Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

දේශගුණික විපර්යාස සඳහා මානව ජනගහනය දායක වන්නේ කෙසේද ?

ජනගහනය සහ දේශගුණය යන පද නිර්වචනය කිරීමට පෙර, අපි ඔවුන්ගේ සම්බන්ධතාව තේරුම් ගත යුතුයි; උදාහරණයක් ලෙස, කාමරයක එහි ධාරිතාවට වඩා වැඩි පිරිසක් සිටින විට, එය කාබන්ඩයොක්සයිඩ් වලින් පිරී යන අතර, එම කාමරයේ සිටීම අනතුරුදායක විය හැක. මෙය ලෝකයේ වැඩි වන ජනගහනයට ද සමාන කල හැක. නමුත් මෙහි දී ක CO2  විමෝචනය සිදු වන්නේ මනුෂ්‍ය ප්‍රශ්වාසය මගින් පමණක් නොවේ. එයට සෑම මිනිස් ක්‍රියාවක් මගින් ම වායුගෝලයට මුදා හරින CO2 ප්‍රමාණය ද වේ. මෙහි දී උදාහරණයක් ලෙස CO2 භාවිතා කරනුයේ වායුගෝලයේ ඇති අනෙකුත් හරිතාගාර වායුවල ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ විභවය මැනීමට එය සමුද්දේශ වායුව ලෙස භාවිතා කරන බැවිනි.

ව. 1800 සිට අද වන විට ලෝක ජනගහනය දී බිලියන 1 සිට බිලියන 8 දක්වා වැඩි වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 2022 නොවැම්බර් 15 වන දින ලෝකයේ මිනිසුන් සංඛ්‍යාව පළමු වරට බිලියන 8 ඉක්මවා ගියේ ය. එසේම, 2037 වර්ෂයේ දී ලෝක ජනගහනය බිලියන 9 දක්වා ළඟා වනු ඇතයි අපේක්ෂා කෙරේ.

අපගේ ශීඝ්‍ර ජනගහන වර්ධනයට ප්‍රධාන දායකත්වය සපයන්නේ වෛද්‍ය විද්‍යාවේ සිදු වූ දියුණුවයි. එනම්,  සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමත් සමඟම, දරු ප්‍රසූතියේ දි මව්වරුන්ට සහ දරුවන්ට බේරීමට වැඩි අවස්ථාවක් ඇති වූ බවත්, බොහෝ ළදරුවන් ළමා කාලය තුළ සාර්ථකව ජීවත් වන බවත් ය. ඉන් පසුව, විශිෂ්ට නව නිපැයුම් දෙකක් ලෙස ප්‍රතිජීවක සහ එන්නත් සොය ගන්නා ලදී. නිදසුනක් වශයෙන්, එන්නත් කිරීම මගින් මිලියන ගණනක් මිනිසුන් මරා දැමූ වසූරිය වඳ වී ගොස් ඇත. විශේෂයෙන් බෝවන රෝග අඩු කර ඇත සහ කලක් මිනිසුන් සරල බැක්ටීරියා ආසාදන වලින් මිය යන ලදී. උදාහරණයක් ලෙස ඔබ ගෙවතු වගාව කරන අතරතුර රෝස කටුවකින් ඔබ සීරීමට ලක් වූවොත්, ඔබ සතියකින් මිය යාමට හැකියාව තිබිණි. නමුත්, ප්‍රතිජීවක මගින්, අපට දැන් එම ආසාදන පාලනය කළ හැකයි. ඉහළතම ජනගහන වර්ධන වේගය 1955 සහ 1975 අතර සිදු විය. එය මහා ත්වරණය ලෙස හැඳින්වේ. එතැන් සිට, විශේෂයෙන් සංවර්ධිත රටවල ප්‍රජනන අනුපාත පහත වැටෙමින් තිබේ. එබැවින් ජනගහන වර්ධන වේගය මන්දගාමී වීමට පටන් ගත්ත ද තවමත් වසර 2050 වන විට ජනගහනය බිලියන 8 ත් 11 ත් අතර ප්‍රමාණයක සිටිනු ඇතයි අපේක්ෂා කෙරේ. ලොව පුරා ආයු කාලය ද වැඩි වෙමින් පවතී. අද ජීවතුන් අතර සිටින අප බොහෝ මුතුන් මිත්තන්ට සාපේක්ෂව බොහෝ කාලයක් ජීවත් වනු ඇත. 1900 සිට ගෝලීය සාමාන්‍ය ආයු අපේක්ෂාව දෙගුණයකටත් වඩා වැඩි වී ඇත.

සාමාන්‍යයෙන් ජීව විද්‍යාවේදී, වෙනත් ජීවියෙකු මිනිසුන් මෙන් ඉහළ ඝනත්වයකට පැමිණි විට, රෝග වැළඳීමෙන් හෝ අවශ්‍ය සම්පත් අවසන් වීමෙන්, ජීවියා වද වී යයි. මිනිසුන් ඉතා වේගයෙන් හා සාර්ථක ලෙස ජනගහනයෙන් වැඩි වී ඇත්තේ ආහාර හිඟය සහ රෝගවලින් පීඩා විඳීම යන ගැටලු දෙක අප විසින් මඟ හැර ඇති බැවිනි. එය කාර්මික විප්ලවයත් සමග ආරම්භ වූ අතර එවිට ජනගහනය බිලියනයක් පමණ සිටි අතර, අපි මහා පරිමාණ කෘෂිකර්මාන්තය සඳහා පොසිල ඉන්ධන භාවිතා කිරීමට පටන් ගත්තෙමු. එසේම, කාන්තාවන් සහ ගැහැණු ළමයින් අතර අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සහ දිරිගැන්වීම ප්‍රමාද වූ දරු ප්‍රසූතිය, සෞඛ්‍ය සම්පන්න දරුවන් සහ ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩි කිරීම ඇතුළු ධනාත්මක බලපෑම් ගණනාවක් ඇති කළ හැකි විය. එසේ වූවද, කාන්තා අධ්‍යාපනය සහ සාඵලතා අනුපාත අතර සෘණාත්මක සහසම්බන්ධයක් ඇති බව තවත්සාක්ෂි යෝජනා කරයි.

ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය

ජනගහන වර්ධන වේගය සහ ජනගහනයේ අහිතකර අවකාශීය ව්‍යාප්තිය ශ්‍රී ලංකාවේ පරිසරය හායනයටත් ස්වාභාවික සම්පත් ක්ෂය වීමටත් හේතු වී ඇත. සම්පත් අඛණ්ඩව ක්ෂය වීම, ඉඩම් හායනය සහ පරිසර දූෂණය යන ගැට‍ළු තුළ වැඩි වන ජනගහන ඉල්ලීම් සපුරාලීම වර්තමානයේ වැදගත් ම කාර්යයකි.

ශ්‍රී ලංකාවේ පවතින දරිද්‍රතාව, අඩු ආදායම්ලාභී පවුල්වල පැවැත්ම සඳහා සම්පත් ම අධික ලෙස භාවිතා කිරීමට සහ අනිසි ලෙස භාවිතා කිරීමට හේතු වී ඇත. ජනගහනයේ විශාලත්වය, වර්ධන අනුපාතය, අවකාශීය ව්‍යාප්තිය සහ නාගරීකරණයේ ප්‍රවණතා පාරිසරික හායනය හා දූෂණය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි. ජනගහන විචලනය, සම්පත් උපයෝජනය සහ පාරිසරික ගැට‍ළු දෙස 21 වැනි සියවසේ වඩාත් අර්ථවත් ඉදිරි දර්ශනයකින් බැලිය යුතු බව පෙනී යයි. දකුණු ආසියාවේ වේගයෙන් ම වර්ධනය වන වයස්ගත ජනගහනය ශ්‍රී ලංකාව සතු වන අතර, 2030 වන විට ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් එක් අයකු වයස අවුරුදු 60 ඉක්මවන අතර බහුතරයක් කාන්තාවන් වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

වයසට යාම යනු සංවර්ධනයේ ජයග්‍රහණයකි. වඩා හොඳ පෝෂණය, සනීපාරක්ෂාව, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ ආර්ථික යහපැවැත්ම නිසා මිනිසුන් දිගු කාලයක් ජීවත් වේ. මෙම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා, ඔවුන්ගේ ජීවිතයේ සෑම අදියරක දීම මිනිසුන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන ඉදිරි චින්තනය, අයිතිවාසිකම් මත පදනම් වූ සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ප්‍රතිපත්ති ශ්‍රී ලංකාව  තුල ඇති කළ යුතු ය.

සංවර්ධනය වෙමින් පවතින ආර්ථික පසුබිම සහ වැඩි වන ජනගහනය සමඟ පරිසර දූෂණය ශ්‍රී ලංකාවේ දැවැන්ත ප්‍රශ්නයකි. බොහෝ ජල මූලාශ්‍ර අපද්‍රව්‍ය මගින් දූෂණය වන අතර එය මිනිසුන්ට සහ සතුන්ට සෘජුවම බලපායි. වායු දූෂණය ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් කොළඹ, මහනුවර, ගම්පහ, සහ මහරගම වැනි ප්‍රධාන නගරවල ප්‍රධාන සෞඛ්‍ය අනතුරකි.

වැඩි වන ජනගහනය දේශගුණික විපර්යාසවලට දායක වන්නේ කෙසේ ද?

මිලියන 8 කට වැඩි ජනගහනයෙන් කාබන් ඩයොක්සයිඩ් පිටවීම ගෝලීය උණුසුම ඉහළ යාමට සැලකිය යුතු ලෙස දායක වන බවට සමහර කටකතා පැතිර ගියේ ය. ඇගයීම්වලට අනුව එය සත්‍ය නොවේ. මිනිසුන් වාර්ෂිකව කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියන තුනක් පමණ පිට කරයි. තවමත්, අප පිට කරන කාබන්, ශාක වායුගෝලයේ සිට “ආශ්වාස” කරන කාබන් ම වේ. වායුගෝලයේ ඇති කාබන් වලට එකතු කළ හැකි එකම ක්‍රමය වන්නේ ෆොසිල ඉන්ධන වැනි වෙන් කරන ලද ප්‍රභවයකින් එය ගැනීමයි. එය වසර මිලියන ගණනක් තිස්සේ වායුගෝලයෙන් බැහැරව ගබඩා කර ඇත. සාමාන්‍ය මිනිසෙකු දිනකට සාමාන්‍ය කාබන් ඩයොක්සයිඩ් රාත්තල් 2.3 ක් පමණ පිට කරයි. මෙම සංඛ්‍යාව ගෙන එය බිලියන 7 ක ජනගහනයකින් ගුණ කරන්න (මෙම විශ්ලේෂණය සිදු කළේ ජනගහනය බිලියන 8 ට ළඟා වීමට පෙර දීයි), වසරකට එනම් දින 365.25 කදී හුස්ම ගැනීම මගින් CO2 ටොන් බිලියන 2.94 ක් විමෝචනය කරයි. 2008 වසරේ දී ෆොසිල ඉන්ධන දහනයෙන් ජාත්‍යන්තර කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් බිලියන 34.7 ක් විය.

එබැවින් දේශගුණික විපර්යාසවලට සැබවින්ම හේතු වන ජනගහන වර්ධනයේ සාධකය කුමක් දැයි දැන ගැනීම මෙහි දී වැදගත් වේ. ජනගහනය වැඩි වීම නිසා මිනිස් ජීවිතයේ මූලික අවශ්‍යතා වන ආහාර, නවාතැන් වල අවශ්‍යතාව වැඩි වෙමින් පවතී. මේ සියල්ල ලබා ගැනීමට මිනිසා පෘථිවිය මත රඳා පවතී. එබැවින් සම්පත් අධික ලෙස භාවිතා කිරීම දේශගුණික විපර්යාස ඇති කරයි. එමෙන්ම ෆොසිල ඉන්ධන යනු වර්තමාන පරම්පරාවේ සියලු අවශ්‍යතා සපුරාලීමට ඇති අමුද්‍රව්‍ය වේ. මෙම ඉන්ධන දහනය කිරීමෙන් නිපදවන වායු දේශගුණික විපර්යාස සඳහා ප්‍රධාන දායකත්වයක් සපයයි. කෙටියෙන් කිව හොත්, ජනගහනය වැඩි වීම නිසා මානව වර්ගයාගේ ඉල්ලීම් වැඩි වී ඇත. මෙම ඉල්ලීම් ඉටු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග දේශගුණික විපර්යාසවලට තුඩු දෙයි.

වායුගෝලයට හරිතාගාර වායු විමෝචනය කිරීම ක්‍රමයෙන් අඩු කිරීමට පියවර නොගතහොත් මුහුදු මට්ටම ඉහළ යාම, නියඟය, ගංවතුර සහ ආන්තික කාලගුණය ඇතුළු දේශගුණික විපර්යාසවල බලපෑම් වඩාත් දරුණු වනු ඇත. දේශගුණික විපර්යාස නිසා දැනටමත් ග්ලැසියර සහ අයිස් කඳු දිය වෙමින් පවතින අතර,භාවිතයට ගත හැකි මිරිදිය ප්‍රමාණය අඩු කරයි. එය සාගර ආම්ලිකතාවට දායක වන අතර, කොරල්පර සහ අනෙකුත් ජලජ පරිසර පද්ධති විනාශ කරයි. එසේම සමහර ශාක හා සතුන් සඳහා වාසයට නුසුදුසු ස්ථාන බවට පත් කරයි, විශේෂ වඳ වී යාමට සහ පැතිරීමට තුඩු දෙයි. පළිබෝධ සහ රෝග ආහාර නිෂ්පාදනයට හා කෘෂිකර්මාන්තයට ද තර්ජනයක් වේ.

ජනගහනය වැඩි වීම ගෝලීය උණුසුම ඉහළ යාමට එක් ප්‍රධාන හේතුවකි. මෙම ජනගහන වැඩි වීම වායු දූෂණය වැඩි වීමට ද හේතු වේ. මෝටර් රථ වායුගෝලයේ පවතින CO2 විශාල ප්‍රමාණයක් විමෝචනය කරයි. මෙම ජනගහන වැඩිවීම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට දායක වන වනාන්තර විනාශයට ද හේතු වේ. දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය පවසන්නේ පසුගිය වසර 50 තුළ උණුසුම් වීමෙන් වැඩි ප්‍රමාණයක් මානව ක්‍රියාකාරකම්වලට, විශේෂයෙන් ඉහළ ආදායම් ලබන රටවලින් හරිතාගාර වායු විමෝචනයට හේතු වන බවත්, ජනගහන වර්ධනය විමෝචනයේ ක්ෂණික ධාවකයක් ලෙස හඳුනා ගෙන ඇති බවත් ය. ජනගහන වර්ධනය පොසිල ඉන්ධන දහනය, ද්‍රව්‍ය නිස්සාරණය, වන විනාශය, කාර්මික කෘෂිකර්මය සහ අනෙකුත් නිෂ්පාදන ක්‍රියාවලින් හරහා විමෝචනය වැඩි කරන බැවින්, එම විමෝචන වේගයෙන් අඩු කරන සහ වෙනස් වන දේශගුණයක් තුළ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීම වැදගත් වේ.

මෝටර් රථ, බලාගාර, ගුවන් යානා, කර්මාන්ත, ගොඩනැගිලි සහ අපගේ පොසිල ඉන්ධන මත යැපෙන ආර්ථිකයේ සහ ජීවන රටාවේ වර්ධනය  සහ සියලු මිනිසුන් CO2 විමෝචනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බව පෙනේ. ඇත්ත වශයෙන්ම, දත්ත පෙන්නුම් කරන ආකාරයට ලෝක ජනගහනයෙන් ධනවත්ම පිරිස වූ 10 % වාර්ෂික ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ විමෝචනයෙන් 50% කට දායක වන බවයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ධ්‍රැවීය අයිස් තට්ටු දියවන අතර ලොව පුරා මුහුදු මට්ටම වසරකට අඟල් 0.12 කින් වැඩි වෙමින් පවති. මේ නිසා පහත් බිම් රැසක ගංවතුර ඇතිවීමේ වාර ගණන වැඩි වී ඇති අතර කොරල්පරවලට හානි සිදුවී ඇත. ආක්ටික් ප්‍රදේශය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් එකකි. වාතයේ ගුණාත්මක භාවයට අහිතකර ලෙස බලපා ඇති අතර මුහුදු ජලයේ ආම්ලිකතාවය ද ඉහළ ගොස් සාගර ජීවීන්ට දැඩි හානි සිදු වේ. ජීවිතයට හා දේපළවලට දරුණු බලපෑම් ඇති කරන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා දරුණු ස්වාභාවික විපත් ඇති වේ.

දැන් සිට වසර 2100 දක්වා ජනගහන වර්ධනය

පෘථිවි ජනගහනය ඉදිරි වසර 60-80 තුල අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංවර්ධිත රටවල්, තවමත් සංවර්ධනය වෙමින් පවතින සහ අවම සංවර්ධිත රටවල් සමඟ බෙදා ගත් සෞඛ්‍ය ආරක්ෂණ තාක්‍ෂණයේ වැඩිදියුණු කිරීම් මගින් ආයු අපේක්ෂාව වැඩි කර ඇති අතර ළදරු මරණ අනුපාතිකය අඩු කර ඇත. එය අනෙක් අතට, ජනගහන වර්ධනයේ උත්පාතයක් ඇති කිරීමට උපකාරී වී ඇත.

රටවල් 10ක් 2050 වන විට ලෝකයේ අනෙකුත් රටවල එකතුවට වඩා වැඩි ජනගහණයක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්තමානයේ ලෝක ජනගහනය වැඩි වෙමින් පවතින නමුත්, ප්‍රවණතා පෙන්නුම් කරන්න අකරයට බොහෝ රටවල, විශේෂයෙන් සංවර්ධිත රටවල සහ ඉහළ ජනගහණයක් ඇති රටවල වර්ධන වේගය මන්දගාමී වී ඇත. මෙම ශතවර්ෂයේ අවසානය වන විට, ලෝකයේ වේගයෙන් ම වර්ධනය වන රටවල් පවා උපරිම ජනගහන ප්‍රමාණයට ළඟා වී අඩුවන (හෝ සෘණාත්මක) වර්ධන අනුපාත පෙන්වීමට පටන් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනගහන වර්ධනය හිතකර ද අහිතකර ද යන්න සාධක කිහිපයක් මත රඳා පවතී. විශේෂයෙන් වර්ධන වේගය, එය සිදු වන රට සහ එම රටේ සංවර්ධන මට්ටම. පරිණත ආර්ථිකයක් සහ හොඳින් සංවර්ධිත යටිතල පහසුකම් සහිත රටවල් ජනගහනය වැඩි වීම පාලනය කර ගැනීමට වැඩි ඉඩක් ඇත. අනෙක් අතට, සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාල ජනගහනයකට සහාය වීම සඳහා ප්‍රමාණවත් රැකියා, සෞඛ්‍ය සේවා හෝ වෙනත් යටිතල පහසුකම් නොමැති වීමට ඉඩ තිබේ. ඒ සමගම, ජනගහනයේ මෘදු වැඩි වීමක් සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න යැයි සලකනු ලැබේ. නමුත් ඉහළ වර්ධන වේගයක් නුසුදුසු විය හැකිය. ඉහළ ජනගහන වර්ධනයක් බොහෝ විට රටක යටිතල පහසුකම් යටපත් කළ හැකිය. එය රැකියා වෙළඳපොළේ සිට ආහාර සැපයුම දක්වා පවතින සම්පත් සීමා කරයි. තාක්ෂණික දියුණුව මගින් නිෂ්පාදන හිඟය සහ/හෝ පාරිසරික හානිය මඟ හරවා ගැනීමට අවස්ථා ලබා දිය හැකිය.

CFC Sri lanka
CFC Sri lanka
Articles: 58

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter