Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
“අපි එදා ගෙදර යන්න විදිහක් නැතිව සීතලේ වෙවුලමින් සිටියා. මොකද එදා සීතලයි, වැස්සයි ගොඩක් වැඩි වුන නිසා. ඒ අතරේ හේනක ගවයො දෙදෙනෙක් මියගිහින් වැටුණා.” මඩකලපුව ප්‍රදේශයේ මියගිය ගවයන්ගේ හිමිකරුවෙකු මෙලෙස තම අත්දැකීම සඳහන් කළේ ය.
2021 දෙසැම්බර් 8 සහ 9 යන දෙදින තුළ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වූ ‘මැන්ඩස්’ සුලි කුණාටුව ශ්‍රී ලංකාවේ කාළගුණ තත්ත්වයේ හදිසි වෙනස්කම් ඇති කළේ ය. මෙහි බලපෑම ශ්‍රී ලංකාව පුරාවටම පැවතියද, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල තත්තවයේ තීව්‍රතාව අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව ඉහළ තත්වයක පැවතිණ. එම දිනවල එම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 17ක් 20ක් අතර අගයක පැවති අතර, විශාල පශු මරණ ප්‍රමාණයක්ද එම ප්‍රදේශවලින් වාර්තා විය.
ගවයින්ගේ සම්පූර්ණ මරණ ප්‍රමාණය
අඩු උෂ්ණත්ව කාළගුණ තත්වය නිසා උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් 1160දෙනෙකු මිය ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ පශු සම්පත් අංශය ප්‍රකාශ කර සිටියේය.
ගවයන් 691ක් සහ එළුවන් 296ක් ඇතුලු පශු මරණ 987ක් උතුරු පළාතෙන් වාර්තා වී ඇත. එසේම, නැගෙනහිර පළාතේ ගවයන් 555ක් සහ එළුවන් 108ක් අතුළුව සමස්ත මරණ 663ක් වාර්තා වී ඇත. (මේ සංගණන සියල්ල අයිතිකරුවන්ගේ වාර්තා මත පදනම් වී ඇති බව සලකන්න. ඇතැම් ගොවිපළ හිමිකරුවන් තම ගවයින්ගේ මරණ ලියාපදිංචි කර නොමැති බව සඳහන් ය.) ඊට අමතරව උතුරු පළාතේ ගවයන් 329ක් සහ නැගෙනහිර පළාතේ ගවයන් 16 දෙනෙකු රෝගාතුරව ඇතිබව මෙම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මියගිය ගවයන්ගේ වයස පදනම් කරගත් විශ්ලේෂණය
ඉහත ප්‍රස්තාරය මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදු වූ ගවයන්ගේ මරණ පිළිබඳව දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව,
සිදු වූ සම්පූර්ණ ගවයින්ගේ මරණ ගණන – 309
වැඩුනු කිරිගවයින්ගේ මරණ ගණන – 133
කිරිගව පැටවුන්ගේ මරණ ගණන – 119
වැඩුණු මී හරක් මරණ – 16
මී හරක් පැටවුන් ගණන – 3
වැඩුණු එළුවන් ගණන – 31
එළු පැටවුන් ගණන – 7
විවිධ පාරිසරික සාධක ගවයින් ඇතුළු අනෙකුත් පශු සම්පත් කෙරෙහි බලපාන ආකාරය
උෂ්ණත්වය –
සියළුම පශු සම්පත් අචලතාපී සත්වයන් වේ. ඒ අනුව ඔවුන් සෑම විටම සිය දේහ උෂ්ණත්වය ඔවුන්ගේ සාමාන්‍ය දේහ උෂ්ණත්වයේ සිට සෙල්සියස් අංශක 1ක් 2ක් අතර පරාසයක පවත්වා ගනී. සාමාන්‍යයෙන් බොහෝ ගෘහස්ත සතුන්ගේ ශරීර උෂ්ණත්වය, ඔවුන් නිරාවරණය වන බාහිර පරිසරයේ උෂ්ණත්වයට වඩා සැලකිය යුතු ප්‍රමාණයක ඉහළ අගයක් ගනී. එනිසා ඔවුන් දේහ අභ්‍යන්තර තාප නිශ්පාදනය සහ අවට පරිසරයට සිදුවන තාප හානිය සමතුලිත කරගනිමින් ශරීර උෂ්ණත්වය පවත්වා ගනී.
පශු සම්පත්වල සාමාන්‍ය දේහ උෂ්ණත්ව අගයන්:
ගවයන් – 37.8 – 39.2 °C
මී හරකුන් – 37.5 – 39.0 °C
එළුවන් – 39 – 40 °C
සෑම සත්වයෙකුටම තාප උදාසීන කලාපයක් ඇත. ඒ අනුව චලතාපීන් ලෙස හැඳින්වෙන තාප අවශෝෂක ජීවීන් අවම පරිවෘතීය ක්‍රියා යාමනය මඟින් අවට උෂ්ණත්වය වන උදාසීන කලාපයක පවත්වා ගනී. මෙම කලාපයේ අවම කෙලවරේ, සාමාන්‍ය පරිවෘ තීය ක්‍රියාවලින් ශරීරයේ මූලික උෂ්ණත්වය පවත්වා ගැනීමට ප්‍රමාණවත් තාපයක් සපයයි. අවම තීව්ර උෂ්ණත්වය, ගවයින්ට ශීතල පරිසර තත්ත්වවලදී ඊට මුහුන දීමට ඇති හැකියාවයි. පර්යේෂකයින්ට අනුව, ගවයින්ගේ මෙම අගය සෙල්සියස් අංශක 15ත් 25ත් අතර වේ.
අවම තීව්ර උෂ්ණත්වයන්ට වඩා අඩු උෂ්ණත්ව තත්ත්වවලදී ගවයන්, ශ්වසන අපහසුතා, හෘද ස්ඵන්දන ශීඝ්‍රතාව අඩු වීම වැනි දුශ්කරතාවලට මුහුන දී, අවසානයේ සිහි විසඥ වීම සහ මරණය දක්වා බරපතල තත්ත්වවලට මුහුණ දෙයි.
සාපේක්ෂ ආර්ද්‍රතාවය –
සපේක්ෂ ආර්ද්රතාවයේදී, වායුගෝලය තුල දැරිය හෑකි උපරිම ජල වාශ්ප ප්‍රමාණයට සාපේක්ෂව පරිසරැයේ පවතින ජලවාශ්ප සංයුතිය මනිනු ලැබේ.
වායු ගෝලයේ අඩු ආර්ද්‍රතාවය, ගවයින්ගේ ශ්ලේෂ්මල පටල වියළීම මඟින් අපහසූතා ඇති කරන අතර, අඩු ආර්ද්‍රතාවය, ගවයින්ගේ ශරීරවල දිලීර ආසාදන ඇතිවීම සඳහා උත්තේජනයක් ලබා දෙයි.
ඒ අනුව පරිසරයේ මෙම සාධකවල සිදු වූ වෙනස් වීම, ගවයින්ගේ මරණ සඳහා හේතු වන්නට ඇති බවට සැලකිය හැක.
උෂ්ණත්ව ආර්ද්‍රතා දර්ශකය (THI) යනු කුමක්ද?
උෂ්ණත්ව ආර්ද්‍රතා දර්ශකය යනු, ගිම්හාන කාලයන් තුල සතුන් සහ මිනිසුන්ගේ පහසුව නිර්ණය කිරීම සඳහා යොදා ගන්නා, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව සමගාමීව ගණනය කෙරෙන සේ සැකසූ දර්ශකයකි.
විද්‍යාගාර පර්යේෂන ප්‍රතිඵලවලින් ලැබුනු සාධක මොනවාද?
යාපනය සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් අධ්යක්ෂ වෛද්‍ය එස්. වසීහරන් මහතා විසින් මියගිය පශු සම්පත් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණි. ඔහු පැවසුවේ රසායනාගාර පර්යේෂණවලදී කිසිදු රෝගාබාදයක් වාර්තා නොවූ බවත්, වෙනත් රෝග හෝ බෝවන රෝග ආසාදනයක් පිළිබඳව දත්ත වාර්තා නොවූ බවත්, මරණවලට හේතුව අධික ශීතල නිසා ඇති වූ කම්පනය පමනක් බවත් ය. මීට අමතරව ඔහු වඩිදුරටත් ප්‍රකාශ කලේ, මන්දපෝශණය නොමැති නම් සාමාන්‍යයෙන් සතුන් මෙවැනි සීතල කම්පනවලට ගොදුරු නොවන බවත් ය.
සියලුම නිරෝගී මිනිසුන්ගේ මෙන්ම, ගවයින්ගේද චර්මයට යටින් මේද තට්ටුවක් පවතින බව වෛද්‍ය වසීහරන් මහතා පැවසීය. සෞඛ්‍ය සම්පන්න ජීවීන්ගේ මෙම මේද තට්ටුව පවතින අතර, දිගු කලක් ආහාර හෝ ජලය සීමිතව ලබා ගැනීමත් සමඟ මෙම මේද තට්ටුව දියවී යාමට ලක්වේ. මියගිය ගවයන්ගෙ මෙම මේද තට්ටුවේ ස්වභාවය පිළිබඳව තමා නිසි අධ්‍යනයක් සිදු නොකල නමුත්, පර්යේෂණයට ලක්වූ කරුණු සලකා බැලීමේදී මෙම ගවයින් මන්දපෝෂණ තත්වයට මුහුණ දී සිටින්නට ඇති බවට එතුමා යෝජනා කළේ ය. අවසාන වශයෙන් ඔහු අවධාරණය කළේ මෙම මිය ගිය සත්ත්වයින් කිරි නිෂ්පාදනය සිදු නොකල සතුන් බවයි. මෙහි වූ කිරි දෙනුන් නිෂ්පාදනය කළ කිරි වසු පැටවුන් හටද ප්‍රමාණවත් නොවන්නට ඇති බවට ඔහු ප්‍රකාශ කලේය.
මීට අමතරව, ගවයින් මිය යාමට හේතුව හදිසියේ ඇති වූ ශීත සහගත කාළගුණය සහ ශීත සුළං තත්ව බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නැගෙනහිර පළාත් අධ්යක්ෂ වෛද්‍ය එම්. ඒ. එම්. ෆාසි මහතා පැවසීය.
ඔහු තවදුරටත් පැවසුවේ, “ මේ වී ගොවිතැන් සමය. ඒ වගේම මෙම සතුන් මේ සමයේදී වනාන්තරයේදී සහ වෙනත් ආරක්ෂිත ප්‍රදේශවල ආහාර සොයමින් සිටිනවා.” යන්නයි. ඔහුද පැවසුවේ, මේ අනුව පශු සම්පත් මන්දපෝෂණයට ලක් වීසිටි අතර, එමගින් ඔවුන් සීතල කම්පනවලට ඔරොත්තු දීමකින් තොරව ගොදුරු වූ බවත් ය.
වෘක්ෂලතා සහ සත්ත්ව ආරක්ෂණ ආඥාපනත (සංශෝධිත) යටතේ නීති විරෝධී වුවද, තවමත් ආරක්ෂිත(වන රක්ෂිත) ප්‍රදේශවල ගවයන් අහාර සොයා යාම දීප ව්‍යාප්ත මට්ටමේ ගැටලුවකි. මෙය ගෘහාශ්‍රිත පශු සම්පත් මන්දපෝශනයට හේතු සාධකව ඇති අතර, වන රක්ෂිත ප්‍රදේශවල සීමිත ආහාර සැපයුම සඳහා මෙමඟින් තරඟයක් අති වී ඇත.
සත්ත්ව ගොවිපළ හිමිකරුවන්ගේ අදහස් මොනවාද?
මෙම අලාභය විඳි ගොවි මහතුන් දෙදෙනෙකු වන එස්. සිදම්බරපිල්ලේ මහතා සහ කේ. චන්ද්‍රකුමාර් මහතුන්ගෙන් අපි අදහස් විමසා බැලුවෙමු. “එදා උදේ අපි පුරුදු විදිහට එලදෙනුන් තණබිම්වලට අරන් ගියා. එදා වැස්සත්, සුළඟත් තරමක් දරුණුයි. එදා එලෙදෙනුන් තණකොල කාවේ නැහැ. ගවයින්ව අපි ආපසු ගොවිපොළට ඇදගෙන එද්දී ගවයින් කිහිපදෙනෙක් ඇදගෙන වැටුණා. අපි ඔවුන් ගොවිපොලට ගෙන ගිහින් ගින්නක් පත්තු කරලා උන්ව උනුසුම් කලා. ඉන් පස්සෙ ගවයන් තරමක් සුවය ලබා තිබුණා. ඒත් පහුවදා උදේ පාන්දරම අපි ඇහැරලා බලනකොට, හරක් ගොවිපොලේම මැරිලා හිටියා.”
“අපේ මියගිය හැම ගවයෙක්ම එක වගේ රෝග ලක්ෂණ පෙන්නුම් කළා. හැබැයි අපේ එළදෙනුන් මීට කලිනුත් නොයෙකුත් ලෙඩ රෝග හැදිලා මිය ගිහින් තියනවා. ඒත් මගේ අත්දැකීම් අනුව ගවයින් සීතලෙන් මියගිය පළමු අවස්ථාව මේකයි.” ඔවුහූ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
මරණයට හේතුව කුමක් වුවත්, ගවයන් නිසි ලෙස කළැමණාකරණය නොකිරීම මෙම දුෂ්කරතාවයන්ට ප්‍රධානතම හේතුවකි. තවද වෛද්‍ය වසීහරන් මහතා කියා සිටියේ, උතුරු පළාතේ ඇතැම් ගවයන් ඝාතනය සඳහා ඇති කරන බැවින්, මෙම සතුන් සෞඛ්‍යමත්ව තබා ගැනීම ඉතා වැදගත් බවයි.
මේ අනුව, මෙම ප්‍රදේශවල පශු සම්පත් භාවිතය කෙතරම් ඉහළ මට්ටමක පැවතියද, ස්වභාවික ව්‍යසන වලදී ඔවුන්ට සිදුවීමට ඉඩ ඇති හානි අවම කිරීම සඳහා ආරක්ෂණ ක්‍රියාවලියක් සිදු නොවේ. එමෙන්ම, ගොවීන් සතු රංචුවක ගවයන් 300ක් 400ක් පමණ සිටින අතර ඔවුන්ව විවෘත භූමි සහ ආරක්ෂක ප්‍රදේශවල තණ කෑම සඳහා නිදැල්ලේ යවනු ලැබේ. මෙවර සිදුවූ මෙම අනපේක්ෂිත පශු සම්පත් විනාශය හේතුවෙන් සත්ත්ව හිමිකරුවන්ට රුපියල් මිලියන 500කට වැඩි පාඩුවක් සිදු වී ඇති බව වාර්තා වේ.