Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

COP 15 ජෛව විවිධත්ව සමුලුව සහ පාරම්පරික දැනුම යොදා ගනිමින් වනජීවී සම්පත්වල තිරසාර භාවිතය

කාර්යබහුල දිවි පෙවෙතකට උරුමකම් කියන්නා වූ මානවයන් හට සංවේදී නොවුනද, මිහිතලය මත ඇති වනාන්තරයෝ ලෝකවාසී  බිලියන 1.6 ක ජනතාවකට යැපීම උදෙසා තම සෘජු දායකත්වය සපයයි. එනම්, බිලියන අට එක්මවූ ජනගහනයක් දරා සිටින ලෝ තලයට ආසන්නව අටෙන් දෙකක් පමණ ජිවත් කරලීම උදෙසා වනාන්තර අත්‍යවශ්‍ය වේ. තව දුරටත් සලකුවහොත්, දේශගුණික විපර්යාස නිසා සිදුවන වනාන්තර විනාශ වීම වැළැක්වීම උදෙසා කටයුතු කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය(UN-REDD) පවසන පරිදි, ලොව පුරා පිහිටි වනන්තරයෝ මිලියන 86 ක ජනතාවකට හරිත රැකියා සපයයි.  

2030 වන විට සාක්ෂාත් කර ගත යුතු ඉලක්ක හතරක් සහ ඉලක්ක 23ක් ඇතුළුව “Kunming-Montreal Global Biodiversity Framework” (GBF) ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ මේ පිළිබද විශේෂ අවධානයක් යොමු කරනු දක්නට ලැබුනා. ඒ නිසා අපි මේ ගැන විද්‍යාත්මක  පර්යේෂණ  දත්ත ඔස්සේ ඇගයීමක් කළා. ඒ අනුව පහත කාරණා පිළිබද ඔබට මෙම ලිපියෙන් දැනුවත් විය හැකියි

  • වන  විශේෂ හැදින්වීම සහ එහි තිරසාර පරිභෝජනය
  • තිරසාර ජීවනෝපාය පිළිවෙත්
  • වනාන්තර විශේෂවල වැදගත්කම
  • වන  විශේෂ භාවිතය පිළිබඳ තර්ජන සහ අභියෝග
  • වන විශේෂ සංරක්ෂණය සහ COP15 තිරසාර සංවර්ධන ඉලක්ක

වන  විශේෂ හැදින්වීම සහ එහි තිරසාර පරිභෝජනය

විද්‍යාත්මකව විස්තර කරන පරිදි, වල් ආහාර පැල (WFPs) යනු “වගා කරන ප්‍රදේශ එනම් කෘෂිකාර්මික බිම් වලින් පිටත, ක්ෂේත්‍ර මායිම්, වනාන්තර, ගංගා සහ තෙත්බිම් වල, මිනිස් ක්‍රියාකාරකම් වලින් ස්වාධීනව, ස්වයංසිද්ධව වර්ධනය වන විශේෂ වේ.” වන විශේෂ සාමාන්‍ය ව්‍යවහාරයේ වල් විශේෂ නමින් පොදුවේ හදුන්වනවා. සරලව කිව්වොත් අපට කෑමට ගතහැකි වනාන්තරය තුල හමුවන සියලු දෑ එයට ඇතුලත් කර ගන්න පුළුවන්.

වනජීවී විශේෂවල විවිධ උපයෝගිතා අතරට ආහාර, බලශක්තිය, ඖෂධ, විනෝදාස්වාදය, සහ මානව යහපැවැත්ම සඳහා උපයෝගී වන තවත් බොහෝ දෑ ඇතුලත් කරන්න පුළුවන්.

මූලික වශයෙන් වනජීවී විශේෂ ආහාර ප්‍රභවයක් හෝ ඖෂධයක් ලෙස මිනිසාට හා සතුන්ට වැදගත් වෙනවා. මෙම වන ආහාර දර්ශ අතරට මාදං, දං වැනි වල් පලතුරු විශේෂ, වල් පැළෑටි, කුකුලල, හිගුරල වැනි වන අල විශේෂ, මී පැණි, තෙප්පිලියන් ලූලාවන් වනි ගංගාවල වෙසෙන  මාළු විශේෂ, ගෝන, මුව වැනි වන මස් විශේෂ සහ ඉදලෝලු, ලේන හතු වැනි වල් හතු විශේෂ ඇතුලත් වෙනවා. මේවා පෝෂ්‍ය ගුණයෙන් ඉතා ඉහල බවට පිළිගැනීමක් තියෙනවා.

බොහෝ ශාක කොටස් නැවුම් ස්වරූපයෙන් කෙලින්ම කෑමට ගන්නවා. නමුත් වන විශේෂ සමහරක්, විශේෂයෙන් සමහර හතු සහ අල විශේෂ වල විෂ සහිත ද්රව්ය අඩංගු වෙනවා. වනාන්තර ඔස්සේ නිතර ගැටෙන පිරිසට නම් මෙම විශේෂ පිළිබද හොද අවබෝදයක් තිබෙනවා. එසේම, පාරම්පරික මිනිසුන් ආහාරයට ගත යුතු ශාක කොටස් සහ විෂ දේවල් වුවද විෂ නසා ඖෂධ සඳහා ඒවා සකසන ආකාරය පිළිබද දැනුමින් සන්නද්දයි. එමනිසා, අසාත්මිකතා හා විෂ වීම ගැන කරදර වීමට අවශ්‍ය වුනේ නැහැ.

පාරම්පරික ජනයා, විශේෂයෙන් ආදිවාසීන්ගේ දැඩි විශ්වාසයක් වූයේ, තම ප්‍රජාවට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට වන ආහාරවලට වැඩි හැකියාවක් ඇති බවයි. අපගේ විමර්ශනයේදී ද, වන ආහාර ශාක (WFPs) වලට සුවිශේෂී පෝෂක අගයන් ඇති බවත් විටමින්, කෙඳි, ඛනිජ ලවණ සහ මේද අම්ලවල හොඳ ප්‍රභවයක් බවත් පර්යේෂණ දත්ත ඔස්සේ දන ගන්නට ලැබුනා.

ආහාර හා යෝග්‍යතා විශේෂඥ වෛද්‍ය පෝෂණ විශේෂඥ වෛද්‍ය මෙලිනා ජම්පොලිස් මහත්මිය පවසන පරිදි,  “මුවන්, ගෝනුන් සහ ඇන්ටිලෝප් වැනි වනයේ ජිවත් වන සතුන්ගේ ක්‍රියාශීලී ජීවන රටාව සහ ස්වාභාවික ආහාර නිසා ඔවුන් කෙට්ටු ස්වභාවයක් පෙන්නුම් කරන බවයි. මේ හේතුවෙන්, බර අඩු වුවත් ඔවුන්ගේ මස් රතු මස් වලට වඩා සංතෘප්ත මේදය අන්තර්ගත වනවා අඩුයි. සංතෘප්ත මේද හෘද රෝග සෑදීම සඳහා බලපාන ප්‍රධාන සාධකයක් වෙන බවත් මෙහිදී මතක් කල යුතුයි. සෑම දෙයකටම වඩා, වල් විශේෂවල ඖෂධීය වටිනාකම වර්තමානයේ වඩාත් අත්‍යවශ්‍ය වෙනවා. ශාක විශේෂ 50,000-70,000 පමණ සාම්ප්‍රදායික හා නවීන ඖෂධ සඳහා ලොව පුරා භාවිතා වෙනවා.

වන විශේෂ සහ  තිරසාර ජීවනෝපාය පිළිවෙත් 

ජෛව විවිධත්ව සහ පරිසර පද්ධති සේවා පිළිබඳ අන්තර් රාජ්ය විද්යා ප්රතිපත්ති (IPBES) 2022 වාර්තාවට අනුව ලොව පුරා පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු තම ආහාර සහ ජීවනෝපාය උදෙසා වන විශේෂ වන, වල් පැලෑටි, දිලීර විශේෂ එනම් හතු වර්ග මත යැපෙන අතර බිලියන 2.4ක් ආහාර පිසීම සඳහා ඉන්ධන දර මත යැපේ. සියලුම රැකියා දේශගුණික විපර්යාස හේතුවෙන් තරමක් අවදානමට ලක්ව තිබෙනවා. ඒ අතර වනාන්තර සමග ගැටෙන රැකියාවන් දැඩි අවධානමකට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත්, වඩා හොඳ සංරක්ෂණ සහ ඉඩම් කළමනාකරණ ක්රියාමාර්ග දේශගුණික විපර්යාස අවම කිරීම සහ සම්පත් තිරසාර කළමනාකරණය සඳහා ඉවහල් වෙනවා.

සාම්ප්රදායික මිනිසුන් තම ජීවනෝපාය කරගෙන යන අතර ඇතැමුන් ව්යාපාරික විශේෂඥයන් හෝ වයවසායකයින් සමඟ හෝ ඔවුන් යටතේ වැඩ කරනව. මෙහිදී වනාන්තර ආශ්රිතව ලංකාවේ කෙරෙන සාම්ප්රදායික රැකියා අතරට කිතුල් මල් කැපීම, බමර කැඩීම, බීජ ආශ්‍රිතව ආභරණ සෑදීම,   සත්ත්ව හම් ආශ්‍රිත නිෂ්පාදන, කුඹල් කර්මාන්තය, ඹෞෂධ ලබා ගැනීම ප්රධාන තැනක් ගන්නවා. .

විශේෂවල වැදගත්කම

NCBI පර්යේෂණ අධ්යයන අතර මෑතකදී වාර්තා කළේ ඉතියෝපියාවේ ග්රාමීය ප්රජාවන් විශේෂයෙන් නියඟ, සාගත සහ වෙනත් විපත් වලදි සෘජුවම වන විශේෂයන් මතම යැපෙන බවයි. වනයේ ඇති ආහාරයට ගත හැකි ශාකවල ප්රෝටීන, විටමින් බී 2 සහ විටමින් සී ඇතුළු ඉහළ පෝෂණ අන්තර්ගතයක් ඇත.

වල් විශේෂ ලාභදායී වන අතර සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී ආහාරවල විකල්ප ප්‍රභවයන් වේ. ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන දරුවන්ට එයින් විශාල ප්‍රයෝජන ගත හැකියි.

එපමණක් නොව, වල් විශේෂ සෘතුමය ආහාර හිඟය පුරවන අතර සාගතයේදී හදිසි ආහාර ලෙස සේවය කරයි. ඒවා ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව සඳහා ද සුදුසු වන අතර සමහර ග්‍රාමීය ප්‍රදේශවල පෝෂණය සපයයි.

වල් විශේෂවල ජාන විවිධත්වය මිනිසුන්ට සහ සතුන්ට සෞඛ්‍ය ප්‍රතිලාභ එක් කරනවා. මෙම ජන විවිධත්වය විශේෂ විවිධත්වය ඇති කරලීම උදෙසා විශේෂයෙන් ධයක වනවා. විශේෂ විවිධත්වය වැඩි වනවා යනු එකිනෙකට වෙනස් ආහාර ප්‍රභවයන් අපට හමුවන බවයි. ඒ අනුව එහි වටිනාකම ඉතා ඉහලයි. 

විශේෂ භාවිතා කිරීම සඳහා තර්ජන සහ අභියෝග.

වනජීවී විශේෂ වර්තමානයේ අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. කෘෂිකාර්මික කටයුතු සදහා ඉඩම් පුළුල් කිරීම, සංවර්ධන කටයුතු, නාගරීකරණය සහ වාසස්ථාන විනාශ කිරීම මූලික අභියෝගයි.. මීට අමතරව, දේශගුණික විපර්යාසයන් විසින් නිර්මාණය කරන ලද දීර්ඝ නියඟය සහ අක්රමවත් වර්ෂාපතන රටාවන් වන ජීවීන් ගේ ජීවිතයට ප්‍රබල තර්ජනයක් ඇති කරයි.

ලොව පුරා බිලියන 8 ක ජනතාවක් සිටින බැවින් අපි දැන් “මිනිස් ජනගහනයේ උච්චතම ස්ථානයට” තල්ලු වී සිටිමු. බිලියන 8 ක ජනතාවක් දැනටමත් ආහාර සොයමින් සිටින බව අපට අමතක කළ නොහැකියි. ස්වභාවික සම්පත් අධි පරිභෝජනය වන ජීවීන් නෂ්ඨ වීමේ මූලාරම්භයයි.

පසුගිය දශක කිහිපය තුළ අපි උෂ්ණත්වයේ ස්ථාවර වැඩිවීමක් අත්විඳිමු. එමගින් පරිසර පද්ධති මත වැඩි පීඩනයක් ඇති කරමින්  ආක්‍රමණශීලී විශේෂ ව්‍යාප්ත වීමට මග පාදයි.

පරිසර දූෂණය වනජීවී විශේෂ විනාශයේ සැලකිය යුතු කාරණයකි. මීට අමතරව, ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය, පොසිල ඉන්ධන දහනය සහ කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීම පරිසරයේ ගුණාත්මක භාවයට තර්ජනයක් වේ.

  දේශගුණික විපර්යාස හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි පිළිබඳ අපගේ ලිපිය කියවන්න මෙතනින්.

වන විශේෂ සංරක්ෂණය – COP 15  තිරසාර සංවර්ධන ඉලක්ක

නීතිවිරෝධී සහ තිරසාර නොවන වන විශේෂ වෙළඳාම වන සම්පත් මත යැපෙන පුද්ගලයින්ගේ යහපැවැත්මට තර්ජනය කරයි. කෘෂි වන වගා පද්ධති නිසා වනාන්තර  විනාශ වෙයි. එබැවින් නීති ක්‍රියාත්මක කිරීම හා තිරසාර සංවර්ධනය මගින් වන විශේෂ ආරක්ෂා කර ගත හැකියි.

COP15, GBF හි ඉලක්ක හතරට දෙවන ඉලක්කය (GOAL-B) ලෙස 2050 වන විට වර්තමාන සහ අනාගත පරම්පරාවේ ප්රයෝජනය සඳහා, පරිහානියට පත් වූ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට සහාය වීම ඇතුළත් වේ.

විද්‍යාව, තාක්‍ෂණය සහ අධ්‍යාපනය සංරක්ෂණය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන්නේ වනජීවී විශේෂ ඵලදායී ලෙස නියාමනය කිරීම අත්‍යවශ්‍ය බැවිනි.

තුන්වන ඉලක්කය (GOAL C) ට ඇතුළත් වන්නේ, ජානමය සම්පත් හා සම්බන්ධ සාම්ප්‍රදායික දැනුම ආදිවාසී ජනතාව සහ ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ සුදුසු පරිදි සාධාරණ  ලෙස බෙදා ගැනීමත්, 2050 වන විට එය සැලකිය යුතු ලෙස වැඩි කිරීමත්, ප්රවේණි සම්පත් හා සම්බන්ධ සාම්ප්‍රදායික දැනුම සුදුසු බව සහතික කිරීමත් ය. 

දේශපාලන, සමාජීය, ආර්ථික, සංස්කෘතික වටිනාකම් සහ ආගමික විශ්වාසයන් ද වනජීවී විශේෂ පරිභෝජනය සදහා ‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. එබැවින්, ජනතාව දැනුවත් කිරීමේ ඉහළ නැංවීම  සහ ඊළඟ පරම්පරාවට පණිවිඩය ලබා දීම වැදගත්.. වැඩි විස්තර මෙතැනින් කියවන්න.

මෙම සංකල්පයන්ට අනුව, COP 15 ජෛව විවිධත්ව සමුළුව අනාගතය සඳහා වන විශේෂ සංරක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ බව අපට පැවසිය හැකිය.

සාරාංශය

වන විශේෂයන්හි අවශ්යතාවය ඉතා පුළුල් වපසරියක පැතිරෙයි. ඒවා ආහාර, ඖෂධ හෝ බලශක්ති ප්රභවයක් ලෙසද,  මානව යහපැවැත්ම සඳහා  වැදගත් වන ජිවනෝපාය සකසා ගැනීම උදෙසා ද වැදගත්ය.  ලෝකයේ සෑම මිනිසුන් 5න් එක්කෙනෙක්ම වන විශේෂ මත යැපෙයි.වන විශේෂ සෞඛ්‍ය සම්පන්න සහ ලාභදායී විකල්ප වේ, නමුත් දේශගුණික විපර්යාස, නාගරීකරණය, වාසස්ථාන විනාශය සහ තවත් බොහෝ සාධක දැනටමත් වන විශේෂ තර්ජනයට බලලා තියෙනවා. COP 15 සමුළුව දි අවධාරණය කට පරිදි වනාන්තර රැක ගැනීම මගින් වන විශේෂ සංරක්ෂණය සහ ආදිවාසීන්ගේ දැනුම හුවමාරු කර ගැනීම ඇතුළු තිරසාර ජීවනෝපාය පිළිවෙත්  භාවිතය වැඩි කිරීමෙන් සාර්ථක සංවර්ධන ඉලක්ක සපුරා ගන්නට පුළුවන් වෙයි.

Silila Sandawala
Silila Sandawala
Articles: 8

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter