Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

ලංකාවේ කෘෂිකාර්මික අංශයට අහිතකර ලෙස බලපාන දේශගුණික විපර්යාස

දශක ගනනාවක් හෝ ඊට වැඩි කාලයක් තුල සිදුවන උෂ්ණත්ව, වර්ෂාපතන හා  සුළං රටා වල ප්‍රධාන වෙනස්කම් දේශගුණික විපර්යාස ලෙස හැඳින්වෙනවා. පසුගිය දශක කිහිපයේ ගෝලීය උෂ්ණත්වය ශීග්‍රයෙන් ඉහළ යාමට අහිතකර මට්ටම් වලින් හරිතාගාර වායූන් මුදා හැරීම ප්‍රධාන වශෙයන්ම බලපා තිබෙනවා. කෘෂිකාර්මික ඵලදායිතාව අඩුවීමට ද බලපෑ හේතු අතර උෂ්ණත්වය ඉහළ යාම මෙන්ම වර්ෂාපතන රටාවල වෙනස්වීම් ඇතුළු ආන්තික කාලගුණික සිදුවීම්වල වෙනස්වීම් ඔස්සේ නිසි පරිදි ජලය ලබා ගැනීමේ හැකියාව අඩුවීම යනාදිය දැක්විය හැකියි.

ශ්‍රී ලංකාවේ ගොවීන් සහ දේශගුණික තර්තජන                 

එස්ජීපී(The Small Grants Programme of the Global Environmental Facility) වාර්තාවන්ට අනුව දේශගුණික විපර්යාස බලපෑම් පිළිබඳ සම්බන්ධව, ශ්‍රී ලංකාවේ ගොවීන්ගේ පමණක් නොව විශේෂයෙන් ජල කළමනාකරණයේ හා කෘෂිකර්මාන්තය ව්‍යාප්තියේ නියැලී සිටින පළාත් පාලන නිලධාරීන්ගේ ද දැනුවත්භාවයේ අඩුවක් පවතී.  මේ හේතුව නිසා අවම වර්ෂාපතනයක් යටතේ බෝග තෝරා ගැනීම, ජලය ඉතිරි කිරීමේ ක්‍රම හෝ ජීවනෝපායන් විවිධාංගීකරණය කිරීම පිළිබඳ නිසි උපදෙස් සමඟින් වෙනස් වූ වර්ෂාපතන රටා සහ සෘතුවලට අනුවර්තනය වීමට ගොවීන්ට සහාය දැක්වීමට නිලධාරීන්ට නොහැකි වී තිබේ.

පෞද්ගලික අංශයෙන් ආනයනය කරන ලද බීජ සහ කෘෂි රසායන සැපයුම්කරුවන් මත පදනම්ව, ලංකාවේ ගොවීන් එකම භෝග වර්ගයන් වසරින් වසර වගා කිරීමට පෙළඹී සිටී. මෙම ප්‍රවණතාවය ග්‍රාමීය කුටුම්භ අතර ගැඹුරු ණයගැතිභාවයක් ඇති කිරීමට හේතු වී ඇත. තවද ගොවීන්ගේ ආදායම අඩු බැවින් කල්පවත්නා වෙනසක් සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය  ආයෝජන කිරීමට ඉඩ ප්‍රස්ථාවක් ද නොමැත. ප්‍රජාවන් තම අවදානම අවම කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීමට කැමැත්තෙන් සිටිය ද, ඔවුන් මෙම බාධක තමන්ට ජය ගත නොහැකි තරම් විශාල බවට විශ්වාස කිරීම නිසා වෙනත් පිළියම් කරා යොමු වීමක් දක්නට ලැබෙන්නේ ඉතා අල්ප වශයෙන්.

ආර්ථික අර්බුදය යටතේ ශ්‍රී ලංකාවේ ගොවීන්ගේ වත්මන් තත්ත්වය

ශ්‍රී ලංකාවේ පවතින උග්‍ර ආර්ථික අර්බුදයක් හේතුවෙන් ආහාර, කෘෂිකාර්මික යෙදවුම්, ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය නිෂ්පාදනවල උග්‍ර හිඟය සහ මිල ඉහළ යාමක් සිදු වී ඇත.‌ මෙසේ මිල ඉහල යාම නිසා කෘෂිකාර්මික නිෂ්පාදනයට විශාල බාධා කිරීම් සමඟ ආර්ථික ක්‍රියාකාරකම් වලට දැඩි ලෙස සම්මුතීන්  ඇති කර ගැනීමට පෙලබි සිටි.

ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රධාන ආහාර ප්‍රධාන ආහාරය වන සහල් නිෂ්පාදනය 2022 දී මෙට්‍රික් ටොන් මිලියන 3 ක් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. පසුගිය අවුරුදු පහ තුල සත්ව ආහාර ලෙස බොහෝ විට භාවිතා කරන බඩ ඉරිඟු නිෂ්පාදනය ද සාමාන්‍යයට වඩා සියයට 40ක් පමණ අඩු වී ඇත. කුකුළු හා පශු සම්පත් නිෂ්පාදනය කෙරෙහි ද  ඍණාත්මක බලපෑම් ඇති කර ඇත.  එසේම, එළවළු, පලතුරු සහ තේ, රබර්, පොල් සහ කුළුබඩු වැනි අපනයන අභිමුඛ භෝග නිෂ්පාදනය සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩු වී තිබේ. එබැවින් කුටුම්භ ආදායමේ සහ අපනයන ආදායමේ සැලකිය යුතු අඩුවීමක් සිදු වී ඇත.

බොහෝ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් 2021 අවසාන කාර්තුවේ සිට අඛණ්ඩව ඉහළ යාමකි සිදු වී ඇත. 2022 අගෝස්තු මාසයේදී නව වාර්තාගත මිල ඉහළ මට්ටමක් කරා ළඟා විය. ආසන්න වශයෙන් සියයට 94 ක ආහාර උද්ධමනය වි වසරින් වසර සිදු විය. 

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයෙන් දළ දේශීය නිෂ්පාදිතය 2022 පළමු කාර්තුවේ දී රුපියල් මිලියන 219263 සිට 2022 දෙවන කාර්තුවේදී රුපියල් මිලියන 218674 දක්වා අඩු විය. (මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව – ශ්‍රී ලංකාව)

පොහොර තහනම

2020 වසරේ ශ්‍රී ලංකාවේ පොහොර තහනම ක්‍රියාත්මක වීමත් සමඟ 2021 මහ කන්නයේ වී නිෂ්පාදනය සියයට 40කින් පහත වැටී ඇත. ඒම තහනම 2021 නොවැම්බර් 31 දින ඉවත් කරන ලද අතර, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ දත්ත වලට අනුව 2021 දෙසැම්බර් 01 සිට 2022 ජුනි 08 දක්වා පොහොර මෙට්‍රික් ටොන් 103,832ක් ආනයනය කර ඇත.  රජය පොහොර මිලදී ගැනීමට පෙළඹී ඇතත් විදේශ විනිමය නොමැතිකම හේතුවෙන් ආනයනකරුවන්ට ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි විය. 

දැඩි නියඟය සහ ගංවතුර තත්ත්වයන්

නියඟය තත්වයන් හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනය, ආහාර පරිභෝජනය සහ ගොවි පවුල්වල ආර්ථික තත්වය දුර්වල කරයි. තවද සෞඛ්‍ය තත්වයන් අයහපත් වීමෙන් වක්‍ර වියදම් වැඩි වීමක් කරා ද බොහෝ විට යොමු වීමක් පෙන්නුම් කරයි.  මේ අනුව, නියඟයෙන් පීඩාවට පත් පවුල්වලට වන්දි ලබා දීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග, විශේෂයෙන්ම ආදායම් සමථකරණ ප්‍රතිපත්ති, ගොවි නිවාසවලට සහ පළාත් ආර්ථිකයට නියඟයේ බහුවිධ බලපෑම් වළක්වා ගැනීමට අවශ්‍ය වේ.

මධ්‍යස්ථ උණුසුම් වීම සහ වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයේ තිබීම හේතුවෙන් සමහර ශාක වේගයෙන් වර්ධනය වේ.  කෙසේ වෙතත්, වායුගෝලය දැඩිව උණුසුම් වීම, ගංවතුර සහ නියඟය යන කරුණු මගින් අස්වැන්න අඩු වේ. පශු සම්පත් සෘජුවම තාප ආතතියෙන් සහ වක්‍රව ඔවුන්ගේ ආහාර සැපයුමේ ගුණාත්මක භාවය අඩු වීමෙන් අවදානමට ලක් විය හැකිය. 

ශ්‍රී ලංකාවේ කාලගුණ රටාව වෙනස් වීම්

මීට වසර කිහිපයකට පෙර අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස වල සාමාන්‍යයෙන් මෝසම් වැසි ඇති වෙි. නමුත් වර්තමානයේ එම ක්‍රියාවලිය තරමක් දුරට වෙනස් වී ඇත. අතීතයේදි අගෝස්තු මාසයේදී හදිසියේම අධික වර්ෂාවක් ඇති වූවද වර්තමානයේ එය වැසි කාලයක් බවට පරිවර්තනය වී ඇත. 

පර්යේෂණ අධ්‍යයන මගින් මේ පිළිබඳව විමර්ශනය කරන විට පෙනී යන්නේ මේ වන විට ශ්‍රී ලංකාව පුරා වාර්ෂික වර්ෂාපතනයේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතින බවයි. ඊසාන දිග මෝසම් (NEM) කාලවලදී, විශේෂයෙන් නැගෙනහිර කලාප දෙසට වර්ෂාපතනය වැඩි වීමක් සිදුවන බව ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිරීක්‍ෂණ දත්ත සැලකිල්ලට ගනිමින් සිදුකල සියලුම අධ්‍යයනයන් සනාථ වී ඇත. 

ඊට ප්‍රතිවිරුද්ධව, අධ්‍යයනය කරන ලද බොහෝ අත්පිටපත් පෙන්නුම් කරනුයේ නිරිතදිග මෝසම් වර්ෂාපතනය රට පුරා පහළ යාමේ ප්‍රවණතාවයක්ය.  මේ අනුව, පළමු අන්තර් මෝසම් සහ සමස්ථ වාර්ෂික වර්ෂාපතන කාලය තුළ, වර්ෂාපතනය වැඩි වීමක්  නුදුරු කාල වකවානු වලදී සිදුවීමේ සම්භාවිතාවක් පවතී. 

දේශගුණික විපර්යාස සහ කෘෂිකාර්මික අර්බුදයට ඇති අනාගත සැලසුම් සහ විසඳුම්

විවිධ ව්‍යාපෘති හරහා බීජ හා භෝග තෝරා ගැනීම, පසේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම, බෝග-පශු සම්පත් ඒකාබද්ධ කිරීම, ඉඩම් කළමනාකරණය, ජල අස්වැන්න සහ මුළුතැන්ගෙයි ගෙවතු වැඩිදියුණු කිරීම වැනි කෘෂි විද්‍යාත්මක භාවිතයන් හා වඩාත් යහපත් තාක්ෂණික භාවිතයන් ගණනාවක් සාර්ථකව සිදු කිරීම. තවද ආන්තික ගොවීන්ගේ කෘෂිකර්මය සහ ජල කළමනාකරණය පිළිබඳ දැනුම වැඩි දියුණු කර ඇත.

රටේ ප්‍රධාන භෝග වගාව  වනුයේ සහල් ය.  එය ඒසේ වුවද වගා කළ හැකි කුඹුරු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් විවිධ හේතු නිසා දීර්ඝ කාලයක් තිස්සේ වගා කර නොමැත.  සමහර අතහැර දමා ඇති කුඹුරු ටික කලක් හෝ ඊට පෙර (වසර පහක කාලය තුළ) වගා කර ඇති අත, එම කුඹුරු  අස්වැද්දුම් කළ කුඹුරු ලෙස සැලකේ.  කෘෂිකර්ම හා පරිසර සංඛ්‍යාලේඛන අංශයේ සමීක්ෂණයට අනුව, පසුගිය වසරේ අස්වැද්දුම් කළ කුඹුරු අක්කර  2123859 (හෙක්ටයාර 859514) හඳුනාගෙන ඇත. 

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ යල කන්නයට වඩා මහ කන්නයේ වී වගාව සැලකිය යුතු ලෙස වැඩි ‌වෙි. යාපනය දිස්ත්‍රික්කයේ යල කන්නයට වී වගා කිරිමක්  සිදු නොවේ.  රටේ පරිභෝජන අවශ්‍යතා සපුරාලීම සඳහා එක් එක් කන්නයේ සම්පූර්ණ අස්වැද්දුම් ප්‍රදේශ වගා කිරීම අවශ්‍ය නොවේ. 

ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස බලපෑම පිළිබඳ ජාතික අනුවර්තන සැලැස්මට අනුව, 2016 සිට  2025 කාලය තුළ ක්‍රියාත්මක කිරීමට රජය විසින් විවිධ පියවර ගනිමින් ඇත. ඒ සම්බන්ධයෙන් රජය ගනිමින් ඇති පියවරයන් සම්බන්ධයෙන් වන වාර්තාවක් වෙතට පිවිසිය හැකියි මෙතනින්

අවසාන වශයෙන් නොව අවම වශයෙන්, මෙම ජාතික කර්තව්‍යය සඳහා අගය කළ හැකි දිරිගැන්වීම් ලබා දී තරුණ පරම්පරාව ඊට පෙළඹවිය යුතුය. මෙම ක්ෂේත්‍රයට නවීන තාක්ෂණික ක්‍රම සහ උපකරණ හඳුන්වාදීම ඔවුන්ගේ අභිප්‍රේරණයන් සඳහා ඉතා වැදගත් වේ.

ඉංග්‍රීසි බසින් පළවූ මෙහි මුල් ලිපිය මෙතනින්

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter