Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

දේශපාලන ව්‍යාපාර, වෙනත් සැමරුම් සහ දේශගුණික විපර්‍යාස – ශ්‍රී ලංකා සන්දර්භය

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය මෙම වසරේ (2023) මාර්තු 9වන දින පැවැත්වීමට යෝජිත වී ඇත. මෙහිදී පළාත් පාලන ආයතන 340ක් සඳහා සාමාජිකයින් තෝරාගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමි වේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ සමයක් පිළිබඳව සිතීමේ දී, ජනතාව තුළ ඇතිවන්නේ පෝස්ටර්, කටවුට්, පොලිතීන් සැරසිලි, ශබ්ද විකාශන යන්ත්‍ර, ගිනිකෙළි සහ විශාල පාරිසරික දූෂණයකින් සමන්විත චිත්‍රයකි. එහෙත්, පසුගිය වසර කිහිපයක කාලය තුළ දී, මෙම තත්ත්වය අඩු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. මෑත කාලීන දේශපාලනික මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළදී, දේශගුණික විපර්‍යාස බලපෑම් කෙරෙහි විශේෂිත අවදානයක් යොමු කර ඇති බව මෙහි ලා ඉස්මතු කර දැක්විය යුතුමය. 2020 වර්ෂයේ දී, ප්‍රජා සහභාගීත්වයත් සහිතව, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වමින් මෙහෙයවන ලද ‘Zero Carbon Presidential Election Campaign’ (කාබන්වලින් තොර ජනාධිපතිවරණ ප්‍රචාරණ කඳවුර) සඳහා ‘Zero carbon Certificate’ (කාබන්වලින් තොර බවට සහතිකය) පිරිනමන ලදී.

ශ්‍රී ලංකාවේ හා ලොව පුරා මැතිවරණ සහ අනෙකුත් සැමරුම් විසින් පරිසරය කෙරෙහි ඇති කරන පාරිසරික බලපෑම හා carbon footprint (කාබන් සලකුණ) පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

මැතිවරණ ව්‍යාපාර

දේශගුණික විපර්‍යාස යනු ප්‍රජාතන්ත්‍රවාදී රටාවක ඡන්දය ලබා දීම වැනි සාමූහික ක්‍රියාකරකමකි. නමුත් අවාසනාවකට, ගෝලීය කාබන් අයවැය මත ආන්තික බලපෑම බිංදුවට ආසන්න බව දැන දැනම, තම carbon footprint අවම කිරීම සඳහා තම සම්පත් සහ උත්සාහය වැය කිරීමේදී මිනිසුන් පසුබට විය හැකිය.

ඕනෑම රටක මැතිවරණයකට පෙර මැතිවරණ ව්‍යාපාර සහ මැතිවරණ වේදිකා පොදු සිදුවීම් වේ. විව්ධ දේශපාලන සංවිධායකවරුන් විසින් තම පක්ෂ සහ අපේක්ෂකයින්ගේ ප්‍රචාරක වේදිකා පුළුල් කිරීමට සහ මහජන රැස්වීම් වැඩි කිරීමට ව්විධ ප්‍රචාරක උපක්‍රම ක්‍රියාත්මක කරයි. උදාහරණ ලෙස රට පුරා බෙදා හරින සහ ප්‍රදර්ශනය කරන දැවැන්ත බැනර්, කටවුට්, ගිනිකෙලි සංදර්ශන, ඉටි සහ පොලිතින් කොඩි හා සැරසිලි, පත්‍රිකා ආදිය දැක්විය හැක. කෙසේ වෙතත්, සියළුම ජාතික දේශපාලන පක්ෂ, සම්මත හරිත ප්‍රචාරණ වඩපිළිවෙලක් පිළිගත්තද, මෙවන් ක්‍රමවලින් ඇතිවිය හැකි අහිතකර බලපෑමට එරෙහි තිරසාර විසඳුමක් පවතීදැයි ගැටළුවක් පවතියි.

මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලි මඟින් ඇතිවිය හැකි අහිතකර පාරිසරික ගැටළු වන්නේ, දේශපාලන රැස්වීම් අතරතුර, ජංගම දේශපාලන ප්‍රචාරක ඔස්සේ, නියාමනයෙන් තොරව නිකුත්වන ශබ්දය; ඡන්දය දිනයේදී සිදුවන නියැදි ඡන්ද පත්‍රිකාවල අපරික්ෂාකාරී බෙදාහැරීම සහ ඒවා නිසි නොවන පරිදි ඉවත් කිරීම; පිරිසිදු වායු පනත සහ ඝන අපද්‍රව්‍ය කළමණාකරණ පනත යටතේ තහනම් කර ඇති පරිදි මැතිවරණ කටයුතුවලින් එක්වන අපද්‍රව්‍ය විවෘත දහනය සහ එක් වරක් භාවිත කරන ප්ලාස්ටික් භාවිතය වළක්වා ගැනීමට අපොහොසත් වීම; ජල මාර්ග සහ සාගරයෙන් අවසන් වන ප්ලාස්ටික් දූෂනයට එකතු කිරීම ආදියයි.

ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික පනත, 1980 අංක 47, 1988 අංක 56 සහ 2000 අංක 53 මඟින් සංශෝදනය කරන ලදී. රජයේ ගැසට් නිවේදනවල ප්‍රකාශයට පත් කරන ලද මෙම රෙගුලාසි යටතේ 2008 පෙබරවාරි 01 වන දින විෂේශ අංක 1534/18 සහ 2008 ජනවාරි 25 අංක 1533/16 යටතේ “කිසිදු පුද්ගලයෙකු මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් තොරව වෙනත් ආකාරයකින් පරිසරයට අපද්‍රව්‍ය මුදා හැරීම, තැම්පත් කිරීම හෝ විමෝචනය කිරීම සිදු නොකළ යුතු ය.” ඒ අනුව, දේශපාලන ව්‍යාපාරවල සිදු කරන අන්දමින් පරිසරය දූෂණය කිරීම ශ්‍රී ලංකාව තුළ දී අපරාධයකි. නමුත් මෙහි අදාල නීති ප්‍රකාරව, නිවැරදිව ක්‍රියාත්මක නොවේ.

මෙම ගැටළුවලට එක් විසඳුමක් වන්නේ අපේක්ෂකයින් විසින් ඉඩම් හිමියාගේ අවසරය සහිතව පුද්ගලික දේපල වල රැස්වීම ආදිය පැවැත්වීම සහ බැනර කටවුට් යොදාගෙන සිය ඡන්ද සලකුණ ආදිය ප්‍රදර්ශනය වන අතර එවිට පරිසරය සම්බන්ධයෙන් වැඩි වගකීමක් ඔවුන්ට පැවරේ .

මැතිවරණවලට අමතරව, විශාල පාරිසරික දූෂණයන්ට සහ දේශගුණික විපර්‍යාසවලට දායක වන වෙනත් සැමරුම් පිළිබඳව විමසා බැලීමක් පහතින්

සංස්කෘතික උත්සව සහ සැමරුම්

මානව වර්ගයාගෙ ආරම්භයේ සිටම මිනිසා සහ සැමරුම් එකිනෙකට බැඳී ඇත. සාමාන්‍යයෙන් මිනිසුන් විවිධ දේ සැමරීමට ප්‍රියතාවක් දක්වයි. මිනිසුන් විසින් ලෝකය සෘතුමය සැමරුම් සහ ආදරණීය උත්සවවලින් සලකුණු කර ඇත. මෙම සාම්ප්‍රදායන්, කෙමෙන් කෙමෙන් සුළු වෙනස්වීම්වලට ලක් වෙමින්, පරිණාමය වෙමින්, නූතන යුගය දක්වා, පරම්පරා ගණනාවක් ඔස්සේ ගමන් කර ඇත. බොහෝ උත්සවවල ආගමික සම්භවයක් පවතින අතර මේවාගේ සිදුවන ක්‍රියාකාරකම්වල සංස්කෘතිකමය සහ ආගමික වැදගත්කමක් පවතී.

මෙම ධනාත්මක ප්‍රතිඵල හැරුණු විට, මෙම උත්සව මෑතකදී සිදු වූ පරිසර දූෂනයන්ට ඉවහල් වූ හේතුවක් විය. මේවාගේදී වායු, ජල, ශිලා ආදී ගෝලයන්ට හානි පමුණවන අතර ශබ්ද දූෂනයට දායක වේ. මේ නිසාවෙන් නූතන යුගයේ පවතින සංස්කෘතික උත්සවවල බලපෑම පරිසරයට සහ දේශගුණික විපර්‍යාසවලට ලබා දෙන ප්‍රතිඵලය පිළිබඳව අප දැනුවත් වීම වැදගත් ය. මෙලෙස ලොව පුරා සැමරෙන උත්සවවලට උදාහරණ ලෙස ඉන්දියාවේ දීපවාලි, මෙක්සිකෝවේ Dai De Los Muertos, තායිලන්තයේ Songkran උත්සවය සහ ජපානයේ Obon උත්සවය දැක්විය හැක.

විවිධ සංස්කෘතික උත්සව පරිසර දූෂණයට සහ දේශගුණික විපර්‍යාසවලට දායක වන අන්දම

වායු දූෂණය

සෑම වසරකදීම දීපවාලි වනි උත්සවවලදී රතිඤ්ඤා වැනි ගිනිකෙළි පිළිස්සීම ඔස්සේ විෂ වායු පරිසරයට මුදා හැර අධික වායු දූෂණයක් සිදු වේ. ඉන්දියාවේ දිල්ලි වැසියන්ගේ දීපවාලි උත්සවය වායු දූෂණයට මෙන්ම විදුලි පහන් සැමරුම්වලට සම්බන්ධ වීම නව සංසිද්ධියක් නොවේ. 2019 වසරේ දී ඉහළම වායු දූෂණය වාර්තා වූයේ නවදිල්ලි නගරයේ දීපවාලි උත්සවයෙන් අනතුරුව ය. ගිනිකෙළි දහනය හේතුවෙන් වාර්ෂිකව වාතයේ ඇති ශ්වසනය සඳහා බාධා ඇති කරන අංශු (RSPM) වැඩිවීමක් පෙන්නුම් කරයි. මෙම අංශු ඇදුම, බ්‍රොන්කයිටිස් වැනි විවිධ සෞඛ්‍ය ගැටළුවලට දායක වන බව ඔප්පු කරගෙන ඇති කුඩා අංශු වේ.

ඉන්දීය අර්ධද්වීපයෙන් හමා එන උතුරු සුළං හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වායු දූෂණය, දකුණු ප්‍රදේශයට සාපේක්ෂව ඉහළ ය. පරිසර දූෂණය හා සබැඳි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම ඉන්දීඉය සහ ශ්‍රී ලංකා රජයන්ට සාමූහිකව සිදු කර යුතුව ඇත්තේ, මෙම දූෂක අංශූන් වායුගෝලයට විමෝචනය කළ පසු ඒවාට වාතයට එක් වී සුළං ධාරා ඔස්සේ ලොව වටා ගමන් කර, ලෝකයේ ඕනෑම අයෙකුට බලපෑම් ඇති කළ හැකි බැවිනි. ඉන්දීය අර්ධදවීප කලාපයෙන් උතුරු දෙසින් සුළං හමන විට ශ්‍රී ලංකාවේ පරිසර දූෂණය ඉහළ යයි. මෙය මෝසම් කාල දෙක අතර මාරුවෙන් මාරුවට රටාවක් මෙන් සිදු වේ. වේගයෙන් අඩු, සන්සුන් සුළං ධාරා දූෂක අංශු සාන්ද්‍රණය එක් ස්ථානයකට ගෙන ගොස් ඉහළ නංවයි. ඉන්දියාව දීපවාලි ආදි උත්සව වාර්ෂිකව ඉහළින් සමරන නිසා ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතියි.

ජල දූෂණය

ඇතැම් උත්සවවලදී, සරසා ඇති පිළිම පෙරහැරේ ගෙන ගොස්, ජලයේ ගිල්වයි. මෙම ක්‍රියාව ඔස්සේ මෙලෙස ගිල්වීමට ලක් කරන ජල මූලාශ්‍රයට එක්වන විෂ ද්‍රව්‍ය ප්‍රමාණය ඉතා ඉහළ ය. මෙවන් ජලය අපවිත්‍ර සහ භාවිතයට නුසුදුසු වේ. ඇතැම් වසරවලදී මෙම පිළිම මැටිවලින් සාදා ඇත. වර්තමානයේ මෙම පිළිම සඳහා බහුලවම භාවිත වන්නේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් සහ රසායනික ඩයි වර්ගයි. මෙලෙස මෙම පිළිම ගිල්වීමෙන් පසු දිනවලදී ජල කඳේ විෂ රසායනික අංශු මට්ටම විශාල වශයෙන් වැඩි කරයි. අවසානයේ දී, මෙම විෂ අංශු ආහාර දාමයන්ට ඇතුළු වී සමුද්‍ර පරිසර පද්ධතියට සහ ජෛව විවිධත්වයට හානි පමුණුවයි.

මීට අමතරව, ඇතැම් උත්සවවලදී ගංගා සහ මුහුදුවල සම්මත ස්ථානයක ස්නානය කිරීම ශුද්ධ වූ ක්‍රියාවක් ලෙස හැඳින් වේ. නමුත් බොහෝ දෙනෙක් එකවිටම මෙය සිදු කරන විට, ජලයට එක්වරම විවිධ, නුසුදුසු ද්‍රව්‍ය රාශියක් එක්වී එම ජලය දූෂණය වේ. එමෙන්ම උත්සවවලදී අපද්‍රව්‍ය බැහැර කිරීමද විශාල ගැටළුවකි. විශාල පිරිසක් එකට එක් රැස් වෙන විවිධ සංස්කෘතික උත්සවවලදී විශාල අපද්‍රව්‍ය ප්‍රමානයක් එක්රැස් වී නිසි කළමනාකරනයක් නොමැතිව බැහැර කිරීම සිදු වේ.

ශ්‍රී ලංකාවේ ද, වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසල පෙරහැරට සහභාගීවීමට අධික ජනගහණයක් මහනුවර ආශ්‍රිතව එක් රැස්වීම නිසා, මෙම උත්සවයට පසුව විශාල ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්‍රව්‍ය ප්‍රමාණයක් මඟින් නුවර වැව මඳ වශයෙන් දූෂණය වී තිබීම දැකගත හැක.

ශබ්ද දූෂණය

අනවශ්‍ය හෝ අධික ශබ්දයට මිනිස් සෞඛ්‍යට, වනජීවීන්ට සහ පරිසරයට ගුණාත්මකභාවය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිකළ හැක. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)  විසින් ශබ්ද දූෂණය පරිසරයට හානියක් වන සේම මහජන සෞඛ්‍යටද සැලකිය යුතු තර්ජනයක් ඇති කළ හැකිබව තහවුරු කරයි. නිරාවරණය කෙතරම් ඉහළ හෝ ස්ථාවර වුවත් 70dB (ඩෙසිබල් 70)ට වඩා අඩු ශබ්ද මට්ටම්වලට, ජීවීන් කෙරෙහි හානි පැමිනවිය නොහැක. නමුත් 85dBට වැඩි නිරන්තර ශබ්දයට පැය 8කට වැඩි කාලයක් නිරාවරණය වීම ජීවීන්ට අනතුරුදායක විය හැක. උත්සවවලදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය මෙවැනි ශබ්දයක් ඇතිවීම සඳහා එක් හේතුවකි. මේවා ඔස්සේ සංගීතය සහ කතා පැවැත්වීම ද හානිකර සංඛ්‍යාත ඔස්සේ සිදු වේ. ඇතැම් උත්සව කාලයන් තුළ දී සිදුවන පෙරහැර ආදියෙන් ද විශාල ශබ්ද දූෂණයක් සිදු වේ. මෙවැනි ශබ්දවලට අඛන්ඩව නිරාවරණය වීමේ සෘජු සෞඛ්‍ය බලපෑම් අප බරපතල ලෙස නොසලකා සිටියත්, ශබ්ද දූෂණයේ අතුරු ආබාධ වයස අවුරුදු 2-3 අතර දරුවන්ගේ සිට අවුරුදු 18 දක්වා සියළුම දරුවන්ට ඇතිවිය හැකි අතර, අධි රුධිර පීඩනය, නින්ද මඳකම, ටින්ටිටස් සහ උග්‍ර ශ්‍රවණාබාධ වැනි සෞඛ්‍ය ආබාධ වැඩිහිටියන් හටද ඇති වේ. එපමණක් නොව, අධික ශබ්දය අනෙකුත් සතුන් දැඩි ලෙස තැතිගන්වනසුළු මෙන්ම ඇතැම්විට ඔවුන්හට මාරාන්තික විය හැක.

ශ්‍රී ලංකා නීතිප්‍රකාරව 2007 දෙසැම්බර් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව, ශබ්ද විකාශන යන්ත්‍ර සහ ශබ්දවාහිණී ඔස්සේ ශබ්ද විස්තාරණය රාත්‍රී 10 සිට උදෑසන 6 දක්වා පැය 8ක් තහනම් වේ. විශේෂ ආගමික කාර්‍යයන් සහ අනෙකුත් විශේෂිත කටයුතු සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඇම්ප්ලිෆයර් භාවිතය සඳහා පොලිස් බලපත්‍රයක් අවශ්‍ය වේ. කෙසේ වෙතත්, මෙම බලපත්‍රය නිකුත් කරන්නේ අවට ජීවත් වන ප්‍රදේශවාසීන් හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව පමණි.

සංගීත සංදර්ශන

සජීව සංගීත ප්‍රසංග ලෝකයේ හරිතාගාර වායු විමෝචනය සඳහා ඉහළම දායකත්වයක් සපයයි. එක්සත් රාජධානියේ සජීව සංගීත ප්‍රසංග ඔස්සේ වාර්ෂිකව කාබන් ඩයොසයිඩ් කිලෝග්‍රෑම් මිලියන 450ක් පමණ නිකුත් කරන බව විද්‍යාඥයින් අනුමානය කරයි. තවද, එක් පැයක් පමණක් පවතින සංගීත ප්‍රසංගයකදී කාබන් ඩයොක්සයිඩ් වායු ගෑම් 55ක් පමණ බාහිරට මුදා හරී. එම අගය එතරම් භයානක අගයක් නොවූවත් ලොව පුරා ඇතැම් ජනප්‍රිය සංගීත ප්‍රසංග ලොව පුරා බිලියන වාරයකට වඩා වාදනය වේ. මෙය අවසානයේ දී එමඟින් කාබන් ඩයොක්සයිඩ් වායු කිලෝග්‍රෑම් 2,000,000ක් පමන මුදා හැරේ. එපමණක් නොව, විශාල සංගීත සංදර්ශනයක එක් දිනක් තුළ දී, ඝන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100,000 දක්වා නිර්මාණය කළ හැක! එම ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය කුණු ට්‍රක් රථ 8ක් පිරවීම සඳහා අවශ්‍යවන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණයයි. මේ අතරින් වැඩි ප්‍රමාණයක් ප්ලාස්ටික් වලින් නිර්මිත එක්වරක් භාවිත කර හැකි ජලබෝතල් සහ ආහාර ඇතුළු වෙළඳ භාණ්ඩවල ඇසුරුම් වේ.

මෑත කාලීනව එක්සත් රාජධානියේ සිදුවූ අධ්‍යනවලින් සොයාගෙන ඇත්තේ, උත්සවවලදී කූඩාරම්වලින් 44%ක් පමණ ඉතුරුවන බවයි. එමෙන්ම මෙලෙස එක්සත් රාජධානියේ විවිධ උත්සවවලදීබැහැර කරන ද්‍රව්‍ය මඟින් වාර්ෂිකව කසළ ටොන් 235,000ක් පමණ නිපදවන බවයි.

සංගීත සැනකෙළි අතරින් බහුතරයක් විදුලිබල පද්ධතිවලින් බැහැරව, දුරස්ථ ප්‍රදේශවල පවතී. මේවා බොහෝ විට, කලින් ස්ථාපිත, ස්ථාවර කළ බලශක්ති ජාල වෙත සම්බන්ධවීමට වඩා, තාවකාලික බලශක්ති මූලාශ්‍ර යොදාගෙන විදුලි අවශ්‍යතාවය සපුරා ගනී.බොහෝවිට මෙයින් අදහස් වන්නේ, ශබ්ද විකාශන පද්ධති, විදුලි පහන්, කඳවුරු පහන්, ශීතකරන පද්ධති ආදිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විදුලිය පැය 24 පුරාම සැපයීම සඳහා දැවැන්ත, ඩීසල්වලින් බලගැන්වෙන ජනක යන්ත්‍ර ධාවනය කරවීම මගිනුයි .මෙම දහනයෙන් විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට නිදහස්වේ .

සැමරුම් මිනිස් ජීවිත හා බැඳී පවතී. ඒවා මුළුමුනින්ම නැවැත්විය නොහැක. නමුත්, මේව පැවැත්වීමේදී පාරිසරික බලපෑම් අවම වන පරිද්දෙන්, තිරසර ක්‍රියාවලියක් ඔස්සේ ඒවා මෙහෙයවීම අත්‍යවශ්‍ය වේ.

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter