Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

දේශගුණික විපර්‍යාස සඳහා දුම්කොළ කර්මාන්තය දායක වේද?

දුම්කොළ හෙවත් Nicotiana tabacum සහ Nicotiana rustica යනු උත්තේජකයක් සහ මානසික අවපීඩකයක් ලෙස ක්‍රියාකරන, ඇබ්බැහිකාරකයක් ලෙස ක්‍රියාකරන නිකොටින් අඩංගු ශාකයකි. දුම්කොළ සිගරට්, පයිප්ප දුම්කොළ, සැපීම සඳහා යොදාගන්නා දුම්කොළ සහ ස්නෆ් (snuff) හෝ ස්නස් (snus) නම් වියළි, කුඩු කරගත්, දුමෙන් තොර දුම්කොළ ආකාර ලෙස විවිධ ස්වරූපවලින් ලබාගත හැක. දුම්කොළ පමණක් නොව, ඇතැම් චුවින්ගම්, සිරුරට අලවන පැච් සහ තවත් දුම්පානය වැළැක්වීමේ ආධාරක වැනි දුම්කොළ නොවන නිශ්පාදනවලද දුම්කොළ අඩංගු වේ.

‘දුම්කොළවලින් තොර’ හෙවත් ‘NO TOBACCO’ යන වචනය දෙස බලන විටමිනිසුන් සාමාන්‍යයෙන් දුම්කොළවලින් ඇතිවන සෞඛ්‍යමය බලපෑම පමණක් සලකා බලයි. නමුත් මෙහි පාරිසරික බලපෑම සහ ඉන් ඇතිවන ප්‍රතිවිපාකය දුම්කොළ භාවිතය පුද්ගලික නොවන, ලෝකයටම ගැටළු උද්ගත කරයි.එනම්, දුම්කොළ භාවිත කරන්නන්ගෙන් ඔබ්බට, ඔවුන් වටා සිටින අය මෙන්ම, දුම්කොළ නිෂ්පාදකයින් පවා දුම්කොළ බලපෑමට ලක් වේ.

Climate Fact Checks කණ්ඩායම, දුම්කොළ දුම් පරිසරයට හා දේශගුණික විපර්‍යාසවලට බලපාන අන්දම සහ ඒ බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂ විමර්ශණයක් සිදු කළේය.

දුම්කොළවල ආන්තරාදායක පැතිකඩ

දුම්කොළ කර්මාන්තය නිසා සෑම වසරකම මිනිස් ජීවිත මිලියන 8කට වැඩි ප්‍රමාණයක්, ගස් මිලියන 600ක්, ඉඩම් හෙක්ටයාර 200 000ක්, ජලය ටොන් බිලියන 22ක් සහ කාබන් ඩයොක්සයිඩ් වායු ටොන් මිලියන 84ක් අහිමිවන බව ඔබ දැන සිටියාද? එමෙන්ම දුම්කොළ නිශ්පාදනය ලෝකයේ වැඩිම අපද්‍රව්‍ය නිකුත් කරන කර්මාන්තයකි. මෙහිදී  විෂ රසායනික අපද්‍රව්‍යවර්ග 7000ක් පමණ පරිසරයට එකතු වේ. මීට අමතරව, දළ වශයෙන් සිගරට් ෆිල්ටර ට්‍රිලියන 4.5ක් වාර්ෂිකව අපගේ ගංගා, සාගර, පදික වේදිකා, උද්‍යාන, පස සහ වෙරළ තීරය දූෂණය කරයි. සිගරට් පානයෙන් පසු ඉතුරුවන කුඩා කොටස සෙලියුලෝස් ඇසිටේට්වලින් සාදා ඇති අතර, එය න්‍යායාත්මකව ජෛව හායනය කළ හැක. නමුත්, එය පරිපූර්ණ පාරිසරික තත්ත්වයන් යටතේ සම්පූර්ණයෙන්ම අතුරුදන් වීමට වසර 2කට අඩු කාලයක් ගත වේ. වැඩිදුර තොරතුරු සඳහා සං‍රක්ෂිත, මෙතනින්


දුම්කොළ වගාව

ඉහත සඳහන් කළ පරිදි, දුම්කොළ වගාව සඳහා සැලකිය යුතු තරමින් ශ්‍රමය, ඉඩම්, පොහොර සහ ජල යෙදවුම් අවශ්‍ය වන අතර, මෙමඟින් ගොඩබිම සහ ජලජ පරිසර පද්ධතිවලට සැලකිය යුතු මට්ටමෙන් විෂ රාසයන එක් කරයි. වගාව සඳහා ඉඩම් නිෂ්කාශනය (එළිපෙහෙලි කිරීම), වනාන්තර ගිනිතැබීම සහ දුම්කොළ සකස් ගිරීම සඳහා අඟුරු පිළිස්සීම, වන විනාශයට සැලකිය යුතු දායකත්වයක් සපයයි. ලෝකයේ විශාලතම දුම්කොළ වගාකරුවන් අතරින් දහයකින් නවයක්ම, අඩු හෝ මධ්‍යම ආදායම් ලාභී රටවල් වන අතර හතර අඩු ආදායම්ලාභී මෙන්ම, ආහාර හිඟ රටවල් ලෙස අර්ථ දක්වා ඇත.

කාබන් ඩයොක්සයිඩ් මෙගා ටොන් 84ක වාර්ෂික හරිතාගාර වායු දායකත්වයක් සමඟ, දුම්කොළ කර්මාන්තය දේශගුණික විපර්‍යාස සඳහා තම දායකත්වය ලබා දෙයි. තවද දුම්කොල කර්මාන්තය, දේශගුණික විපර්‍යාසවලට ඔරොත්තු දීමට ඇති හැකියාව අවම කරයි. සම්පත්වල විශාල නාස්තියක් මෙම කර්මාන්තය ඔස්සේ සිදුවන අතර, මානව සමාජයට ඉතා වැදගත්වන පරිසර පද්ධතිවලට හානි පමුණුවයි. අවාසනාවකට, දුම්කොළ කර්මාන්තය, පෘථිවියේ පැවැත්ම, පාරිසරික හා දේශගුණික තත්ත්ව මත ඇති කරන බලපෑම පිළිබඳව අවබෝධ කරගෙන සිටින්නේ ලෝකයේ මිනිසුන්ගේ ඉතා කුඩා ප්‍රතිශතයක් පමණි. දුම්පානයේ දීඉ විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් වායු නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට යම් දායකත්වයක් දෙන බව ඔවුන් යම්තාක් දුරට අවබෝධ කරගෙන සිටියත් සමස්ත කර්මාන්තය තුළින්ම පරිසර පද්ධතියට සිදුවන බලපෑම පිළිබඳව දැනගැනීමට සහ තහවුරු කරගැනීමට අවස්ථාව ලැබුනොත්, මිනිසුන් පුදුමයට පත්වනු ඇත.

2014 වර්ෂයේ දී, ගෝලීය සිගරට් නිශ්පාදනය ට්‍රිලියන 6ක් පමණ වූ අතර, මීට අවශ්‍ය දුම්කොළ වගා කීරීම සඳහා ඉඩම් හෙක්‍ටයාර මිලියන 4ක් භාවිත කළ බව පර්‍යේෂණ ඔස්සේ සොයාගෙන ඇත.  මේ අතරින් වැඩි ප්‍රමාණයක් ආහාර සුරක්ෂිතතාව අඩු රටවල්වල ඉඩම්වන අතර, වැඩි දුම්කොළ ප්‍රමානයක් මෙම රටවල වගා කර අපනයනය කරන ලදී. දුම්කොළ පදම් කිරීම සඳහා විශාල දැව ප්‍රමාණයක් භාවිත කරයි. ඉක්මනින් දුම්කොළ පදම් කිරීමේ ක්‍රමයක් ලෙස, දර හෝ ගල් අඟුරු භාවිත කර, රත් කිරීමක් සිදු කරනු ලැබේ. මේ සඳහා අවශ්‍ය දැව වුවමනාව සපුරා ගැනීමට වාර්ෂිකව ගස් මිලියන 50ක් කපා දැමෙන බව ගණනය කර ඇත.  මේ හැර දුම්කොළ පදම් කිරීමට වෙනත් තිරසාර ක්‍රම පැවතියද, ගොදීන්ට එවන් ක්‍රම සඳහා මූලික වියදම් ආදිය දැරීමට අපහසුය. එනිසා, තිරසර ක්‍රම වෙනුවට වඔවුන්ට පහසු, අඩු වියදම් සහ දේශීය ක්‍රමයම දිගින් දිගටම යොදා ගනී. එනිසා දිගින් දිගටම මේ අරමුණ සහිතව ගස් කැපීම සිදු වේ.

දුම්කොළ කර්මාන්තය පරිසරයට හානි කරන්නේ කෙසේද?

දුම්කොළ කර්මාන්තය නිසා පාංශු හායනය

දුම්කොළ වගාව පාංශු හායනයට මෙන්ම වන විනාශයටද සම්බන්ධ වී ඇත. මීට අමතරව, එකම භෝගයක් දිගු කාලීනව, අඛණ්ඩව වගා කිරීම සහ වල් නාශක හා පලිභෝධනාශක භාවිතය මඟින් පසේ සාරවත් බව අඩු වී එම පසේ ශාක වර්ධනය අපහසු කරයි.

දුම්කොළවල ඇති නිකොටීන් ද පසේ නිරෝගීබවට තර්ජනයක් වේ. ඇතැම් අධ්‍යනවලින් පෙනී යන්නේ සිගරට් කොට පසට එක් වුවහොත් පස දූෂණය වී, පසේ ඇති ශාක මුල් හරහා, සිගරට් කොටවල ඇති නිකොටීන් අවශෝෂණය කරගන්නා බවයි. එමෙන්ම ශාක ද, නිකොටීන් අඩංගු වාතය ආශ්වාස කරයි. දුම්කොළ ශාකය මඟින්, අනෙකුත් ප්‍රාථමික ආහාර භෝග සහ ආර්ථිකමය වටිනාකමකින් යුත් භෝගවලට වඩා වැඩි නයිට්‍රජන්, පොස්පරස් සහ පොටෑසියම් ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නා නිසා, දුම්කොළ වගාව තුළින්, අනෙකුත් භෝගයන්ට සාපේක්ෂව වේගයෙන් පාංශු සාරවත්භාවය අඩු වේ. එමෙන්ම දුම්කොළ කර්මාඅන්තය සමස්තයක් ලෙස විශාල අපද්‍රව්‍ය ප්‍රමානයක් නිපදවයි. මෙහිදී, වාර්ෂිකව විෂ සහිත් අපද්‍රව්‍ය ටොන් මිලියන 210ක් නිපදාන අතර ඊට අමතරව වෙනත් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් බිලියන 2.5කට ආසන්න ප්‍රමාණයක් නිපදවයි. ඒ අනුව, දුම්කොළවගාව මඟින් පසට හානිකර රසායනික ද්‍රව්‍ය ටොන් දහස් ගණනක් එකතු වේ.

වන විනාශය

දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි, 1970 දශකයේ පමන සිට ලෝකයේ වනාන්තර හෙක්ටයාර බිලියන 1.5ක් (ප්‍රධාන වශයෙන් නිවර්තන වනාන්තර) විනාශයට ලක් වී ඇති අතර, වාර්ෂික හරිතාගාර වායු ඉහළ යාමෙන් 20%කටම වගකිව යුතු වන්නේ මෙම වන විනාශයයි. වනාන්තර විනාශය ඔස්සේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනයට සහ දේශගුණික විපර්‍යාස සඳහා ඉහළම දායකත්වයක් ලබා දෙයි. ජෛව විව්ධත්වයට හානි සිදුවීම වනාන්තර විනාශයේ තවත් එක් ප්‍රධාන ප්‍රතිඵලයකි. ආජන්ටිනාව, බංගලාදේශය, බ්‍රසීලය, කාම්බෝජය, ඝානාව, හොන්ඩුරාස්, කෙන්‍ යාව, මාලාවි, මොසැම්බික්, ටැන්සානියාව, තායිලන්තය, උගන්ඩාව සහ සිම්බාබ්වේ යන රටවල් දුම්කොළ වගාව ආශ්‍රිත ජීවී වාසස්ථාන විනාශය හා සම්බන්ධ රටවල් වේ. එමෙන්ම දුම්කොළ වගාකිරීම පාංශු ඛාදනය, පාංශු සාරවත් බව සහ පසේ ඵලදායීතාව අඩුවීම මෙන්ම ජල චක්‍රයට බාධා ඇතිවීම වැනි භූමිහායන සහ කාන්තාරීකරණය සමඟද සෘජු සම්බන්ධයක් පවතීදුම්කොළ වගාවන් සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීම සහ දුම්කොළ පදම් කිරීමට දැව පුළුස්සා දැමීම නිසා දුම්කොළ වගා කිරීම හා පදම් කිරීම යන දුම්කොළ නිශ්පාදනයේ ප්‍රධාන පියවර 2ම වන විනාශයට සෘජු සම්බන්ධයක් පවතී.

1970 සහ 1980 දශකවල ආසියාවසහ අප්‍රිකාව ආශ්‍රිත දුම්කොළ වගාකරන රටවල්, දුම්කොළ් නිශ්පාදනයට අවශ්‍ය ඉන්ධන දැව හිඟයකට මුහුණ දුන් අතර, ඒ සමයේ එම රටවල වනාන්තර විනාශය වේගවත් විය.  1990 දශකය මැද භාගය වන විට, දුම්කොළ වගා කරන පහත් සහ මධ්‍යම ආදායම් ලබන රටවල් 120න් අඩකට වැඩි ප්‍රමානයක් වාර්ෂිකව ස්වභාවික වනාන්තර හෙන්ටයාර 211 000ක් විනාශයට ලක් කරන ලදී. මෙය එක් රටකට වනාන්තර හෙක්ටයාර් 2124ක් පමණ විනාශයකි.

එපමණක් නොව, ගොවීන් බොහෝවිට වනාන්තර ගිනිබත් කරමින්, විවිධ ශාක සහ සත්ත්ව විශේෂවලට පැවති වාසස්ථාන විනාශ කිරීම සිදු කරයි. මෙය ශාක සඳහා වෙනස් කල නොහැකි සහ සැලකිය යුතු හානියක් සිදු කිරීමට තුඩු දෙයි.  මේ අනුව, දුම්කොළ වගාව සහ කර්මාණ්තය, තිරසාර නොවන ගොවිතැන් රටා සහ ජෛව විව්ධත්වයට සිදුවල අලාභ හානි හා සම්බන්ධ වේ.

දුම්කොළ කර්මාන්තය සහ ජල දූෂණය

දුම් බීමෙන් පසු ඉතිරිවන දුම්වැටි කොට ජලයට එක් වී, ජල දූෂණය සිදු වී ජලජ ජීවීන්ද අනතුරට ලක් වී ඇත. ඉවතලන සිගරට් කොට දෙකක අඩංගු රසායනික සං‍යෝග ජලයට එක් වීම මඟින්, ජලයේ ඇති ඇතැම් ඇල්ගී මිය යන බව පර්‍යේෂණ තුළින් පෙන්වා දෙයි. එම මියයාමේ අවදානම සහිත ඇල්ගී ආහාර දාමයේ පතුලේ ඇත. අනෙකුත් සියළුම ජලජ ජීවීන් ඒවා ආහාරයට ගෙන පෝෂණය වන අතර, ඒ ඔස්සේ ඔවුන්ගේ සිරුරු තුළ වැඩි සාන්ද්‍රණයකින් අදාල විෂ සං‍යෝග එක්‍ රැස් කර ගනී. මෙය ජෛව සමුච්චනය නම්ස් අංසිද්ධියට මඟ පාදයි. සුළු වර්ෂාපතන තත්වයක් මඟින් පොළොවේ සහ පසේ ඇති හානිකර ද්‍රව්‍ය සෝදායාමකට ලක්වන අතර, සිගරට් කොට සහ ඒවාගේ අඩංගු අහිතකර රසායන ද්‍රව්‍ය මෙලෙස සෝදා යාම මඟින් කානු, ගංගා, වැව්, මුහුදු ආදී ජලජ පරිසර පද්ධතිවලට එක් වේ. නිදසුනක් වශයෙන්, 2008 වසරේදී පැවති ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කීරීමේ වැඩසටහන මඟින් සිගරට් කොට මිලියන 3.2ක් පමණ වෙරළ තීරය සහ ඒ ආශ්‍රිත ජලමාර්ගවලින් ඉවත් කරන ලදී. මෙය මෙහිදී ඉවත් කළ වෙනත් අපද්‍රව්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ විය. සිගරට් ෆිල්ටර ජලාශයකට එක් වන සෑම අවස්ථාවකදීම, එහි හැඩය සහ පෙනුම මාළුන්ගේ ආහාරවලට සමාන නිසා, මාළුන් විසින් ඒවා ආහරයට ගැනීමට ඉඩ පවතී. මේවා ජීර්ණය නොවී මාළුන්ගේ ආහාර මාර්ගවල තැම්පත්වන අතර ඔවුන්ගේ බඩේ ධාරිතාවය අඩු කරමින් ඔවුන්ගේ ආහාර පුරුදුවලට බාධා පමුණවයි. එක සිගරට් කොටයක් මඟින් ගලායන ජලය ලීටර් 1කදී මාළුවෙකු මරා දැමිය හකිබව එක්සත් ජනපදයේ පර්‍යේෂණ මඟින් අධ්‍යනය කර ඇත. සෑම වසරකම ජලාශවලට ඇතුළුවන සිගරට් කොට ප්‍රමාණය සලකා බැලුවහොත්, එය සෑම වසරකම මත්ස්‍යයින් කී දෙනෙකුට බලපානවාදැයි විමසා බැලිය හැක.

දුම්කොළ කර්මාන්තය සහ වායුගෝලය

සිගරට් දුම්පානය, වායුගෝලයට විෂවායු දූෂක මුදා හරී. එමෙන්ම සිගරට් කාර්මික නිශ්පාදනයද වායුගෝලයට වායු දූෂක විශාල ලෙස මුදා හරී. මෙම අවස්ථාවලදී පිටවන දුමාරය සෘජුවම වාතය දූෂණය කරයි. දුම්කොළ ගොවිපළවලදී ආරම්භවන මෙම දූෂන ක්‍රියාවලිය ඇරඹේ. දුම්කොළ ගොවිපොලවල්වල දුම්කොළ පදම් කිරීම සඳහා පොසිල ඉන්ධන දහනය කරමින් යන්ත්‍ර ක්‍රියාත්මක වේ. මෙම ඉන්ධන දහනය මඟින් කාබන් ඩයොක්සයිඩ්, මීතේන් වැනි හරිතාගාර වායුන් විමෝචනය වේ. දුම්පානයේදී ද, මෙම මීතේන් සහ කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායූන් සහ වෙනත් හානිකර රසායන ද්‍රව්‍ය වායුගෝලයට එකතු වේ. මීතේන් හා කාබන් ඩයොක්සයිඩ්, දුම්පානය කරන්නන්ට පෞද්ගලිකව හානිකර නොවූවත්, මේවා වායුගෝලීය දූෂණයට විශාල දායකත්වයක් ලබා දෙයි. ගෝලීය වශයෙන්, දුම්පානය මඟින් වාර්ෂිකව කාබන් ඩයොක්සයිඩ් වායු කිලෝග්‍රෑම් බිලියන 2.6කට ආසන්න ප්‍රමාණයක් සහ මීතේන් කිලෝග්‍රෑම් බිලියන 5.2ක් වායුගෝලයට නිකුත් කරයි. දේශගුණික විපර්‍යාස සඳහා දුම්පානයේ දායකත්වය පමණක් සැලකූ විට පිළිබඳව වුවද පැහැදිලි චිත්‍රයක් මෙමඟින් සපයයි.

දුම්පානය භයානක උවදුරක් ලෙස හඳින්විය හැක. 200-2005 දුම්කොළ ව්‍යාප්තියේ ප්‍රවණතා පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම ගෝලීය වාර්තාවට අනුව, සෑම වසරකම ගෝලීය වශයෙන් මිනිස් ජීවිත මිලියන 8කට වඩා බිලිගනීමට මෙම උවදුර කටයුතු කර ඇත. එයින් මිලියන 1.2ක්ම දුම් නොබොන අය වේ.

දුම්කොළ භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව අඩු කිරීම පහසු කර්ත්ව්‍යක් නොවේ. දුම්කොළවල අඩංගු නිකොටීන් යනු ඇබ්බැහිවන සුළු රසායනික සං‍යෝගයක් වන අතර, එය පරිශීලකයා තුළ එය නැවත නැවත ලබා ගැනීමට ආශාවක් උද්දීපනය කරයි.

දුම්වැටි සහ විද්‍යුත් සිගරට් ආශ්‍රිත අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් සිදුවන පාරිසරික හානිය, විෂ එක්වීම සහ අනතුරු පිලිබඳව පාරිභෝගික දැනුවත්භාවය වැඩිකිරීම සහ දුම්පානය කරන්නන් මෙම නිශ්පාදනවල අතුරුඵල පිළිබඳව දැනුවත් කර, ඒවා භාවිතයෙන් ඉවත්වීම සඳහා දිරිමත් කිරීම දුම්කොළ කර්මාන්තයෙන් පරිසරය ආරක්ෂා කරගැනීමට ගත හැකි හොඳම පියවරයි. වාසනාවකට මෙන්, දුම්කොළ මිනිසුන්ට හෝ පෘථිවියට විශේෂිත ප්‍රයෝජන කිසිවක් අති නොකරයි. එබැවින් එය සදහටම ලෝකයෙන් තුරන් කිරීම කිසිදු අර්බුධයකින් හෝ පැකිලීමකින් තොරව සිදු කළ හැක.

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter