Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
පසුගිය දා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වගාවන් විනාශ කරන වන සතුන් වන වඳුරන්, මොනරුන්, දඬුලේනුන්, ඉත්තෑවන්, වල් ඌරන් සහ රිලවුන් මරා දැමීම සඳහා ගොවීන් ඇතුළු පිරිසට අවසර ලබා දෙන ලදී. මීට අමතරව, වැවිලි කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ද, මෙරට පොල් වගාවට සිදුවන හානිය අවම කරගැනීම සඳහා යෝජනාවක් ලෙස, වඳුරන් සහ මොණරුන් මරා දැමීමට අවසර දීම ඉදිරිපත් කරන ලදී.
මෙම ප්‍රකාශ සහ යෝජනාවලින් පසුව, මහජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ මෙම තීරණ කෙරෙහි සිය කනස්සල්ල පල කළහ.
මෙම අදහස් සහ යෝජනා මෙන්ම ඒවාට විරුද්ධව ඉදිරිපත් කළ තර්ක ඔස්සේ, කෘෂිකාර්මික ප්‍රජාව මුහුණ දෙන ගැටළු සමඟ, සතුන් මරාදැමීම මෙම ගැටළු සඳහා ස්ථිර විසඳුමක් ලබා දෙන ආකාරය පිළිබඳවClimate Fact Checks කණ්ඩායම විමසා බලන ලදී. තවද, දේශගුණික විපර්‍යාස මඟින්, සතුන් තම මුල් වාසස්ථානවල සිට කෘෂිකාර්මික ඉඩම්වලට සංක්‍රමණය වීමට පැවති බලපෑම ආදිය පිළිබඳවද අපි විමර්ෂණය කළෙමු.
වගාවලට හානි කරන සතුන් විනාශ කිරීම.
මෙහිදී පාලනයක් සහිතව ඝාතනය කිරීම මඟින්, තෝරාගත් සත්ත්ව විශේෂවලට ගහණය අඩු කිරීම සිදු වේ. වනජීවී කළමණාකරණය යටතේ, පරිසර පද්ධති සමතුලිතතාවය බව සහතික කිරීම උදෙසා මෙය සිදු කරනු ලැබේ. මෙම සත්ත්ව ඝාතන, සත්ත්ව සංරක්ෂණය යටතේ දිගින් දිගටම මතභේදාත්මක ගැටළුවක් ලෙස පවතී. සංරක්ෂණ විද්‍යාඥයින් සහ අභයභූමි කළමණාකරුවන් වැනි පිරිස් සත්ත්වයින් මරා දැමීම සත්ත්ව ගහණ පාලන මෙවලමක් ලෙස භාවිත කිරීම පිළිබඳව තර්ක කරන අතර, ඇතැම් සංරක්ෂණවදීන්, මෙම මතය සදාචාරාත්මකව වැරදි ලෙස සලකයි. මෙම පාලිත සත්ත්ව ඝාතන ගැන වැඩිදුර දැනුමට මෙතනින්.
මෙම ක්‍රියාවලිය ඔස්සේ, තෝරාගත් සත්ත්ව විශේෂවල ගහණ පාලනය සඳහා බොහෝ රටවල් විසින් දඩයම් සමය යොදා ගනී.උදාහරණයක් වශයෙන් එක්සත් ජනපදයේ දී, දඩයම් සමය සහ දඩයම් බලපත්‍රවලින් සිදුවන්නේ, රට තුළ වෙසෙන ඇතැම් සතුන්ගේ ගහණයන්, ක්‍රීඩාමය ස්වරූපයෙන් පාලනය කිරීමයි. සෑම වාරයකදීම, එක් එක් දඩයක්කරුවන් සඳහා, නීතිමය වශයෙන් විශේෂය සහ ස්ත්‍රී පුරුෂභාවය තීරණය වුණු සත්ත්වයින් නිශ්චිත සංඛ්‍යාවක් මරා දැමීම සඳහා අවසර ලබා දෙයි. සත්ත්ව ගහණයේ, ස්ත්‍රී සත්වයින්ගේ ඝණත්වය අතිරික්තයක් ඇතිබව පෙනේ නම්, දඩයම් කිරීමේදී, ස්ත්‍රී සත්ත්වයින් වැඩිපුර මරා දැමීම සඳහා අවසර හිමි වේ. යම් සත්ත්ව විශේෂයක ඝණත්වය අවම නම්, එම විශේෂය දඩයම් කිරීමට අවසර ලබා නොදීම හෝ සුළුවශයෙන් සීමිත පිරිමි සතුන් ප්‍රමාණයක් පමණක් දඩයම් කිරීම සඳහා අවසර ලබා දීම සිදු කෙරේ.
මෙම ක්‍රියාලිය සුලබවම ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව සහ යුරෝපය ආදී රටවල දක්නට ලැබේ, නමුත් මෙම ක්‍රියාවලිය තුළින් ඇතිවන ප්‍රයෝජනවත් ප්‍රතිඵලවලට වඩා, දිගු කාලීනව සිදුවන හානිය ඉතා භයානක බව ඇතැම් පර්‍යේෂකයින් පෙන්වා දෙයි. වැඩිදුර කියවීමට මෙතනින් .
ඝාතන සඳහා නියම වූ සත්ත්වයින්ගේ සංරක්ෂණ තත්ත්වය සහ වාසස්ථාන
ඇමතිවරයා විසින් ඝාතනයට අවසර ලබා දුන් සත්ත්වයින් ශ්‍රී ලංකාව තුළදී කෘෂිකාර්මික පලිභෝදකයින් ලෙස සැලකේ. මෙම සතුන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සැරිසරන අතර, ගෘහාශ්‍රිත පරිසරය සඳහා හොඳින් අනුවර්තනය වී, පුරුදු වී ඒ ආශ්‍රිතව සැරිසරයි. මෙහිදි, ඔවුන්ගේ මුල් ආහාර මූලාශ්‍ර සහ වාසස්ථාන මෙනම සංරක්ෂණ තත්වය පිළිබඳව සොයා බැලීම වැදගත් වේ.
වඳුරන්
ශ්‍රී ලංකාව තුළ වඳුරන් විශේෂ 3ක් ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ. ඔවුන් නම්, ටොක් මකාක් හෙවත් රිලවා, ලැන්ගර් හෙවත් කළු වඳුරා සහ අළු ලැන්ගර් වේ. මෙයින් කළු වඳුරා සහ රිලවා නම් විශේෂ 2ම ශ්‍රී ලංකාවේ ආවේණික විශේෂ වේ.
රිලවා, ශ්‍රී ලංකාවට ආවේණික, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්වයෙකි. මොවුන්ගේ මුල් වනාන්තර වාසස්ථාන අහිමි වීම හේතුවෙන් ඔවුන් මිනිස් වාසය ආසන්නව වාසය කිරීමට පැමිණ ඇත. රිලවුන්ගේ ආහාර වේල සඳහා මල්, පළතුරු, බිම්මල් මෙන්ම යම් යම් ගොදුරුද ඇතුලත් වේ.
කළු වඳුරා හෙවත්, දම්පැහැ මූන සහිත කොළ වඳුරා ද ශ්‍රී ලංකාවට ආවේණික අතර, විවිධ ප්‍රදේශවල දක්නට ලැබේ. අනෙකුත් විශේෂ 2ට සාපේක්ෂව ඉතා ලජ්ජාශීලී විශේෂයක් වන මොවුන් ඔවුන්ගේ සැබෑ වාසස්ථානය වන සංවෘත වියන් වනාන්තර සඳහා වැඩි ප්‍රියතාවක් දක්වයි. ශීඝ්‍ර නාගරීකරණය හේතුවෙන්, වාසස්ථාන අහිමි වීම ඔස්සේ වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇත.
වියළි කලාපීය වනාන්තර සහ මිනිස් වාසස්ථාන ආශ්‍රිතව අළු ලැන්ගර් වඳුරන් වැඩි වශයෙන් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ රතු දත්ත වාර්තාවලට අනුව මොවුන්ද වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.
වාසස්ථන විනාශයට අමතරව, මිනිසුන්, මෙම වඳුරන්ට ආහාර ලබා දීමට පුරුදු කරගැනීම නිසා මොවුන් මිනිස් වාසස්ථාන ආශ්‍රිතව පැමිණේ.
මොණරුන්
මොණරුන් යනු රටේ හින්දු සහ බෞද්ධ ජනතාවට සැලකිය යුතු ආගමික සහ සංස්කෘතිකමය වැදගත්කමක් ඇති සත්ත්ව විශේෂයකි. ඔවුන්ගේ මුල් වාස භූමිය වියළි කලාපය වූ නමුත් මේ වන විට රටේ සෑම ප්‍රදේශයකම පාහේ මොවුන් දක්නට ලැබේ. IUCN වාර්තාවලට අනුව මොණරුන් යනු අවම වශයෙන් හඳුනාගෙන ඇති සත්ත්ව කොට්ඨාශ යටතට ගැනෙන විශේෂයකි. දේශගුණික විපර්‍යාස ශ්‍රී ලංකාවේ මොණරුන් ව්‍යාප්තියට බලපා ඇති ආකාරය පිළිබඳව අපගේ වෙබ් අඩවියෙන් වැඩි දුර කියවන්න.
දඬුලේනා (Grizzle Giant Squirrels)
දඬුලේනුන් ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව පළාත්වල පැතිර සිටින අතර, ලංකාවේ වෙනත් ප්‍රදේශවල දක්නට නොලැබේ. දඬුලේනුන් රටේ ජාතික සත්ත්වය වන නමුත්, බොහෝ ගොවීන්ගේ වගාවලට දැඩි සේ හානි කරන සත්ත්වයෙකු වීම නිසා, රටේ ජාතික සත්ත්වයා යන නිර්ණායකයෙන් ඉවත් කරන ලෙස ද ඉල්ල තිබුණි. මේ සඳහා වැඩිදුර මෙතනින් කියවන්න. එපමණක් නොව, මෙම විශේෂය තර්ජනයට ලක්වූ විශේෂයක් ලෙසද ලැයිස්තුගත කර ඇත. ඔවුන් පළතුරු, ඇටවර්ග, කෘමීන්, කුරුළු බිත්තර සහ ඇතැම් ගස්වල පොත්ත ආදිය අනුභව කරයි. නමුත් ඇතැම් මිනිසුන් ඔවුන්ට සහල්, පාන් සහ ඔවුන්ගේ සාමාන්‍ය ආහාර වේලේ අඩංගු නොවන වෙනත් ආහාර ලබා දී පෝෂනය සපයමින්, යැපීමට පුහුණු කරයි.
ඉත්තෑවන්
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සුලබ ඉත්තෑ විශේෂය ඉන්දියානු කිරුලැති ඉත්තෑවාය. මොවුන්ද රතු දත්ත පොතේ අවම වශයෙන් හඳුනාගත් විශේෂයකි. ඔවුන්ගේ බාහිර පරිසරයේ වෙනස්වීම් දරාගැනීමේ හැකියාව සහ ඊට ඇති නම්‍යශීලී බව නිසා, පුළුල් පරාසයක පරිසර පද්ධති සිය වාසස්ථාන ලෙස පවත්වා ගනී. මොවුන්, පාෂාණ සහිත කඳු බෑවුම්වලට වැඩි ප්‍රියතාවක් දක්වන නමුත්, නිවර්තන සහ සෞම්‍ය පඳුරු, තණබිම්, වනාන්තර, වතු සහ උද්‍යානවලද බහුලව දක්නට ලැබේ. ඔවුන්ට පුළුල් නමුත්, බොහෝ දුරට ශාකභක්ෂක ආහාර රටාවක් දක්නට ඇත.
වල් ඌරන්
වල් ඌරන් යනු අවම වශයෙන් හඳුනාගත්, අවම සංරක්ෂණ තත්ත්වයක් සහිත, ලෝකය තුළ වඩාත්ම පුළුල්ව පැතිරුනු සත්ත්ව කොට්ඨාශයකි. 2018 වර්ශයේ දී වල් ඌරන් සහ ඔවුන්ගේ මස් ප්‍රවාහණය කිරීම සහ විකිණීම සඳහා ඇති තහනම ඉවත්කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේ ය.
දේශගුණික විපර්‍යාස මිනිස් සහ වනජීවී ගැටුමට බලපා තිබේද?
ශ්‍රී ලංකාවේ වන ජීවීන් සමඟ මිනිසුන්ට ඇතිවන ගැටුම් බොහෝමයක් සඳහා වගකිව යුත්තේ මිනිසුන්ම බව අපට පහසුවෙන්ම තහවුරු කළ හැක. දේශගුණික විපර්‍යාස එවැනි තවත් එක් ගැටළුවක් වන අතර එය සරලව විසඳිය හැකි ගැටළුවක් නොවේ. දේශගුණික විපර්‍යාස මානව-වනජීවී ගැටුම්වලට බලපා ඇති ආකාරය පිළිබඳව පර්‍යේෂණ අතලොස්සක් පමණක් සිදු කර ඇත. දේශගුණික විපර්යාස හේතුවෙන් මිනිසුන් අවතැන් වී ඇති ආකාරය බලන විට උපකල්පනය කළ හැක්කේ සතුන්ටද එම තත්ත්වයම අත් වී ඇති බවයි. ආන්තික තත්ත්වයන්, වාසස්ථාන විනාශ කිරීම සහ ගෝලීය උෂ්ණත්වයේ වෙනස්වීම් සහ තිරසර නොවන සංවර්ධනය සමඟ සත්ත්ව විශේෂ වඳවීමේ තර්ජනයට තවදුරටත් ලක් වීමට මෙන්ම ඇතැම් විශේෂ වඳවීමේ අවදානමෙන් ඉවතට තල්ලු වීමටද ඉඩකඩ පවතී. වැඩිදුරටත් තොරතුරු දැනගැනීමට මෙතනින්.
කෙසේ නමුත්, සතුන් මරා දැමීම කලමණාකරණ උපාය මාර්ගයක් ලෙස සැලකිය හැකි වූවද, එය ක්‍රියාත්මක කිරීම පුළුල් පාරිසරික බලපෑම් තක්සේරු කිරීම්වලට අනුව සිදුවිය යුතුය. ලොව ජීවත් වන සෑම සතෙකුම පරිසර පද්ධතිය සහ එහි සමතුලිතතාවය උදෙසා වැදගත් කාර්‍යභාරයක් ඇත. එවැනි සතෙක් පරිසරයෙන් ඉවත් කිරීම, පරිසරයට ධනාත්මක හෝ සෘණාත්මක ප්‍රතික්‍රියා දාමයක් ඇති කළ හැක. සත්ත්වයින් ඉවත් කිරීමට ප්‍රධානම හේතුව පලිභෝද පාලනය නම්, එය එය පලිභෝදයෙකු බවට විශ්ලේෂනය කිරීමට හේතු වූ සාධක අධ්‍යනය කළ යුතුය. මෙම හේතුව යම් ලෙසකින් මැඩලීමට කටයුතු කළ හැකි නම්, සත්ත්ව ඝාතනයක් සිදු කළ යුතු නොවේ. මෙය සෑමවිටම කළමණාකරණ උපාය මාර්ගයේ පළමු පියවරයි. බොහෝ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ශිල්පීය ක්‍රමවලට ඇතුලත් වන සරල ක්‍රමෝපායන් මඟින් සතුන් හානියක් කිරීමකින් තොරව වගා බිම්වලින් ඈත් කිරීම සිදු කළ හැක.
පැහැදිලිවම, තනි පුද්ගලයින් වශයෙන් මෙන්ම සමාජයක් වශයෙන් ද අප ගැටලුවට දායක වී ඇති ආකාරය දෙස බැලීම සහ එම ගැටළු නිරාකරණය කර ගැනීමට අපට හැකි දේ සිදු කිරීම වැදගත් වේ.