Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
පෘථිවියේ ඇත්තේ එකම වායුගෝලයක් වුවද, කාලගුණය ලොව පුරා එක හා සමාන නොවේ. කාලගුණය යනු වායුගෝලයේ යම් අවස්ථාවක පවතින තත්ත්වයයි. ලෝකයේ විවිධ ප්‍රදේශවල කාලගුණය වෙනස් වන අතර එය මිනිත්තු, පැය, දින සහ සති අනුව වෙනස් වේ.
එසේම කාලගුණය යනු වායුගෝලයේ කෙටි කාලීන වෙනස්කම් වලට යොමු වීමක් වන අතර, දේශගුණය විස්තර කරනුයේ නිශ්චිත ප්‍රදේශයක දීර්ඝ කාලයක් තිස්සේ කාලගුණය කෙබඳු ද යන්න වේ. එමෙන්ම විවිධ ප්‍රදේශවලට විවිධ දේශගුණික තත්වයන් තිබිය හැක.
විද්‍යාඥයන් දේශගුණය ගැන නිර්වචනය කරන අවස්ථාවන්හිදි , ඔවුන් බොහෝ විට සලකනුයේ යම් ස්ථානයක දීර්ඝ කාලයක් තුල පවතින වර්ෂාපතනය, උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, හිරු එළිය, සුළඟ සහ වෙනත් කාලගුණික මිනුම් ඒ්කකයන්ය .
ඉතිහාසය තුල ගොවීන් අනාගත දේශගුණය සහ කාලගුණික සිදුවීම් පුරෝකථනය කළහ. මෙම පුරෝකථන කිරීම් සදහා , ඇතැම් සතුන්ගේ පෙනුම, සමහර විශේෂිත සතුන්, විවිධතත්වයන්, තාපය හෝ සීතල වැනි තත්වයන් තිබීම සහ ශාක වල මල් හට ගැනීම ආදි කරුණු උපකාරී වී ඇත . එවැනි නිරීක්ෂණ සහ අත්දැකීම් පරම්පරාවෙන් පරම්පරාවට මාරු වූ දේශීය දැනුම ලෙස එකතු වී ඇත
IPS විසින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හයක (අනුරාධපුරය, මඩකලපුව, හම්බන්තොට, කුරුණෑගල, බදුල්ල සහ රත්නපුර) සිදු කරන ලද සමීක්ෂණයකින් ගොවීන් 900ක් අර්ධ ව්‍යුහගත ප්‍රශ්නාවලියක් භාවිතා කර සම්මුඛ සාකච්ඡා කර ඇත. ගොවීන්ගෙන් 57% කට ආසන්න ප්‍රමාණයක් බෝග වගා තීරණ ගැනීමේදී සාම්ප්‍රදායික කාලගුණ අනාවැකි ක්‍රම හෝ ඔවුන්ගේ පාරම්පරික දැනුම භාවිතා කරන බව පැවසූ අතර ඔවුන්ගෙන් 43% ක් ප්‍රකාශ කළේ සාම්ප්‍රදායික ක්‍රම භාවිතා නොකරන බවයි. තවද, සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කරන ගොවීන්ගෙන් 60% ක් සදහන් කර ඇත්තේ ඔවුන්ගේ අනාවැකි විධිමත් කාලගුණ වාර්තා අනාවැකි සමඟ අනුකූල වන බවයි.
සාම්ප්‍රදායික කාලගුණ අනාවැකි වර්ෂාපතනයේ ආරම්භය, වර්ෂාපතනයේ තීව්‍රතාවය, වර්ෂා කාලසීමාව, සුළගේ වේගය, සුළං දිශාව, දින උෂ්ණත්වය, ආර්ද්‍රතා මට්ටම යනාදී පරාමිතීන් සම්බන්ධ විධිමත් කාලගුණ අනාවැකි සමඟ මධ්‍යස්ථව අනුකූල වන බව ගොවීන්ගෙන් 60% ක් පමණ වටහාගෙන ඇත.
සාම්ප්‍රදායික මිනිස්සු ඔවුන්ගේ අනාවැකි ජනකතා, ජන කවි, ජන කලා සහ පුස්කොළ පොත් වල ලියා තැබුහ . එසේ ලියා තැබු ජන කවියකි මේ .
ඉර හඳ මඩල දැක ගන් බිජු වට අතුරා
මොර මල් පිපෙයි වැහි පල දැනගන්න සිකුරා
දෙපෙති වේවිද නියඟ ඉඳුරා
මල් ඵල දේද වැසි පල සරුවෙයි ඉඳුරා
මුලාශ : සොබාදහම් ගොවිතැන – තිලක් කත්දෙගම
මෙම ජන කවියේ අරුත සලකා බැලීමේදී පළමු කවි පේළියේ අදහස වනුයේ සඳ වටා තුහින වලාකුළු දිස්වන්නේ නම් ඉක්මනින් වැසි වැටෙන බවත් දෙවන පේළියෙන් කියවෙන්නේ මොර මල් ඇසුරෙන් වර්ෂාව ගැන දැන ගත හැකි බවයි. මෙම මල් වැඩිපුර පිපෙන්නේ නම් ඉක්මනින් වැසි වැටෙන අතර මල් පෙති ගණන අඩු වුවහොත් හෝ ගසේ මල් අඩු වුවහොත් එය නියඟයේ ලකුණක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ දේශගුණය සලකා බැලීමේදී වර්ෂාපතනය ගෙන දෙන කන්න දෙකක් ඇත . නිරිතදිග මෝසම් වර්ෂාව මැයි සිට සැප්තැම්බර් දක්වා වර්ෂාපතනය ලබා දෙන අතර ඒ අනුව දිගු කාලීන වර්ෂාපතනයක් ලැබෙන බැවින් දිගුකාලීන භෝග වගා කිරීම සඳහා ගොවීන් “මහා කන්න” (පළමු කන්නය) සංකල්පය ඇති කළහ. එසේම, ඊසානදිග මෝසම් වර්ෂාව දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කෙටි කාලයකදී වර්ෂාව ගෙන එන අතර ගොවීන් ඒ සඳහා “යල කන්න” (දෙවන කන්නය) සංකල්පය නිර්මාණය කරයි. එහි කෙටි කාලීන බෝග වගා කරනු ලබයි . “මහ කන්න” (පළමු කන්නයේ) වගාව පිළිබඳ ජන කවියක් මෙසේය.
වෙසක් පොසොන් මස බිම් තෝරා ගන්ඩ
ඇසළ නිකිණි මස බිම් පීරා ගන්ඩ
බිනර මහේ වැටකොටු සවි කර ගන්ඩ
වප් මස පුරා වපුරන් අටු පුරවන්ඩ
මුලාශ්‍ර : සොබාදහම් ගොවිතැන (2) තිලක් කත්දෙගම
ගොවීන් වගා කිරීම සඳහා ඉඩමක් තෝරා ගැනීමෙිදී මැයි සහ ජුනි යන මාස ගෞරවනීය බව එම කවියේ සඳහන් වේ. එය නිරිතදිග මෝසම ආරම්භ වන කාලය වන අතර, ජන කවියේ දෙවන පේළියේ පවසන්නේ ජූලි සහ අගෝස්තු මාසයන් ඉඩම් සැකසීමට ද වඩා හොඳ බවයි. එය මෝසම් මැද භාගය වන අතර එමඟින් ගොවීන් පසෙහි තෙත ස්භාවය තත්ත්වයෙන් බිම පහසුවෙන් සකස් කිරීමට හැකි වේ. ගොඩනඟන වැටවල් සහ ආධාරක දඬු සඳහා සැප්තැම්බර් මාසය යෝග්‍ය බවත් සදහන් වේ. ඔක්තෝබර් මාසය අස්වැන්න නෙළන මාසය ලෙස දක්වා ඇත. එසේම දේශගුණික විපර්යාසයන්ට අනුව ගොවිතැන් සැලසුම් කළ බව තහවුරු කරන්නේ නිරිත දිග මෝසම් වර්ෂාව අවසන් වීමත් සමගය.
දකුණු පළාතේ හා වයඹ පළාතේ කාළගුණ අණාවැකි පවසන පක්ෂි විශේෂ කිහිපයක් සිටියි. බයා වියන්නාගේ (Ploceus philippinus, වඩු කුරුල්ලා ) අනාවැකිය විශ්මයජනකයි.
කුරුළු කූඩුව ගසේ ඉහළ කොටසේ තිබේ නම්, අධික වර්ෂාවක් ඇද හැලෙන බවත්. පහළ කොටසේ තිබේ නම් වැස්ස අඩුබවකුත් කිගමනය කල හැකිය. ගසේ කූඩුව එල්ලා ඇති පටිය ද සලකා බැලීමෙිදි එය ඉතා තදින් බැඳ ඇත්නම්, තද සුළඟක් සමඟ වැසි ඇද හැලෙන බවක් පෙන්වා ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ කුරුලු කූඩුව තැනීමේදී ඉදිරි මාස දෙක තුනක කාලගුණික තත්ත්වයන් සලකා බලන බවයි. කූඩුවේ වියමන එයට සාක්ෂි දරයි. වසර ගණනාවක් තිස්සේ තමන් මෙම සිදුවීම නිරීක්ෂණය කළ බවත් එය වැරදී වන්නේ කලාතුරකින් බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත . කුරුල්ලන් එම කූඩුව සෑදීමට භාවිතා කරන ද්‍රව්‍ය අතර මඩ සහිත පස්, තල් කොළ, පුලුන් වේ. ගැට වර්ග හා කූඩු පොළොවට ඉහළින් ඇති උස දෙස බලා දේශගුණය පුරෝකථනය කල හැකියි .
මීට අමතරව, red-wattled lapwing (Vanellus indicus) ඔවුන්ගේ බිත්තර දමන්නේ වැවේ අවසන් කොටස වන “මඩ කළුව” අසල ජලය පිහිටා ඇති පුදේශයේ නම් , ඒම කාලයේදි වර්ෂාව අඩු වේ, එසේ නම් වැවෙන් ඈතින් බිත්තර දමන්නේ නම් ඒම කාලයේදි අධික වර්ෂාවක් ඇති වෙි .
Hirundo hyperythra, (Ceylon Swallow, ‘vahi lihiniya’) බිමට සමාන්තරව පියාසර කරයි නම් එය වර්ෂාපතනයේ සලකුණකි. මෙය විද්‍යාත්මකව සලකා බැලූ විට නිගමනය කළ හැක්කේ වර්ෂාවත් සමඟ පිටවන කුරුමිණියන්, කුහුඹුවන් වැනි කුඩා කෘමීන් ආහාරයට ගැනීම සඳහා මෙම සතුන් පහළට පියාසර කරන බවයි. ඒ හා සමානව හැසිරෙන බමුණු පියකුස්ස අහසේ පියාසර කර කටුස්සන් සහ වර්ෂාවත් සමඟ ඔවුන්ගේ ගුල්වලින් පිටතට පැමිණි කුඩා සතුන් අනුභව කරයි .
යෝධ ලේනුන්ගේ (දඩු ලේනා) කූඩුව අතු අග ඉදිකර ඇති බව නිරීක්ෂණය කළ හොත් ඉදිරි මාස දෙක තුන තුළ වර්ෂාව අඩු වනු ඇති අතර, අතු මැද කූඩුව ඉදි කළ හොත් තද සුළඟකින් වැසි ඇද හැලෙනු ඇත. මෙමගින් සුළඟ සහ වර්ෂාව පිළිබඳ නිවැරදි ඉඟියක් ලබා ගැනීමට හැකි බව ගාමිණී රණසිංහ මහාචාර්යවරයා පවසයි. ‘නුවරකලාවිය ගම්වාසීන්ගේ සාම්ප්‍රදායික කාලගුණ අනාවැකි’ නම් සමාජමාධ්‍ය දේශණයෙහි ඒ පිළිබඳ සදහන් කරයි.
‘උපවන විනෝදය’ නම් වූ මුල් පොතේ සඳහන් වන අධික සුළං හා වර්ෂාපතනයන් ඇති වීමේ සලකුණක් වන්නේ දිවුල් ගසෙහි පලතුරු, මල් සහ කොළ බහුලව තිබීමයි.
තවද, දිවුල් ගසේ ප්‍රමාණවත් පරිදි පළතුරු තිබේ නම්, එයින් අදහස් වන්නේ, ප්‍රමාණවත් වර්ෂාපතනයක් ඇති බවත්ය. නමුත් ප්‍රමාණයට වඩා පලතුරු තිබීම සහ එම පලතුරු කුඩා වීම අඩු වර්ෂාපතනයක් ඇති වන බවත් අනෙක් අතට දිවුල් ගස අසාමාන්‍ය ලෙස හෝ , සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කොළ සහ ගෙඩි සහිතව වැඩෙන්නේ නම් , කන්න එකකින් හෝ දෙකකින් පසු නියඟයක් ඇති වන බව මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පවසයි.
පුවක් තෙතමනයට ඉතා සංවේදී ගසක් වන අතර ජල කඳන් අසල හොඳින් වැඩෙයි, එබැවින් ගසක නව මුල් හටගන්නේ නම්, එය වර්ෂාපතනයේ ලකුණකි. වර්ෂාපතනය පැමිණෙන්නේ කුමන දිශාවටද යන්න පිළිබඳ ඉඟියක් ගසේ මුල් හටගන්නා දිශාව අනුව විද්‍යමාන වේ. මිදෙල්ල ශාකය ජලයට ඇලුම් කරන ශාකයක් වන අතර උමං මාර්ග සහ විල් අසල වර්ධනය වේ. එම ශාකයේ ළපටි දළු වැඩි නම් එයින් අදහස් වනුයේ සති දෙකකින් වැස්ස ආරම්භ විය හැකි බවයි . ‘කල් යල් බලා ගොවිතැන’, තිලක් කන්දේගම වෙතින් තවත් අධ්‍යනය කල හැකිය.
ආදීවාසි ප්‍රජාව සඳ ආධාරයෙන් වර්ෂාව පිළිබඳ අනාවැකි පළ කළ අතර එය සනාථ කරන ප්‍රකාශයක් පහත පරිදි වේ.
“හඳ පොජ්ජ උඩු තැනට මංගච්චන හැටි මට විශ්වාස පොජ්ජ මන්ද කරගැනී, වෙසක් කාල මච්චේ කැලෑ පොජ්ජට මංගච්චල, රැකුම් පොජ්ජ බිම් පොජ්ජට පට ඇරලා, නිකිණි මාස පොජ්ජ පෝය දවස් පොජ්ජට පහමක් මෙයබින් දවස් පොජ්ජේ හේන් පොජ්ජට ගිනි පොජ්ජ මන්දෝ කේගෙන හතරමක් ඇට පොජ්ජ බිම් පොජ්ජට මන්ද කෝනවා”
‘කල් යල් බලා ගොවිතැන’, තිලක් කන්දේගම මහතාගේ පොත හරහා මෙය තවදුරටත් අධ්‍යනය කල හැකිය.
ඉහත දක්වා ඇති පරිදි හඳේ පිහිටීම අනුව වැසි දින පිළිබද තීරණය කල හැක. මැයි මාසයේ වනයට ගොස් ගස් තෝරා ,කපලා අගෝස්තු මස පුර පසළොස්වක පොහොය දිනට දවස් පහකට පෙර ඉඩමට ගිනි තැබු විට ගින්න ස්වයංව පාලනය වීම සිදුවේ. වර්ෂාවත් සමඟ ඔවුහු බීජ රෝපණය කරති. සඳ මුදුන් වීමත් සමඟ වර්ෂාව ලැබෙන දින ගණන පවා ආදිවාසින් දැන සිටි බව මෙයින් තහවුරු වේ.
සාම්ප්‍රදායික කාලගුණ අනාවැකි වල විද්‍යාත්මක පසුබිම මෙම පර්යේෂණ මගින් අධ්‍යනය කෙරිනි. සාම්ප්‍රදායික දැනුම සම්පූර්ණයෙන්ම ඉවත දැමිය නොහැක්කේ කාලගුණ අනාවැකි සඳහා ගොවීන් තවමත් සාම්ප්‍රදායික සංකල්ප භාවිතා කරන බව අධ්‍යයනයන්ගෙන් පෙන්වා දෙන බැවිනි.
මෙම ලිපිය ඉංග්‍රීසි බසින් මෙතනින්