Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
මිනිසා ඈත අතීතයේ සිටම විලාසිතකරණය උදෙසා යම් නැඹුරුතාවක් දැක්වූ බව පැහැදිලිවම දැකගන්නට ලැබෙනවා. නමුත් මෑත අතීතයේ සිට, තම අවශ්‍යතාවයටත් එහා ගිය හුදු විනෝදාස්වාදය උදෙසා විව්ධාකරයේ විලාසිතා නිර්මාණකරණය කිරිම දක්වාම මෙම ක්ෂේත්රය වර්ධනය වෙලා තියෙනවා. පසුගිය දශක කිහිපයේ විශාල වර්ධනයක් පෙන්නමුකරන මහා පරිමාණ ඇඟලුම් ක්ෂේත්රය, හරහා සිදුවන පාරිසරික බලපෑම් පිළිබඳව අප මෙම ලිපිය හරහා පෙන්වා දෙනවා. එසේම, ඇඟලුම් ක්ෂේත්රයේ, පරිසර හිතකාමී සුභදායී පැතිකඩක් ද සුභදායි පැත්තක් ද අප පෙන්වා දෙනවා. ලෝකප්‍රකට විලාසිතා නිර්මානකරන ශිල්පිනී, එඩ්විනා එර්මන් පවසනුයේ, විලාසිතා අප ජිවත් වන කාලය පිළිබිඹු කරන අතර නිර්මාණශීලිත්වය තුළින් විලාසිතා හරහා අපට වෙනසක් ඇති කළ හැකිය යන්නයි. එබැවින් යම් පණිවිඩයක් සාර්ථකව සමාජගත කිරිඉම උදෙසාද විලාසිතා භාවිත කරන්නට පුළුවන්.
මෙහිදි නිෂ්පාදකයින් විසින් වේගවත් ලෙස විලාසිතා නිෂ්පාදනය කිරීමට පෙලබෙයි. මිල මට්ටමද අඩු බැවින් මිනිසුන් ඇඳුම් වැඩි වැඩියෙන් මිලදී ගැනීමට පෙලබෙයි. එහිදි, ලාභදායි ක්‍රම අනුගමනය කරන බැවින් කෘතීම දේවල් බහුලව භාවිතා කරයි. එබැවින් එය පරිසරයට සුබවාදී වන්නේ නැහැ. දේශගුණික විපර්යාස වේගවත් කිරීමට තුඩුදෙන හරිතාගාර වායු විමොච්නය ද මෙහි දී බහුලව දක්නට ලැබෙයි.
එක් වසරක් තුළ දළ වශයෙන් ටොන් බිලියන 2.1ක හරිතාගාර වායු විමෝචනයකට විලාසිතා කර්මාන්තය දායක වන බව ගණනය කර තිබෙනවා. මෙය සමස්ත ගෝලීය විමෝචනවලින් 10% ට සමාන වෙන බව පෙන්වා දෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මෙම විමෝචන ජාත්‍යන්තර ගුවන් ගමන් සහ නැව් කටයුතු මඟින් සිදුවන ඒකාබද්ධ විමොචානයන්ට ද වඩා වැඩි බවයි.
තවද, ස්වභාවික සම්පත් විනාශ කිරිම, කම්කරුවන් සූරාකෑම, මෙන්ම පාරිභෝගිකයින්ට ඇදුම් මිලදී ගැනීමට බල කිරීම ද මේ ඔස්සේ උද්ගත වී තිබෙන සාමාජීය ගැටළු කිහිපයක්. මේ තත්ත්වන්වලට පොදුවේ අපටද මුහුණ දීමට සිදුව ඇති බැවින් මෙහි ප්‍රායෝගික අත්දැකීම් ඔබද යම්කිසි මට්ටමකට හෝ අත්විඳ ඇති. මේ අනුව ඉදිරි වසර 10ක් කාලය තුළ ඇඟලුම් ක්ෂේත්රය මඟින් සිදුවන පාරිසරික අඩු කිරීමට කටයුතු නොකළහොත් 2030 වන විට විමෝචනය වසරකට ටොන් බිලියන 2.7 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. වැඩි විස්තර මෙතැනින්
මේ පිලිබදව අපි මුලින්ම සාකච්ඡා කල පරිදි, විලාසිතා කර්මාන්තය තුළ සිදුවන පහත සදහන් කරුණු ප්‍රධාන වශයෙන්ම දේශගුණික පරිසර දුෂණයටත් ඒ ඔස්සේ දේශගුණික විපර්යාස කෙරෙහිත් බලපෑම් ඇතිකරනවා.
විලාසිත ක්ෂේත්රයේ රැදී සිටින අයට අමතරව සියලුම කොට්ටාසයන්ට විලාසිතාකරණයේ අනිසි බලපෑම් අත් විදීමට සිදුවී ඇත්තේ දේශගුණ විපර්යාස ඇති වීම කෙරෙහි එය දායක වූ නිසයි. සෑම තත්පරයකම එක් කුණු ලොරියකට සමාන රෙදි පිරවූ කුණු කන්දක් පුළුස්සා හෝ කුණු ලෙස බැහැර කරන බව එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය (UNEP) වාර්තා කරයි. මේ පිළිබද වැඩිදුර තොරතුරු සඳහා UNEP, 2018 අනුගමනය කරන්න.
වේගවත් විලාසිතා පෘථිවිය මත ඇති කරන භයානක බලපෑම් මෙතැන් සිට සලකා බලමු.
විලාසිතා කර්මාන්තය විසින් භාවිතා කරන සියලුම ද්‍රව්‍ය වලින් ආසන්න වශයෙන් 60% ප්ලාස්ටික් වලින් සාදන ලද ඒවාය. වැඩි විස්තර සඳහා UNEP, 2019 අනුගමනය කරන්න. ක්ෂුද්‍ර තන්තු ටොන් 500,000ක් සෑම වසරකම රෙදි සේදීමෙන් සාගරයට මුදා හැරේ. (2017 Ellen MacArthur පදනම විසින් සඳහන් කරන පරිදි මෙය ප්ලාස්ටික් බෝතල් බිලියන 50කට සමාන වේ)
වාර්ෂිකව විලාසිතා කර්මාන්තය සදහා ජලය ඝන මීටර් බිලියන 93ක් පමණ භාවිතා කරයි. එම පුමාණය ජනතාවගෙන් මිලියන 5 කගේ අවශ්‍යතා සපුරාලීමට ප්රමාණවත්ය. සමහර කලාපවල ජල හිඟයට සැලකිය යුතු දායකත්වයක් මෙම පුමාණයෙන් සැපයිය හැක. මෙතැනින් තවත් කියවිය හැක.
ලොව ප්‍රකට ජීන්ස් නිෂ්පාදක, ලෙවී ස්ට්රයුස් පවසන පරිදි ඔවුන්ගේ සංකේතාත්මක 501 ජීන්ස් යුගලයක් එහි මුළු ජීවිත කාලය පුරාවටම කාබන් ඩයොක්සයිඩ් 33.4kg පමණ විමෝචනය කරනවා. මෙම විමෝචනය සාමාන්‍ය එක්සත් ජනපද මෝටර් රථයක සැතපුම් 69ක් ධාවනය කිරීමට සමාන වේනවා. මෙමගින් එහි බලපෑම කෙතෙක්ද යන්න ඔබට සිතා ගත හැකියි. එසේම, එම විමෝචනවලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් තන්තු සහ රෙදි නිෂ්පාදනයෙදී එනම්, ජීන්ස් කැපීම, මැසීම සහ නිම කිරීමමේ දි 8% එකතුවේ. තවත් 16% ක් විමෝචනයෙන් ද අනිත් කොටස ඇසුරුම්කරණය, ප්‍රවාහනය යන අංශ වලින්ද සිදුවන බවට තක්සේරු කර ඇත.
විලාසිතාවේ තිරසාර බව බොහෝ විට පරිසර හිතකාමී හෝ සදාචාරාත්මක විලාසිතාවන් සමඟ එකිනෙක වරදවා තේරුම්ගැනීමට ඉඩ ඇත. මේ එකිනෙක පිළිබද වෙන් වෙන්ව සලකා බලමු.
පරිසර හිතකාමී විලාසිතා යනු පරිසරයට හානියක් නොවන තිරසාර ද්‍රව්‍ය වලින් සාදන ලද විලාසිතා වේ.
සදාචාරාත්මක විලාසිතා යනු සැපයුම් දාමයේ සියලුම සේවකයින්ට ගෙවන වැටුප සාධාරණ ලෙස සැලකීම සහතික කිරීමයි.
නිෂ්පාදනයේ සිට බැහැර කිරීම දක්වා ඇඳුමක සමස්ත ජීවන චක්‍රය සලකා බලන බැවින් තිරසාරත්වය මෙම සංකල්ප දෙකෙන් ඔබ්බට යයි
තිරසාර විලාසිතා යනු නිර්මාණ දර්ශනයක්, පරිසරය සහ සමාජ වගකීම ප්‍රවර්ධනය කරන ව්‍යාපාරයකි. තිරසාර විලාසිතාවන්ට ඇඳුම් පැළඳුම්, පාවහන් සහ අනෙකුත් උපාංග යන සියල්ල ඇතුලත්ය. එම විලාසිතා පාරිසරික සහ සමාජ-ආර්ථික මාර්ග යන දෙකම සැලකිල්ලට ගනිමින් වඩාත්ම තිරසාර ලෙස නිෂ්පාදනය කර භාවිතා කිරීම දේශගුණ විපර්යාස පිටු දැකීම උදෙසා වන වත්මන් අවශ්‍යතාවයයි. වැඩි විස්තර මෙතැනින්.
ට්‍රොපික් නිට්ස් (Trophic knits) හි තිරසාර කළමනාකරු සයිනෙබ් කොදබෝකස් පවසනුයේ වේගවත් විලාසිතා නිෂ්පාදනයේ ප්‍රතිවිපාක ගෝලීය ප්‍රශ්නයක් වන බවයි. තවද වේගවත් තිරසාර නොවන විලාසිතාවන්ට මුහුණ දීම සඳහා ප්‍රතිපත්ති සහ නීති පවත්වා ගැනීම වඩාත්ම වැදගත් වන බවත් ඔහු කියා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසයේ ආරම්භය සනිටුහන් කිරීම විජය කුමරුන් විසින් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ සිදුවුණි. නමුත්, ඒ වන විටත් රෙදි කර්මාන්තය ලංකාදීපයේ ස්ථාපිත වී තිබූ බවට ලිඛිත සාක්ෂි ඇත. “මහාවංශයේ” සඳහන් වන පරිදි විජය කුමරු තම්බපණ්ණි ඉවුරට ගොඩබසින විට, ලක්දිව යක්ෂ පරම්පරාවේ කුමරියක වන කුවේණිය ඇයගේ රෙදි වියන උපකරණයකින් රෙදි වියමින් සිට ඇත. “මහාවංශයේ” මෙම සිද්දිය හැදින්වනුයේ “කපු කැටිමින් සිට කුවේණිය” යනුවෙනි. මේ අනුව පෙනී යනුවෙ ලිඛිත ඉතිහාසටද එහා ගිය ඉතිහාසයක් ලංකීය විලාසිතා කලාවට ඇති බවයි. මෙම ශිල්පීය ක්රමයන් සොයා බැලීම වැදගත් වනුයේ අද වන විට කෙමෙන් ලෝක විද්වතුන් අත්හදා බලමින් පවතින පරිසර හිතකාමී විලාසිතකරණයට එය පිටු වහලක් වන බැවිනි.
ශ්‍රී ලංකාවේ අත් රෙදි විවීම කර්මාන්තය පරම්පරාවෙන් පරම්පරාවට, පැමිණ අද තිබෙන තත්ත්වයට දියුණු වී ඇත. නමුත් මෙහි ඛේදනීය තත්වය වනුයේ, නවීකරණය සහ ඉල්ලුම වැඩිවීම හේතුවෙන් අද වන විට අතින් රෙදි විවීම බොහෝ දුරට නවීන යාන්ත්‍රික ක්‍රම මගින් ප්‍රතිස්ථාපනය වීමයි. අතලොස්සක් පමණක් පැරණි තාක්ෂණය භාවිතා කරයි. ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන් සාගර මට්ටම ඉහළ යාම, උෂ්ණත්වය ඉහළ යාම සහ ආන්තික කාලගුණික රටා හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑම්වලට බෙහෙවින් ගොදුරු වන බැවින් තිරසාර විසදුම් වලට යාමේ අවශ්‍යතාවයක් පවතී.
පුද්ගලිකව පරිභෝජනය කරන ඇදුම් වර්ග සිමා කිරිම, පරිසර හිතකාමී නිර්මාණ භාවිතය මෙන්ම රටක් ලෙස ප්‍රතිපත්ති සකස් කර දුෂණය සිමා කරමින් හානිය අවම කොට, තිරසාර විසදුම් වලට යෑමෙන් දේශගුණ විපර්යාස උදෙසා විලාසිත ක්ෂේත්රය මගින් සිදුවන බලපෑම අවම කර ගත හැක.