Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
මෙම ලිපිය තුළින් පැහැදිලි කෙරෙන කරුණු කිහිපයක්,
ජලය මඟින් බලශක්තිය නිපදවාගැනීම, දිගු කාලයක් තිස්සේ ලෝකය පුරාම සුලබව භාවිතා කෙරුණි. එහි ධාරිතාව පසුගිය සියවසේ අග භාගය වන විට ක්‍රමයෙන්, සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් ඇත. සාමාන්‍යයෙන් නම්, ජලය පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් ලෙස හැඳින්වෙන නමුත්, මේ සඳහා යොදා ගත හැකි ජල ධාරිතාවය ජල චක්‍රය මත රඳා පවතින නිසා, ඇතැම් කොටස් ජලය පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් ලෙස හැඳින්වීමට මැලිකමක් දක්වයි. එමෙන්ම ඔවුන්, ජල විදුලි නිශ්පාදන ව්‍යාපෘති ධීවර කර්මාන්තයට, ජල ප්‍රවාහන පද්ධතියට සහ සමස්ත පරිසරය සමතුලිතතාවයට සැලකිය යුතු අන්දමින් බලපෑම් එල්ල කරන බව පෙන්වා දෙයි.
මේ වන විට ශ්‍රී ලංකාව තුල ජලවිදුලි බලාගාර 21ක් පවතින අතර, කුඩා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති 100කට ආසන්න සංඛ්‍යාවක් පවතියි. ශ්‍රී ලංකාව කුඩා දූපත් රාජ්‍යකි. ඒ අනුව 1990 දශකයේ මුල් භාගය වන විටත් ශ්‍රී ලංකාවේ මූලික අවශ්‍යතා සියල්ලම පාහේ සැපිරීම සඳහා එකල පැවති කුඩා හා මහා පරිමාණ ජලවිදුලි ව්‍යාපෘති ප්‍රමාණවත් විය. මේ වන විටත්, රටේ බොහෝ ප්‍රදේශවලට අඩු වියදමෙන් විදුලි සැපයුම සිදුකිරීම සඳහා උචිත ලෙස, ජල විභවයෙන් විශාල ප්‍රමාණයක් සංවර්ධනය කර ඇත.
දැනට ලංකාව තුළ පවතින ජලවිදුලි බලාගාර උපරිම සහ මූලික විදුලි ජනන අවශ්‍යතා සැපයීම සඳහා සුදුසු මට්ටමකින් ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, ප්‍රමිතිගත බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම (SPPA) යටතේ පවතින කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඇතුලු තවත් ජල විදුලි බලාගාර බොහෝ ප්‍රමාණයක් ඉදිරියේදී මෙම බලඇණියට එක් වීමට නියමිතව තිබේ.
ජල විදුලිබල නිශ්පාදනයේ මූලික මූලධර්මය ලෙස භාවිත වන්නේ, ජල ධාරාවක් මගින් ටර්බයිනයක් කැරකවීමයි. සාමාන්‍යයෙන්, ප්‍රධාන ජල විදුලි බලාගාර ආකාර 2ක් ඇත. ඒවා වේලි සහ ජලාශ සහිත හා වේලි සහ ජලාශ රහිත ලෙස පෙන්වාදිය හැක. විශාල ජලාශ සහ වේලි සහිත ජලවිදුලි බලාගාරවලදී, විදුලිය සඳහා ඉහළ ඉල්ලුමක් පවතින කාලයක් වන තෙක් ජලය කෙටි හෝ දිගු කාලීන වශයෙන ගබඩා කර තබා ගත හැක. රාත්‍රී හෝ දිවා භාවිතය, සෘතුමය (වර්ෂා හා වියළි කාල සඳහා) භාවිතය සඳහා ජලය ගබඩා කිරීම හෝ විදුලිය උත්පාදනය හා පොම්ප කර ගබඩා කෙරුනු ජලය ප්‍රතිවර්ත කළ හැකි යන්ත්‍ර වැනි විවිධ අරමුණු සඳහා පවතින පහසුකම් හා තාක්ෂණය කුඩා පරිමාණ වේලිවලටද බෙදිය හැකිය.
CFC ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට විශාලතම ජල විදුලි බලාගාරය වන, මෙගාවොට් 210ක බලාගාරයකට අවශ්‍ය ශක්තිය සැපයුම් කරන, ශ්‍රී ලංකාවේ උසම වේල්ල වන වික්ටෝරියා බලාගාරය නැරඹීමට ගිය අතර මෙම දැවැන්ත වේල්ල නිසා ඇති විය හැකි පාරිසරික බලපෑම් පිළිබඳව අප විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සිවිල් ඉංජිනේරුවරයෙකු වන උදිත් ඒකනායක මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරන ලදි.
වික්ටෝරියා වේල්ල පිහිටා ඇත්තේ පොල්ගොල්ල හැරවුම් බැම්මට පහළින් සහ හුළු ගඟ මහවැලියට ඇතුළු වන ස්ථානයට මඳක් පහළින්, මහවැලි ගඟේ ප්‍රධාන ධාරාවේ වික්ටෝරියා ජල පහරට ඉහළින් ය. වේල්ල ඉදිකිරීම 1980 දී ආරම්භ කරන ලද අතර,1984 දී නිම කරන ලදී.
ඉංජිනේරු උදිත් ඒකනායක මහතාට අනුව ගඟ හරහා ද්විත්ව වක්‍ර ආරුක්කු වේල්ලක් තෝරා ගැනීමට, මෙහි ගබඩා කළ යුතු වූ ජල ප්‍රමාණය සහ එකල පැවති දේශගුණික තත්ත්වයන් වැනි සාධක පදනම් වී ඇත. වික්ටෝරියා වේල්ල කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන (AMDP) යටතේ ඉදිකරන ලද්දකි. මෙම ව්‍යාපෘතිය වසර 30ක් තිස්සේ සැලසුම් කර තිබූ අතර එය රට තුළ පවතින ආර්ථික දුෂ්කරතා විසඳීම සඳහා 1977 දී කඩිනම් කරන ලදී. හෙක්ටයාර 365,000 (අක්කර 901,935) භූමි ප්‍රමාණයකට ජලය සැපයීමට සහ මෙගාවොට් 600 ක විදුලිය සැපයීමට මෙම ව්‍යාපෘතිය ඔස්සේ සැලසුම් කොට තිබුණි.
වික්ටෝරියා වේල්ල මුලින් යෝජනා කරන ලද්දේ 1964 දී කැනේඩියානු දඩයම් තාක්ෂණික සේවා කණ්ඩායමක් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ (UNDP-FAO) කණ්ඩායමක් විසින් සිදුකරන ලද අධ්‍යයනය සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය. වේල්ලේ ඉදිකිරීම් 1978 අගෝස්තු 14 වන දින එවකට ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ආරම්භ කරන ලදි. මෙහි ප්‍රධාන ව්‍යුහයන් ක්‍රියාවට නැංවූයේ 1980 වසරේදී ය.
මෙම ව්‍යාපෘතිය සඳහා බ්‍රිතාන්‍ය ආධාර ප්‍රධානය පිටුපස ඇති කතාව සහ වේල්ල ඉදිකිරීම සඳහා ශුන්‍ය යකඩ/වානේ භාවිතා කල බවට ඉදිරිපත් වූ දුර්මත වික්ටෝරියා ව්‍යාපෘතියට අදාළව සමාජ මාධ්‍ය ආදී මූලාශ්‍ර තුළ පලවූ මිත්‍යා මත කිහිපයකි.
Factcrescendo Sri Lanka කණ්ඩායම විසින් මෙම මිථ්‍යාවන් නිෂ්ප්‍රභ කළ ආකාරය වැඩිදුර විමසා බැලිය හැකියි මෙතනින්.
ඉංජිනේරු උදිත් මහතා, වේල්ලේ මානයන් සහ එහි ධාරිතාව පිළිබඳව ද විස්තර කළේය. ඒ අනුව වේල්ල මීටර් 122 (අඩි 400) උසකින් යුක්ත වන අතර, ටර්බයිනයේ සිට මැනෙන වේල්ලේ සමස්ත දිග මීටර් 520 (අඩි 1,706)ක් ද, සමස්ත පළල මීටර් 6 (අඩි 20)ක් සහ පාදම පළල මීටර් 25 (අඩි 82) ක් වේ. වේල්ල මඟින් වික්ටෝරියා ජලාශය නිර්මාණය කරන ලද අතර එහි මතුපිට වර්ගඵලය, වර්ග කිලෝමීටර 22.7 (වර්ග සැතපුම් 8.8)ක් ද, දළ ගබඩා ධාරිතාව 722,000,000 m3 ක් සහ ජල පෝෂක ප්‍රදේශය 1,869 km2 ක් පමණ වේ.
වේල්ලෙන් බලාගාරය වෙතට ජලය සපයනු ලබන්නේ දිගු උමං මාර්ගයක් හරහායි. එම උමං මඟේ පෙන්ස්ටොක් 3ක් ඇත. (මේවා වේල්ලේ සිට ටර්බයිනය තෙක් ජලය එවීමේදී යොදා ගන්නා ආනතියෙන් යුතු බට වේ.) වාර්ෂිකව 780 GWh දක්වා විදුලි ශක්තිය ජනනය කළ හැකි, මෙගාවොට් 70 ටර්බයින තුනක් පෝෂණය කරමින් මෙම පෙන්ස්ටොක් විසින් මීටර් 190 (අඩි 623) ක ශුද්ධ හිසක් නිර්මාණය කෙරේ.
වේල්ල, වාන් මාර්ග 8කින් සමන්විත වන අතර, එකිනෙකෙහි පළල සහ උස පිලිවෙලින් මීටර් 12.5 (අඩි 41) සහ මීටර් 6.5 (අඩි 21.3) බැගින් වේ. මෙම වාන් මාර්ග ජල මට්ටම ඉහළ මට්ටමක පවතින විට ස්වයංක්‍රීයව විවෘත වේ. මේවායේ දොරටු සඳහා බලය අවශ්‍ය වන්නේ වැසීමට පමණක් වන අතර, මෙහි තාක්ෂණය සිවිල් ඉංජිනේරුවන්ගේ ආයතනයෙන් ‘සිවිල් ඉංජිනේරු විද්‍යාවේ නව්‍ය නිර්මාණ’ සඳහා සම්මානයක් දිනා ගැනීමටද සමත් විය. වාන් මාර්ගවල සම්පූර්ණ ඵලදායී පළල මීටර් 100 (අඩි 328) වන අතර, උපරිම විසර්ජනය 8,200 m3/s වේ. මීට අමතරව, වේල්ල පාමුල පවතින අතිරේක, පහත් මට්ටමේ සොරොව් දෙකක් මඟින් වේල්ල පිටුපස ගොඩගැසී ඇති රොන්මඩ පිරිසිදු කෙරේ.
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් 2009 දී විදුලිබල උත්පාදනය වැඩි කිරීම සඳහා අමතර උමං මාර්ගයක් එක් කරමින් වික්ටෝරියා ජල විදුලි බලාගාරය පුළුල් කිරීමට යෝජනා කළ ද, ශක්‍යතා අධ්‍යයනය අවසන් කිරීමෙන් පසු කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙම ව්‍යාපෘතියේ ඉදිරි වැඩකටයුතු සිදුවීම අවිනිශ්චිත බව ඉන්ජිනේරු උදිත් මහතා ප්‍රකාශ කලේ ය.
කුඩා, විශාලත්වය Mw (Moment magnitude) අගය 3කට වඩා අඩු නමුත් සංවේදනය වන ආකාරයේ විෂම භූ කම්පන 5ක අනුපිළිවෙලක් 2020 අගෝස්තු 29 සහ 2020 දෙසැම්බර් 05 අතර කාල සීමාව තුළ වික්ටෝරියා ජලාශය හා අවට ප්‍රදේශයේ හටගෙන ඇතිබව වාර්තා වී ඇත. එහිදී වේල්ලේ ස්ථායීතාවය පිළිබඳව බරපතල සැක පහළ විය. ඉංජිනේරු උදිත් ප්‍රකාශ කළේ පසුව භූමිකම්පා අනුක්‍රමයෙන් වේල්ලට එල්ල වී ඇති බලපෑම් සහ තර්ජන විශ්ලේෂණය කිරීමෙන් පසු එහි කඩා වැටීමේ අවදානමක් නොමැති බවට නිගමනය කළ බවයි.
මෙම සිදුවීම් මාලාවෙන් පසු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වික්ටෝරියා ජලාශයේ පිටාර මට්ටමේ සිට මීටර් 100ක් ඇතුළත පිහිටි සියලුම හුණුගල් වළවල් ඉවත් කිරීමට කටයුතු කළේය. ඊට අමතරව වික්ටෝරියා ජලාශයට මීටර් 100ක් ඇතුළත පැවති මහාපරිමාණ හුණුගල් කොරි 3ක් සඳහා වූ බලපත්‍ර අත්හිටුවා ඇත.
වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල ඇති වූ කම්පන හේතුවෙන් මෙම සංසිද්ධිය සිදුවී ඇති බවත්, එය ප්‍රදේශයේ හුණුගල් කොරියකින් හටගත් එකක් බවට තහවුරු වී තිබේ. ඉංජිනේරු උදිත් මහතා ප්‍රකාශ කළේ පසුව සීමාවන් ඉවත් කළ බවත්, මේ වන විට ගල්වලවල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්ය.
මීට අමතරව, වික්ටෝරියා ජලාශයෙන් යටවන ප්‍රදේශ වන දිගන සහ තෙල්දෙණිය යන ප්‍රදේශ කැල්සයිට් සහ ඩොලමයිට් ඛනිජකරණය සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශ වේ. ඔබට මේ ගැන වැඩිදුර විස්තර අධ්‍යනය කල හැකියි මෙතනින්.මේ අනුව, ජල තටාකයට යටින් ඇති පාෂාණ තට්ටුව හුණුගල්වලින් පොහොසත් ය. මෙම ප්‍රදේශයේ ඇති හුණුගල් සුලබතාව භූමිකම්පාවලට හේතුව විය හැකි බව ඉන්ජිනේරු උදිත් මහතා සඳහන් කළ අතර පර්යේෂකයන් තවමත් මේ පිළිබඳව වැඩිදුර පර්‍යේශන මෙහෙයවමින් පවතියි. එබැවින් කම්පනයට හේතුව අපට තවමත් නිශ්චිතව තහවුරු කළ නොහැක.
ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් යම් ප්‍රමාණයකට අවතැන්වීම්, වෙනත් ස්ථානගත කිරීම් සහ වන්දි ගෙවීමට සිදුවීම සාමාන්‍ය තත්වයකි. නිදසුනක් වශයෙන්, වික්ටෝරියා වේල්ල ව්‍යාපෘතිය 30,000 ක් පමණ ජන ප්‍රමාණයක් නැවත පදිංචි කරන ලදී. මෙය පෙරදී ඇස්තමේන්තුගත කල ප්‍රමාණයට වඩා හතර ගුණයකින් ඉහල අගයක් විය. ඉංජිනේරු උදිත් මහතාට අනුව, මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ රටේ වියළි කලාපය තුළ කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය වාරිමාර්ග පහසුකම් සැපයීමයි. එහිදී එම ජනතාවට සිදු වූ අලාභයන් සඳහා වන්දි ලබා දී, වාරි කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ප්‍රදේශවලම නැවත පදිංචි කිරීමට කටයුතු කල බව ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ දුම්බර මිටියාවත ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයෙන් බැබළෙන සාරවත්ම බිම් ප්‍රදේශයෙන් සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතියේදී ගොවීන්ට අහිමි විය. 1980 දී ප්‍රකාශයට පත් කරන ලද ලංකා ගාඩියන් සඟරාවේ ‘වික්ටෝරියා ව්‍යාපෘතිය – විනාශයකින් තොරව සංවර්ධනය’ යන මාතෘකාවෙන් යුත් ලිපියක් පළ විය. එහි දී ආචාර්ය එල්. ඩබ්ලිව්. මැදිවක මහතා ප්‍රකාශ කරන්නේ, “දුම්බර මිටියාවතේ පවතින කෘෂිකාර්මික, කාර්මික සහ මානව ක්‍රියාකාරකම්වලට මෙම ව්‍යාපෘතියෙන් සිදු වන හානියේ විශාලත්වය මේ රටේ ස්වල්ප දෙනෙක් වටහාගෙන සිටිති.” එමෙන්ම, “දූම්බර ප්‍රදේශයේ මධ්‍යස්ථ දේශගුණය තුළ වැවෙන භෝගයන්, විශාල වෙනස්කම්වලින් යුතු දේශගුණික හා පාංශු ව්‍යුහය සහිත උණුසුම් වියළි කලාපයේ වගා කළ නොහැක.” යනුවෙන්ද ඔහු සඳහන් කරයි. 1980 සිට ලංකා ගාඩියන් සඟරාවේ මෙම ලිපිය අධ්‍යයනය කල හැකියි මෙතනින්.
මුල් ශිෂ්ටාචාර යුගයන්වල සිටම, මිනිස්සු තම ජීවනෝපාය උත්පාදනය කළ වඩාත් සාරවත්ම ඉඩම්, ගංගා නිම්න ආශ්‍රිත ඉඩම් බව පැහැදිලිව අවබෝධ කොටගෙන සිටියහ. එබැවින්, කෘෂිකර්මාන්තය සඳහාම, එතරම් සරු නොවන ඉඩම් ප්‍රදේශයකට වාරි සැපයීම සඳහා මෙවන් සරුසාර ඉඩම් කොටස් ඉවත් කිරීම තරමක් ප්‍රායෝගික නොවන බව පෙනේ. එය යම්තාක් දුරකට සාධාරණීකරණය වන්නේ මේ ඉඩම් යොදාගනිමින් සිදුකරන පුනර්ජනනීය බලශක්ති නිශ්පාදනය නිසාවෙනි.
ශ්‍රී ලංකාව යනු ආන්තික දේශගුණික විපර්යාසයන්ට බෙහෙවින් ගොදුරු වන රටකි. මක්නිසාද යත් මධ්‍යම කඳුකරයේ මෙහිදී අප විමසා බලන ප්‍රදේශයේ දේශගුණය, පහතරට අර්ධද්වීපයේ දේශගුණයෙන් සැලකිය යුතු ලෙස වෙනස් වන බැවිනි. මෙම කලාපයේ දේශගුණික විපර්‍යාස සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වන්නේ මෝසම් වැසි වන අතර ඒවා සාපේක්ෂ වශයෙන් වියළි හා තෙත් තත්ත්වයන් සහ සමෝච්ඡ රේඛා ඔස්සේ උෂ්ණත්ව අඩුවීමේ අනුපාත නිර්මාණය කරයි.
වේලි නිර්මාණයේදී, ඒවාගේ පිහිටීම සහ හැඩය තෝරාගැනීමට, දේශගුණය මූලික සාධකයක් ලෙස යොදාගැනෙනබව ඉන්ජිනේරු උදිත් මහතා සඳහන් කළේය. ඒ අනුව, එම සාධක විමසා බලා, වික්ටෝරියා වේල්ල සඳහා ද්විත්ව ආරුක්කු මෝස්තරය තෝරා ගන්නා ලදී. කෙසේ වෙතත්, පසුගිය දශක කිහිපයක කාලය තුළ දේශගුණය විශාල ලෙස වෙනස් වී ඇති බව ඔහු පැවසීය.
දේශගුණික විපර්යාස වික්ටෝරියා වේල්ලට අවදානමක් ඇති කරයිද යන ගැටලුවට ඔහු පිළිතුරු සැපයූවේ, මේ වන විට උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ජල මට්ටම ශීග්‍රයෙන් පහත බැස ඇති බවත්, එබැවින් වේල්ල තර්ජනයට ලක්ව නැති නමුත් අනාගතයේ දී විෂම වර්ෂාපතන රටා ඇතිවීමේ හැකියාවක් ඇති නිසා ඉදිරියේදී එය වේල්ලට අවදානම් තත්ව ඇති කිරීමට සමත් විය හැකි බවත් ය.
වැඩිදුර තොරතුරු කියවිය හැකියි මෙතනින්.
ආරම්භයේ සිටම ජලවිදුලි බල නිශ්පාදනය, ඉන් සිදුවන පාරිසරික බලපෑම සම්බන්ධයෙන් මහත්වූ මතභේදාත්මක බවක් ඇතිකළේය. විශාල වේලි මෙම ආන්දෝලනයකට පිටිවහලක් ඇති කළ වැදගත් සාධකයක් විය. මේ සම්බන්ධයෙන්, 1984 දී Ecologist සඟරාවේ ද ‘වේල්ල විනාශ කිරීම – සුපිරි වේලි වලට එරෙහි නඩුව’ ගැන පලවිය. එම ලිපිය කියවිය හැකියි මෙතනින්.
L. Alexis විසින් රචිත ‘The Damnation of Paradise’ ලිපිය මගින් ශ්‍රී ලංකාවට ජලවිදුලි වේලි හේතුවෙන් සිදුවන හානිය ඉස්මතු කරයි. අනුව,
මෙම අනාවැකි බොහොමයක් සැබෑ වී ඇති අතර මෙම බලපෑම් ආපසු හැරවීමට ඉක්මන් ක්‍රියාමාර්ග අවශ්‍ය බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.
මොරගහකන්ද වේල්ල යනු මේ සඳහා ශ්‍රී ලංකාවේ පවතින මෑතකාලීන උදාහරණයකි. ඒ අනුව මින්නේරියේ ඇති ආසියාවේ විශාලතම අලි එක් රැස් වන ස්ථානයට මෙහිදී බලපෑමට ලක් විය. එහිදී ඉහත සඳහන් තත්ව සියල්ලම පාහේ උද්ගත විය.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු කියවිය හැකියි මෙතනින්.
තවත් කනස්සල්ලට හේතුවන පාරිසරික බලපෑමක් වන්නේ, අවට ජල ආධාරක ප්‍රදේශවල පළිබෝධනාශක භාවිතය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ මේ වන විට ඇති වී ඇති සුපෝෂණය සහ ඇල්ගී හෝ සයනොබැක්ටීරියාවල ඉහල වර්ධනය (Algal bloom) වේ. මීට අමතරව, වික්ටෝරියා ජලාශය පුරවන විට ජලය එකතැන පල් වීමක් සිදුවන අතර, එහිදී අතිරේක සුපෝෂණ අවදානමක් නිර්මාණය වේ. කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහනේ පාරිසරික බලපෑම් පිළිබඳ වැඩිදුරටත් කියවිය හැකියි මෙතනින්.
අපගේ CFC කණ්ඩායම වික්ටෝරියා ජලාශය හේතුවෙන් විපතට පත් වූ, ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීය. ජලය පිරී යාමත් සමඟම විවිධ බෝවන රෝග වර්ධනය වී ඇති බවත්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවුරු ආශ්‍රිතව එක්රැස් වන බවත්, ජලය බැසයාමත් සමඟ ආක්‍රමණශීලී ශාක විසින් පිටාර තැන්න ග්‍රහණය කර ගන්නා බවත් ඔවුහු සඳහන් කළහ.
පුනර්ජනනීය නොවන සහ පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් අතරින්, ජල විදුලිය වඩා හොඳ බලශක්ති ප්‍රභවයක් බවට තර්කයක් නොමැත. ජල විදුලිය ද පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස සලකන්නේ නම්, ශ්‍රී ලංකාව දැනට එහි බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පමණ නිෂ්පාදනය කරන්නේ පුනර්ජනනීය ප්‍රභවයන් මගිනි. ජල විදුලිය මේ වන විට ජාලයට 20 GWh කට ආසන්න දායකත්වයක් සපයයි. ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය භාවිතා කර දෛනික විදුලි උත්පාදනය ඔබට දැනගත හැක, https://ceb.lk/ වෙබ් අඩවිය ඔස්සේ.ජල විදුලියේ තවත් ප්‍රතිලාභ පිලිබදව කියවිය හැකියි මෙතනින්.
නවීන ජල ටර්බයිනවලට පවතින ශක්තියෙන් 90%ක් පමණ විදුලිය බවට පරිවර්තනය කළ හැකිය. අනෙක් අතට, හොඳම ෆොසිල ඉන්ධන බලාගාරවප පවා කාර්යක්ෂමතාව 50% ක් පමණක් වේ. එබැවින් ශ්‍රී ලංකාව වැනි රටක ජල විදුලිය සහ අනෙකුත් විවිධ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීමේදී ඒවායින් සිදුවන පාරිසරික බලපෑම සහ එවැනි ව්‍යාපෘතිවල සමාජීය හා ආර්ථික අංශවල ස්වරූපය පිළිබඳව හොඳින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, මනා සැලසුමක් සහිතව ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම ඉතා වැදගත් වේ.
වේලි සහ ජලාශ නොමැති ජලවිදුලිය නිපදවීම යනු කුඩා පරිමාණ ජලවිදුලි නිශ්පාදනයයි. මේවා ගංගාවේ ගලා යාමට බාධාවක් නොවන පරිදි ක්‍රියාත්මක වීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති වේ. ඒවා ‘Run-of-the-river’ ව්‍යාපෘති ලෙසද හැඳින්වේ. බොහෝ පිරිස් මෙම කුඩා පරිමාණ ජල විදුලි නිශ්පාදනය වඩාත් පරිසර හිතකාමී විකල්පයක් ලෙස සලකති. එබැවින් කුඩා පරිමාණ ක්ෂුද්‍ර ජලවිදුලි ව්‍යාපෘති තුළින් දුරස්ථ ස්ථානවල සිටින ප්‍රජාවන්ට සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කළ හැකිබව කිව හැක.
ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල ජල පෝෂක ප්‍රදේශ සහ ඇළ දොළ ආදිය වැඩි වශයෙන් හඳුනාගත හැක. එබැවින් විදුලිය නිෂ්පාදනය සඳහා ප්‍රධාන ගංගා අවහිර කිරීම අත්‍යවශ්‍ය නොවේ. ඒ වෙනුවට මෙම ගලායන ජලය යොදාගෙන, වඩාත් පරිසර හිතකාමී කුඩා පරිමාණ ජලවිදුලි ව්‍යාපෘති වැඩි වශයෙන් මෙහෙයවීම සුදුසු වනු ඇත. මේ වන විටත්, මහා පරිමාණ ජලවිදුලි බලාගාරවලින් සැලකිය යුතු හානි පරිසරයට සිදුවී පැවතුනත්, අනාගතයේදී එවැනි තත්වයන් පාලනය කර, තවදුරටත් හානි සිදුවීම වැලැක්වීම සඳහා මෙම කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ මේ පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් සමාජයට ලබාදීම ඉතා වැදගත් වේ.
මෙම ලිපියේ ඉංග්‍රීසි බසින් පළවූ මුල් ලිපිය මෙතනින්