Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධව සමාජයේ පවතින වැරදි වැටහීම්

සූර්යයා, සුළඟ, උදම් රළ, උණුදිය උල්පත්, ජෛව ස්කන්ධ ආදීය නැවත යථාවත් කල හැකි ප්‍රභවයන්ගෙන් ජනනය වන ශක්තිය පුනර්ජනනීය බලශක්තිය යනුවෙන් හැදින් විය හැකිය. බොහෝ විට පොසිල ඉන්ධන වැනි පුනර්ජනනිය නොවන ශක්ති ප්‍රබව ලෝකයේ බාවිතා උවත් පරිසරයට වඩාත් හිතකාමී වනුයේ  පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් බලශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවලියයි. මේ ගැන බොහෝ විස්තර මෙතැනින්

ලොව පුරා බලශක්ති ප්‍රභවයන් ලෙස පොසිල ඉන්ධන භාවිතය පසුගිය දශක කිහිපය තුළ වැඩි වී   ඇත. කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු පොසිල ඉන්ධන දහනය කරන විට අධික ලෙස විමෝචනය වේ.  එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම භයානක ලෙස වැඩි වී ඇත. මෙය දේශගුණික විපර්යාස වැඩි කි වේගවත් කරයි. සමහර අවස්ථාවල කුඩා ජලවිදුලි බලාගාර නිර්මාණ වැනි අවස්ථාවන් සදහා  පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් අනිසි ලෙස භාවිතා කරයි. එය සමස්ත චිත්‍රය නිරූපණය නොකරයි. දේශගුණික විපර්යාසවලට විසඳුමක් ලෙස පුනර්ජනනීය බලශක්තියේ ධනාත්මක බලපෑම කිසිවෙකුටවත් සැගවිය නොහැක.  මේ පිළිබඳ වැඩි විස්තර මෙතැනින්

අසත්‍ය තොරතුර:  පුනර්ජනනීය බලශක්තිය යනු ලාභ ඉපැයීමේ/මුදල් ඉපැයීමේ යෝජනා ක්‍රමයක් මිස දේශගුණික විපර්යාසවලට විසඳුමක් නොවේ.

සත්‍ය කරුණ: මෙම ප්‍රකාශය සමාජ මතයක් පමණි.සත්‍යයෙන් තොරයි.පුනර්ජනනීය බලශක්තියට ගෝලීය දේශගුණික විපර්යාස අවම කිරීම සදහා සැලකිය යුතු කාර්යයක් සිදුකල හැක .

 අප සොයාගත් දේ:

 දේශගුණික විපර්යාස

දේශගුණික විපර්යාස ගෝලීය උණුසුම සමඟ සම්බන්ධ වෙි. එය සිදුවනුයේ වායුගෝලයට හරිතාගාර වායු විශාල වශයෙන් විමෝචනය වීමෙනි. ස්වභාවික ආකාරයෙන් හරිතාගාර ආචරණය තිබීම අහිතකර සංසිද්ධියක් නොවේ. වායුගෝලයේ සිට පෘථිවි පෘෂ්ඨය දක්වා සූර්ය තරංග පරාවර්තනය කිරීමට මෙම ආවරණය උපකාරී වේ.  හරිතාගාර ආචරණය සෞඛ්‍යයට අහිතකර ලෙස වේගවත් පරිවර්තනයකට බදුන්ව ඇත. එබැවින් පෘථිවි ග්‍රහලෝකයේ උෂ්ණත්වය වැඩි වෙමින් පවති. මෙම තත්වයන් ගෝලීය උණුසුම හා සම්බන්ධ දේශගුණික විපර්යාස ඇති කිරිම් සිදු කරයි.

මෙයද කියවන්න: දේශගුණික විපර්යාස අනාගත ගැටලුවක් පමණක් නොවේ, වර්තමාන අවධානය යොමු විය යුතු දෙයකි.!

පොසිල නිෂ්පාදනය වනුයේ  වසර මිලියන ගණනකට පෙර මිය ගිය ශාක හා සතුන්ගේ වළලන ලද සිරුරු වලිනි. පොසිල ඉන්ධන ලෙස සලකනු ලබන්නේ බොරතෙල්, ගෑස් සහ ස්වාභාවික වායුවය. මෙහි විශාල කාබන්ප්‍රමාණයක් අඩංගු වේ.

පොසිල ඉන්ධන දහනය කිරීමෙන් විදුලිය ජනනය කිරීම, වාහන ධාවනය කිරීම, ඉවුම් පිහුම් කටයුතු සහ වෙනත් විවිධ දේ සඳහා බලශක්ති උත්පාදනය ලබා ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට විමෝචනය වන අතර එය ගෝලීය උණුසුම හා සම්බන්ධ දේශගුණික විපර්යාස ඇති කරයි.  මේ පිළිබඳ වැඩි විස්තර මෙතැනින්

ලෝකයේ වාර්ෂික උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රස්ථාර සහ පොසිල ඉන්ධන දහනය හේතුවෙන් වාර්ෂිකව නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් විමෝචන ප්‍රස්ථාර පහත දැක්වේ. ඒවා සංසන්දනය කරන විට, එම ප්‍රස්ථාර එකිනෙකට සමානුපාතික බව අපට දැකගත හැකිය.  මේ පිළිබඳ විස්තර මෙතැනින්

අසත්‍ය තොරතුර: ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ඉතා අඩු පුනර්ජනනීය බලශක්ති සැලසුම් ය

සත්‍යය කරුණ : ශ්‍රී ලංකාවට සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති සැලසුම් ඇතත් වර්තමාන ආර්ථික  තත්ත්වය එය ටිකක් සංකීර්ණ කරයි.

ශ්‍රී ලංකා රජයේ අරමුණ වනුයේ  2030 වන විට බලශක්ති ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට පත්වීමයි. පුනර්ජනනීය බලශක්තියේ සැලකිය යුතු වැඩි වීමක් සමඟ රටේ විදුලි ජනන ධාරිතාව දැනට පවතින මෙගාවොට් 4,043 (MW) සිට 2025 වන විට 6,900 MW දක්වා වැඩි කිරීමටද  අරමුණ කර ඇත.

ශ්‍රී ලංකාව 2018 සිට 2037 දක්වා සැලසුම් කර ඇත්තේ  ප්‍රධාන ජලවිදුලි මෙගාවොට් 842ක්, කුඩා ජලවිදුලි මෙගාවොට් 215ක්, සූර්ය බලශක්ති මෙගාවොට් 1,389ක්, සුළං මෙගාවොට් 1,205ක්, ජෛව ස්කන්ධ මෙගාවොට් 85ක්, තෙල් මත පදනම් වූ මෙගාවොට් 425ක්, ස්වාභාවික වායු මෙගාවොට් 1,500ක් සහ ගල් අඟුරු මෙගාවොට් 2,700ක් විදුලි ජනන පද්ධතියටඑක් කිරීමටය.  වැඩි විස්තර මෙතැනින්

බලශක්ති උද්යාන

පුනර්ජනනීය බලශක්ති උද්‍යානයක් හෝ “බලශක්ති උද්‍යානය” යනු විකාශනය වන සංකල්පයකි. එය සුළං සහ සූර්ය උත්පාදනය වැනි පිරිසිදු බලශක්ති සංවර්ධනය සඳහා භාවිතා කරන සහ සැලසුම් කරන ලද ප්‍රදේශයකි.

පුනර්ජනනීය බලශක්ති උද්‍යාන පිරිසිදු බලශක්තිය නිපදවයි. එය පාරිසරික සංචාරක ව්‍යාපාරයට දායක වන අතර ප්‍රාදේශීය පාසල්, විශ්ව විද්‍යාල සහ ව්‍යාපාරික කණ්ඩායම් සඳහා අධ්‍යාපනික සම්පතක් ලෙස දායක වේ.  මේ පිළිබඳ වැඩි විස්තර මෙතැනින්

අසත්‍ය කරුණ : සූර්ය බලශක්තිය යනු අධික වියදම් සහිත ක්‍රමයකි.  ශ්‍රී ලංකාව වැනි රටවලට එය ප්‍රයෝජනවත් නොමැත .

සත්‍යය: ස්ථාපන පිරිවැය පමණක් සාපේක්ෂ වශයෙන් ඉහළ නමුත් සූර්යය බලශක්තිය දේශගුණික විපර්යාසවලට හේතුවන ගෝලීය උණුසුම් වීම වලක්වාගැනීම /එහි තීවෘතාව වලක්වන තිරසාර ක්‍රමයකි.

ශ්‍රී ලංකාවේ බලශක්ති ප්‍රභවයන්  වනුයේ ජල විදුලිය, සූර්ය සහ සුළං ඇතුලු පුනර්ජනනීය බලශක්තීන්ය. සූර්ය බලශක්තිය පසසුගිය වසර කිහිපය තුල ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ පුනර්ජනනීය බලශක්තී ප්‍රභවයයි. 2020 අවසන් වන විට වාණිජ සූර්ය බලාගාරවල සම්පූර්ණ ධාරිතාව මෙගාවොට් 67ක් වූ අතර 2020 වසර අවසන් වන විට මෙගාවොට් 347කට ආසන්න සූර්ය වහලවල් ප්‍රමාණයක් ස්ථාපනය කර ඇත.

සූර්ය බලශක්ති වල වාරික පිරිවැය අධිකය. මෙයට විකල්පයක් ලෙස ප්‍රජාව දිරිමත් කිරීම සඳහා රජය විසින් වරින් වර යම් සහනදායී ණය යෝජනා ක්‍රම ලබා දී ඇත.

සූර්ය බලශක්තිය සඳහා නඩත්තු පිරිවැය අවමය. ශ්‍රී ලංකාව සමකයට ආසන්නව පිහිටි රටකි. සූර්ය බලශක්තිය නිපදවීම සඳහා අඛණ්ඩව සූර්යාලෝකය රට තුලට පතිත වේ. මෙම තත්වය නිසා රටේ බොහෝ ප්‍රදේශවලට ප්‍ර සූර්යාලෝකය පතිත වීමේ ගැටලුවක් ඇති නොවේ.  එබැවින් තිරසාර හා පරිසර හිතකාමී සූර්ය බලශක්තිය ශ්‍රී ලංකාවට වඩාත් යෝග්‍ය වේ.

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter