Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

ඇල්ගී පිපුම් හෙවත් algal bloom සහ පරිසරයට ඒවාගෙන් ඇති බලපෑම – ඇල්ගී පිපුම්වල බලපෑම ධනාත්මකද, ඍනාත්මකද?

ඇල්ගී සරලවම ජලජ ප්‍රභාසංස්ලේශී ජීවී කොට්ඨාශයකි. මේවා කරදිය මෙන්ම මිරිදිය ආශ්‍රිතව ද හඳුනාගත හැක. පියවි ඇසින් දැකිය හැකි තරම් විශාල ඇල්ගී මෙන්ම අන්වීක්ෂීය ඇල්ගී විශේෂ ද පවතී. එනම්, ඒවාගෙ විශාලත්වය විශාල පරාසයක විහිදී ඇත.

ඇල්ගී සත්ව හා ශාක සෛලවල සැකසුමට සමාන, සුන්‍යශ්ටික සෛලවලින් සමන්විතය. මෙම සෛල ප්‍රභාසංස්ලේශන වර්ණක දරයි.

ලෝකයේ ඔක්සිජන් ඉල්ලුමෙන් 50%ක් 80%ක් අතර ප්‍රතිශතයක් නිශ්පාදනය කෙරෙනෙනේ සාගරය මඟිනි. මේ සඳහා මූලිකවම දායක වන්නේ මුහුදේ ඇති ප්ලවාංග සහ ඇල්ගී ආදියයි. ඒ අනුව ලෝකයේ ඔක්සිජන් සැපයුමට ඇල්ගී විසින් විශාල කාර්‍යභාරයක් ඉටු කරයි. ඊට අමතරව ඇල්ගී ඉතා හොඳ ජෛව ඉන්ධනයක් ලෙසත්, අපජනය පිරිසිදුකාරකයක් ලෙසත්, කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරමින් හොඳ වායු පිරිසිදුකාරකයක් ලෙසත් ක්‍රියා කරයි.


ඇල්ගී පිපුම් හෙවත් Algal blooms යනු කුමක්ද?

මිරිදිය හෝ සාගර පරිසරවල පවතින මෙම ඇල්ගී ගහනය සීඝ්‍රයෙන් වැඩිවී, සමූච්චය වීම ඇල්ගී පිපුම් හෙවත් Algal bloom ලෙස හඳුන්වයි. මෙහිදී අදාල ප්‍රදේශයේ ඇල්ගී ඝනත්ව ඉහල යාම නිසා ඒ ප්‍රදේශයේ ජලය එහි ඉහළ ඝනත්වයෙන් පවතින ඇල්ගීවල වර්ණකවලට අදාල වර්ණය පෙන්වයි.

මෙම Algal bloom හට ගැනීමට මූලිකවම හේතුවන්නේ, ප්‍රදේශයේ ඇල්ගී වර්ධනය සඳහා වැදගත් සාධක අතිශයින්ම ප්‍රශස්ත මට්ටමේ පැවතීමයි. ඒ අනුව පෝෂ්‍ය පදාර්ත කොටස්, ප්‍රශස්ත උෂ්ණත්ව තත්ව, ආලෝක තත්ව ආදී සාධක වල වෙනස්වීම් වලට අනුව algal bloom වල ඇතිවීම සහ පැවැත්ම තීරණය කෙරේ.

ඒ අනුව ජලාශ ප්‍රදේශවලට හදිසියේ කෙරෙන අතිරේක පෝෂ්‍ය සැපයුමක් ක්ෂනිව සිදුවන algal bloom හටගැනීමක් සඳහා උත්තේජනයකි. කර්මාණ්තශාලාවලින් ආදියෙන් බැහැරවන අපජලය, අපද්‍රව්‍ය, කෘෂිකර්මාන්තයේදී හෝ වෙනත් ක්‍රමයකින් පොහොර වැනි රසායන ද්‍රව්‍ය ජලාශවලට එක්වී ඒහි පෝෂ්‍ය පදාර්ථ මට්ටම ඉහල යාම නිසා algal bloom හට ගැනීමේ ප්‍රවනතාවක් ඇතිවිය හැක. එමෙන්ම සෙමෙන්ගමන් කරන ජලයේ පෝෂ්‍ය කොටස් රඳවා ගැනීමට ඇති හැකියාව වැඩි නිසා එහිදීද algal bloom සඳහා හිතකර තත්ව ඇතිවේ. තවද, ජලාශවල පොස්පරස් හා නයිට්‍රජන් ප්‍රමාණවල ඉහළ යාම algal bloom සඳහා ඉමහත් දායකත්වයක් සපයයි.

2021 වසරේදී express pearl නෞකාව දැවී යාමත් සමඟ එහි තිබූ බඩුබාහිරාදිය සයුරට එක්වීමෙන් මෙම තත්වය ඇතිවීමේ අවදානමක් ජනිත විය.

Algal bloom වල ප්‍රයෝජන

Algal bloom ඇල්ගී විශාල ප්‍රමාණයකින් සමන්විත ගොන්නකි. මෙහිදී ජලය තුල ප්‍රභාසංස්ලේශන ක්‍රියාවලිය ඉහළ ශීඝ්‍රතාවයකින් සිදුවේ. එහිදී සමගාමීව ජලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය සිදුවන ශීඝ්‍රතාවය වැඩි වී පිටවන ඔක්සිජන් ප්‍රමාණය ද ඉහල යයි.
එමෙන්ම ඇල්ගී වැඩිවීම සමඟ ඉහල ජීවීන් සඳහා ජලාශ්‍රිතව පවතින කාබනික මූලාශ්‍ර වැඩිවී, එම ප්‍රදේශය ආශ්‍රිත ජීවී ගහණයන් සැලකිය යුතු මට්ටමෙන් ඉහල යයි.

සාමාන්‍යයෙන් algal bloom එකක අන්තර්ගත වන ඇල්ගී වර්ගය සමඟ එහි පරිසර හිතකාමීබව තීරණය කල හැක. ජලප්ලවාංග සහිතව ඇතිවන algal bloom තත්ව තරමක් දුරට පරිසරයට වාසි ඇතිකරන සංසිද්ධියකි.



සියලු alagal blooms පරිසර හිතකාමීද?
ඉහත හේතූන් නිසා මිනිසුන් අතර ඇල්ගී පිළිබඳ විශාල පැහැදීමක් පවතී. ඒත් සමඟ ඔවුන්, මහා පරිමාන ඇල්ගී නිශ්පාදනය ඉතා හොඳ ප්‍රවනතාවයක් ලෙස හඳුන්වයි. එහෙයින් algal bloom පරිසර හිතකාමී තත්වයක් ලෙස මිත්‍යා මතයක් පවතී.

ඇල්ගීවලින් පරිසරයට සැලකිය යුතු තරම් ප්‍රයෝජනයන් ඇතත්, එය සෑම විටම ඉතා සුන්දර තත්වයක්මද?


Alagal bloom වල අහිතකර පැතිකඩ

පෙර අවස්ථාවක සඳහන් කල පරිදිම, algal bloomවල පරිසර හිතකාමී හෝ පරිසර හානිදායක බව මූලිකවම වෙනස් වන්නෙ එහි අන්තර්ගත ඇල්ගී විශේෂයනුත් සමඟය.  සාමාන්‍යයෙන් සයනොබැක්ටීරියා ඇතුලු නිල් කොළ ඇල්ගී සහ තවත් ඇල්ගී විශේෂ කිහිපයක් අඩංගු algal blooms පරිසරයට හිතකාමී නොවන විෂ සහිත algal blooms ලෙස කාණ්ඩ කෙරෙයි.

මෙම විෂ සහිත හෙවත් හානිදායක algal blooms වලදී ඒවාගේ අඩංගු ඇල්ගීවලින් ජීවීන්ට සහ ජීවී ඇවත්මට ඉතා විෂ සහිත විෂ සංඝටක නිකුත් කරයි. Algal bloom ජලාශ තුල ඇතිවීම නිසා මෙම විෂ සංඝටක පහසුවෙන් ජලයට එක්වී ඒ ඔස්සේ බාහිර බලපෑමකින් තොරවම පැතිර යාම සිදුවේ.

මෙම විෂ සංඝටක ජලජ ජීවීන් මරාදැමිය හැකි තරම් විෂසහගත විය හැක. ජලජ මත්ස්‍යයන් තුළ මෙම විෂ එක් රැස් වී ආහාර දාම ඔස්සේ ආහාරදාමවල ඉහල පුරුක් වලට පැතිරී යා හැක. එමෙන්ම වතුර භාවිත කරන මිනිසුන්ගේ ඇතුලු භෞමික සත්වයින්ගේ සෞඛ්‍යටද මෙම විෂට බලපෑම් කල හැක. එම විෂ මඟින් මිනිසුන් තුළ සමේ ඇතිවම කැසීම්, ඉදිමීම්, ආහාර මාර්ගයේ අපහසුතා මෙන්ම ස්නායු පද්ධතියට හා අක්මාවට තරමක් බරපතල තත්ව පවා ඇතිවිය හැක.

තවද මෙම algal bloom ඇතිවීමෙන් ජලාශ පතුලට ලැබෙන ආලෝකය ආවරණය කරයි. එහිදී ජලාශ පතුලේ වෙනත් ශාක හා ජීවයේ පැවැත්මට බාධා එල්ල වේ.

මෙම ඇල්ගී මිය ගොස් ජලාශය තුල තැන්පත් වී වියෝජනය වීම සඳහා ජලයේ දියවී ඇති ඔක්සිජන් ලබා ගනී. මෙයද ජලාශය තුල ජීවයේ පැවැත්මට දැඩි සේ බාධා එල්ල කරයි.


දුර්මත


Algal bloomවල පරිසර හිතකාමී බව තීරණය කිරීමට කරුණු කිහිපයක් බලපායි. මෙහිදී කිසි ලෙසකිනුත් එය 100%ක්ම හානිදායකයි හෝ 100%ක් ගුණාත්මකයි යැයි ප්‍රකාශ කල නොහැක. ප්‍රධාන වශයෙන් එහි තත්වය ගැන අනාවැකි පල කිරීම සඳහා මූලිකවම එම algal bloom හි අඩංගු ඇල්ගී වර්ගය දැනගත යුතුය. එම ඇල්ගී වර්ගය නිසා විෂ තත්වයක් ඇතිවිය හැකිද යන්න විමසා බැලිය යුතුය.

විෂ තත්වය කෙසේ වෙතත් ඉහත සඳහන් වූ පරිදි හිරු එලිය ආවරණය හා මිය යාමෙන්පසු අධි ඔක්සිජන් පරිභෝජනය යන කරුණු මත සෑම අවස්ථාවකදීම algal blooms මඟින් අවාසි සහගත තත්වයක් ඇතිවන බව පැහැදිලිය.

මේ අනුව, Algal blooms මඟින් ඇති කරන අහිතකර බලපෑම්වල දරුනුතාව නිසා හැකි සෑම විටම මෙම තත්වයන් ඇති වීම පාලනය කිරීම වැදගත්‍ ය.


ලංකාව තුළ ඇතිවූ algal bloom තත්ව සහ ඒවාගෙන් ඇතිවූ පාරිසරික බලපෑම

2006 වර්ෂය සමයේ අනුරාධපුර නුවරවැවේ ඇති වූ සයනොබැක්ටීරියා සහිත විෂ සහිත algal bloom තත්වයක් ඇසුරින් සිදුවූ algal bloom සහ වැව් ජලයේ ප්‍රමිතිය පිළිබඳ සමීක්ෂණ දත්ත  කියවිය හැක මෙතනින් Archived

ශ්‍රී ලංකාව අවට ඉන්දියන් සාගරය තුළ මෙම algal bloom තත්ව සුලබවම ඇතිවේ. 2020 වසරේ දී ලංකාවේ බටහිර වෙරල ආශ්‍රිතව විෂ නොවන ලෙස හඳුනාගත ඩයටම විශේෂයකින් යුත් algal bloom තත්වයක් ඇති විය. ඒ පිළිබද විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

2021 වසරේදී ශ්‍රී ලංකාවට අයිති මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව රසායනික ද්‍රව්‍ය අධික ප්‍රමාණයක් රැගෙන විනාශයට ලක්වී අඩ වශයෙන් ගිලීමටද ලක් විය. මෙමඟින් මුහුදට එක්වූ රසායනික ද්‍රව්‍ය වල බලපෑමත් සමඟ විෂ සහිත algal bloom තත්වයක් ඇතිවීමට ඉතා ඉහළ අවදානමක් ඇති බවට විද්‍යාඥයින් අනතුරු ඇඟවීය. එවැන්නක් ඇති වූවා එය නම් ලංකාව තුල ඇතිවූ විශාලම සහ ඉහලම හානියක් ඇතිකරවන තත්වයක් වෙනු නොඅනුමානය.


Algal bloom තත්ව පාලනය සහ හානිය අවම කිරීම

ඕනෑම අවස්තාවක හොඳම පියවර වන්නේ, යම් ව්‍යසනය තත්වයක් ඇතිවූ පසු එයින් වන හානිය අවම කරගැනීමට විසඳුම් සෙවීමට වඩා, එම තත්වය ඇති නොවීමට සුදුසු පියවර කල් තියා, හැකිතාක් දුරට රැගෙන සිටීමයි. පරිසරය තුල algal bloom ඇතිවීම වැලැක්වීමට පියවර ගැනීමට සමාජයක් වශයෙන් අපට හැක. ජලාශ හොඳින් වාතනය වී තැබීම මඟින් මෙය පාලනය කල හැක. එමඟින් ජලයේ නිශ්චලබව අඩුවී algal bloom හටගැනීමේ අවදානම අඩුවේ.

ජලාශවලට අපද්‍රව්‍ය, අපජලය, පොහොර ආදී රසායනික ද්‍රව්‍ය එක්වීමට ඇති ඉඩකඩ අවම කල යුතුය. වර්ෂා ජලය පස් සෝදා ජලාශ වෙත ගමන් කිරීම අවම කිරීමට උපක්‍රම යෙදිය යුතු ය.
ජලාශවල හෝ සයුරේ ඇති වූ algal bloom සඳහා ප්‍රතිකර්ම යෙදීමද වැදගත්‍ ය. මෙහිදී ජෛව සහ රසායනික ආකලන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ගීවල වර්ධනය පාලනය කර, මර්දනය කල හැක. තවද, අතිධ්වනි තාක්ෂණය මඟින්ද ඇල්ගී වර්ධනය පාලනය කර හැක.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීමේදීත් තත්වය සෑහෙන දුරකට පාලනය කිරීම සඳහ මෙම ප්‍රතිකර්ම ක්‍රම ඉවහල් විය.

ලෝකයේ algal bloom ව්‍යාප්තිය

දැනට ලෝකයේ ඇතිවූ විශාලතම Algal bloom තත්වය බටහිර අප්‍රිකාවේ මෙක්සිකෝ බොක්ක ආශ්‍රිතව වාර්තා වී ඇත . ලෝකයේ ඇතිවූ හානිදායක algal bloom පිලිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකියි මෙතනින්.Archived

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter