Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

හිම වලස් ගහනය සහ දේශගුණික විපර්යාස

English

සමාජ ජාලා සටහන්:  ගෝලීය හිම වලසුන්ගේ ගහනය කාලයත් සමඟ වැඩි වී ඇත!

මූලාශ්‍ර: මෙම ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ඔස්සේද, සංසරණය වූ අතර ඇතැම් වෙබ් අඩවි ලිපි සහ වීඩියෝවල ද සඳහන් වී තිබුණේ, හිම වලසුන් ගහනය  කිහිප ගුණයකින් වැඩි වී ඇති බවයි.

අප සොයාගත් දේ:

හිම වලසා යනු දේශගුණික විපර්යාස හා සම්බන්ධ සතෙකු වන අතර දේශගුණික විපර්යාස සහ එහි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඔවුන්ගේ ගහනය බොහෝ විට ප්‍රසිද්ධ මිනුම් දණ්ඩක් ලෙස දේශගුණය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නන් විසින්  සාකච්ඡා කරනු ලබයි.

මෙම හිම වලසුන්ගේ සත්‍ය ගහනය නොපැහැදිලි ලෙස පවතින බැවින්, හිම වලසුන් ගහනය ඉහළ යාමේ ප්‍රවණතාවක් වී ඇත්දැයි යන්න නිශ්චිත සාක්ෂි අපට හමු නොවීය. පසුගිය දශක කිහිපය තුළ සංරක්‍ෂණ ප්‍රයත්නයන් ඉහළ ගොස් ඇති නමුත්, දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ හිම වලසුන්ගේ වාසස්ථාන සහ ජීවන රටාවට තර්ජනයක් වී ඇති බවට සාක්ෂි රාශියක් හමුවී තිබේ.

හිම වලසුන්

හිම වලසුන් යනු වලසුන්ගේ විශාලතම විශේෂයයි. එමෙන්ම මොවුන් විශේෂය, උත්තර ධ්‍රැවයට ආවේණික වේ. මෙම තේජාන්විත ජීවීන් ආක්ටික් කවයේ ආහාර දාමයේ ඉහළින්ම සිටී. ඔවුන් ප්‍රධාන වශයෙන් දඩයම් කරන්නේ සීල් මාළු ය. හිම වලසුන්ට හොඳ පිහිනීමේ හැකියාවක් ද තිබේ. ඔවුන්ගේ සිරුරු අධික ශීතල සහ හිම සහිත පරිසරයක ජීවත් වීමට අනුවර්තනය වී ඇත. හිම වලසුන් පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link

හිම වලසුන්, ඔවුන්ගේ ජනගහනය සහ දේශගුණික විපර්යාස සම්බන්ධ ප්‍රකාශයන් පිලිබදව සොයා බැලීමට  අපි තීරණය කළෙමු.

සාමාන්‍යයෙන්, දේශගුණ ක්‍රියාකාරීන් විසින් දේශගුණික විපර්යාස හේතුවෙන් හිම වලසුන් මුහුණ දෙන දුෂ්කරතා අඛණ්ඩව අවධාරණය කරයි. National Geographic විසින් පළ කරන ලද එක් ප්‍රසිද්ධ වීඩියෝවක දැක්වෙන්නේ උෂ්ණත්වය ඉහළ යාම, මුහුදු අයිස් දියවීම නිසා හිම වලසුන්ට ඔවුන්ගේ ප්‍රධාන ආහාර වේලට ප්‍රවේශය අහිමි වී ඇති බවත්, එම නිසා කුසගින්නෙන් පෙළෙන බවත්ය. එම වීඩියෝව පහතින්

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන සහ ගෝලීය දේශගුණික විපර්යාසවලින් හිම වලසුන් තර්ජනයට ලක් නොවන බව පවසන පුද්ගලයින් සිටින අතර ඔවුන් පවසන්නේ හිමවලසුන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බවයි.

හිම වලසුන්ගේ ගහන සංඛ්‍යා දෙස බලමු.

හිම වලසුන් ගහනය පිළිබඳ අදහස්

සව්වා උස්පෙන්ස්කි නම් රුසියානු ජීව විද්‍යාඥයා කියා සිටියේ 1950 දශකයේ  සෝවියට් ආක්ටික් කලාපයේ වලසුන් 5000ක් පමණ සිටි බවත් 1960 දශකය වන විට ආක්ටික් කලාපයේ වලසුන් 5000- 10,000ත් අතර ප්‍රමාණයක් සිටි බවත්ය. නමුත් ගෝලීය විද්‍යාඥයින්ගේ ප්‍රජාව (Global Community of Scientists )ඇතුළු බොහෝ විද්‍යාඥයින් මෙම සංඛ්‍යා ප්‍රතික්ෂේප කර ඇත.

මේ අතර, 2021 වසරේදී AFP වෙත අදහස් දක්වමින්, සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (IUCN) විශේෂඥයෙකු වන ස්ටීවන් ආම්ස්ට්‍රප් කියා සිටියේ හිම වලසුන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතා පිළිබඳ සැලකිය යුතු සාක්ෂි නොමැති බවයි. IUCN රතු දත්ත පොතට අනුව, හිම වලසුන්ගේ ජනගහන ප්‍රවණතාවය නොදන්නා කරුණකි. AFP හි එම ලිපිය මෙතනින්. Archived Link

කාලයත් සමග හිම වලසුන්ගේ ගහනයේ සිදුව ඇති වෙනස්කම් 

1700 ගණන් වලට පෙර ආක්ටික් කලාපයේ ආදිවාසීන් හිම වලසුන් දඩයම් කිරීමට පුරුදුව සිටියද, ඒවා විශාල පරිමාණයෙන් සිදු කර නොමැත. එබැවින් එය හිම වලසුන්ගේ ගහනයට සැලකිය යුතු ලෙස බලපෑවේ නොමැත. කෙසේ වෙතත්, 1700 සිට 1970 පමණ කාලය තුළ හිම වලසුන්ගේ මහා පරිමාණ දඩයම් වාර්තා විය, එය ප්‍රධාන වශයෙන් උතුරු ඇමරිකානු සහ යුරෝපීය දඩයම්කරුවන් විසින් ආරම්භ කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස හිම වලසුන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩු විය. 1973 දී, ඇමරිකා එක්සත් ජනපදය, පැරණි  සෝවියට් සංගමය, තවත් යුරෝපීය රටවල් කිහිපයක් සමඟ හිම වලසුන් සහ ඔවුන්ගේ වාසස්ථාන සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමට අත්සන් තැබීය.

සමහර අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ පසුගිය දශක කිහිපය තුළ හිම වලසුන්ගේ ගහනය ස්ථාවරව පවතින බවයි; සහ ඔවුන්ගේ සංඛ්‍යාව පවා 1980 දී 23,000 සිට 1995 සිට 2015 දක්වා 26,000 දක්වා සහ මෑතදී 29,000 දක්වා වැඩි වී ඇති බවකි. 

කලින් සාකච්ඡා කළ පරිදි, හිම වලසුන් ගේ ප්‍රමාණාත්මක ඉහල යාමක් වේනම් එයට හේතුවිය හැක්කේ වාණිජ සහ ක්‍රීඩාමය කටයුතු සදහා හිම වලසුම් දඩයම දැඩි ලෙස සීමා කිරීම සහ සංරක්ෂණය සදහා වඩාත් කල්පනාකාරී පියවර ගැනීමයි.

කෙසේ වෙතත්, 2005 දී  IUCN විසින් හිම වලසා (Ursus maritimus) ව අඩු අවධානය යොමු කලයුතු(Least Concern) කාණ්ඩයේ සිට අවදානමට ලක්විය හැකි කාණ්ඩය(Vulnerable) දක්වා වර්ගීකරණය වෙනස් කලේ හිම වලසුන්ට එල්ලව ඇති දිනෙන් දින වැඩිවන 

  තර්ජන සලකා බැලීමෙනි. 2015 රතු දත්ත පොතේ හිම වලසුන්ව අදාළ නිර්ණායක යටතේ අවදානමට ලක්විය කාණ්ඩය (Vulnerable) ලෙස ලැයිස්තුගත කර ඇති අතර මෙම විශේෂය සඳහා කිසිදු ගහන ප්‍රවණතාවක් (population trend) සඳහන් කර නොමැත.

2021 දී IUCN විශේෂඥ කණ්ඩායමේ හිම වලසුන් පිළිබඳ වාර්තාවට අනුව, ඔවුන් උතුරු අර්ධගෝලය පුරා ප්‍රධාන හිම වලසුන් ගහන 19ක් හඳුනාගෙන තිබේ. ඔවුන් අතර, ගහනයන්  8 ක් පිලිබදව දත්ත ප්‍රමාණවත් තරම් නැත , ගහනයන්  4 ක් අඩුවෙමින් පවතින අතර, ගහනයන්  5 ක් ස්ථාවර වන අතර, ගහනයන්  2 ක් වැඩි වේ.

ආක්ටික් ප්‍රදේශයේ මුහුදු අයිස් අඩුවීම

මුහුදු අයිස් යනු සාගර පෘෂ්ඨයේ පාවෙන මිදුණු  මුහුදු ජලයයි. එය එක් එක් අර්ධගෝලයේ ශීත ඍතුවේ දී ආක්ටික් සහ ඇන්ටාක්ටික් යන දෙඅංශයේම සාදනු ලබන අතර ගිම්හානයේදී අඩු වන නමුත් සම්පූර්ණයෙන්ම අතුරුදහන් නොවේ. මෙම පාවෙන අයිස් ධ්‍රැවීය පරිසරයට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි, සාගර සංසරණයට, කාලගුණයට සහ කලාපීය දේශගුණයට බලපෑම් කරයි.

ආක්ටික් පරිසර පද්ධතියට මුහුදු ජලය වැදගත් සේම ධ්‍රැවාසන්න පරිසරයට මුහුදු අයිස්ද වැදගත්. මුහුදු ජලය අඩු උෂ්නතාවයන් යටතේ  අයිස් බවට පත්වන විට එහි ලවණ පිටතට මුදා හරින අතර එහි අයිස් තුළ තැනෙන ශාඛ වැඩීමට සුදුසු පරිසරය තුළ මුහුදු ඇල්ගී වැඩිම සිදුවේ.මෙම ඇල්ගී ධ්‍රැවාසන්න ආහාර දාමයේ  ප්‍රධාන පුරුකකි. මෙම ඇල්ගී කුඩා සත්ව විශේෂ මගින් ආහාරයට ගන්නා අතර එම සත්වයන්ව කුඩා මුහුදු මාළු මගින් ආහාරයට ගනී.කුඩා මත්ස්‍යයින් ව සීල් මත්ස්‍යයින් සීල් මත්ස්‍යයන් මගින් ආහාරයට ගනී.හිම වලසුන් වැඩිපුර යැපෙන්නේ සීල් මාළුන් මතයි.

කෙසේ වෙතත්, විවිධ හේතු නිසා, ඇන්ටාක්ටිකාවට සාපේක්ෂව, ආක්ටික් මුහුදේ අයිස් පසුගිය වසර කිහිපය තුළ අඩු වෙමින් පවතී, නාසා ආයතනයට අනුව දශකයකට 13% ක් පමණ අඩුවීමක් සිදුවේ.

හිම වලසුන් දඩයම් කිරීමට, අභිජනනය කිරීමට, සැරිසැරීමට සහ සමහර විට වාසස්ථාන සඳහා මුහුදු අයිස් මත රඳා පවතී. නමුත් ආක්ටික් ප්‍රදේශය උණුසුම් වෙමින් පවතින අතර මිනිසා විසින් ඇති කරන දේශගුණික විපර්යාස හේතුවෙන් අයිස් දියවෙමින් පවතී. දැනටමත්, දිගු අයිස් රහිත සමයන් සහ දිගු නිරාහාර කාලසීමාවන් සමහර හිම වලසුන් ගහනය අඩුවීමට හේතු වී ඇති අතර, උතුරු දිග ආක්ටික් ප්‍රදේශ වල ජනගහනයට තවමත් මුහුදු අයිස් අඩුවීමේ බලපෑම් දැනී නොතිබෙන්නට ඇත.

පර්යේෂණවලින් පෙනී යන්නේ කාබන් විමෝචනය විශාල වශයෙන් අඩු කිරීමට සහ අපගේ දේශගුණය ස්ථාවර කිරීමට ක්‍රියා නොකරන්නේ නම්, සියවස අවසන් වන විට හිම වලසුන් ජනගහනය කිහිපයක් හැර අනෙක් සියල්ල අපට අහිමි විය හැකි බවයි.

හිම වලසුන් සඳහා අනාගතය

ගෝලීය දේශගුණික විපර්යාස ආශ්‍රිත ගැටළු හේතුවෙන් ඊසානදිග කැනඩාවේ සහ උතුරු ග්‍රීන්ලන්තයේ මුහුදු අයිස් මත යැපෙන හිම වලසුන් සහ අනෙකුත් ජීවීන් සඳහා වාසස්ථානවලින් සුළු කොටසක් පමණක් ඉතිරි වනු ඇතැයි විද්‍යාඥයන් අනාවැකි පළ කරති. ඉදිරි දශක කිහිපය තුළ ආක්ටික් කලාපයේ බොහෝ ප්‍රදේශ දැඩි අයිස් හානියකට  මුහුණ දෙනු ඇති බව WWF හි සහාය ඇති කණ්ඩායමක් සොයා ගෙන තිබේ. ඒ පිළිබඳව වැඩිදුර විස්තර මෙතනින් සහ මෙතනින්. Archived Link

මානව ආහාර අපද්‍රව්‍ය  මගින් හිම වලසුන්ට තර්ජනයක් වන සිදුවීම් වැඩිවෙමින් පවතින බවට  මෙම වාර්තාවේදී විද්‍යාඥයින් සහ සංරක්ෂණ වේදීන් අනතුරු අඟවා ඇත.

සමහර අධ්‍යයන මගින් ග්‍රීන්ලන්තයේ මුහුදු අයිස් අඩු ප්‍රදේශවලද එතරම් ප්‍රකට නැති හිම වලසුන්ගේ ගහන දක්නට ඇති බවක් සොයාගෙන ඇත.නමුත් පර්යේෂකයන් පවසන්නේ ඉදිරි කාලය තුලත් ආක්ටික් කලාපයේ මුහුදු අයිස් ප්‍රමාණය තවදුරටත් පහත බසිනු ඇති බව මෙන්ම එය හිම වලසුන්ගේ පැවැත්මට ඉතාම හානිදායක ලෙස බලපානු ඇති බවයි.

2015 දී IUCN විසින් කරන ලද තක්සේරුවකට අනුව, දේශගුණික විපර්යාස ආශ්‍රිත සංසිද්ධි හේතුවෙන් 2050 වන විට හිම වලසුන් ගහනය 30% කින් පමණ අඩු විය හැකි බවට අනාවැකි පළ කර තිබේ. ඒ පිළිබඳ විස්තර මෙතනින්. Archived Link

නිගමනය

අපගේ විශ්ලේෂණයට අනුව, දේශගුණික විපර්යාස හිම වලසුන් කෙරෙහි බලපෑමක් ඇති කර නැති බවත් ඔවුන්ගේ ගහනය සීඝ්‍රයෙන් ඉහළ යන බවත් පවසන සමාජ මාධ්‍ය සටහන් නොමඟ යවන සුළු බව පැහැදිලිවේ .කාබන් විමෝචනය විශාල වශයෙන් අඩු කිරීමට සහ අපගේ දේශගුණය ස්ථාවර කිරීමට ක්‍රියා නොකරන්නේ නම්, උෂ්ණත්වය ඉහළ යාමේ සහ එහි ප්‍රතිඵලයක් ලෙස දේශගුණික විපර්යාසවල බලපෑම් ඉදිරි වසරවලදී හිම වලසුන්ගේ වාසස්ථාන සහ ඔවුන්ගේ ජනගහනයට සැලකිය යුතු ලෙස බලපානු ඇත.

Silila Sandawala
Silila Sandawala
Articles: 8

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter