Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
බෝවන රෝග පැතිරීම සඳහා දේශගුණික විපර්යාසවල බලපෑම් කරන ආකාරය පිළිබඳ හඳුනාගැනීමට බොහෝ දෙනෙකුට බලු බැල්මටම පෙනෙන කරුණක් නොවේ. නමුත් අපගේ කරුණු සොයා බැලීමට අනුව, ඩෙංගු වාහක ව්‍යාප්තියේ ප්‍රධාන සාධකයක් ලෙස දේශගුණික විපර්යාස අපි හඳුනා ගත්තෙමු.
මෙම ලිපිය හරහා ප්‍රධාන වශයෙන්ම පහත කරුණු සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු.
මෑත කාලයේදි ශීඝ්‍රයෙන් පැතිර ගිය මදුරුවන්ගෙන් බෝවන වෛරස් රෝගයක් ලෙස ඩෙංගු හැදින්විය හැකිය. ගැහැණු මදුරුවන් විසින් ඩෙංගු වයිරසය සම්ප්‍රේෂණය කරන අතර ඊජිප්ටයි සහ ඇල්බොපික්ටස් එම මදුරු විශේෂ වේ. මෙම මදුරුවන් චිකුන්ගුන්යා, කහ උණ සහ සිකා වෛරස් වාහකයන් ද වේ. දේශගුණික වෙනස්වීම්, සමාජීය සහ පාරිසරික සාධක යන කරුණු ඩෙංගු පැතිරීමට බලපායි. මේ පිළිබඳ සිදු කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ ලිපියක් මෙතැනින් කියවන්න .
මදුරුවන්ගේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන්ට බලපාන වඩාත් තීරණාත්මක පාරිසරික සාධකය වනුයේ උෂ්ණත්වයි. වෛරස් සමඟ මදුරුවන්ගේ අන්තර්ක්‍රියා 25°C දී වැඩි වූ අතර වැඩිහිටි උෂ්ණත්වයේ සිට 30°C දී පවා ක්‍රියාත්මක වන බව පර්යේෂණ අධ්‍යයන දත්ත අනුව සොයාගෙන ඇත.
ඒ අනුව, උෂ්ණත්වය ඉහළ යාමත් සමඟම ඩෙංගු වෛරස් වසංගතය වෙිගයෙන් ව්‍යාප්ත වේ. වැඩිදුර තොරතුරු මෙතැනින් කියවන්න. ගෝලීය උණුසුම සලකා බැලීමේදී, සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම 1880 සිට දශකයකට ෆැරන්හයිට් 0.14° (සෙල්සියස් 0.08 °) පමණ වේ. නමුත් 1981 සිට උණුසුම් වීමේ වේගය දෙගුණයකට වඩා වැඩි ය. ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන (NOAA) උෂ්ණත්ව දත්ත මත පදනම්ව 2021 වසර හයවන උණුසුම්ම වසර විය.
නිවර්තන හෝ උපනිවර්තන දේශගුණයක් සහිත කලාපවල අඩු වර්ෂාපතනයක් සහ අඩු සාමාන්‍ය උෂ්ණත්වයකදී ඩෙංගු ව්‍යාප්තියේ පහත වැටීමක් දැකිය හැක. මෙම දේශගුණික තත්වයන්ට විරුද්ධ දේශගුණික තත්වයන්හිදි ව්‍යාප්තිය වේගවත් වේ. එක් ස්ථානයක පැතිරීම පාලනය කිරීම වෙනත් තැනක වැඩිවීමට හේතු විය හැක. මේ ගැන වැඩි විස්තර මෙතැනින්.
ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රධාන ගැටලුවක් වන්නේ හරිතාගාර වායු විමෝචනයයි. ඉදිරි දශක කිහිපය තුළ කාබන් ඩයොක්සයිඩ් (CO2) සහ අනෙකුත් හරිතාගාර වායු (GHG) විමෝචනයන්හි සැලකිය යුතු අඩුවීමක් සිදු නොවන්නේ නම් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම 1.5 ° C දක්වා ඉහළ යාම වළක්වා ගැනීමට අපහසු වනු ඇති අතර 21 වන සියවසේදී එය ඉක්මවා යා හැකි බව IPCC හයවන ඇගයීම් වාර්තා අනාවැකි පල කරයි. මෙම නිසා රෝග සම්ප්‍රේෂණය වීමේ ඉහළ අවදානමක් ලොව පුරා ඇත.
ඩෙංගු රෝගය බෝවීම සදහා භූගෝලීය තත්ත්වය අනුව කාලගුණ ව්‍යාප්තිය බලපායි. ඩෙංගු ව්‍යාප්තියට බලපාන ප්‍රධාන සාධක ලෙස වර්ෂාපතනය සහ පරිසර උෂ්ණත්වය හැදින්විය හැක. දේශගුණික කාල වල සිදුවන වෙනස් වීම(seasonal changes) සහ උෂ්ණත්වය ඊඩීස් ඊජිප්ටයි මදුරු ගහන ඝනත්වයට සෘජුවම බලපාන බව මෙම පර්යේෂණය හරහා සොයාගෙන ඇත. එය කියවීම සඳහා මෙතනින්
පර්යේෂණ අධ්‍යයන දත්ත අනුව අවධාරණය කරණුයේ, දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස පවතින අයහපත් කාලගුණය ඩෙංගු ව්‍යාප්තිය ඇති කරන බවයි. තවද වර්ෂාපතනය සහ උෂ්ණත්වය ඉහළ යාම, ඩෙංගු කීටයන් බහුල වීම සමඟ සම්බන්ධ වී ඇති බවත් පෙන්වා දෙනවා. කාලගුණයේ බලපෑම (කුණාටු, ගංවතුර, තාප තරංග ආදිය) රටවල් සහ ප්‍රදේශවලට කෙතරම් දුරට බලපා තිබේද යන්න 2020 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය විශ්ලේෂණය කර ඇත. 1999 සිට 2018 දක්වා වූ නවතම දත්ත පෙන්නුම් කරන්නේ පොර්ටරිකෝ රිකෝ, මියන්මාරය සහ හයිටි යන රටවල් එම අවදානම් දර්ශකයේ ඉහළින්ම ඇති රටවල් ලෙසය. මෙම රටවල ඩෙංගු ව්‍යාප්තිය ද ඉහළ අගයක් ගන්නවා. ගෝලීය දේශගුණ අවදානම් දර්ශකයට අනුව, 2011 වසරට පෙර කාලවලදී ඩෙංගු ප්‍රධාන වශයෙන් නිවර්තන දේශගුණික ප්‍රදේශවලින් වාර්තා වී ඇත. කෙසේ වෙතත්, පහත සිතියමෙන් පැහැදිලි වන පරිදි සමක කලාපවලට සමීප නොවන රටවල ඩෙංගු රෝගීන් කිහිපයක් මෑතකදී වාර්තා වී තිබෙනවා. ඒ අනුව අපට තහවුරු වන්නේ කාලගුණ වෙනස්වීම් ඩෙංගු ව්‍යාප්තියට බලපාන බවයි.
හදිසි ගංවතුර තත්ත්ව (flash floods) ක්ෂණික ව ඇති වී ක්ෂණික ව නැති වී යයි. හදිසි ගංවතුරත් සමඟ මදුරුවන් බෝවීමට ස්ථාන රැසක් බිහිවීමේ අවස්ථාව උදාවෙනවා. ජලය පිරී ඇති බඳුන්වල බිත්ති මත ඩෙංගු මදුරුවා බිත්තර දමයි. බිත්තර සක්‍රීය තත්වයෙන් මාස ගණනාවක් තිබිය හැක. ගැහැණු මදුරුවන් තම ජීවිත කාලය තුළ 5 වතාවක් බිත්තර විශාල ප්‍රමාණයක් දැමීම සිදු කරයි. මෙම තත්වය ඩෙංගු රෝගය පුළුල් පරාසයක පැතිරීමට හේතු වේ. මෙය ආසාදනය වූවන්ගේ දරුණු උණ වැනි රෝග ලක්ෂණ දක්වා විහිදේ. එහිදි දරුණු රුධිර වහනය, අවයව දුර්වල වීම සහ ප්ලාස්මා කාන්දු වීම සම්බන්ධ ඕනෑම සංකූලතාවයක් විය හැකිය. උග්‍ර ඩෙංගු රෝගය නිසිලෙස කළමනාකරණය නොකළහොත් මරණයට පත්වීමේ වැඩි අවදානමක් ඇත. වැඩි විස්තර මෙතැනින් කියවිය හැක .
පසුගිය දශක කිහිපය තුළ ඩෙංගු රෝගය ලොව පුරා විශාල ලෙස වර්ධනය වී තිබේ. බොහෝ අවස්ථාවන්හිදි රෝග ලක්ෂණ නොමැති හෝ ස්වයං-කළමනාකරණය තත්වයන් හේතුවෙන් සත්‍ය ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අඩුවෙන් වාර්තා වේ. බොහෝ රෝගීන් වෙනත් උණ රෝග සමඟ වැරදි ලෙස හඳුනාගෙන ඇත. රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව, බිලියන 3.6 ක ජනතාවක් හෝ ලෝක ජනගහනයෙන් 40% ක් ඩෙංගු පවතින ප්‍රදේශවල වාසය කරති. වාර්ෂිකව ඇස්තමේන්තු කර ඇති පරිදි මිලියන 400 ක ජනතාවක ඩෙංගු වෛරසයෙ ආසාදනය වන අතර මිලියන 100 ක් ඩෙංගු රෝගයෙන් රෝගාතුර වේ. තවද ඩෙංගු හේතුවෙන් මරණ 21,000 ක් පමණ වාර්තා වේ.
පසුගිය දශක දෙක තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මෙසේය. 2000 දී රෝගීන් 505,430 සිට 2010 දී මිලියන 2.4 ක් සහ 2019 දී මිලියන 5.2 ක් දක්වා අට ගුණයකින් වර්ධනය විය. 2000 සහ 2015 අතර වාර්තා වූ මරණ 960 සිට 4032 දක්වා වැඩි විය. බාල වයස් කාණ්ඩය. 2020 සහ 2021 වර්ෂවලදී මෙන්ම වාර්තා වූ මරණ සංඛ්‍යාව අඩු වී ඇත. COVID-19 වසංගතය රටවල් කිහිපයක දත්ත සම්පූර්ණ වීමට බාධාවක් විම මෙයට හේතු විය හැක. කෙසේ හෝ මෙම දත්ත අනුව පෙනී යන්නේ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම කෙරෙහි දේශගුණික විපර්යාස බලපාන බවත්, එය කඩිනමින් කළමනාකරණය කළ යුතු බවත්ය.
ඉහත සිතියම මගින් දක්වා ඇත්තේ මේ වන විට ඩෙංගු අවදානමට ලක්වී ඇති රටවල් වේ. ඒ අනුව, දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහල යන ඩෙංගු අවදානම අනෙකුත් අඩු අවදානම් සහිත මහාද්වීපයක හෝ කලාපයක පැතිරෙන්නේ නැති වේ යයි නොසලකා හැරිය නොහැකිය. දුප්පත්ම රටවලට විශේෂයෙන් මෙහි බලපෑම් දරුණු විය හැකිය. මන්ද යත් රෝග වලට මුල්වන හේතු සෙවීමට තියා දේශගුණික විපර්යාස වලක්වා ගැනීමට වත් එම රටවල ආර්ථිකය ශක්තිමත් නොවීමයි.
එබැවින් කාර්මිකකරණයට ලක්වූ රටවල ශීග්‍රයෙන් ද අනෙකුත් රටවල යම් යම් දයකත්වයන්ද ඇතිව, මිනිසා විසින් ඇතිකරන ලද දේශගුණික විපර්යාස හේතුවෙන් පැතිරී යන ඩෙංගු ඛේදවාචකයේ බලපෑමට බහුතර ජනතාවක් අද ගොදුරු වෙමින් සිටී.