Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

සොම්බී වෛරස සහ වෛරස් නැවත මතුවීම මත දේශගුණික විපර්යාසවල බලපෑම


COVID-19 වසංගත ව්‍යාප්තියෙන් අනතුරුව, වෛරස් රෝගයන් මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව, ආර්ථිකයට මෙන්ම සමස්ත සමාජයටම ඇතිවිය හැකි හානිය ලෝ වැසියන් විසින් වටහාගෙන තිබේ.  අයිස් වල වැලලී තිබුණු, වසර 48,500ක් පැරණි ‘සොම්බි වෛරස’ විද්‍යාඥයින් විසින් නැවත පණ ගැන්වීම පිළිබඳව මෑත කාලීනව ඇතිවූ පුවත් සහ කතාබහ සමඟින්, CFC කණ්ඩායම පසුගිය දශක කිහිපය තුල ලෝකය තුල සිදුවූ දේශගුණික වෙනස්වීම්, වෛරස ව්‍යාප්තිය සඳහා හේතු වූයේද යන්න පිළිබඳ විමසීමට අවධානය යොමු කළේ ය.

සොම්බි වෛරස යනු මොනවාද?

සොම්බි වෛරස යනු අයිස් තුළ සිරවී වසර ගණනාවක් නිද්‍රාශීලීව පැවතුන, පසුව අයිස් දියවීමෙන් පසු ජීවයට පැමිණෙන වෛරස් සඳහා භාවිතා කරන යෙදුමයි.

ප්‍රංශය, ජර්මනිය සහ රුසියාව යන රටවල පර්යේෂකයන් විසින් වසර 27,000 සහ 48,500 දක්වා ඈතට දිවෙන සයිබීරියානු පසෙහි අයිස් යට සිරවී සිටි නව වෛරස් වර්ග 13ක් පණ ගන්වා ඇත.  මෙතෙක් ලැබී ඇති සාක්ෂිවලින් පෙනී යන්නේ සොම්බි වෛරස් මිනිසුන්ට විශාල තර්ජනයක් නොවන නමුත්, සහස්‍ර ගණනාවක් පුරා පොළොව මත හෝ යට ඇති, ස්ථිර වශයෙන් මිදී, අයිස් බවට පත්වී ඇති ස්ථරවල (permafrost) සිරවී සිටියද තවමත් සංක්‍රාමීව පවතින බවයි.  මෙම වෛරස් ප්‍රධාන වශයෙන් ඇමීබා වැනි ක්ෂුද්‍ර ජීවීන්ට බලපෑම් කරන බව සොයා ගන්නා ලදී.

නමුත් ඉහත සඳහන් කල permafrost දියවීමත් සමඟ අනාගතයේදී නිකුත් වන අනෙකුත් රෝග කාරකයින් මඟින් මිනිසුන්ට පවා අවදානමක් ඇති කළ හැකි බව විද්‍යාඥයෝ පවසති.  කැලිෆෝනියා විශ්ව විද්යාලයේ විද්‍යාඥ, වෛරසවේදී එරික් ඩෙල්වර් මහතා අදහස් දක්වමින් පැවසුවේ, උත්පාදකයින් මඟින්, පුරාණ permafrost වලින් සජීවී වෛරස් සම්පූර්ණයෙන්ම හුදකලා කල හැකි නම්, ඊටත් වඩා කුඩා සහ සරල ක්ෂීරපායී වෛරස් ද යුග ගණනාවක් තිස්සේ මිදී, සුරැකී පැවතීමට ඉඩ ඇති බවයි.

සොම්බී වෛරසය පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝව ඔස්සේ දැනගත හැක.

දේශගුණිකවිපර්යාසබලපෑම්නිසා permafrost දියවීයාමේවේගයවේගවත්වීමනිසාසොම්බිවෛරස්නැවතමතුවීමේසම්භාවිතාවවැඩිවීඇත.

විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ උතුරු අර්ධගෝලයෙන් හතරෙන් එකක්ම ස්ථිරව මිදුණු බැක්ටීරියා සහ වෛරස් අඩංගු Permafrost වලින් පිරී ඇති බවයි.  මීට අමතරව, දේශගුණය උණුසුම් වෙමින් පවතින බැවින්, permafrost අප්‍රත්‍යාවර්ත ලෙස දියවෙමින් පවතී. එමඟින් වසර මිලියන ගණනක් තිස්සේ මිදී, අධිශීත තත්වයේ පැවති කාබනික ද්‍රව්‍ය පරිසරයට මුදා හරියි.  එම කාබනික ද්‍රව්‍ය වියෝජනය වී ඇතිවන මීතේන් සහ කාබන් ඩයොක්සයිඩ් වායූන් මඟින් හරිතාගාර ආචරණයක් ඇති කරයි.

දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස, හදිසි උෂ්ණත්ව වෙනස්වීම් සහ ගංවතුර, සුළි කුණාටු සහ නියං වැනි ආන්තික කාලගුණික තත්ව නිරන්තරව ඇති වේ. එම තත්වය වෛරසවල සාමාන්‍ය ස්වභාවය වෙනස් වීමට (විකරණය) සහ බෝවන රෝග මතුවීමට හිතකර පරිසර තත්ව සහිත අභිජනන භූමියක් නිශ්පාදනය කරනු ඇත.

කෙසේ වෙතත්, ඉතා හොඳ ක්ෂුද්‍රජීවී සංරක්‍ෂකයක් ලෙස ක්‍රියාකරන permafrostවල, සහස්‍ර ගණනාවක් තිස්සේ, සිරවී සිටින නොදන්නා වෛරස් මුදා හැරීම සඳහා දේශගුණික විපර්‍යාසවල බලපෑම අලුත් සංකල්පයක් නොවේ.

2016 වර්ශයේ දී සයිබීරියාවේ ඇන්ත්‍රැක්ස් රෝග වසංගතය ඇතිවීමට permafrost ස්ථරය දිය කිරීමට බලපෑ තාප විපර්‍යාස  සිදුවීමක් බලපෑ බව වාර්තා වේ.  මෙය ප්‍රධාන වශයෙන් පිනිමුවන් දහස් ගණනකට ආසාදනය වූ අතර, මිනිසුන් කිහිප දෙනෙකු ද මෙම රෝගය ආසාදනය වී රෝහල් ගතවිය. එහිදී එක් දරුවෙක් මිය ගියේය.  2016 ඇන්ත්‍රැක්ස් ව්‍යාප්තියේ මූලාරම්භය වෛරසය ආසාදනය වී, මියගොස්, වසර 75කට වැඩි කාලයක් Permafrost තුළ සිරවී සිටි, පිනිමුව මළකඳක් හා සම්බන්ධ වේ.  මේ ගැන වැඩි විස්තර මෙතැනින්  

මෙම ඇන්ත්‍රැක්ස් ව්‍යාප්තිය පිළිබඳව කරන ලද අධ්‍යයනයකින් පහත දැක්වෙන පරිදි දේශගුණික සාධක ඇන්ත්‍රැක්ස් ව්‍යාප්තියට දායක වූ ආකාරය දක්වා ඇත. 

2016 වර්ෂයේදී ඇන්ත්‍රැක්ස් පැතිරීමට දේශගුණික සාධක දායක වූ ආකාරය දැක්වෙන අධ්‍යන සටහන

සායනික ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ බෝවන රෝග පිළිබඳ යුරෝපීය සංගමය විසින් සාරාංශ කර ඇති පරිදි, දේශගුණික විපර්යාස සහ වෛරස් නැවත මතුවීම අතර සම්බන්ධය අවබෝධ කර ගැනීමේ යතුරු වන්නේ සාමාන්‍ය උෂ්ණත්වය, ආර්ද්‍රතා මට්ටම්, වෘක්ෂලතා ගුණාත්මකභාවය සහ සත්වයින්ගේ මහා පරිමාණ චලනයන්හි වෙනස්කම් හඳුනා ගැනීමයි.
තවද, දේශගුණික විපර්යාස හා සම්බන්ධ පරිසර දූෂණය සහ වාතයේ ගුණාත්මක භාවය පිරිහීම වැනි අනෙකුත් සාධක, බෝවන ශ්වසන රෝග වලට අපව ගොදුරු වීම සඳහා ඇති නැඹුරුතාව වැඩිකරයි.  2002 දී චීනයේ SARS වෛරස් වසංගතය අතරතුර මෙය පැහැදිලි විය. ඒ අවස්ථාවේදී, ඉහළ වායු දූෂණයක් ඇති කලාපවල රෝගීන් මිය යාමේ සම්භාවිතාවය, වඩා හොඳ ගුණාත්මකභාවයක් සහිත වායු තත්ව ඇති අයට සාපේක්ෂව දෙගුනයකින් පමණ ඉහළ විය.



වෛරස් ආසාදන පැතිරීම ඉහළ යාමශ්‍රී ලංකාවේ පෙළ යෙදුම

CFC කණ්ඩායම මේ සම්බන්ධයෙන් මහනුවර ශික්ෂණ රෝහලේ සායනික ක්ෂුද්‍රජීව විද්‍යා සහ ආසාදන වැලැක්වීමේ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා සමඟ කතා කළේය.  Permafrost  දියවීම හේතුවෙන් මිනිසුන්ට බෝවන නව වෛරස් ඇතිවීමේ අවම අවදානමක් පවතින බව ඔහු අවධාරණය කළේය.
වෛරසයක් මිනිසුන් අතරට සම්ප්‍රේෂණය වීමට නම් කරුණු කිහිපයක් සපුරාලිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය.  ඒ අනුව, පළමු සාධකය වන්නේ ජීවී විශේෂ බාධකය (species barrier) වන අතර, එය එක් වර්ගයක සත්ව හෝ ශාක වර්ගයකින් තවත් වර්ගයකට රෝග පැතිරීම වළක්වන ස්වභාවික පද්ධතියයි.  නිදසුනක් වශයෙන්, Covid19 වෛරසය SARS-CoV-2 ජීවී විශේෂ බාධකය බිඳ දමමින් කරමින්, තහවුරු කළ නොගත් වනගත මූලාශ්‍රයකින් (කැලෑ සතෙකු හෝ සතුන් මඟින්) මිනිසුන්ට ආසාදනය වී, ශීඝ්‍රයෙන් මිනිසුන්ගෙන් මිනිසුන්ටත්, මිනිසුන්ගෙන් සතුන්ටත්, සතුන්ගෙන් සතුන්ටත් පැතිර ගියේය.  ඒ අනුව වෙනත් සතුන්ගෙන් මිනිසුන්ට වෛරස රෝග පැතිරීමට ඇති හැකියාව අවම වුවද එය සිදුවීම විය නොහැකි දෙයක් ලෙස සැලකිය නොහැක.  එහිදී, නව වෛරස් රෝගයක් ආසාදනය වීමේදී, එම සොයාගත් නව වෛරස් සඳහා ජීවී විශේෂ බාධකය බිඳ දමා තිබිය යුතුය.
දෙවන කරුණ නම් වෛරස් ආසාදනයක් පරිසරයෙන් මිනිසාට පැතිරීමේ හැකියාවක් තිබුණත්, එය එක් පුද්ගලයකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ හැකියාව අවම වීමයි.  තුන්වන කරුණ නම් වෛරස් ආසාදනය මිනිසුන් අතර පැතිර ගියත් එය වසංගත තත්වයක් බවට පත් වීමට අවම අවස්ථාවක් පැවතීමයි.  වසංගතයක් ඇතිවීම සඳහා මානව සහ පාරිසරික සාධක සමපාත විය යුතු බව ඔහු පැවසීය.  උදාහරණයක් ලෙස, වෛරස් රෝග පැතිරීම සඳහා මිනිස් හැසිරීම් සහ සම්ප්‍රේෂණ මාදිලිය සමපාතව පෙලගැසිය යුතුය.
ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසවල බලපෑමට පහසුවෙන් ගොදුරු වන රටක් වුවද, රට තුළ වෛරස් ආසාදන පැතිරීම මිනිස් හැසිරීම්, සමාජයේ පුද්ගලයින් සමාජ ක්‍රියාකාරකම්වලට සහභාගීවීමට පෙන්වන දුර්වලතාවය සහ සෞඛ්‍ය පද්ධතියේ දියුණුව වැනි තවත් බොහෝ දායක සාධක ඇති බව වෛද්‍ය මහේන් කොතලාවල මහතා සඳහන් කළේය.  එබැවින්, බෝවන රෝග පැතිරීම සඳහා දේශගුණික විපර්යාස අවම දායකත්වයක් සපයන සාධකයක් වන අතර, දේශගුණික විපර්යාස සහ වෛරස් ආසාදන අතර සෘජු සම්බන්ධයක් නොමැත.
ශ්‍රී ලංකාවේ රෝග නිරීක්ෂණ පද්ධතිය සැලසුම් කර ඇත්තේ දැනට හඳුනාගත්, පවතින රෝග කාරක හඳුනා ගැනීමට පමණක් බැවින්, නව වෛරස් ආසාදන හඳුනා ගැනීමට සහ ඒවාට එරෙහිව සටන් කිරීමට තරම් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තවමත් දියුණු වී නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.  නව වෛරස් ආසාදනවලට මුහුණ දීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ තාක්ෂණය ශ්‍රී ලංකාවට නොමැති බවත් ඒවා හඳුනා ගැනීමට ගෝලීය සහය අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter