Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

සවුදි අරාබියේ හිම වැටීම දුර්ලභ සංසිද්ධියක්ද?

සවුදි අරාබියේ හිම වැටීම දුර්ලභ සංසිද්ධියක්ද?

සවුදි අරාබියට හිම වැටෙන ආකාරය දැක්වෙන ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙහි කියැවෙන්නේ, මෙම සිදුවීම ඉතාම දුර්ලභ සංසිද්ධියක් බවයි. සවුදි අරාබිය යනු කාන්තාර, අධික උෂ්ණත්වය සහ වියළි කාලගුණය සඳහා ප්‍රසිද්ධ රටකි. ඒ හේතුවෙන්, මෙය දුර්වල සංසිද්ධියක් යන විශ්වාසය සමඟ මෙම වීඩියෝව සමාජ මාධ්‍ය පරිශීලකයන් දහස් ගණනක් විසින් බෙදාහරින ලදී. කෙසේ වෙතත්, සවුදි අරාබියේ හිම පතනය දිගු කාලයක සිට සිදුවෙමින් පවතින බව Climate Fact Checks කණ්ඩායම විසින් තහවුරු කරගන්නා ලදී.

සමාජ මාධ්‍ය පලකිරීම්

මෙයට අදාල සමාජ මාධ්‍ය පලකිරීම ට්විටර් යෙදුම ඔස්සේ මිලියන ගණනක් නැරඹුම් සහ බෙදාහැරීමඛිමි කරගන්නා ලදි. මෙය බෙදාහැරීමට ලක් වූයේ, “ගෝලීය උණුසුම නැවතත් වැඩ නවතයි: වසර 100කට පසු සවුදි අරාබියේ සිදුවූ ප්‍රථම හිමපතනය.” ලෙසයි.

එමෙන්ම අදාල පලකිරීමේ පසුබිමේ අධික හිමපතනය සමඟ අර්ධ වශයෙන් හිමෙන් වැසී ඇති ඔටුවන් සමූහයක් බිම වැතිර සිටින ආකාරයද දක්වා ඇත.

ට්විටර් / සං‍රක්ෂිත

මේ පිළිබඳව කරුණු විමර්ෂණයක් කිරීම සඳහා අප විසින් කටයුතු කරන ලදී.

කරුණු විමසීම

Keyword search ඔස්සේ මේ සිදුවිමට අදාල සහ සමාන පැරණි පුවත් වාර්තා සොයාගැනීමට අපට හැකි විය.

2018 වර්ෂයේ පෙබරවාරි 18 වන දින ‘Gulf Today’ හි “සවුදි අරාබියේ ඔටුවන් හිම ඇතිරිලි මෙන් සුදු පැහැයට හැරේ.” ලෙස පලවූ වීඩියෝව මෙතනින්.

සවුදි අරාබිය, සිරියාව, ලෙබනනය, ජෝර්දානය සහ ඊශ්‍රායලය ඇතුළු මැද පෙරදිග රටවල ප්‍රදේශ රැසකට 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේදී හිම පතන තත්ත්ව ඇති වූ බව මේ සමඟම ඇති ‘Gulf Today’ ප්‍රවෘත්ති වාර්තාවක සඳහන් වේ.

“සමහර ප්‍රදේශවල, මෙම තත්ත්වය මාර්ග අවහිර කිරීමට සහ එන්නත්කරණ වැඩපිළිවෙලවල් කල් දැමීමට හේතු වී ඇති අතර, ඇතැම් විශ්ව විද්‍යාලවල විභාගවලට පවා මෙමඟින් බාධා පැමිණවී ඇත. සවුදි අරාබියේ ටබුක් ප්‍රදේශයට බ්‍රහස්පතින්දාද හිම පතනයක් සිදුවිය. ජෙබෙල් අල් ලෝස් ඇතුළු යාබද කඳුකර ප්‍රදේශයද හිමෙන් වැසී ගියේය.  හිමෙන් වැසී ගිය මාවතක ඔටුවන් කිහිප දෙනෙක් වාඩි වී සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් මහත් ආන්දෝලනයකට ලක් වී ඇත.” වාර්තාව පවසයි.

මෙම ප්‍රදේශය හිම පතනය සඳහා මෙහෙයවන ධ්‍රැවීය තරංග ඒවා මඟින් කඳුකර ප්‍රදේශ බොහෝමයක් ආවරණය කරයි.

“ප්‍රදේශය සංචාරක ගමණාන්තයක් වන අතර, හිම පතනය ස්වභාවික සුන්දරත්වය වැඩි කරයි. විව්ධ ප්‍රදේශවල මිනිසුන් හිම නිරීක්ෂණය කරමින්, ගමනාන්තවල අලංකාර භුක්ති විඳීමට සඳහා පැමිණියේ ය. සමාජ මාධ්‍යවල දැක්වෙන්නේ හිමෙන් කඳු සුදු පැහැයට හැරෙන ආකාරයයි. අනෙක් අතට ටබුක් ප්‍රදේශයේ බොහෝ රාජ්‍ය ආයතන විවිධ ස්ථාන කරා යන මාර්ග හිමෙන් යට වී සහ ලිස්සනසුළු වී තිබීම නිසා මුදාගැනීමේ මෙහෙයුම් තීව්‍ර කිරීමට සිදු විය. අනතුරු වළක්වා ගැනීමට ප්‍රවේශමෙන් රිය පදවන ලෙස රියදුරන්ට උපදෙස් ලබා දෙන ලදී.” Gulf Today පවසයි. 2021 වාර්තාව මෙතනින් කියවිය හැක.

සවුදි අරාබිය තුළ හිමපතනයක් පිළිබඳව ඇසීම අසාමාන්‍යද?

‘Visit Saudi’ පවසන්නේ, “ඔව්, සවුදියේ, විශේෂයෙන්ම උතුරු ප්‍රදේශවල කඳුකරයේ හිම වැටෙනවා. තුහින සහිත පඳුරු, කඳුමුදුන්වල ඇති හිම ආවරණ දර්ශන භුක්ති විඳින්න සහ ශීත සෘතුවේ ඉන්ද්‍රජාලික සැඩ පහරවල් හරහා ඔවුවන් පිට එහා මෙහා යමින් විනෝදවන්න. සවුදියට හිම වැටෙන විට ප්‍රදේශවාසීන් උද්‍යෝගිමත් වෙනවා. සෘතුමය දුහුවිල්ල ටබුක්වලට වයඹ දෙසින් එන ධාවන පථයක යාමෙන් දේශීය මිනිසෙකු ලෙස සලකන්න. නැතිනම් ඔබට අමතක නොවෙන ශීත කාලගුණ අත්දැකීමක් සඳහා අරාබි ඔටුවෙකු පැද යන්න. තවත් කඳු නැගීම, කඳවුරු ගැසීම, ස්ලෙඩින් වැනි විවිධ මෙවැනි ක්‍රියාකාරකම් තෝරගන්න.” එබැවින්, මෙයට අනුව, ටබුක් කලාපයට පමණක් නොව, සවුදියේ උතුරු කඳුකරය ආශ්‍රිත ප්‍රදේශවල සාමාන්‍යයෙන් සිදුවීම ඉඩකඩ ඇති, සාමාන්‍ය සිදුවීමක් බව පැහැදිලිය. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්.

2022 දී අරාබි ප්‍ර‍වෘත්ති ද මේ පිළිබඳව වාර්තා කළ අතර. හිම වැටීම සෘතුමය හෝ වර්ෂික සංසිද්ධියක් බව පවසමින් ඔවුන් ටබුක් ප්‍රදේශයේ වැසියන්ගේ අදහස් ඉස්මතු කලේය.

“නවතම හිම පතනය නැරඹීම සඳහා පදිංචිකරුවන් රාජ්‍යයේ වයඹ දෙසට ගමන් කරමින් සිටියි. ජෝර්දාන දේශසීමා ආසන්නයේ ටබුක් කලාපයේ ජනතාව අලුත් අවුරුදු දිනයේ අවදි වූයේ සුදු හිමෙන් වැසුණු කාන්තාර වැලි සොයා ගැනීමටය. ජබල් අල්-ලව්ස් කඳුවැටියට සාමාන්‍යයෙන් උෂ්ණත්වය පහත වැටෙන විට හිම පතනය වන අතර, ශීත කාලය කලාපයේ සුන්දරම කාලය ලෙස සැලකේ. ටබුක්වල ජීවත් වන ඉන්ජිනේරුවරයෙකු වන ෆරිස් අල්-හර්බි Arab News වෙත පැවසුවේ, “සෑම වසරකම හිම වැටෙන තුරු අපි බලගන ඉන්නවා. එවිට අපේ නැන්දාගේ රසවත් කබ්සා (සාම්ප්‍රදායික සවුදි කෑමක්) හිම මත උයනවා. එය අපේ චාරිත්‍රවලින් එකක්.” Arab News වාර්තාව මෙතනින්.

සවුදි අරාබිය කාන්තාර සහිත උණුසුම් දේශගුණය සඳහා ප්‍රසිද්ධ ය. නමුත් කඳු, දූපත්, කාන්තාර, ගුහා සහ නිම්න ඇතුළු විවිධාකාර භූවිෂමතා හේතුවෙන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට උෂ්ණත්වය වෙනස් වේ.

සවුදි අරාබියේ ශීත සෘතුවේදී හිම පතනය වන ප්‍රධාන ප්‍රදේශ 5ක් ඇත. එම ප්‍රදේශ වන්නේ ටුරයිෆ්, තබුක්, අරාර්, ශක්‍රා සහ රෆා ය. මේ පිලිබඳව විස්තරය මෙතනින් කියවන්න.

කාන්තාර ආශ්‍රිත රටවලට හිමපතනයක් සිදුවීමට ඇති හැකියාව

වළාකුළුවල ඇති කුඩා අයිස් ස්ඵටික හිම පියළි බවට පත් වී හිම සාදයි. ප්‍රමාණවත් තරම් ස්ඵටික එකිනෙකට ඇලී තිබේ නම්, ඒවා බිමට වැටීමට තරම් බර වනු ඇත.

0°Cට වඩා තරමක් උණුසුම්, තෙත් වාතය හරහා බැස යන හිම පියලිවල දාර වටා දිය වී විශාල පෙති ආකාර නිපදවීමට එකට ඇලී සිටියි. එමෙන්ම සීතල, වියළි වාතය හරහා වැටෙන හිම එකිනෙකට බැඳී නොසිටිම කුඩු ආකාර හිම ඇති කරයි.

හිම නිශ්පාදනය සඳහා සුවිශේෂ කාලගුණික තත්ත්ව 2ක් අවශ්‍ය වේ. එනම් සීතල උෂ්ණත්වය සහ තෙත් වාතයයි. හිම පැවතීම වායුගෝලයේ වායු සංසරණයේ අද්විතීය සං‍යෝජනයක්සහ හිම වැටෙන පෘෂ්ඨයේ ස්වභාවය පෙන්වයි. සමහර කාන්තාරවල අවශ්‍ය අවශ්‍යතා සම්පූර්ණ වී හිම පතනය සිදු වේ.

දේශගුණික විපර්‍යාස සහ ගෝලීය වශයෙන් අනපේක්ෂිත කාළගුණ රටා

දේශගුණික විපර්‍යාස සහ දේශගුණික විපර්‍යාස වඩ වඩාත් අනපෙක්ෂිත කාළගුණික රටාවලට ලක් වේ. උදාහරණයක් ලෙස අප්‍රිකාවේ පිහිටා ඇති කාන්තාර කලාපය ගත හැක. මෙයින් අදහස් කරන්නේ, සහේලියන් දාරය සහ අත්ලන්තික් සහ මධ්‍යධරණී මුහුදු තීරය දිගේ සහරාහි වර්ෂාපතන විචල්‍යතාවය වැඩි වීමයි. හිමපතන රටා තවදුරටත් වෙනස් වෙමින් පැවතියද, දේශගුණික විපර්‍යාස යටතේ සහරාව මුහුණ දෙන බරපතලම අභියෝගය මෙය නොවේ. ඒ වෙනුවට, කඳුකරයේ ගොඩබිම් ප්‍රදේශය වියළී යනු ඇතැයි ද, සහරාව මැද වියළි සහ උණුසුම්ව දිගටම පවතිණු ඇති බවට පුරෝකතනය කර ඇත.  අධික වියළි බව, තිරසාර නොවන ජල පොම්ප කිරීම සහ භූගත ජල පෝෂක දූෂණය යන සාධකවලින් පැහැදිලි වන්නේ කෘෂිකර්මාණ්තය සහ සංවර්ධනය වන නගර සඳහා ජල සැපයුම් අවම මට්ටමක පවතින බවයි. ඒ පිළිබඳව වැඩිදුර විස්තර මෙතනින්.

නිගමනය

අපගේ විමර්ෂණවලට අනුව, සවුදි අරාබියේ හිම වැටීම එතරම් දුර්ලභ සංසිද්ධියක් නොවන බව තහවුරු කර ගැනීමට හැකි විය. එය ශීත සෘතුවේදී සවුදියේ කලාප 5ක පමණ සිදුවන වාර්ෂික සිදුවීමකි. 2021, 2022 මෙන්ම ඊට පෙර වර්ෂවල පවා මෙම සංසිද්ධිය සිදු වී තිබේ. ඒ කෙසේ නමුත්, සවුදි අරාබියේ හිමපතන තත්ත්වය සඳහා ගෝලීය දේශගුණික විපර්‍යාසවල දායකත්වය තවමත් විශ්ලේෂණය කර නොමැත.

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter