Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
ශ්‍රී ලංකාවේ දැන් සිදුවන ධාරානිපාත වර්ෂාවන් ඇතුළු හදිසි කාලගුණික විපර්යාස වලට හේතුව වන විනාශය, ඉන්ධන දහනය වැනි ලංකාව තුළ සිදුවන සිදුවීම් ද ?
ක්ෂණිකව වෙනස් වන්නා වූ ධාරානිපාත වර්ෂාවන් මේ මොහොතේ දීත් ලංකාවට ඇද හැලෙමින් පවතී. මහාචාර්ය සරත් කොටගම සහ අරුණ පද්මපෙරුම යන පර්යේෂකයන්, ‘පරිසර විද්‍යාවේ සඳහා සරල විග්‍රහයක්’ යන කෘතියේ සඳහන් කරන පරිදි දේශගුණ විපර්යාසයන් වලට විවිධ සාධක ගණනාවක් බලපායි. ඉන් ප්‍රධාන සාධකයක් වන්නේ මිහි තලයේ ඉසිලුම් ධාරිතාවයි . ජෛවගෝලය සහ පරිසර පද්ධතීන්ගේ ඉසිලුම් ධාරිතාව සීමාකාරී නිසා සංවර්ධනය නාමයෙන් සිදුවන පරිසර විනාශයන්ට ඔරොත්තු දීමේ හැකියාව සීමිතය . පරිසර පද්ධතියක ඉසිලුම් ධාරිතාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. යම් පරිසර පද්ධතියක ඉසිලුම් ධාරිතාව ඉක්මවා නොගොස් ජීවත්වීමට ඇති හැකියාව රදාපවතින්නේ ජීවත්වන ජනගහනය කොපමණද , පවතින ආහාර ප්‍රමාණය, ජලය බලශක්තිය ,අමුද්‍රව්‍ය ආදියේ ඒක පුද්ගලික පරිභෝජනය හා අපද්‍රව්‍ය ප්‍රමාණය මතය.
මීට දශක කිහිපයකට පෙර නම් මෙම කාලවකවානුව එනම්, අගෝස්තු -සැප්තැම්බර් මාසවලදී මෙතරම් තද වර්ෂාවක් අත් නොදුටුවෙමු.. නමුත් මෙවර එය මහා වර්ෂාවක් බවට පරිවර්තනය වී තිබේ. මෙලෙස සිදුවන්නේ කෙසේද යන්න සලකා බැලූ කල, ලංකාවට වර්ෂාව ලැබෙනුයේ කෙසේද යන්න පළමුව බැලිය යුතුය. සූර්යයා කර්කටක නිවර්තනය මත පිහිටන විට දකුණින් උතුරට ඇදී යන ජලවාෂ්ප සහිත වාතය (පෙරල් ගේ නියමය මත) පෘථිවියේ භ්‍රමණ දිශාව වන දකුණට කැරකීම නිසා ඇතිවෙන බටහිර දිග වෙළඳ සුළං පෘථිවිය පසුකරන විට ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් සමකය මත දී නිරිත දෙසට හැරී ශ්‍රී ලංකාවට නිරිතදිග මෝසම් වැසි ලබාදේ. මෙය මාස තුන හමාරක පමණ කාලයක් වසී. සූර්යයා මකර නිවර්තනය මත පිහිටන විට, උතුරේ සිට දකුණට ගමන් කරන වාතය බෙංගාල බොක්ක හරහා පැමිණ ජල වාෂ්පද සමග ශ්‍රී ලංකාවට ඊසානදිග මෝසම් වැසි ලබාදේ. එය ද, මාස තුනහමාරක් වසී. සූර්යයා ලංකාව හරහා ගමන් කරන විට (එවැනි අවස්ථා දෙකකි) ලංකාව රත් වී හතර වටේටම ඇති මුහුදින් ගොඩබිමට ජල වාෂ්ප සමග ශ්‍රී ලංකාවට සංවහන වැසි දෙකක් වරකට මාස එකහමාරක් බැගින් දෙවාරයකට ලබාදෙයි. මීට අමතරව බෙංගාල බොක්ක මතට සූර්යයා එල්ල වන විට එහි ජලය මත නිර්මාණය වන (අධික රත්වීම නිසා) සුළිසුලන් කුණාටු වැසි ලබා දේ. මීට අමතරව වැසි වනාන්තර නිසා ඇතිවන වැස්සක් ද ඇත. වනාන්තරවල ඇති ශාක වලින් ශ්වසනය සිදු වන නිසා පිටවන ජාල වාෂ්ප නිසා ඇතිවන වැස්සක්ද ඇත.” (උපුටාගැනීම කල් යල් බලා ගොවිතැන් කිරීම තිලක් කන්දෙගම) නමුත් මේ වන විට ලංකාවේ වර්ෂාපතන රටාවේ විශාල වෙනස්කම් රාශියක් සිදුවී ඇත. මේ සදහා වගකිවයුත්තේ ලාංකිකයන්මද යන්න පැහැදිලි කර ගැනීම උදෙසා අපි පරිසරවේදී, විද්‍යාත්මක පර්යේෂක අරුණ පද්මපෙරුම මහතාගෙන් අදහස් විමසුවෙමු. “දේශගුණික වෙනස්වීම් ලෝකයටම තියෙන තර්ජනයක්, නමුත් එයින් අපේ රට මුදවා ගැනීමට ලංකාවට සංරක්ෂණ සංස්කෘතියක් තිබිය යුතුයි මෙය පොත්පත් වලට සීමා නොවී රජයේ ප්‍රතිපත්ති වලට එක්විය යුතුයි. මෙයින් පමණයි සංරක්ෂණ සංස්කෘතියක් ඇති කළ හැක්කේ. “, පද්මපෙරුම මහතා පැවසුවා.
දේශගුණික වෙනස්වීම් වලට ප්‍රධාන හේතුව ඉන්ධන දහනය නිසා පිටවන හරිතාගාර වායූන්ය . මීට යම් විසදුමක් ලෙස පොදු ප්‍රවාහනය දිරිමත් කිරීම ගැන පරිසරවේදීන් නිතර කියා සිටියා. නමුත් මූල්‍ය සමාගම්,ලීසිං සමාගම් සහ මෝටර් රථ සමාගම් සෑම පුද්ගලයෙකුටම වාහනයක් තිබිය යුතුය යන මතය හුවා දක්වමින් ඔවුන්ගේ වෙළෙඳ ව්‍යාපාර දියුණු කරගෙන පරිසරයට තවත් දරාගත නොහැකි ප්‍රමාණවලින් ඉන්ධන දහනයෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් ආදී වායූන් එකතු කිරීමට කටයුතු කරනවා. වෛද්‍යවරු, ආරක්ෂක සෙබළුන් වැනි හදිසි අවශ්‍යතාවල නියැලෙන පුද්ගලයන්ට වාහන අවශ්‍යයි. නමුත් මින් පරිබාහිරව සෑම පුද්ගලයකුම වාහන පරිභෝජනයට හුරු වීම ඉතා අහිතකර තත්වයක් බව ඔහු වැඩි දුරටත් සදහන් කරන ලදී.
ශ්‍රී ලංකාවේ හරිතාගාර වායු විමෝචන ප්‍රතිශතයක් පිලිබද වැඩි වැඩිදුර විස්තර මෙතනින් . Archived
මිලියන 21.6ක් වන අපේ ජනගහනයට ලංකාවේ වාහන මිලියන 5.6ක් පමණ ක්‍රියාත්මක වෙනවා (සමුච්චිත ලියාපදිංචිය මිලියන අටකට වඩා වැඩියි). අපගේ වාහන පුද්ගල අනුපාතය ආසන්න වශයෙන් 1:4 හෝ පුද්ගලයන් 100කට වාහන 26කි. වැඩිදුර කියවීම මෙතනින් . Archived
“පොදු ප්‍රවාහනය තිබෙන දුර්වලතා ද මෙම තත්ත්වයට වගකිව යුතු බව, පරිසරවේදී අරුණ පද්මපෙරුම මහතා තවදුරටත් සඳහන් කළේය. ඒ අනුව පොදු ප්‍රවාහනය වේලාවට ධාවනය නොවීම, සුවපහසුව අඩුවීම ජනගහණයට ප්‍රමාණවත් තරම් පොදු ප්‍රවාහන පහසුකම් නොමැතිකම වැනි ගැටලු මිනිසුන් තුළ පොදු ප්‍රවාහනය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වීමට බලපානවා. මේ නිසා පෞද්ගලික වාහන මිලදී ගැනීමට බොහෝ මිනිසුන් පෙලබෙනවා. මේ හමුවේ ග්‍රාමීය පරිසර ද මෝටර් වාහන වලින් විමෝචනය වන කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, හයිඩ්‍රොකාබන සහ සල්ෆර් ඩයොක්සයිඩ් වලින් දූෂණය වීම සිදුවෙනවා. මෙම දූෂණය වීම, ග්‍රාමීය පරිසර පද්ධති වල දක්නට ලැබුණු දක්නට ලැබුණු ඉතා සංවේදී ජීවින් වන සමනල විශේෂ, සළඹ විශේෂ සහ ගෙම්බන් විශේෂ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීම තුළින් තහවුරු වන බව පරිසරවේදී, විද්‍යාත්මක පර්යේෂක අරුණ පද්මපෙරුම මහතා පවසා සිටියේය.
මෙම රූප රාමුවෙන් දැක්වෙන්නේ ගෙවත්තක සුලභ ලෙස දැකිය හැකි සමනල් විශේෂයක් වන අතර වර්තමානයේ දී ගෙවත්තක මෙම සතුන් දැකිය හැක්කේ ඉතා අල්ප වශයෙනි.
(ඡායාරූප: සුරන්ජන් කරුණාරත්න)
දේශගුණ විපර්යාස නිසා බලපෑම් එල්ලවන රටවල් ඇතුළත් දර්ශකයේ ශ්‍රී ලංකාව අවදානම අතින් ඉහල ස්ථානයක පසුවන බව කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය රංගිකා බණ්ඩාර බීබීසීයට පවසා තිබුණි.
ශ්‍රී ලංකාවේ හරිතාගාර වායු විමෝචනය ,ගෝලීය හරිතාගාර වායු විමෝචනයේ මුළු අගයේ ප්‍රතිශතයක් ලෙස ගත්කල 1% ටත් අඩු අගයක පැවතිය ද ගෝලීය වශයෙන් සිදුවන උණුසුම ඉහළ යෑම නිසා ශ්‍රී ලංකාවට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවන බව ද දේශගුණ විපර්යාසවල අහිතර ප්‍රථිපල නිසා දැනටමත් ශ්‍රී ලංකාවේ වී අස්වැන්න 10%කින් අඩුවී ඇති අතර ජල විදුලිය නිෂ්පාදනය 50%කින් පමණ අඩුවී ඇති බව ද ඇය වැඩිදුරටත් පවසා තිබුණි.එම BBC වාර්තාව කියවිය හැකියි මෙතනින්. Archived
ගෝලීය දේශගුණික විපර්යාස අවදානම පිලිබදව කරුණු දක්වන ජර්මන් වොච් සංවිධානයේ වාර්තාවලට අනුව ලංකාව පසුගිය වසර ගණනාවක්ම දේශගුණික විපර්යාස නිසා වැඩි හානියක් ඇතිවීමේ අවදානමක් ඇති රටවල් අතර ඉහළ ස්ථානයක පසුවිය.ජර්මන් වොච් වෙබ් අඩවියට පිවිස ඔවුන්ගේ වාර්තා වෙතට පිවිසිය හැකියි මෙතනින්.
පවතින පරිසර පද්ධති ආරක්ෂා කිරීමත්, ප්‍රවාහන පද්ධතිය නිසි ලෙස වෙනස් කිරීමත් ආකල්පමය සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමත් මගින් අහිතකර දේශගුණික /කාලගුණික වෙනස්කම්වලට මගපාදන දේශීය හේතුසාධක අවම කරගත හැකි බව පර්යේෂකයන් පවසා සිටියි.
කෙසේ නමුත් වඩාත් පැහැදිලි කාරණය නම් අප අද අත්විදින වර්ෂාපතන රටාවේ වෙනස්වීම් ආදී බොහෝ දේට ගෝලීය දේශගුණික විපර්යාසයේ බලපෑම පවතී .නමුත් ඒ මගින් ඇතිවන බලපෑම් වල අහිතකර බලපෑම වඩාත් ප්‍රබල ලෙස අපට දැනීමට හේතුවන්නේ දේශීය පරිසර කළමනාකරණයේ සහ සංරක්ෂණයේ දුර්වලතා නිසාය.උදාහරණයක් ලෙස දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස අධික වැසි තත්ත්වයන් ඇති වේ. නමුත් ඒ හා සමගම සිදුවන කදු නායයාම් ආදියට මුලික හේතුව අදාළ කදු ප්‍රදේශයේ සිදුව ඇති වන විනාශය, අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති , අවධානම් ප්‍රදේශවල සිදු කර ඇති ඉදිකිරීම් ආදියයි.එම නිසා දේශීය වශයෙන් මනා පරිසර කළමනාකරණයක් ඇතිකර ගැනීම මගින් ගෝලීය දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් අවම කරගතහැකි බව පැහැදිලිය.
මෙම ලිපිය ඉංග්‍රීසි බසින් මෙතනින්