Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
ආගන්තුක සහ ආක්‍රමණශීලී ශාක විශේෂ යනු මොනවාද?
ආක්‍රමණශීලී, ආගන්තුක ශාක විශේෂ (Invasive alien plant species -IAS) යනු තම ස්වභාවික වාසස්ථානයන්ගෙන් බැහැරව, ඉන් වෙනත් පිටත කලාපවලට හඳුන්වා දෙනු ලබන ශාක විශේෂයන් වේ. ැමෙන්ම මෙම ශාක විශේෂදේශීය ජෛව විවිධත්වයට, පරිසර පද්ධතිවල ක්‍රියාකාරීත්වයට මෙන්ම මානව යහපැවැත්ම සඳහාද අහිතකර බලපෑමක් එල්ල කරයි. ආක්‍රමණශීලී, ආගන්තුක ශාක පරිසර පද්ධතියට ආවේණික නොවන අතර, තමාගේ ස්වභාවික වාසස්ථාන නොවන ප්‍රදේශයක සාර්ථකව ජීවත් වෙමින්, එම ප්‍රදේශයට පාරිසරික සහ ආර්ථික හානි ඇති කරවයි. ජලය සහ පෝෂක සඳගා ඇතිවන තරඟයේදී දේශීය විශේෂවලට වඩා ප්‍රමුඛ වී, දේශීය ශාක විශේෂවල පැවැත්මට තර්ජන ඇති කරන මෙම ශාක විශේෂ, දේශීය පරිසර පද්ධති සහ ජෛව විවිධත්වය අභියෝගයට ලක් කරයි. ස්වභාවික සතුරන්ගෙන් මෙවන් ශාක කෙරෙහි ඇතිවන අවම බලපෑම නිසා, මෙම ශාක ඉක්මනින් ප්‍රජනනය කරමින් ප්‍රදේශය පුරා පැතිරී යයි. දේශීය ශාක සඳහා පරිසරයේ ඇති අවකාශය සහ ජලය මෙම ශාක විසින් ලබා ගනී. සාමාන්‍ය දේශීය ශාකවලට සාපේක්ෂව වැඩි ජල ප්‍රමාණයක් පරිභෝජනය කරන මෙම ශාක අපගේ වටිනා ජල සම්පත් වේගයෙන් ක්ෂය කර දමයි.
පසුගිය ශතවර්ෂ කිහිපයක කාලය තුළ, මිනිසා විශාල දුරවල් ගමන් කිරීමටත්, දුර බැහැර ගමනාන්ත වෙත බඩුබාහිරාදිය වැඩි වශයෙන් ප්‍රවාහනය කිරීමත් ආරම්භ කළේ ය. මෙම මිනිසා සහ භාණ්ඩ වැඩි දුරවල් ඔස්සේ ගමන් කිරීමත් සමඟ නව ශාක හා සත්ත්ව විශේෂ ද තම මුල්බිම්වල සිට වෙනත් විදේශික පරිසරයන් කරා පැතිරීමට මාර්ගය සැලසිණ. මෙලෙස හිතාමතා මිනිසුන් විසින් ගෙන එන ලද හෝ අහම්බෙන් පැතිරෙන බොහෝ විශේෂ විදේශීය පාරිසරික තත්ත්ව තුළදී ජීවත් වීමේ දුෂ්කරතාව නිසා කෙටි කලකින් විනාශ වන නමුත්, ඇතැම් සීමිත ජීවී විශේෂයන් නව, විදෙස් පරිසර තත්ත්වවලට අනුවර්තනය වෙමින් ඒ තුළ ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගනී. මෙවන් විශේෂ අවසානයේ ආක්‍රමණශීලී විශේෂ බවට පත්වී එම නව පරිසරය තුළ වේගවත්ව පැතී ආක්‍රමණශීලී, ආගන්තුක ශාක විශේෂයක් බවට පත් වේ.
දේශගුණික විපර්‍යාස සහ ආක්‍රමණශීලී, ආගන්තුක ශාක
දේශගුණික විපර්‍යාස සහ ආක්‍රමණශීලී විශේෂ වර්තමාන ලෝකයේ පාරිසරික පද්ධතියට විශාල, අසාමාන්‍ය අභියෝගයක් එල්ල කරන පාරිසරික ගැටළු ලෙස සැලකේ. දේශගුණික විපර්‍යාස සහ ඉහල යමින් පවතින ගෝලීය උෂ්ණත්වය, ජීවී විශේෂයන්ගේ භූ ගෝලීය වාසස්ථාන පරාසයන්ට ප්‍රභල ලෙසම බලපෑම් ඇති කරයි. ඒ ඔස්සේ දේශගුණික විපර්‍යාස පරිසරය තුළ නව ආගන්තුක ශාක විශේෂ පැතිරීමට අවශ්‍ය පාරිසරික සාධක සපයමින්, ඒවාට ආක්‍රමණශීලී වීම සඳහා පසුබිම සකසා දෙයි. ආක්‍රමණශීලී සහ ආගන්තුක ශාක විශේෂ මඟින් ස්වභාවික වාසස්ථාන, කෘෂිකාර්මික පරිසර පද්ධති සහ නාගරික පරිසර පද්ධතිවල දේශගුණික විපර්‍යාස සඳහා ඇති ඔරොත්තු දීමේ හැකියාව අඩු කරයි. එසේම, ජීව විද්‍යාත්මක ආක්‍රමන සඳහා මුහුණ දීමට වාසස්ථානවලට ඇති ශක්තිය ද, දේශගුණික විපර්‍යාස මඟින් අඩු කරවයි.
දේශගුණික විපර්‍යාසවල ස්වභාවය ඔස්සේ ඇතිවිය හැකි තත්ත්ව කිහිපයක් තිබේ. එක් පසකින් එය සීමාකාරී සධකයක් බවට පත්විය හැක. ගංවතුර, නියඟය වැනි ඉතා ආන්තික දේශගුණික තත්ත්ව හේතුවෙන් අපේක්ෂිත අස්වැන්න ලබා ගැනීමට බාධා ඇතිවන පරිදි කෘෂිකාර්මික භාණ්ඩ අපනයනයට බාධා එල්ල කිරීමට දේශගුණික තත්ත්වවල විචල්‍යතාවය සමත් වේ. ආහාර සැපයුමේ සියුම් සමතුලිතතාවයට බාධා කිරීමට අධික ජනගහණය සහ ජල හිඟය හේතු වේ. ඒ පිළිබඳව සැලකූ විට, දේශගුණික විපර්‍යාසයන් විවිධ රටවල ආක්‍රමණික ජීවී විශේෂයන් සඳහා ස්වභාවික පරිසරයේ ඇති අවදානම අඩු කරයි. ඒවාට ඇති බාධා අවම කරයි. තවත් පසකින් ගත් විට, ආන්තික තත්ත්ව විසින් දේශගුණික සරණාගතයන් සංඛ්‍යාව වැඩි කරනු ඇත.
ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී ශාක විශේෂ
අභ්‍යන්තර වෙළඳාම, ආධාර, සංචාරක කටයුතු සහ ප්‍රවාහනය ආගන්තුක, ආක්‍රමණශීලී විශේෂ ශ්‍රී ලංකාවේ ස්වභාවික සහ කෘත්‍රිම පරිසර වෙත ව්‍යාප්ත වීමට හේතු වේ. වර්ග කිලෝමීටර 62,707ක භූමියක් සහ වර්ග කිලෝමීටර 2,905ක ජල මූලාශ්‍ර වලින් සමන්විත ශ්‍රී ලංකාව විවිධ භූ ගෝලිය සැකැස්මවල් දරන, නිවර්තන කලාපීය දේශගුණයක් සහිත දූපත් රාජ්‍යයකි. එමෙන්ම ශ්‍රී ලංකාව බොහෝ දේශීය ශාක සහ සත්ත්ව විශේෂවලට හිමිකම් කියන, ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් කලාප 35න් එකක් ලෙස වර්ගීකරණය කෙරුණු වැදගත් කලාපයකි. 2012 ජාතික රතු ලැයිස්තුවට අනුව, ශ්‍රී ලංකාව පෘෂ්ඨවංශී විශේෂ 750ක්, අපෘ ෂ්ඨවංශී විශේෂ 1500ක්, සපුෂ්පක ශාක විශේෂ 3150ක්, පර්ණාංග විශේෂ 336ක්, පක්ෂී විශේෂ 240ක්, උරග විශේෂ 211ක්, සමනල විශේෂ 245ක් සහ වෙනත් භෞමික ජීවී විශේෂ 250ක් පමණ සඳහා උරුමකම් කියයි. පොහොසත් වෙරළබඩ සහ සාගරික ජෛව විවිධත්වය නිසාවෙන්,කොරල්පර, මුහුදු තෘණ පද්ධති, කඩොලාන, ලවණ සහිත වගුරුබිම්, වැල්ල සහ වැටි වැනි සුවිශේෂී පරිසර පද්ධතිවල පැවැත්මට සමගාමීව, දෘඩ කොරල් විශේෂ 208ක්, සමුද්‍ර මොලුස්කාවන් විශේෂ 750ක් සහ සාගර මසුන් විශේෂ 1300කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ජීවත් වෙයි. කෙසේ නමුත්, මේ වන විට ශ්‍රී ලංකාව ආශ්‍රිතව මෙලෙස පැතිරී පවතින අද්විතීය ජෛව විව්ධත්වය පරිහානියට ලක් වෙමින් පවතී. රට තුළ හමුවන පක්ෂී විශේෂ අතරින් 27%ක්, උභයජීවී විශේෂ අතරින් 66%ක්, ක්ෂීරපායීන් අතරින් 56%ක් , මිරිදිය මත්ස්‍ය විශේෂ අතරින් 49%ක්, උරගයින් අතරින් 59%ක් සහ සපුශ්පක ශාක අතරින් 44%ක් මේ වන විට වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවට සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් රට තුළ ආක්‍රමණික විශේෂ වියළි කලාපය, පහතරට තෙත් කලාපය, උඩරට වියළි කලාපය ඇතුළු දීප ව්‍යාප්ත බොහෝ දේශගුණික තත්ත්ව යටතේ හමුවේ. එමෙන්ම වැව්, ජලාශ, වගුරු බිම්, ඇළ දොළ, වනාන්තර, තණබිම් සහ මුඩුබිම් ආශ්‍රිත පරිසර පද්ධති ආශ්‍රිතව ඒවාගේ වැඩි ව්‍යාප්තියක් නිරීක්ෂණය කර ඇත.
දැනට දිවයින පුරා ව්‍යාප්තව ඇති ආගන්තුක ශාක අතරින්, ශාක විශේෂ 20ක් ආක්‍රමණශීලී ලෙස තහවුරු කරගෙන ඇති අතර, තවත් විශේෂ 15ක් ආක්‍රමණශීලී විය හැකි ලෙස හඳුනාගෙන තිබේ. මෙම ආක්‍රමණික ශාකවල වේගවත් ව්‍යාප්තිය නිසාවෙන්, කෘෂිකාර්මික ඉඩම් වේගයෙන් ආක්‍රමණය කිරීම නිසා ආහාර නිෂ්පාදනයට සහ ගුණාත්මකබවට අහිතකර බලපෑම් ඇති වීම, ජල ධාරිතාවය අඩුවීම, ජල දූෂණය, ජෛව විවිධත්වයේ සමතුලිතතාවයට බාධ ඇතිවීම, හිතකර ශාක විශේෂ සඳහා අවදානම් ඇති වීම, පසේ සාරවත් බවට බලපෑම් ඇතිවීම, ගිණිතණ වැනි ශාක නිසා උද්‍යාන සහ වනාන්තරවල ලැව්ගිනි තත්ත්ව උද්ගත ව්විම වැනි ගැටළු රැසක් උද්ගත වේ.
ශ්‍රී ලංකාව වෙත කලකට පෙර සිතාමතාම හඳුන්වාදුන් ඇතැම් ශාක ද, මේ වන විට වල් පැළෑටි සහ ආක්‍රමණික ශාක විශේෂ ලෙස හඳුන්වා දී තිබේ. මෙම හඳුනාගැනීම් සඳහා පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය විසින් විශාල කාර්‍ය්‍යභාරයක් ඉටු කරන ලදී.
ශ්‍රී ලංකාවේ ආක්‍රමණික, ආගන්තුක ශාක සඳහා ඓතිහාසික උදාහරණ කිහිපයක් සැකෙවින්:
උද්භිත උද්‍යාන හරහා ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දුන් ආක්‍රමණික, ආගන්තුක ශාක විශේෂ කිහිපයක් පහත වගුවේ දැක්වේ.
ශාක කුලය | ජීවී විශේෂය | සාමාන්‍ය නම | නිජබිම | හඳුන්වාදුන් වසර |
Asteraceae | Ageratina riparia | මීදුම් මල් | මෙක්සිකෝව | 1905 |
Asteraceae | Tithonia diversifolia | වල් සූරියකාන්ත | මෙක්සිකෝව | 1851 |
Clusiaceae | Clusia rosea | ගල් ගොරකා/ ගල් ඉද්ද/ ගල් පාලු | බටහිර ඉන්දීය කොදෙව් දූපත් | 1866 |
Dilleniaceae | Dillenia suffruticosa | පර | බෝර්නියෝ | 1882 |
Fabaceae | Myroxylon balsamum | කට්ටකුමංජල් | වෙනිසියුලාව | 1870 |
Fabaceae | Prosopis juliflora | කලපු අන්දර | නිවර්තන ඇමෙරිකාව | 1880 |
Fabaceae | Ulex europaeus | යුලැක්ස් | යුරෝපය | 1888 |
Iridaceae | Aristea ecklonii | Blue stars | ගෝතමාලාව | 1889 |
Melastomataceae | Clidemia hirta | කටකළු බෝවිටියා | නිවර්තන ඇමෙරිකාව | 1894 |
Melastomataceae | Miconia calvescens | යෝධ බෝවිටියා | මෙක්සිකෝව | 1888 |
Polygonaceae | Antigonon leptopus | Mexico creeper/ Coral vine | නිවර්තන ඇමෙරිකාව | 1870 |
Pontederiaceae | Eichhornia crassipes | ජපන් ජබර | හොංකොං | 1905 |
Solanaceae | Cestrum aurantiacum | මල් බටු | සුබ පැතීමේ තුඩුව | 1889 |
Verbenaceae | Lantana camara | ගඳපාන | නිවර්තන ඇමෙරිකාව | 1826 |
වැඩිදුර තොරතුරු මෙතනින් ලබාගත හැක.
ශ්‍රී ලංකාව විශේෂිත, ආවේණික ජෛව විවිධත්වයකින් සමන්විත, සංවේදී පරිසර පද්ධතිවලින් සමන්විත දිවයිනක් නිසා, ඊට ඇතිවන ජීව විද්‍යාත්මක ආක්‍රමණවලට එරෙහිව ජෛව සම්පත් සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ. ආක්‍රමණශීලී, ආගන්තුක ජීවී විශේෂ පාලනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ගයක් අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම, මෙම ක්‍රියාමාර්ගය හඳුන්වාදීමට ගත්වන කාලය සහ පැතිරී යා යුතු කලාපය කුඩාවන විට ඉක්මන් ක්‍රියාමාර්ග භාවිතය අතිශය ලාභදායී සහ ඵලදායී වේ. පසුගිය වසර කිහිපය තුළ ෂිකර්ම සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු මඟින් ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙලක් ඔස්සේ කිඹුල්වැන්න, පාතීනියම් සහ යෝධ නිදිකුම්බා ශාක ව්‍යාප්තිය සහ බෝ වීම පාලනය කරගත හැකි වූයේ අදාල පාලන සීමාවන් තුළ ඒවාගේ පැළ මුළුමනින්ම තුරන් කිරීම මඟිනි.
ආගන්තුක, ආක්‍රමණශීලී ශාකවල තර්ජනයන් වෙන් වෙන්ව ගෙන ඒ සඳහා ක්‍රියාමාර්ග ලබාගත නොහැක. මක් නිසාද යත්, මෙම තර්ජන ජෛව විවිධත්වය අහිමිවීම සහ පාරිසරික වෙනස්කම් ඇතිවීමත් සමඟ උද්ගත වන සංකීර්ණ පීඩනය ක්‍රියාවලියේම කොටසක් නිසාය. ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන සහ ආර්ථික ධාවකයන් පරිමාණයෙන් සහ විෂය පථය සංවර්ධනයෙන් ඉදිරියටම ගමන් කරයි. එනිසා ආගන්තුක, ආක්‍රමණශීලී ශාක සඳහා ඉදිරිපත් වන ප්‍රතිචාර කෙටිකාලීන නොවන විසඳුම් විය යුතුය. ඒවා විවිධ මට්ටම්වලින් සලකා බැලීම වැදගත්වන අතර, බොහෝ අවස්ථාවලදී පාරිසරික අංශ අතර සෘජු සම්බන්ධතා සහ සංවර්ධනය සහ සමාජ අරමුණු අතර සම්බන්ධතා සලකා බලන අන්තර්ක්‍රියාවලියක් අනුගමනය කිරීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී ශාක විශේෂ පිළිබඳව කටයුතු කිරීම සඳහා 1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත හඳුන්වා දී ඇති අතර, ශාක ආරක්ෂණ සේවාව ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය ලෙස ක්‍රියාත්මක වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. ඒ අනුව මෙම වේවාවේ අරමුණ ශ්‍රී ලංකාවේ ස්වදේශික ශාකවලට අහිතකර හෝ විනාශකාරී බලපෑම් ඇතිකරන ජීවීන් හඳුනාගෙන ඒවාගේ පැතිරීම වළකමින්, ශ්‍රී ලංකාවේ ශාකවල සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර, ඒවා තර්ජනයට ලක් වීම වැළැක්වීමට කටයුතු කිරීමයි.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ආගන්තුක ශාක විශේෂයන්ගේ වර්ධනය සඳහා දේශගුණික විපර්‍යාස ලබාදෙන සහයෝගය කෙබඳුද?
ගෝලීය වශයෙන් කෘෂිකාර්මික පද්ධතිවල පවතින වල් පැළෑටි සහ ආක්‍රමණික, ආගන්තුක ශාක විශේෂවල පරාසයේ සහ ඒවාගේ ඝණත්වයේ වෙනස්කම් ඇති කරමින්, දේශගුණික විපර්‍යාස විසින් ඒවාගේ තත්ත්වය තවදුරටත් බරපතල කරවයි. පසුගිය දශක හයක සමය තුළ ශ්‍රී ලංකාව වාර්ෂික පාරිසරික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0.01 ත් 0.03ත් අතර අගයකින් මන්දගාමී නමුත්, ස්ථාවර වැඩිවීමක් ලබාගෙන ඇත. වර්ෂාපතනයේ ආන්තික ස්වභාවය වැඩි වීම, ඉතා තෙත් සහිත වර්ෂා කාලයන් සහ ඉතාමත්ම වියළි, වියළි කාලයන් වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සිදුවන දේශගුණික විපර්‍යාසවල ලාක්ෂණික ලෙස දැක්විය හැක. ශ්‍රී ලංකා පරිසර අමාත්‍යංශය 2012 වසරේ දී ජාතික ආක්‍රමණික ජීවී විශේෂ විශේෂඥ කණ්ඩායමක් (National Invasive Species Specialists Group – NISSG) ස්ථාපනය කරන ලදී. එමඟින් ශ්‍රී ලංකාවේ ආක්‍රමණික, ආගන්තුක ජීවී විශේෂ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලැස්ම, 2016 සම්මත කරන ලදී.
වෙනස්වන කාළගුණික තත්ත්ව යටතේ ජීව විද්‍යාත්මක ආක්‍රමණ හඳුනාගැනීම සහ පරිසර පද්ධති වෙත ඒවාගේ බලපෑම පිළිබඳව අණාවැකි පල කිරීමේ උත්සාහයන් පටහැනි ප්‍රතිඵල ලබා දී ඇත. ඇතැම් අධ්‍යනයන් වාර්තා කර ඇත්තේ, ආක්‍රමණශීලී, ආගන්තුක ශාකවල වත්මන් ව්‍යාප්තිය පවතින පරිසරයත් සමඟ සමතුලිතව පවත්වා ගත නොහැකි බවත්, ඒවාගේ ව්‍යාප්තිය සහ විභවයන් දේශගුණික සාධක මත තීරණය නොවන බවත් ය. මෙතනින් සංරක්ෂිත.
ආක්‍රමණශීලී, ආගන්තුක ශාක දේශගුණික විපර්‍යාස යටතේ ඒවාගේ වර්ධනයෙහි සුවිකාර්‍යතාවයක් දක්වමින්, අනුවර්තන පෙන්වන බව පෙන්නුම් කරයි. උදාහරණයක් වශයෙන් Bromus tectorum ශාකය නියං තත්ත්ව හමුවේ තම ආයු කාලය කෙටි කරගන්නා අතර, එහි මූල පද්ධතිය වඩාත් ගැඹුරු පාංශු ස්ථර දක්වා ව්‍යාප්ත කරවයි. මේ අනුව, ආක්‍රමණශීලී, ආගන්තුක ශාක වෙනත් බොහෝ දේශීය ශාකවලට සාපේක්ෂව පාරිසරික වෙනස්වීම් සඳහා ඉතා හොඳ අනුවර්තන පෙන්නුම් කරයි.
ආක්‍රමණශීලී, ආගන්තුක ශාක විශේෂ විසින් ස්වභාවික වාසස්ථානවල ඔරොත්තු දීඒ හැකියාව අඩු කරවා, ඒවා දේශගුණික විපර්‍යාසවල බලපෑමට වැඩි වශයෙන් ලක් වීමට සලස්වයි. උදාහරණයක් වශයෙන් ආක්‍රමණශීලී, ආගන්තුක ශාක විශේෂ බවට පත් වී ඇති ඇතැම් තණකොළ සහ ගස් මඟින්, උණුසුම් සහ වියළි ප්‍රදේශවල ගිනි ඇතිවීමේ පාලන ක්‍රමයන් සැලකිය යුතු ලෙස වෙනස් කළැ හැක. මෙමඟින් පරිසරවල ස්වභාවිකව ඇතිවන ලැව්ගිනිවල වාර ගණන සහ බරපතලබව වැඩි වන අතර, වාසස්ථාන, නාගරික ප්‍රදේශ සහ මිනිස් ජීවිත වැඩි වශයෙන් අවදානමට ලක් කරයි. භෝග සහ සත්ත්ව හිතකාමී දේශීය ශාක විශේෂ අඩු කිරීම මඟින් ආක්‍රමණික, ආග්න්තුක ශාක විශේෂ විසින් කෘෂිකර්මාන්තයට තර්ජන එල්ල කරයි.
ශ්‍රී ලංකාව තුළ ආක්‍රමණශීලී, ආගන්තුක ශාක පාලන සහ කළමනාකරණ ක්‍රියාකාරකම්
2007 වසරේ දී (MENR, 2007), ශී ලංකාවේ ජෛව විවිධත්ව සංරක්ෂණ අතිරේකයේ කොටසක් ලෙස, ක්‍රියාකාරී රාමුවක් ලෙස, ශ්‍රී ලංකා පරිසර අමාත්‍යංශය විසින් ආරක්ෂිත කලාපවල ආක්‍රමණශීලී, ආගන්තුක විශේෂ පාලනය සඳහා ක්‍රියාකාරී ජතික සැලැස්මක් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම මෙවැනි ආක්‍රමණශීලී, ආගන්තුක විශේෂ ආශ්‍රිත ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ලබා ගැනීම සඳහා ජාතික ආක්‍රමණික ජීවී විශේෂ විශේෂඥ කණ්ඩායමක් (National Invasive Species Specialists Group – NISSG) පත් කිරීමටද යෝජනා වී ඇත. තවද, පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්‍යාලය විසින් ආක්‍රමණශීලී, ආගන්තුක විශේෂ සහ ඒවාගේ බලපෑම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් පවත්වා ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ (FAO) අරමුදල් සමඟ 2005/2006 දී ජලජ වල් පැළෑටි කළමනාකරණය පිළිබඳව වසරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාතිය, ප්‍රජාව තුළ දැනුවත්භාවය ඉහළ නැංවෙන ක්‍රියාකාරකම්වලින් සමන්විත විය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම E. crassipes, S. molesta සහ P. stratiotes යන ආගන්තුක සහ ආක්‍රමණික ජලජ ශාක විශේෂ කෙරෙහි වැඩි අවදානමක් යොමු කරමින් අත්හදාබැලීමේ පාලන වැඩසටහන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (DWLC)හි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී. කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් E. crassipes හෙවත් ජපන් ජබර ශාකය පාලනය කිරීම සඳහා එහි ජෛව පාලක ලෙස එම ශාකයේ පලිබෝධකයින් ලෙස ක්‍රියාකරන Neochetina eichhorniaep සහ N. bruchi විශේෂ නිදහස් කරන ලදී. පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් වාරිමාර්ග දේපර්තමේන්තුව හා එක්ව වයඹ පළාත තුළ ජලාශ තුළ ජපන් ජබර පාලනය සඳහා රසායනික පාලන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. තවද, කෘෂිකර්ම අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය, විශ්ව විද්‍යාල සහ අනෙකුත් රාජ්‍ය, රාජ්‍ය නොවන හා පුද්ගලික සංවිධාන එක්ව P. hysterophorus පාලනය කිරීමේ වැඩසටහන්වලට සක්‍රියව සම්බන්ධ වේ. ශ්‍රී ලංකා රජය මේ සඳහා සුවිශේෂී ගැසට් නිවේදක් 2000 දෙසැම්බර්වලදී නිකුත්වන ලදී.
ඔබට කිසියම් විමසීමක් ඇති නම් හෝ දේශගුණික විපර්‍යාස හෝ පරිසරයට අදාල සැක සහිත අන්තර්ගතයන් හමු වුවහොත් සහ ඔබ වෙනුවෙන් අප එම තොරතුරු තහවුරු කිරීමට අවශ්‍ය නම්, ඒ අන්තර්ගතයන් අපගේ WhatsApp ක්ෂණික ඇමතුම් අංකය: +917045366366 වෙත යොමු කරන්න.
Original English Article URL: https://climatefactchecks.org/how-does-climate-change-help-alien-plant-species-to-grow-in-lanka/
-Translated by Mihiri Saparamadhu–