Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
දේශගුණික විපර්යාස පිලිබඳ හඬ නගන පිරිස් විසින් ලොව පුරා, විශේෂයන්ම යුරෝපයේ, සුප්‍රකට කලා නිර්මාණ වෙත ආහාර ද්‍රව්‍ය, තීන්ත වැනි ප්‍රහාර එල්ල කිරීමට පෙළඹී තිබීමේ සිද්ධි පිළිබඳව මෑත කාලයේ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් සාකච්ඡාවට බඳුන් වුණා. 2022 ඔක්තෝබර් 14 සහ 23 යන දිනවල මේ ආකාරයට සිදුවූ සිදුවීම් දෙකක් වුයේ “ජස්ට් ස්ටොප් ඔයිල්” නම් ක්‍රියාකාරික කණ්ඩායමට සම්බන්ධ තරුණ දේශගුණ විරෝධතාකරුවන් දෙදෙනෙක් වින්සන්ට් වැන් ගොග්ගේ සුප්‍රකට සූරියකාන්ත චිත්‍රය තක්කාලි සුප් විසි කොට හානි කළ බවට වාර්තා වීම සහ ක්ලෝඩ් මොනේගේ සිතුවම් වලින් එක් සිතුවමකට එලෙසින්ම එල්ල කල ප්‍රහාරයක්
නමුත් මෙහිදී ඇත්ත වශයෙන්ම මෙම කලා නිර්මාණ විනාශයට ලක්වුණා ද ?
මෙම සිද්දීන් සම්බන්ධ ප්රවෘත්ති වාර්තා විශ්ලේෂණය කිරිමෙිදි පෙනි ගියේ මෙම ප්‍රහාර මඟින්. අදාළ සිතුවම් වලට අවම වශයෙන් හානි සිදු වී ඇති බවයි. සිතුවම් පසුව පෙර තත්වයට ප්‍රතිස්ථාපනය කර ඇති බවටද පෙනී ගියේය. ආරක්ෂිත වීදුරු ආවරණ තිබීම හේතුවෙන් සිතුවම් වලට හානියක් නොවී ඇති අතර රාමු වලට සුළු හානි සිදුවී තිබු බව වාර්තා වී තිබුණා. තක්කාලි සුප් සිද්ධියෙන් පැය හයකට පසු ලන්ඩන් ජාතික කෞතුකාගාරය තහවුරු කළේ රාමුවට සුළු හානියක් සිදුවී ඇති නමුත් චිත්‍රයට හානියක් සිදුවී නොමැති බවයි. මේ පිළිබඳව වැඩිදුර කියවන්න. වැන් ගොග්ගේ සිද්ධියට සම්බන්ධ එක් ක්‍රියාකාරිකයෙක් පැවසුවේ, “එය වීදුරු පිටුපස ඇති බව අප නොදැන සිටියේ නම්, අපි එය කිරීමට කිසිවිටෙක එවැනි ක්‍රියාවක් සිදුකිරීමට සිතන්නේ නැත.” යනුවෙනි. එම වීඩියෝව පහතින්.
@freeseednews #juststopoil #Activist says there was "minimal damage" to #vangogh #Sunflowers is she right or misguided? #vangoghsoup #climatechange #freeseednews ♬ original sound – FreeSeedNews
“Last Generation” නම් සංවිධානයක් විසින් ජර්මනියේ පොට්ස්ඩෑම් හි බාබරිනි කෞතුකාගාරයේදීද මෙවැනි ප්‍රහාරයක් සිදු කරන ලදී. මෙම ක්‍රියාව ඔවුන් ලඝු කරනු ලැබුවේ, “මොනෙට් සොබාදහමට ආදරය කළ අතර එහි අද්විතීය හා බිඳෙන සුළු සුන්දරත්වය ඔහුගේ කෘතිවලින් ග්‍රහණය කර ගත් බවත්, මොනේට්ගේ ප්‍රසාදයට පාත්‍ර වූ අපගේ ලෝකයේම විනාශයට වඩා බොහෝ දෙනෙක් යථාර්ථයේ මෙම එක් රූපයකට හානි කිරීමට බිය වන්නේ කෙසේද? ” යන්නය. වැඩි විස්තර මෙතැනින් කියවන්න
දේශගුණික ක්‍රියාමාර්ග සඳහා කෘතිවලටඑල්ල කල ප්‍රහාර මාලාවෙන් ගෝලීය අවධානය වැඩි වශයෙන් යොමු වුයේ, වැන් ගොග්ගේ සන්ෆ්ලවර්ස් චිත්‍රය වෙත යොමු කරන ලද විනාශකාරී ක්‍රියාවටය. මීට අමතරව, “Last Generation” ව්‍යාපාරයේ දේශගුණ ක්‍රියාකාරීන් දෙදෙනෙක් මේ මාසයේ පොසිල ඉන්ධන නිෂ්පාදනයට විරෝධය දැක්වීය. ඔවුන් ඒ සඳහා ජර්මනියේ කෞතුකාගාරයක ක්ලෝඩ් මොනේට් සිතුවමක් වෙත පොඩි කළ අර්තාපල් විසි කළහ. තවද, ජූලි මාසයේදී, ඉතාලියේ විරෝධතාකරුවන් ෆ්ලෝරන්ස් හි කෞතුකාගාරයක සැන්ඩ්‍රෝ බොටිසෙලි විසින් අඳින ලද සිතුවම් වලින් එකකට හානි කළහ. ඕස්ට්‍රේලියාවේ පිකාසෝගේ කලා කෘතියකට ද මේ හා සමාන ලෙස දේශගුණ ක්‍රියාකාරීන්ගේ අවධානය වර්තමානයේ යොමු වී ඇත.
දේශගුණික විරෝධතාකරුවන් තමන් වෙත අවදානය ලබා ගැනීම සදහා (විශේෂයෙන් යුරෝපය පුරා) මේ ආකාරයෙන් නිර්මාණාත්මක ක්‍රම අනුගමනය කිරීම අලුත් දෙයක් නොවේ. සමාජ හේතුන් මත කලා විනාශය 1914 දක්වා තරම් ඈතට විහිදි යයි. Mary Richardson විසින් Diego Velasquez’s Rokeby Venus, 1651, නිර්මාණයට එල්ල කල ප්‍රහාරය එවැනි අවස්ථාවක්. අතීතයේ සිදු වූ තවත් සමාන සිදුවීම් ගැන මෙතැනින්.
කලා නිර්මාණවලට අතීතයේ සිදු වූ ක්‍රියා කිහිපයකින් පූර්ණ හානි සිදු වූ අවස්ථා ද වාර්තා වී තිබෙනවා. කෙසේවෙතත් මෑත කාලයේ මෙම ප්‍රහාර මාලාවන් එල්ල වූයේ වීදුරුවලින් ආරක්ෂිත චිත්‍ර වෙතයි. එබැවින් එම නිර්මාණ වලට හානියක් සිදු නොවීය. මෙහි ආරම්භකයින් වුයේ, පවත්නා ක්රමයේ වෙනසක් සඳහා අභියෝග කරන ගෝලීය තරුණ ක්‍රියාකාරීන්ගේ කොටසක්. මෙම විරෝධතාවල අරමුණ වී ඇත්තේ දේශගුණ සාධාරණත්වය පිළිබඳ කතිකාවතක් නිර්මාණය කිරීම සහ ක්‍රමවේද වෙනසක් සඳහා මංපෙත් විවර කිරිමට බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
දේශගුණික ක්‍රියාකාරීන් යනු යනු දේශගුණික විපර්යාසවලට බලපාන හේතු සහ බලපෑම් ආමන්ත්‍රණය කරමින් ඒ පිලිබඳ ක්‍රියා කිරීමට, රජයන්ට සහ කර්මාන්තවලට බලපෑම් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ගෝලීය ව්‍යාපාරයකි. 1980 දශකයේ අගභාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේ සිට දේශගුණික වෙනස්කම් පිලිබඳ හඬ නැගීමින් රජයන්ට බලපෑම් කිරීමට මෙම සංවිධාන ක්‍රියාත්මක වුණා. එබැවින් සැලකිය යුතු දේශගුණික ක්‍රියාකාරකම්වල මෙම සංවිධාන නිරත වී ඇත. 2009 කෝපන්හේගන් සමුළුව (COP15) සහ විශේෂයෙන් 2016 පැරිස් ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ප්‍රමුඛත්වය ලබා ගනිමින් කාලයත් සමඟ දේශගුණ ක්‍රියාකාරීත්වය වඩාත් ප්රමුඛ වී ඇත.
2019 දී Greta Thunberg විසින් ආරම්භ කරන ලද Fridays for Future වර්ජනවල වර්ධනයෙන් පසු තරුණ ක්‍රියාකාරීත්වය සහ මැදිහත්වීම, දේශගුණික විපර්යාස පිලිබඳ හඬ තීව්ර කිරීමේ ව්‍යාපාරයේ පරිණාමය සඳහා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කර ඇත.
CFC ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලීන ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් දේශගුණ ක්‍රියාකාරිකයෙකු සහ Extinction Rebellion Sri Lanka (XRLK) හි සම්බන්ධීකාරක අවිශ්ක සන්දනායක සමග සම්මුඛ සාකච්ජාවක් පැවැත්විය. Extinction Rebellion සංවිධානය “අවිහිංසාව භාවිතා කරන විමධ්‍යගත, ජාත්‍යන්තර සහ දේශපාලනික වශයෙන් නිර්පාක්ෂික ව්‍යාපාරයක්” බව ඇය සඳහන් කරයි. දේශගුණික සහ පාරිසරික හදිසි අවස්ථා සම්බන්ධයෙන් සාධාරණ ලෙස ක්‍රියා කිරීමට රජයන් ඒත්තු ගැන්වීම සඳහා අවිහිංසාවාදී සෘජු ක්‍රියාමාර්ග සහ සිවිල් අයිතිවාසිකම් භාවිතා කරන බවත් ඇය පැහැදිලි කරනවා. මෙම ව්‍යාපාරය ගෝලීය වශයෙන් රටවල් 80 ක් පුරා පැතිරී ඇති අතර, එක් එක් කණ්ඩායම දේශගුණික විපර්යාස සහ පාරිසරික විනාශයට එරෙහිව දේශීයව ක්‍රියාත්මක වේ.
XR සතුව ගෝලීය ව්‍යාපාරය ඒකාබද්ධ කිරීම සඳහා වටිනාකම් සමූහයක් ඇත. එක් එක් ජාතීන් විසින් මේ සදහා ගනු ලබන ක්‍රියාමාර්ග තීරණය කරන බව ද ඇය අවධාරණය කළාය. ඊට අමතරව, සිවිල් අකීකරුකම හේතුවෙන් රජය විසින් XR India වාරණය කළ ආකාරය ඇය සඳහන් කළාය.
XRLK ආරම්භ කරන ලද්දේ 2019 වසරේදීය. පාසල් සිසුන්ගේ සහ අනෙකුත් පරිසර ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවති ප්‍රථම දේශගුණ පාගමනේදී හමුවූ තරුණ තරුණියන් විසින් මෙම ව්‍යාපාරය ආරම්භ කරන ලදී. වසර ගණනාවක් පුරා දේශගුණ සාධාරණත්වය ඉල්ලා ව්‍යාපාරය විසින් විරෝධතා රාශියක් පවත්වා ඇති බව ඇය සඳහන් කළාය. ලැබුණු ප්‍රසිද්ධිය නිසාවෙනි විරෝධතා අතුරින් කිහිපයක් සාර්ථක වුණි. සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා රජයට බලකරමින් කළ උද්ඝෝෂණ සාර්ථක විය. මේ වනවිට එම පනත බලධාරින් ලවා බලාත්මක කිරීමට කටයුතු කරමින් සිටී. ඊට අමතරව රටපුරා සමාජ මාධ්‍ය ප්‍රචාරණය සහ ඒ හරහා ඇති කරන ලද දැනුවත් කිරීම් හේතුවෙන් “Ecocide” ට එරෙහිව කරන ලද විරෝධතාව ඉතා සාර්ථක විය.
අවිශ්ක මහත්මිය වැඩිදුරටත් පවසා සිටියේ “XRLK හට අවශ්‍ය වූයේ සිවිල් ප්‍රශ්න කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමට නොව, දේශගුණික ක්‍රියාමාර්ග ගැනීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට” බවයි. දේශගුණික විපර්යාස පිළිබඳ දැනුම නොමැතිකම සහ රට තුළ පුරවැසියන්ට එහි බලපෑම් පිළිබඳව ද ඇය විස්තර කළාය. තව ද, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරය ඉදිරියට යාමට පෙර ගෝලීය, ආර්ථිකය සහ සමාජය කෙරෙහි ඔවුන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිවිපාක සැමවිටම සලකා බලන ආකාරය ඇය ඉස්මතු කළාය. ඒ අනුව දේශගුණ විරෝධතා සහ වැඩවර්ජන සංවිධානය කිරීමට පෙර බලධාරීන්ගෙන් අනුමැතිය ලබාගැනීම සැමවිටම අවශ්‍ය බවත් එසේ කිරීමට පෙළඹෙන බවත් ඇය පෙන්වා දෙනවා.
අවසාන වශයෙන්, XRLK හි අවසාන ඉලක්කය වන්නේ, දේශගුණික විපර්යාස සහ එහි බලපෑම් වලට එරෙහිව රජයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට උපකාර කිරීම විනා නීති විරෝධී ආකාරයෙන් කඩාකප්පල්කාරී ආකාරයෙන් ක්‍රියා කිරීම නොව උපදේශන දෘෂ්ටිකෝණයකින් සමස්ත පද්ධිතියේම වෙනසක් කරා යොමු කිරීමට කටයුතු කිරීම බවත් ඇය සඳහන් කළා.