Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
ශ්‍රී ලංකාවේ සෑම නගරයකම සුලභ දසුනක් වූ දිගු ඉන්ධන පෝලිම් අගෝස්තු මස සිට හඳුන්වා දුන් ඉන්ධන කෝටා ක්‍රමයත් සමඟ සැලකිය යුතු ලෙස පහව ගොස් ඇත. ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය උච්චතම අවස්ථාව වන විට, බොහෝ දෙනෙක් විදුලි වාහන වැනි විකල්ප ගමන් ක්‍රම වෙත මාරු වීමට සැලසුම් කෙරුණි.
අනෙකුත් වාහන වල මෙන් බලශක්තිය නිපදවීම සඳහා පොසිල ඉන්ධනවලින් නිපදවන තෙල් දහනය කිරීමක් විද්‍යුත් වාහන හරහා සිදු නොවේ. එබැවින් එය පරිසර හිතකාමී තිරසාර විසදුමක් ලෙසත් හදින්වීමට පුළුවන්. කෙසේ වෙතත්, විදුලි වාහන පිළිබඳ සැලකිය යුතු වැරදි වැටහීම් සමාජය තුල සංසරණය වෙමින් තිබේනවා. ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ස්වේච්ඡා කණ්ඩායමක් වන EV club – Sri Lanka හි සම-නිර්මාතෘ මහීසංක අබේවික්‍රම මහතාගේ අදහස් හා අත්දැකීම් විමසමින් අපි මේ පිලිබදව ඇති වැරදි වැටහීම් පිළිබඳව යම් ගවේශනයක් සිදුකළා. ඒ පිළිබද විස්තර මෙම ලිපිය හමුවේ ඔබ වෙත ගෙන ඒමට අප තිරණය කළා.
අසත්‍ය කරුණ : සාමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජින් වාහනවලට වඩා විදුලි වාහන (EVs) මිලෙන් අධික බැවින් ආර්ථිකමය වාසිය ඉතා අඩු වේ.
සත්‍යය: ඔබ නිතිපතාම වාහනය භාවිතා කරන්නේ නම්, සාමාන්‍ය ඉන්ධන මත පදනම් වූ, අභ්‍යන්තර දහන එන්ජින් වාහනවලට සාපේක්ෂව විද්‍යුත් වාහන වඩාත් ලාභදායී වේ.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය තුළ මධ්‍යස්ථ විදුලි මෝටර් රථ/වෑන් රථවල මිල රුපියල් මිලියන 7-9ක් පමණ වේ. මෙය වසර කිහිපයකට පෙර මිලට සාපේක්ෂව සැලකිය යුතු මිල වැඩිවීමකි. ශ්‍රී ලංකාවේ ආනයන සීමා කිරීම් හේතුවෙන් විද්‍යුත් වාහනවල මිල ගණන් ඉහළ යමින් තිබේ.
2022 වසරේ මුල් භාගයේදී ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස විද්‍යුත් මෝටර් රථ සඳහා ඇති ඉල්ලුමද ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. කෙසේ වෙතත්, පසුගිය මාස කිහිපය තුළ ගෝලීය ඉන්ධන මිල පහත වැටීමත් සමඟ, විද්‍යුත් වාහන සඳහා වන ගෝලීය උනන්දුව ද අඩු විය. එහෙත්, පසුගිය මාස කිහිපය තුළ විදුලි මෝටර් රථවල මිල අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර නිෂ්පාදන ගැටළු වැනි හේතු කිහිපයක් ද හේතු ලෙස ගත හැකිය. ආනයන තහනමට පෙර 2020 දී පමණ සාමාන්‍ය විද්‍යුත් මෝටර් රථවල මිල මිලියන 2-2.5 ක් පමණ වූ බවට EV club Sri Lanka හි සම නිර්මාතෘ මහීසංක කරුණු පැහැදිලි කළේය. ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යන ආකාරය සලකා බැලුවහොත් සාමාන්‍ය තත්ත්වයක් තුළ විද්‍යුත් වාහන ඉන්ධන වාහනවලට වඩා ලාභදායී බව ඔහු පෙන්වා දුන්නේය. “ඔබ නිතිපතා ගමන් කරන්නේ නම්, එනම් මසකට කිලෝමීටර් 3000 ක් පමණ නම්, අධික ඉන්ධන පිරිවැය සහ වාහන නඩත්තුව සැලකිල්ලට ගනිමින් විද්‍යුත් වාහනය ඉන්ධන වාහනයකට වඩා ලාභදායී විය හැකිය. නමුත්, ඔබ විද්‍යුත් වාහනය හරහා යන්නේ ඉතා කෙටි දුරක් පමණක් යැයි සිතන්න. එවිට ඉන්ධන වාහන වඩා ලාභදායී විය හැකියි.” ඔහු තවදුරටත් කියා සිටියේය.
2020 දී ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, අභ්‍යන්තර දහන එන්ජිම සහිත වාහනවලට වඩා විද්‍යුත් වාහන කාර්යක්ෂම බව ඔප්පු විය. එම වාර්තාවට අනුව විදුළි වාහනයක ජීවිත කාලය සලකා බැලීමේදී සාපේක්ෂව ඩොලර් 6000-10,000ක් පමණ ඉතිරි වේ.ඒ සම්බන්ධ වාර්තාව මෙතැනින්
අසත්‍ය කරුණ: විද්‍යුත් වාහන ආරෝපණය වීමට බොහෝ කාලයක් ගත වන අතර ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් ආරෝපණ මධ්‍යස්ථාන නොමැත.
සත්‍යය: විද්‍යුත් වාහන ආරෝපණය කිරීමට වැඩි කාලයක් ගත නොවේ, රට තුළ ප්‍රමාණවත් ආරෝපණ මධ්‍යස්ථාන නොමැති වුවද, ඔබට මෝටර් රථ බැටරිය ගෘහස්ථව ආරෝපණය කළ හැකිය.
විදුලි මෝටර් රථ බැටරි සෑම විටම ආරෝපණය කිරීමට වැඩි කාලයක් ගත නොවේ. එය බැටරි වර්ගය සහ ආරෝපණ දර්ශකයේ වර්ගය මත රඳා පවතී. කාලය විනාඩි 30 සිට පැය 12 දක්වා වෙනස් විය හැක. අපි එය සරලව සලකන විට, විදුලි මෝටර් රථයක් ආරෝපණය කිරීම ජංගම දුරකථනයක් ආරෝපණය කිරීමට තරමක් සමාන ය. ඔබට එය භාවිතයේ නොමැති විට නිදසුනක් ලෙස රාත්රියේදී ආරෝපණය කර දිවා කාලයේදී භාවිතා කල හැකිය. තවද ආරෝපණය වන කාලය රදා පවතින සාධක කිහිපයක් පවතී. බැටරියේ ප්‍රමාණය, බැටරියේ තත්වය, වාහනයේ උපරිම ආරෝපණ අනුපාතය, සහ උෂ්ණත්වය එම සාධකයි. මේ ගැන වැඩිදුර විස්තර මෙතනින්
මහීසංඛ අබේවික්‍රම මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ විදුලි ආරෝපණ මධ්‍යස්ථාන බෙහෙවින් අඩු බවත් දැනට පවතින ආරෝපණ මධ්‍යස්ථානවලින් බහුතරයක් බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පිහිටා ඇති බව සත්‍යයක් බවත්ය. බස්නාහිර පළාත තුල විදුලි වාහන 3500-4000ක් පමණ භාවිත් වන බව ඔහු සඳහන් කළේය. EV club Sri Lanka විසින් කරන ලද සමීක්ෂණවලට අනුව ශ්‍රී ලංකාව තුළ විදුලි බයිසිකල් හැර විදුලි වාහන 5000 ක් පමණ ඇති බව මහීසංක මහතා පවසයි. මෙමගිනුත් ආරෝපණ මධ්‍යස්ථාන වෙත නිතිපතා යන්නේ වාහන 500ක් පමණ බවයි ඔහු පවසන්නේ.
අසත්‍ය කරුණ: විදුලි වාහන වලට ඉතා කෙටි පරාසයක් ඇති අතර EV බැටරි දිගු කාලයක් පවතින්නේ නැත.
සත්‍යය: ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන වාහනවලට සාපේක්ෂව විද්‍යුත් වාහන වල පරාසය අඩු වන අතර බැටරියට සාමාන්‍යයෙන් දශකයක් පමණ පැවතිය හැකිය.
පරාසය යනු විද්‍යුත් වාහන සම්බන්ධයෙන් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කෙරෙන එක් සාධකයකි.
නවීන තාක්ෂණයට පින්සිදු වන්නට විදුළි වාහනයක බැටරි ආයු කාලය වසර 10-20 පමණ විය හැක. හොඳ නඩත්තුවක් ඇතිව භාවිතා කිරීමෙන්, බැටරි ආයු කාලය තවදුරටත් දීර්ඝ කර ගත හැකිය. මේ පිළිබඳව අදහස් දක්වමින් මහීසංක පැවසුවේ නිසාන් ලීෆ් රථයක මිල මීට වසර කිහිපයකට පෙර රුපියල් ලක්ෂ 20ක් පමණ වන විට බැටරිය ආදේශ කිරීම සඳහා ලක්ෂ 15ක් පමණ වැය වූ බවත් එම නිසා බොහෝ වාහන හිමියන් බැටරිය ආදේශ කිරීම තෝරා නොගත් බවත්ය.
මහීසංක පැවසුවේ විද්‍යුත් රථ ධාවන පරාසය කිලෝමීටර් 180-200 ක් පමණ වන බවයි. කෙසේ වෙතත්, කාලයත් සමඟ ක්‍රමයෙන් රිය පැදවීමේ පරාසය ක්‍රමයෙන් අඩු වන බව ද ඔහු පිළිගත්තේය. “එය සෑම බැටරියකටම පොදුය. විද්‍යුත් වාහන සඳහා විශේෂිත කිසිවක් නැත”, වසර කිහිපයකට පසු එක් ආරෝපණයක පරාසය කිලෝමීටර 80-100 දක්වා අඩු විය හැකි බව ඔහු සඳහන් කළේය. අධික වාහන තදබදය වැනි ශ්‍රී ලංකාවේ සමහර සාමාන්‍ය තත්ත්වයන් බැටරි ආයු කාලයට අහිතකර ලෙස බලපෑ හැකි බව මහීසංක වැඩිදුරටත් පැවසීය.
අසත්‍ය කරුණ:: ඉන්ධන (ICE) වාහන වලට වඩා විද්‍යුත් වලින් පරිසරයට අවසාන විමෝචන බලපෑම වැඩි වේ.
සත්‍යය: අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සමඟ ජල විදුලියෙන් අඩක් පමණ විදුලිය නිපදවන රටක් ලෙස, විද්‍යුත් වාහන හි අවසාන විමෝචනය ICE වාහනවලට වඩා අඩුය.
විද්‍යුත් ආරෝපණය කිරීම සඳහා භාවිතා කරන විදුලි බල ප්රභවය පිළිබඳව විශාල විවාදයක් මේ වන විටත් පවතී. කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ සහ නෙදර්ලන්තයේ එක්සෙටර් සහ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල විසින් සිදු කරන ලද පෙරළිකාර පර්යේෂණහි ප්‍රතිඵල වලට අනුව 100% ගල් අඟුරු නිපදවන විදුලිය විද්‍යුත් වාහන ආරෝපණය කිරීමට භාවිතා කළද, ඒවා ICE වාහනවලට සාපේක්ෂව අඩු හරිතාගාර වායු විමෝචනයක් සිදු කරයි. ඒ පර්යේෂණය ගැන විස්තර මෙතැනින් .
ශ්‍රී ලංකාව යනු ජල විදුලියෙන් සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සමස්ථ විදුලි ප්‍රමාණයෙන් 50%ක් පමණ විදුලිය නිපදවන රටකි. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර වැඩි වැඩියෙන් ව්‍යාප්ත කිරීමට රජයෙන් සැලසුම් කර ඇති හෙයින්, ශ්‍රී ලංකාව වැනි රටකට විද්‍යුත් වාහන තිරසාර විකල්පයක් බව පැහැදිලිය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය අබ්දුල් මජීඩ් කියා සිටියේ පුනර්ජනනීය බලශක්තිය බලශක්ති ප්‍රභවයක් ලෙස යොදාගෙන බැටරි ආරෝපණය කිරීම සඳහා විදුලිය නිපදවීමට හැකි නම් විද්‍යුත් වාහන ලංකාවේ භාවිතයට වඩාත් සුදුසු බවයි.
එසේම, විද්‍යුත් වාහන වල ලිතියම්-අයන බැටරි නිෂ්පාදන ක්‍රියාවලිය විශාල වශයෙන් CO2 විමෝචනයකට දායක වන බැවින් ඒවා පරිසර හිතකාමී නොවන බවට සමහරු තර්ක කරති. CO2 විමෝචනය ප්‍රමාණය බැටර් නිෂ්පාදන ක්‍රියාවලිය අනුව වෙනස් වේ, නමුත් සැලකිය යුතු CO2 පරිමාවක් විමෝචනය වන බව නම් සත්‍යයකි..
මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ දිගුකාලීන තිරසාර භාවිතය උදෙසා විදුලි වාහන වඩාත් උපයෝගී වන බව නම් පැහැදිලිය. මේ සදහා ආකල්පමය වෙනසක් ඇති විය යුතු බව නම් ඔබටද වැටහේවි. ඒ මන්ද යත් මිනිසා අනුගමනය කරනුයේ කෙටි කාලීන ලාභදායි ප්‍රතිපත්ති බැවිනි. එසේම, මෙම ක්ෂේත්රයේ ප්‍රවර්ධනය උදෙසා රාජ්‍ය මට්ටමින්ද මැදිහත්වීමක් අත්‍යවශය වේ.