Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

සුළං ටර්බයින වල ගැටීමෙන් විශාල වශයෙන් පක්ෂීන් මරණයට පත්වේද ??

සුළං බලය  යනු ලෝකයේ ප්‍රධානතම පුනර්ජනනීය විදුලිබල මුලාශ්‍රයක්.ලංකාවේද මන්නාරම ප්‍රදේශයේ විශාල සුළං විදුලි බලාගාරයක් සහ හම්බන්තොට ආදී ප්‍රදේශ කිහිපයක පමණක් කුඩා සුළං විදුලි බලාගාර ක්‍රියාත්මකයි.

සුළං විදුලි බලාගාර බලගැන්වීම සදහා භාවිතාවන සුළං ටර්බයින වල ගැටීම නිසා අසාමාන්‍ය ලෙස පක්ෂීන් මරණයට පත්වන බවට මතයක් සමාජය තුළ පවතිනවා.සැබැවින්ම එවැන්නක් සිදුවේද ??ඒ පිලිබදව සංඛ්‍යා දත්ත සහ පිළිගත හැකි මුලාශ්‍රයන් ඇසුරින් අප විසින් කරුණු විමසා බැලීමක් සිදුකළා.

සුළං විදුලි බලාගාර ක්‍රියාත්මක වීමේදී ඒවායෙහි ගැටී කුරුල්ලන් මිය යාම පිලිබදව ගෝලීයව ඇති දත්ත සිමා සහිතයි.එමෙන්ම ලංකාවේ පවතින බලාගාර  කිහිපයේද එවන් දත්ත රැස්කිරීමක් සිදුවන්නේ නැහැ.නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය යනු  දහස් ගණනින් සුළං විදුලි බලාගාර පවතින රටක්.එක්සත් ජනපදයේ ඇති සුළං විදුලි බලාගාර වල දැවැන්ත ටර්බයින පියාපත්වල ගැටී කුරුල්ලන් මිය යාම පිලිබදව සංඛ්‍යාත්මක දත්ත පවතිනවා.මෙම ලිපියේදී අප එම දත්ත මත පදනම් වෙනවා.

පළමුව, අපි මෙම ගැටලුව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මෙම විෂය පිළිබද  විශේෂඥයින් විසින් කරන ලද පර්යේෂණයන්   අධ්‍යයනය කළා .

සුළං බලශක්ති කර්මාන්තය පුනර්ජනනීය බලශක්තියේ කොටසක් ලෙස සලකනු ලබන අතර එය ලොව පුරා වේගයෙන් ප්‍රචලිතව තිබෙනවා . අපගේ නිරීක්ෂණවලට අනුව, සුළං බලය සහ ගැටීමෙන් සිදුවන පක්ෂීන්ගේ මරණ සංඛ්‍යාව පිළිබඳ බොහෝ අධ්‍යයනයන් දශක කිහිපයකට පෙර සිදු කර තිබෙනවා . කෙසේ වෙතත්, පසුගිය පර්යේෂණවල සඳහන් සුළං විදුලි බලාගාරවලට  සාපේක්ෂව දැන් පවතින සුළං විදුලි බලාගාර සංඛ්‍යාව  වැඩියි.. එමනිසා, මෙම ලිපියෙන් අපි සාපේක්ෂ නව අධ්‍යනයන්ගෙන්  දත්ත ලබා ගැනීමට උත්සාහ කරමු.

සුළං ටර්බයින වල ගැටීමෙන් වාර්ෂිකව එක්සත් ජනපදය තුළ මියයන පක්ෂීන් සංඛ්‍යාව ප්‍රධාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය සැලකිල්ලට ගනිමින් සිදුකල  අධ්‍යයන තුනක අඩංගු සංඛ්‍යා දත්ත අනුව අප ලබාගත්තා. මෙම අධ්‍යයනයන් ලොස් , ස්මෝල්වුඩ් සහ එරික්සන් ලෙස ඒවා සිදුකිරීමට මුල්වූ ප්‍රධාන පර්යේෂකයන්ගේ නම් යොදාගනිමින් සදහන් කල හැකියි.මෙම පර්යේෂණයන් 3 සිදුකර ඇත්තේ 2012-15 කාලයේදීයි.

. මෙම අධ්‍යයනයන්ට අනුව පිළිවෙලින් එක්සත් ජනපදයේ භ්‍රමණය වන සුළං ටර්බයිනවල ගැටීම හේතුවෙන් වාර්ෂිකව කුරුල්ලන් 234,000, 573,093 සහ 291,000 ක සාමාන්‍ය අගයක් මිය යයි. කෙසේ වෙතත්, ක්ෂේත්‍ර සහ විශ්ලේෂණ ක්‍රම, අධීක්ෂණ කාලසීමාව සහ මරණ සඳහා නිරීක්ෂණය කරන ලද සුළං ටර්බයිනවල ප්‍රමාණය සහ උස හේතුවෙන් මෙම අගයන් සැලකිය යුතු ලෙස ඒ ඒ පර්යේෂණවලදී වෙනස් අගයන් ගෙන තිබෙන බව පවසන්න පුළුවන් .

ලොස් සහ අනෙකුත් අය විසින් කරන ලද අධ්‍යයනයෙන් 2012 දී ටර්බයින 44,577 ක් ක්‍රියාත්මක වූ බව වාර්තා වූ අතර එක්සත් ජනපද සුළං ටර්බයින දත්ත ගබඩාවට අනුව අද වන විට සුළං ටර්බයින  65,548 ක් පවතින බව තහවුරු වුණා  – එය සියයට 47 ක වැඩිවීමක් . කර්මාන්තයේ වර්ධනය සැලකිල්ලට ගනිමින්, කුරුල්ලන්ගේ මරණ වැඩිවීම ඊට  සමානුපාතිකව සිදුව ඇති බවට උපකල්පනය කරන්න පුළුවන් .

එක්සත් ජනපදය පදනම් කරගත් ස්වෙච්චා සංවිධානයක්  වන Bird Conservancy හි විශේෂඥයෙකු වන Joel Merriman ,ට අනුව  වාර්තා කිරීමේ ක්‍රම ආදී විවිධ ගැටළු හේතුවෙන් අප ඉහත සදහන් කල සංඛ්‍යා දත්ත නොමගයවන සුලුයි. ඔහු යෝජනා කරන්නේ සුළං ටර්බයින වල  ගැටීම් හේතුවෙන් එක්සත් ජනපද දේශසීමා තුළ පමණක් වාර්ෂිකව කුරුල්ලන් මිලියන 1.7 ක් පමණ මිය යන බවයි . .කෙසේ වෙතත්, මෙම මරණ මිලියන 1.7 එක්සත් ජනපදයේ මුළු පක්ෂීන්ගෙන් 0.02% ට වඩා අඩු බව ජොයෙල් තවදුරටත් පැහැදිලි කරනවා , එක්සත් ජනපදයේ සහ කැනේඩියානු භූමි ප්‍රදේශවල කුරුල්ලන් බිලියන 7 ක් පමණ ජීවත් වන බවයි ඔහු පවසන්නේ .

එක්සත් ජනපද මත්ස්‍ය හා වනජීවී සේවයේ දත්ත වලට අනුව, සන්නිවේදන කුළුණු මගින් වාර්ෂිකව කුරුල්ලන් මිලියන 5-6.8 ක් ද, මෝටර් රථවලින් මිලියන 60-80 ක් ද, පළිබෝධනාශකවලින් මිලියන 67-90 ක් ද, බළලුන් විසින් මිලියන 365 සිට බිලියන 1 ත් අතර ප්‍රමාණයක් මිය යනවා . සෑම වසරකම එක්සත් ජනපදයේ. කුරුල්ලන්ට විශාලතම තර්ජනය පැමිණෙන්නේ බළලුන්ගෙනි. ඒ අනුව, එම සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් ගත් කල, සුළං ටර්බයින මගින් සිදුවන පක්ෂීන් මිලියන 1.7 යනු  සාපේක්ෂව අඩු අගයක් .

කුරුළු මරණ අවම කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති තාක්ෂණවේදීන් විසින් ගෙන ඇති පියවර

කුරුල්ලන් ගැටීම සදහා වන අවදානම අඩු ප්‍රදේශවල සුළං උත්පාදක යන්ත්‍ර ස්ථාපිත කළ හැකි අතර, එය කුරුල්ලන්ගේ ගැටීම් අවම කිරීමට ගත හැකි මූලික පියවරක් . සුළං ටර්බයින සංක්රමණික පක්ෂි මාර්ග වලින් වෙන් විය යුතුයි . වවුලන් ටර්බයින සමඟ ගැටීම වැළැක්වීම සඳහා අල්ට්රා සවුන්ඩ් බූම් පෙට්ටි භාවිතා කළ හැකියි.

සමහර සුළං විදුලි බලාගාරවලදී , සුදු පැහැයට  පහසුවෙන් කුරුල්ලන් ආකර්ෂණය කර ගත හැකි බැවින් ගැටුම් අවම කිරීම සඳහා සාමාන්‍ය සුදු පැහැති ටර්බයින වෙනුවට විවිධ වර්ණ ටර්බයින භාවිතා කරනවා..

මීට අමතරව, විශාල, වඩා බලවත් සුළං ටර්බයින  අඩු පාරිසරික බලපෑමක් සිදුකරන බව  බව විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා . සුළං ටර්බයින කිහිපයක වැඩ කටයුතු එක් ටර්බයිනයකින් අඩු ඉඩක් හා මුදල් වැය කරමින් නිම කරන්න පුළුවන් .

තවද කුරුළු රංචු කලින් හඳුනාගෙන ටර්බයින තාවකාලිකව නවතා ගැටීම් වළක්වා ගැනීමට රේඩාර් තාක්ෂණය යොදා ගන්නත් පුලුවන් .

නිගමනය

අපගේ විමර්ශනයට අනුව, කුරුල්ලන්ගේ මරණවලට  සුළං බලාගාර විශාල වශයෙන් දායක නොවන බව පැහැදිලියි .  බළලුන්, සන්නිවේදන කුළුණු, ජනෙල් වැනි වෙනත් බොහෝ හේතූන් කුරුල්ලන්ගේ මරණ සඳහා වඩාත් දායකවන හේතු විදිහට හදුන්වන්න පුලුවන් . කෙසේ වෙතත්, සුළං බලශක්ති බලාගාර  ක්‍රියාකරුවන් සුළං ටර්බයින සහ පියාඹන කුරුල්ලන් අතර ගැටීම් වළක්වා ගැනීමට විවිධ පියවර ගනිමින් තිබෙනවා.

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter