවින්, නිවැරදි කාලගුණ අනාවැකි මෙම ප්‍රජාවන්ට ආරක්ෂිතව කටයුතු කිරීමටත් නැවත වරායන්ට යාමට අවශ්‍ය අවස්ථා පිළිබඳවත් තීරණ ගැනීම, ඔවුන්ගේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට ඉඩ සලසයි. බෝට්ටු දියත් කළ යුතු සහ ආපසු ලබා ගත යුත්තේ කවදාදැයි දැන ගැනීම මෙන්ම නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම සිදු කළ යුත්තේ කවදාද යන්නද මෙයට ඇතුළත් වේ. මීට අමතරව, සුළි කුණාටු, සුනාමි වැනි දරුණු කාලගුණික සිදුවීම් ජීවිත අවදානම් ද ඇති කළ හැකිය. 2004 දෙසැම්බරයේ වෙරළ තීරයට බලපෑ සුනාමියේ දී, බොහෝ ධීවරයින් දැනුවත් භාවය නොමැතිකම හේතුවෙන් මුහුදු ගිය බව නොරහසකි. එවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා නිවැරදි අනාවැකි සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැදගත් වේ.
කාලගුණ දත්ත විශ්ලේෂණයේ තාක්ෂණික දියුණුව
අපගේ අධ්‍යයනයට අනුව බොහෝ දෙනා පවසන්නේ ලංකාවේ තාක්ෂණික භාවිතය අඩු බවයි.අපි ඒ ගැන ද විමසීමක් කළා.
“ශ්‍රී ලංකාවේ පවතින තාක්ෂණය අනුව මෙම අනතුරු කල්තියා දැනුම් දීමේ යම් යම් අඩුපාඩු තිබෙනවා. සතියකට පමණ පෙර ලබා දෙන තොරතුරුවලට වඩා දිනකට පෙර ලබා දෙන තොරතුරු වඩාත් නිවැරදියි. කාලගුණය යනු ඉක්මනින් වෙනස් වන දෙයකි බවත් බොහෝ දේශගුණික විපත්වලට පිළියම් යෙදිය හැක්කේ දිනකට හෝ දෙකකට පෙර බව ඔහු වැඩිදුරටත් පැවසුවා.’
කාලගුණ දත්ත සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව කෙරෙහි එහි බලපෑම
අප කලින් සඳහන් කළ පරිදි කාලගුණය සහ දේශගුණය මත රඳා පවතින තවත් ප්රමුඛ අංශයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. කාලගුණ වෙනස්වීම් ශාක වර්ධනය, දිලීර රෝග, සහ පළිබෝධ වැනි බොහෝ කෘෂි විද්‍යාත්මක සිදුවීම් තීරණය කරයි. එමගින් කෘෂිකර්මාන්තයෙන් යැපෙන ජනතාව පීඩාවට පත් වේ.
කෘෂිකාර්මික කාලගුණ විද්‍යාව යනු කෘෂිකර්මාන්තයේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක දියුණුව සඳහා කාලගුණය සහ දේශගුණය පිළිබඳ විද්‍යාවයි. වර්ෂාපතන හා නියඟ දත්ත කෘෂිකර්මාන්තයේ වැදගත්ම කාලගුණික විචල්‍යතා වේ. “කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කළ හැක්කේ සුළං, උෂ්ණත්වය සහ වර්ෂාපතනය පිලිබදව දත්ත නිවැරදිව ලබා දීම පමණක්” බවත් අධ්යක්ෂ මලික විමලසූරිය මහතා පැහැදිලි කලේය. කෙසේ වෙතත් අපගේ සමීක්ෂනයේදී අප සමග අදහස් දැක්වූ කිහිප දෙනෙක් පැවසුවේ මිනිසුන් පෙරට වඩා දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන දත්ත විශ්වාස කරන බවයි.
සාම්ප්‍රදායික කාලගුණ සංකල්ප සහ ඒවායේ භාවිතය
දැනටමත් අපි දේශගුණික විපර්යාසවල දිගුකාලීන බලපෑම්වලට මුහුණ දී සිටිමු. සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම අනුගමනය කළ ගොවීන් මේ වන විට නිරන්තව වෙනස් වන කාලගුණික තත්ත්ව හේතුවෙන් අපහසුතාවට පත් වී ඇත. මේ නිසා අස්වැන්නට හානි සිදු වන අතර ප්‍රමාණවත් අස්වැන්නක් නොමැති වීම නිසා ආහාර සුරක්ශිතතාවයට ද තර්ජන එල්ලවේ. මෙය ගොවීන්ගේ ජීවනෝපායට, රටේ පුරවැසියන්ට, සෞඛ්‍ය පද්ධතියට සහ පසුව රටේ ආර්ථිකයට බලපායි. අපගේ සමීක්ෂණයේ දී අහඹු ලෙස තෝර ගත් පුද්ගලයින් 102 කින් ප්‍රතිචාර වාර්තා කර ඇති අතර ප්‍රධාන වශයෙන් අවුරුදු 25 ට වැඩි පුද්ගලයින් එයට ඇතුලත් වේ. අපගේ සමීක්ෂණ ප්‍රතිඵලවලට අනුව, 49%ක් සම්ප්‍රදායික කාලගුණ අනාවැකි සංකල්ප විශ්වාස කරන අතර, එසේ නොකරන්නේ 7.8%ක් පමණි.
ජාතික කාලගුණ අනාවැකි සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මෙම සාම්ප්‍රදායික කාලගුණ අනාවැකි ක්‍රම කිහිපයක් ඒකාබද්ධ කළ නොහැක්කේ මන්දැයි සොයා බැලීමට අපට අවශ්‍ය විය. ශීඝ්‍රයෙන් වෙනස් වන දේශගුණයට සාම්ප්‍රදායික ක්‍රමවේද ඔස්සේ ආමන්ත්‍රණය කළ නොහැකි බව කාලගුණ විද්‍යාඥ අනුෂා වර්ණසූරිය පැහැදිලි කළාය.
ආර්ථිකය සහ කාලගුණ රටා වල බලපෑම්.
කෘෂිකාර්මික, ධීවර සහ නාවික ප්රජාවන්ගේ ආර්ථික ශක්‍යතාව කෙරෙහි කාලගුණික තත්ත්වයන් සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. නිදසුනක් වශයෙන්, සුළි කුණාටු වැනි දරුණු කාලගුණික තත්ත්ව බෝට්ටු සහ උපකරණ වලට හානි කරයි. මාළු සහ මුහුදු ආහාර වල ගුණාත්මක භාවයට බලපායි. මීට අමතරව අස්වැන්න අහිමි වීම සහ කෘෂිකාර්මික නිෂ්පාදන වලට රෝග පැතිර යාම, ආහාර සැපයුම සීමා කරන අතර, ආනයනය මත යැපීමට ද සිදුවනු ඇත. එබැවින්, ප්රජාවන්හී ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ ආර්ථික යහපැවැත්ම සඳහා නිවැරදි සහ කාලෝචිත කාලගුණ අනාවැකි අත්‍යවශ්‍ය වේ.
“කෙසේ වෙතත්, ජපානයේ අරමුදල් සමඟ, ප්‍රමාණාත්මක වර්ෂාපතන පුරෝකථනය සඳහා අවශ්‍ය උපකරණ ශ්‍රී ලංකාවට ඉක්මනින් ලැබෙනු ඇත.” අධ්යක්ෂ මලික විමලසූරිය මහතා වැඩිදුරටත් පැවසුවේය. “එයට රටේන් හතරෙන් එකක් ආවරණය කළ හැකි බවත් ශ්‍රී ලංකාවට නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අවම වශයෙන් එවැනි උපකරණ හතරක් අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තම නියමිත ඉලක්ක සපුරා ගැනීමේදී මුහුණ දෙන අභියෝග පිළිබඳව ද අපි සාකච්ඡා කළෙමු. අපගේ මහජන සමීක්ෂණය තුළින් අපට පෙනී ගියේ අසාර්ථක කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් බොහෝ අය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට දොස් පවරන බවයි. නමුත් අධ්යක්ෂ මලික විමලසූරිය මහතා පැහැදිලි කළේ රටේ මූල්‍ය බාධකය අනාවැකිවල අපේක්ෂිත ප්‍රමිතිය සැකසීමට ඇති ප්‍රධාන ගැටලුව බවයි.
මෙම ප්රයත්න වලට සමගාමීව , ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා තවත් බොහෝ කාර්යයන් තිබේ. නව්‍ය සහ තිරසාර විසඳුම්, අඛණ්ඩ ජාත්‍යන්තර සහයෝගීතාව සහ සහාය ඵලදායි ලෙස, නිවැරදිව කාලගුණ අනාවැකි ඉදිරි පත් කිරීමටත්, ගෝලීය අභියෝගවලට සාර්ථකව මුහුණ දීමටත් වැදගත් වනු ඇත.